Collapsism Art

Collapsism Art “Every person living in this world a creator. But every creator is not an artist. Therefore every creation is not a creation of Art.
-Vinith Chathuranga

https://collapsismart.blogspot.com/2025/11/collapsing-lion-flag.html?m=1
04/11/2025

https://collapsismart.blogspot.com/2025/11/collapsing-lion-flag.html?m=1

සිංහ කොඩිය බිඳවැටීම ** පශ්චාත් මාක්ස්වාදී විග්‍රහයක්. ** යථාර්ථවාදයේ හෙළුව වනන අනූපමගාමීන්ට විනිත්ගෙන් පිළි...

18/05/2025

The Dual of Buddha 🇱🇰

සුන්දරත්වයට පසු කලාවෙහි  - විචාරාත්මක විමසුමක්                           දෘෂ්‍ය කලා ශිල්පී - විනිත් චතුරංග.2023.12.11(1)...
23/01/2024

සුන්දරත්වයට පසු කලාවෙහි -
විචාරාත්මක විමසුමක්
දෘෂ්‍ය කලා ශිල්පී - විනිත් චතුරංග.
2023.12.11

(1).
" සුන්දරත්වයට පසු කලාව " නමැති කෘතිය ලිවීමට පාදක වූ දේශන මාලා හතරක් මහරගම තරුණ සේවා සභාවේ දී 2022 වර්ෂයේ දී පැවැත්වූ බවත් එම දේශන මාලාවට ලංකාවේ කලාව කරන මහා කලාකරුවන් සහභාගී නොවූ බව සමබිම පාක්ෂිකයින් සඳහන් කර ඇත. එබැවින් ඔබලා විසින් අදහස් කරන නමුත් දේශනවලට සහභාගී නොවූ එම මහා කලාකරුවන් වන්නේ කවුරුන්ද?

සුන්දරත්වයට පසු කලාව යන කෘතියේ සඳහන් වන ආකාරයට පුනරුද යුගයේ කලාව යනු සුන්දරත්වයේ නිරූපණයකි එය ඉන්ද්‍රිය සංජානන මගින් ඇති කරනු ලද සුන්දරත්වය පිළිබඳ අදහස වේ යන්න සඳහන් කර ඇත. එපමණක් නොව කාර්මික විප්ලවයෙන් පසු ඉන්ද්‍රීය සංජානන විද්‍යාවෙන් බාර ගත් නිසා පැරණි සුන්දර කලාව අවසන් වේ යනුවෙන් ද සඳහන් කර ඇත. ඉන් පසු බිහි වූ නූතන කලාව යනු ඉන්ද්‍රීය සංවිධානයෙන් ඈත් වූ බුද්ධිමය ප්‍රවේශයක් වේ එවිට සංකල්ප මත බිහිවන දාර්ශනික අදහසක් මුල්කොට ගත් කලාවක් බිහි විය අත්දැකීම මුල් වූ පැරණි කලාව අවසන්වී සංකල්ප මුළුවු නූතන කලාව දක්වා ගමන් කිරීම සිදු විය යනුවෙන් සඳහන් කර ඇත.

