Mickey's Thoughts

Mickey's Thoughts When the mind drifts freely, beautiful thoughts awaken. ❤️💫

05/11/2024

මගේ ලොව සුදු පැහැයෙන් හැඩ කළ Asher වෙනුවෙන් ලියමි,

නුඹ දන්නවාද ,

හිම මිදෙන සීතලක වුවත්
නුඹේ එක බැල්මකින්
මා අවුලවාලිය හැකි බව

නුඹ නිතර දෙවේලේ ගතලන
ස්වේත වර්ණයට
මා කොතෙක් ප්‍රේම කරනවාද කිවහොත්
යාවත්කාලීන වූ මගේ දිවියෙහි
අලුපාට දින
අලුපාට මිනිසුන්
අලුපාට හැඟීම්
මේ කිසිවකුත් නැත
මන්දයත් මා අලුපාට තුලින්
සුදු පැහැය පමණක් ම
පෙරා උලුප්පා ගැනීමට දරන තැත නිසාම මිසක
අලුපාට කිසිවක් මිහි මත නොවනවා ද නොවේ

ලා පැහැති වර්ණයන් තුළ
ඉඳහිටක නුඹ ද ගලපන තද වර්ණයන්
සැබවින් ම
නුඹෙන් මතුවන
නමුත් සඟවන
නොයෙක් රස මවන හැඟීම් පොදියට සමයි

ඉඳහිටකදි නුඹ පා කර එනව
මන්දස්මිතිය තුළ
අතරමංව බලා හිඳින මා
නැවත එතුලින්ම
නුඹ වෙතට ම මග කියන
ප්‍රේමණීය මිනිසෙක්
මේ ලොව වෙන කොහිද?

එහෙව් නුඹ නැති ලොවක
නිල් අහසක වුව ද
ස්වේත වළාවන් පෙනේවිද මට?

ඉතිං,
ආදරෙයි කියා ලියනවා මිස
වෙන කුමක් මා ලියා තබන්නද ?

|නෙතූ අනුත්තරා
(Mickey)

සොඳුරුතම සෘතුවඉතිං මේ වස්සානයයි....!    වැහි පොදට    මල් පෙති  නිමක් නැතිව     සිපගන්න        කුමට       තවත්       අවසර...
30/10/2024

සොඳුරුතම සෘතුව

ඉතිං මේ වස්සානයයි....!
වැහි පොදට
මල් පෙති
නිමක් නැතිව
සිපගන්න
කුමට
තවත්
අවසර....
♥️

|නෙතූ අනුත්තරා
(Mickey)

බැලූ බැල්මට මෘදුයි  ඒත් පෙති හරි ඝනයිපෙති හැලෙන්නට ඉඩක් නෑ දැංහුළං පාරත් රවයිවැහි බිඳුත් හරි සැරයිවැටෙන්නෙම උඩටමයිහයිය ඒ...
25/10/2024

බැලූ බැල්මට මෘදුයි
ඒත් පෙති හරි ඝනයි
පෙති හැලෙන්නට ඉඩක් නෑ දැං
හුළං පාරත් රවයි

වැහි බිඳුත් හරි සැරයි
වැටෙන්නෙම උඩටමයි
හයිය ඒකයි මේ මලේ පෙති
ඒවා දැං හරි මිලයි

මල් මෙදත් නම් ඇගයෙයි
මේ මලත් හරි හැඩයි
අව්ව වැටුනත් පාට එහෙමයි
ඕන දේකට හුරුයි

නුඹත් මේ මල වගෙයි
ගැහැණු හැඩයම තමයි
ඒත් ආත්මය ඇතුලෙ ඉන්නා
යෝධයෝ මහ ගොඩයි

|නෙතූ අනුත්තරා
(Mickey)

කිසි දිනෙකත් මට හිමි නොවන මගේ ප්‍රේමිය වෙත ලියමි 🌻♥️වර්ණිත වූ අහසත් පරයාමානව බැඳීම් කෙරෙහි උපන්,කෙදිනකවත් අකුරු කර නොලිය...
26/09/2024

කිසි දිනෙකත් මට හිමි නොවන මගේ ප්‍රේමිය වෙත ලියමි 🌻♥️

වර්ණිත වූ අහසත් පරයා
මානව බැඳීම් කෙරෙහි උපන්,
කෙදිනකවත් අකුරු කර නොලියූ
බරැති මිශ්‍රිත හැඟුමන්
ඇතැමුන් වෙනුවෙන් ම පමණක්
පණ ගැහෙමින්
හදෙහි ලැගුම් ගන්නා අපූරුව...

