01/05/2022
මේ දරුවා මට හමු උනේ අප්‍රේල් 16 මහවෙලතැන්න ප්‍රදේශයේ පැවති ප්‍රසංගයකදී. අපි තේ බොන්න ගිය වෙලාවේ මේ දරුවා එතනට ආවා.
එතන තිබුණු ලවුස්පීකර් දෙකක් ළඟට ගිහින් එයා කියනවා මේකේ ඕම්ස් 16 කොයිල් තියෙන්නෙ කියලා. magnet තියනවා කියනවා. ස්පීකර් එකේ කාන්දම් බලන්න. එතන තිබ්බ බෝතල් මූඩියක් මම දුන්නා. ඒක සන්නායකයක් නෙමෙයි කියලා හැන්දක් ඉල්ලගත්තා, මම පස්සෙ දරුවා එක්කගෙන ගියා ස්ටේජ් එකට එතනට ගිය ගමන් එයා තෝරලා ගත්තෙ මල්ටිමීටරය. මල්ටිමීටරයේ පාඨාංක හැම එකක්ම එයා දන්නවා. ඩීසී ඒසී වෝල්ටේජ් ඔම්ස් ඇම්පියර් මනින විදිය හොඳට දන්නවා. මට හරි පුදුමයි. මම තව ටිකක් දරුවත් එක්ක කතා කළා. එයා ගෙදර හදාගත්ත බවුත් එකක් තියනවලු. ඒකෙන් කරන්න පුළුවන් පොඩි වැඩ විතරලු. පිට්ටනියේ දාලා තියෙන සව්න්ඩ් චෙක් කරද්දි දරුවා කියනවා ඒකෙ ඩෙසිබල් මීටරය වැඩිලු. අධික ශබ්දය නිසා මිනිස්සුන්ගෙ මොලේ ස්නායු දුර්වල වෙනවලු. කම්පන සංඛ්‍යාත hurts. db. වෝල්ටේජ්. ඕම්, w. Ac, dc, ඇම්පියර්. මේ හැම දෙයක් ගැනම දරුව කතා කරනවා.
හොඳට ඉංග්‍රීසි පුළුවන්.
ආවර්තිතා වගුව කියන්න කිවුවහම. නූතන එකද පැරණි එකද අහල, ඕන එකක් කියනවා, මම තවත් දරුව ගැන හොයන්න ගත්තා. මහවෙලතැන්න විදුහලේ එයාට උගන්වන ගුරුවරු හමුවෙලා කතා කළා. හරිම දුකයි
දැන් තමයි හොඳම කතාව.
මේ දරුවාට ගමේ මිනිස්සු හිතාගෙන ඉන්නේ පිස්සු කියලා. අනිත් ළමයි එක්ක තියන්න කරදරයි නිසා මෙයාව දාලා තියෙන්නේ විශේෂ අවශ්‍යතා ඇති ළමයි ඉන්න දරුවන්ගේ ඒකකයට. දරුව කියන මේ වචන කාටවත් තේරෙන්නේ නෑ ඒ නිසා වෙන්නැති එහෙම හිතන්නේ. අම්මව මුණ ගැහිලා ඇහුවාම කිව්වා ඒයාගේ වැඩේ ඔය ඉලෙක්ට්‍රික් වැඩ විතරයි කියලා. මගෙ ළඟ තිබ්බ බෞත් එකක් මං එයාට දුන්නා. ඒ තරම් සතුටක් තවත් එයාට නෑ ඒක අරගෙන ගෙදර දිව්වා. ආපහු මාව හොයාගෙනම ආවා. ප්‍රශ්න ගොඩක් අහනවා.........
........... මේ දරුවාට පිස්සු නෑ එහෙම හිතන එවුන්ට පිස්සු. මොකක් හරි සංසාරගත පුරුද්දක් තියෙන්නෙ. එයාගෙ විබව ශක්තිය අඳුර ගන්න කෙනෙක් නෑ. වැඩිපුර ඉන්න කැමති ලැබ් වල. කවදාවත් ඉගැන්වීම් නැති වුණාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. මේ අපේ රටේ හොඳ ආයෝජනයක්. නිසිමග පෙන්වන්න පුළුවන් මනෝ වෛද්‍යවරයෙක් හෝ අවබෝධය තියෙන කෙනෙක් මාව අමතන්න මම දරුවාව සම්බන්ධ කරල දෙන්නම්. 0776366347. මේ පුංචි පැටියට උදව් කරන්න ඕන. මෙවර ශිෂ්‍යත්ව විභාගය කොච්චර අමාරු උනත් දරුවා 148ක් ලකුණු අරන්. විශේෂ අවශ්‍යතා ඇති ළමයින් ගෙන් දාපු නිසා, එයා ශිෂ්‍යත්වය සමත්.
Sudam Tharanga ගෙ පිටුවෙන්
Copied ; Anu perera