මගේ අදහස නම් නූතන කලාව යනු පැරණි සුන්දර කලාවේම තවත් විවිධාකාර වූ සුවිශේෂී ප්‍රවේශයන් කිහිපයකි. විශේෂයෙන්ම කාර්මික විප්ලවය සමග පැමිණි විද්‍යාව සහ තාක්ෂණයේ දියුනුව සමග එතෙක් දෘෂ්‍ය කලාව තුළ පැවති සම්ප්‍රදායික Academic ක්‍රමවේදයන් නව වෙනසකට භාජනය විය. නව ඩිජිටල් යුගයක් ආරම්භ විය. මව්කෘතියෙහි වටිනා කම සීග්‍රයෙන් ඉහල ගියේය. ඒ මන්ද මව්කෘතිය නිර්මාණය ය වීමට බලපවත්වනු ලබන සියලු විෂය මූලික තත්ත්වයන් වල සැබෑතතු විද්‍යාව සහ තාක්ෂණයේ දිවුණුවත් සමගම කලාව ප්‍රතිනිශ්පාදනයවීමේ යුගය ආරම්භ වී ඉතා පහළ පාන්තික ජනසමාජය වෙතටද මුල්කෘතියෙහි වටිනාකම මෙන්ම කලාවෙහි ඇති සැබෑවටිනාකම එහි තත්වයන් පිළිබඳව මනා අවබෝදයක් ලැබාගැනීමට හැකිවිය.
එබැවින් පැරණි සුන්දර කලාව කිසිවිටකත් සම්පූර්ණයෙන්ම අවසන් වී නැත. එසේ අවසන් වූවා නම් තාක්ෂණය සහ විද්‍යාවත් සමග දියුණු වු (Deviant Art) ලොවට බිහිවන්නේද නැත. මෙය නව Digital කලාවක්ය. පැරණි සුන්දර කලාවේ පැවති මායාරූපී යතාර්ත වාදයත්, අධිතාත්වික වාදී කලා වෙහි පැවති මුඛ්‍ය ලක්ෂණත් පැරණි රොමාන්තික කරනයේ සුන්දරත්වයත් මෙයට එකතුවී තිබේ. එබැවින් විද්‍යාව සහ තාක්ෂණය දියුණුවටද බලපෑවේ පැරණි සුන්දර කලාවමය ඒ මන්ද කලාවේ ඇති මායාව විද්‍යාව විසින් අත්පත් කර ගැනීමට වෙරදැරූ අසීමිත ආශාවන් නිසාය.ඒ බව අපට වඩා ප්‍රත්‍යක්ෂ වන්නේ නවීනවිද්‍යා⁣වෙහි දියුණුව භෞතිකවාදය තහවුරු කිරීම නිසාය. ඒබව ප්‍රකාශ වන්නේ සියලු විද්‍යාවන් ද්‍රවයේ විවිදාකාර,ඒ වායේ ව්‍යුහයන්,ගුණාංග හා තත්වයන් හදාරන නිසාය.
ඒ බව ලෙනින්ගේ මෙම ප්‍රකාශය තුළින් පැහැදිලි වේ. "අලුත්ම විද්‍යාත්මක සොයාගැනීම් නිසා සිදුවන්නේ ද්‍රව්‍යය අතුරුදන් වීම නොව අප එවක දැන සිටි ආකාරයට ද්‍රව්‍යය මත පනවා තිබු සීමාවන් ඉවත් කිරීමෙන් බව සදහන් කල ඇති බැවිනි".

කලාව තුලද එය එසේමය නව කලාවක් බිහිවන්නේ පැරණි කලාව සම්පූර්ණ යෙන්ම ප්‍රතික්ෂේප කිරීමෙන් නොව ක්‍රමක් ක්‍රමයෙන් එහි ඇති සීමාවන් විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුව නිසා ද්‍රවසංවර්ධණ යේ සිදුවන ආකෘතින් සහ අන්තර්ගතයන්ගේ වෙනස් වීම් කලාව හරහා කාලය සහ අවකාශය මගින් අතික්‍රමනය කිරීමට කලාකරුවන් දැරූ අසීමිත උත්සාහයන් සහ කැප කිරීම් නිසා බව පැහැදිලිවේ. උදාහරන ලෙස උපස්ථිතිවාදී මෙන්ම පශ්චාත් උපස්ථිතිවාදී කලා කරුවන් වන Claude monet,Edouard Manet, Vincent van gogh,Paul Gauguin යන කලා ශිල්පීන් ⁣වේ.
දීප්ති සඳහන් කරන ආකාරයට කාර්මික විප්ලවයෙන් පසු ඉන්ද්‍රීය සංජානනය විද්‍යාවෙන් බාර ගත් නිසා පැරණි සුන්දර කලාව අවසන් වූවා නම් වර්තමානයේ තුළදී කලාව හදාරන academy තුළ මානව රූපයේ යතාර්තය අධ්‍යයනය කිරීමට life drowing, life painting,life modling වැනි විෂය දහරාවන් අධ්‍යනය කිරීම නතර වී යන්නට ඉඩ තිබුනි.
ඒ මන්ද දීප්ති කිවූ ආකාරයට ඉන්ද්‍රීය සංජානනය විද්‍යාවෙන් භාරගත් නිසා එය සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලවල හෝ වෙනත් කලා ඇකඩමි වල තවදුරටත් ඉගැන්වීම ඵලරහිත වූ දෙයක් බැවිනි.නමුත් කලාව හදාරන ශාස්ත්‍රාලයීය ආයතන තුල ස්වභාවික මානව දේහය ඇදීමට පුරුදු පුහුණු කරන්නේ තවදුරටත් ස්වභාවිකත්වයම අනුකරණය කිරීමට නොව ඊට වඩා ඉහල තලයන්හී කලා නිර්මාණ බිහිකිරීමට බවද මා පිළිගන්නා තවත් කරුණකි. එබැවින් අපට එක්තරා වැදගත් දෙයක් ඉතා පැහැදිලි වේ. පැරණි කලාව තුළ තිබෙන්නාවූ academyc base ශාස්ත්‍රාලීය පදනම නූතන කලාව දියුණු වීමටත් එහි පැවැත්මටත් බලපෑ බවයි.