ලියා පිරවිය හැකි වුනි නම්
හිස් පිටු
අවැසිවනවා නිසැකය
මහ සයුර පරයාත්
නිල් අහස පරදාත්
නිර්මිත කඩදහි

ඉතිං නුඹ කාටත් රහසේ
මගේ මනඃකල්පිත රාජ්‍යයේ
සදහටම රජ වෙන්න
මට හැකිය
නුඹත් මමත් පමණක් වෙසෙන
ඒ රාජධානියේ රැජිනව සැනසෙන්න
💜️✨️

|නෙතූ අනුත්තරා
(Mickey)

Shout out to my newest followers! Excited to have you onboard! Sharuni Pigera, Premalal Ranasinhage, Nimesha Manduwanthi...
23/03/2024

Shout out to my newest followers! Excited to have you onboard! Sharuni Pigera, Premalal Ranasinhage, Nimesha Manduwanthi, Shyli Shyli, Samudini Gunarathna, Madu Madhushika, Linuki S Pranando, Rukmani Padmasiri

විවිධාකාර සෘතූන් මැදින් ජීවිත වගේම ආදරෙත් ගලාගෙන යද්දිඇතැම් වකවානු බොහෝමයක් දෑ දරාගන්න කියා දෙන පරිච්චේදයන් වෙමින්අපේ බැ...
23/03/2024

විවිධාකාර සෘතූන් මැදින්
ජීවිත වගේම ආදරෙත් ගලාගෙන යද්දි
ඇතැම් වකවානු
බොහෝමයක් දෑ
දරාගන්න කියා දෙන
පරිච්චේදයන් වෙමින්
අපේ බැඳීම් ශක්තිමත් කරන්නට
අත්පොත් තබයි

ඇතැම් කල්හි
නුඹේ ඇස් මානයේ හිඳ
සැනසෙන්නට අවකාශය උදා ව තිබූ නමුත්
අද ඊට හාත්පසින් වෙනස් වූ
කඨෝර කාලයක් ව එළඹ ඇත

ඉතිං ප්‍රේමිය
මතුවට
නුඹ හා වෙලී ඇවිද යා නොහැකි නමුදු
නුඹ වෙනුවෙන් හුස්මක්ව රැදෙන්න වග සපත කරමි
දිනෙක අපි
එක්ව වැලඳගනිමින්
මේ ගෙවූ අසීරු කාලය ගැන දොඩමලු වෙමු
එතෙක්
දුරින් හිඳ බලා
සැනසෙමු
ප්‍රේමය පමණක් සුරැකිව තබා ගනිමු
♥️😌

|නෙතූ අනුත්තරා
(Mickey)

ලිවි දිවි පෙමක මතක    කිසි දිනෙකත් මට හිමි නොවන මගේ ප්‍රේමිය වෙත ලියමි 🌻♥️වර්ණිත වූ අහසත් පරයාමානව බැඳීම් කෙරෙහි උපන්,කෙ...
15/08/2023

ලිවි දිවි පෙමක මතක

කිසි දිනෙකත් මට හිමි නොවන මගේ ප්‍රේමිය වෙත ලියමි 🌻♥️

වර්ණිත වූ අහසත් පරයා
මානව බැඳීම් කෙරෙහි උපන්,
කෙදිනකවත් අකුරු කර නොලියූ
බරැති මිශ්‍රිත හැඟුමන්
ඇතැමුන් වෙනුවෙන් ම පමණක්
පණ ගැහෙමින්
හදෙහි ලැගුම් ගන්නා අපූරුව...

