22/08/2026
මගේ ආදරණීය අප්පච්චි ❤️🚌
අවුරුදු 25ක් පුරාවට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (SLTB) රියදුරෙකු ලෙස තම රාජකාරිය අවංකව, කැපවීමෙන් සහ වගකීමෙන් ඉටු කළ අපේ ආදරණීය අප්පච්චි අද තම සේවා දිවියෙන් විශ්‍රාම ලබනවා. ❤️
වසර 25ක් කියන්නේ නිකම්ම කාලයක් නෙමෙයි…
දහස් ගණනක් මිනිසුන් තම ගමනාන්ත වෙත ආරක්ෂිතව රැගෙන ගිය, උදේ පාන්දරින් රාජකාරියට ගිය, වෙහෙස මහන්සිය නොබලා තම වගකීම ඉටු කළ අභිමානවත් සේවා දිවියක්. 🚌❤️
අප්පච්චි, ඔබේ රැකියාවෙන් අද විශ්‍රාම ගත්තත්, අපේ පවුල වෙනුවෙන් කළ කැපවීම්වලින් ඔබට කවදාවත් විශ්‍රාමයක් නැහැ. 🥹❤️
ඔබ ගෙවා දැමූ වසර 25 ගැන අපට තියෙන්නේ මහත් ආඩම්බරයක්.
ඔබගේ සේවයට අපගේ හදපිරි ගෞරවය සහ ස්තූතිය! ❤️
වසර 25ක අභිමානවත් සේවා දිවියකට ආචාරය! 🫡❤️🚌
දැන් ඉතින් රාජකාරියේ වේලාවන් නැතුව,
සතුටින්, නිදහසේ, අපිත් එක්ක ලස්සන ජීවිතයක් ගත කරන්න. 🥰
සුභ විශ්‍රාම දිවියක් වේවා අපේ ආදරණීය අප්පච්චි! ❤️
Happy Birthday & Happy Retirement! 🎂🎉🚌❤️