එපමණක් නොව දීප්ති සඳහන් කරන පරිදි පසුව බිහිවුණු නූතන කලාව ඉන්ද්‍රීය සංවිධානයෙන් ඈත් වූ බුද්ධිමය ප්‍රවේශයක් පමණක් නම්

(2). Roboto firri සහ Lucian freud ඒ වගේම Max ginsburg වැනි කලාකරුවන් විසින් නිපදවන ලද කලා කෘතිවලට සහ එම කලාකරුවන්ට කලා ලොව තුළ අත්වන ඉරණම කුමක් ද? කලා ලොව තුල ඔවුන් කලා කරුවන් නොවෙයිද?

ඒ සමගම කිව යුතු තවත් ඉතා වැදගත් කරුණක් ඇත. එනම් හරිහැටි මානව දේහය අධ්‍යනය කිරීමට බැරි විෂය ගැන හරි අවබෝධයක් නැති කිසිම හසුරු කුසලතාවයක් ප්‍රගුණ කර නැති කම්මැලි බයියන්ට සහ වාචාල කපටි නරියන්ට ද යන එන මං නැතිව ඉබාගාතේ යන එල්ලෙන වැල් හොයන වව්ලන්ටද මෙම සංකල්ප මත බිහිවූ කලාව ඉතා අවස්ථාවාදී ලෙස භාවිතා කිරීම සහ එහි සෙවණට පැමිණ කලාව තුළ මහා පොරවල් මෙන් පෙනී සිටීමට හැකියාව ඇති බැවිනි.

මා මෙම ප්‍රකාශය තුළින් අදහස් කරන්නේ ඉන්ද්‍රීය සංවිධානයෙන් ඈත් වූ බුද්ධිමය සංකල්ප මත පදනම් වූ කලාව කලාවක් නොවේය යන පදනමේ හිද ගෙන නොව කලා ඉතිහාසය තුළ දී මෙම ප්‍රවණතාවය ලොවටම හඳුන්වා දුන්නේ ද හොඳින් මානව දේහය තුළ ඇති ඉන්ද්‍රීය සංවිධානය මනා ලෙස ප්‍රගුණ කරන ලද කලාකරුවන් විසින් ම වීමය.
Marcel Duchamp නැමැති කලා ශිල්පීයාව උදාහරණ ලෙස අපට සඳහන් කළ හැකිය. නමුත් පසු කාලීනව එනම් නූතනත්වය වන විට ඉතා අවස්ථාවාදී මුකුත්ම කරගන්න බැරි කපටි හිවලුන් ලෝකෙට පේන්න මහා කලාකරුවන් යැයි කියාගෙන මෙම සංකල්ප මත පදනම් වු කලාවේ කොටස්කරුවන් වී සිටින බැවිනි.