ලියා පිරවිය හැකි වුනි නම්
හිස් පිටු
අවැසිවනවා නිසැකය
මහ සයුර පරයාත්
නිල් අහස පරදාත්
නිර්මිත කඩදහි

ඉතිං නුඹ කාටත් රහසේ
මගේ මනඃකල්පිත රාජ්‍යයේ
සදහටම රජ වෙන්න
මට හැකිය
නුඹත් මමත් පමණක් වෙසෙන
ඒ රාජධානියේ රැජිනව සැනසෙන්න
💜️✨️

| MELIAN

24/11/2022

ලිවිදිවි පෙමක මතක

කියවා ඇත්තෙමි
බොහෝමයක් පද අතර
රැඳුණු ගෙතුණු
ඇතැම් කතාංග

විවිධාකාර බැඳීම් මත දුවන
එහෙව් නොයෙකුත් චරිත
ඒ ඒ තැන්වලට අදාල නොවුන මුත්
ගලපවා ගන්න සිදුවී එක්ක
දුවන චිත්තාංග

එහෙව් තැන්වලදී ඇතැම්
නොගැලපෙන අවස්ථාවන් වුව ද
කෙසේ හෝ තම තිර පිටපතට අනුව
ගලපවා ගනිමින් ඉදිරියට දිගුවන්නා වූ
සිද්ධි දාමයන් කොතෙක් නම් ආත්මාර්තකාමි ද

"නෑ... ඔහොම ටිකක් ඉන්න"

ඒ රචකයාගේ හැකියාව
හහ්... එහෙනම් රචකයෝ ඔක්කොම
ආත්මාර්ථය විතරක් විකුණන මිනිස්සු

එහෙම නොවන තැන් තියෙන්න ම බැරි ද
හෘදයාංගම ලියවෙන තිර පිටපත්
තියෙන්නට බැරිද ?

ඔබ විශ්වාස කරත් නැතත් තියෙනවා
හැබැයි බහුතර ප්‍රේක්ෂකාගාරය
එහෙම පිටපත් ඉක්මනින් අතාරිනවා
හේතුවක් කියනවා නම්
ඒවා කොච්චර ආදරණීයද කිව්වොත් පස්සෙ කරදරයක්

"අන්තරාදායකයි අපමණව ප්‍රේමයේ වෙලීමෙන් වලකින්න"🥀

|නෙතූ අනුත්තරා

24/07/2022

නුඹටත් රහසේම ඒ ඉටි මල
පරව ගොස් අවසානයි 💔🌻

ගොඩගැහුණු හීන
ඉටි කඳුළු ගානට
දියවෙලා
ගලාගෙන
ඔහේ තැනින් තැන
කැටි වෙද්දී...
තව තවත්
නුඹ වෙනුවෙන්
කෙසේ නම්
දැල්වෙම් ද?
නුඹ වෙනුවෙන්
මා දැල්වූ
ආලෝකය
නුඹ ඉදිරියේදිම
හීන වෙලා
නිවී යත්ම
අවසානයේ දී
සුළඟට එක්වන
පුංචි දුමාරයත්
සැඟව යන විටෙක
නැවතත්
කෙසේ නම් ගොඩනැගෙම් ද
ඇත්තෙන් ම
නුඹ ම දල්වා
ඔහේ බලා හිඳ
නුඹම ඉන් සැනසුනා මිස
මා ඇවිලී
දියවී
හුදෙකලාවම
නිවී ගියා හැර
කුමක් නම් සිදු වුණිද
අන්ධකාරය
ආලෝකයෙන්
සැඟව යන තාක්
නැවත අන්ධකාරයෙ
නුඹත් මමත්
ගිලෙන බැව්
නුඹට නොවැටහෙනවා
විය හැක
නමුදු සොඳුර
විටින් විට
ගණ අඳුරට
ආලෝකයක් එක කළා වූ
ඉටි මල
නුඹටත් රහසේම
කඳුළු වගුරවා
පරව ගොස් අවසානයි

|නෙතූ අනුත්තරා

Address

Islamabad

Website

Alerts

Be the first to know and let us send you an email when Mickey's Thoughts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category