සුන්දරත්වයට පසු කලාව යන කෘතිය තුළින් දීප්ති සහෝදරයා ප්‍රකාශ කරන අනිකුත් ප්‍රධානතම කරුණ වන්නේ "නූතන ලෝකයේ කලාව තුළ සංවේදන වලින් තොරව බුද්ධිමය ප්‍රකාශන ඉස්මතු වේ "යන්නයි. මේ ප්‍රකාශනයට මා දැඩි සේ විරුද්ධ ය. ඒ මන්ද සංවේදනයන් ට සිතැඟි පරිදි තනිව එහෙ මෙහෙ ගමන් කිරීමට නොහැකිය. එනම් සංවේදනයන් පවතින්නේම මිනිස් ඉන්ද්‍රියන් තුළ යි. එනම් මාක්ස්ට අනුව භෞතිකය තුළය. එහෙමත් නැත්නම් ද්‍රව්‍ය තුළය.
හේගල් විසින් චින්තනයේ.සංකල්පයන්ගෙ වර්ධනය පාලනය කරන ද්විඝටනාත්මක වාදයේ මූලික නියාමයන් පැහැදිලි කර සියළු වර්ධනයේ හේතුව අභ්‍යන්තර ප්‍රතිවිරෝධය බවත් ද්විඝටනාත්මක ප්‍රභේදවල අන්තර් සම්බන්ධය අනෝ‍යාන්‍ය රදා පැවැත්මද පෙන්නුම් කලේය.
භෞතික වාදයට අනුව ද්‍රව්‍යයන්ගේ අති සංවර්ධන අවස්ථාව වන්නේ මිනිස් මොළය වේ එයින් වැසෙන්නේ විඥානය වේ, එනම් සංවේදනයන් වේ.හේගල්ගේ දර්ශනයෙහි ඇති විඥානවාදයේ පොත්ත මාක්ස් සහ එංගල්ස් විසින් ඉවත්කර දයලිත්තික භෞතිකවාදය ගොඩනැගුවේය.

දයලිත්තික භෞතිකවාදයට අනුව සංවේදන පමනක් නොව වස්තූන් හා ප්‍රපංච සමූහයන් පමනක් නොව අනේකවිධ ආකාරයෙන් ප්‍රකාශයට පත්වන සම්පූර්න විෂයමූල යතාර්තයනම ද්‍රව්‍යය පිළිබඳව මාක්ස්වාදී දාර්ශනික සංකල්පයට ඇතුලත් වන බව තහවුරුකල කරන ලදී.පසු කලෙක ප්‍රා⁣යෝගික තලයෙ ශේෂ්ඨයාවන වී. අයි ලෙනින් විසින් මුළු මහත් මානව සමාජය වෙත කියාසිටියේ ද්‍රව්‍යය යනු අපේ සංවේදන ඉන්ද්‍රියයන් මත බලපාමින්,හැගීම්(සංවේදනය) දනවන දෙයයි. ද්‍රව්‍යය සංවේදනයේ ආකාරයෙන් අපට දැනෙන විෂයමූල යතාර්ථය බව පැහැදිලි කරන ලදී. එබැවින් සංවේදනයන් ක්‍රියාත්මක වන්නේ මිනිස් මොළය හරහා ය ඉන්ද්‍රියයන් තුළිනි මොළයෙන් වැසෙන්නේ බුද්ධිය වේ. එබැවින් සංවේදන වලින් තොරව බුද්ධිමය ප්‍රකාශ ඉස්මතු වන්නේ නැත. අභ්‍යන්තර මෙන්ම බාහිර බලපෑම් තුළින් ද සංවේදන ඇති වේ කලා කරුවාටද එයද එසේමය. ඒ මන්ද කලාව යන සංකල්පය පවතින්නේ මිනිස් මනස තුළය එබැවින් මිනිස් මනස යනු ආත්මය වේ. එබැවින් මිනිස් සංවේදනයන් ගේ බුද්ධිමය ප්‍රකාශනයක් වන ආත්මීය නිදහස කලාකරුවන්ගේ ද අභ්‍යන්තර නිදහස සොයා යන ආත්මීය ප්‍රකාශනයන් හැටියට කලාව හරහා ප්‍රකාශ වෙයි.

එබැවින් සුන්දරත්වයට පසු කලාව යන කෘතිය තුළින් දීප්ති විසින් ගොඩනගන බොහෝ කරුණු භෞතිකවාදය දෘෂ්ටියට අනුව මා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සමග සසදන විට පිළිගත නොහැකි තත්වයට පත්වේ. මේ බව තවදුරටත් තහවුරු කරගැනීමට අප මහා ගෞතම බුදුන් වහන්සේ විසින් පංචසිඛ නමැති වීණා වාදකයාට දේශනා කරන ලද කරුණු වැදගත් වේ. එහිදී බුදුන් වහන්සේ මෙසේද දේශනා කර ඇත කවියා අතරින් ශ්‍රේෂ්ඨතම කවියා වන්නේ පඨිභාන නමැති කවියා බවයි.

එසේනම් කවියාද යනු කලාකරුවෙකි. ඔහුට බුදුන් වහන්සේ හඨිභාණ (ප්‍රතිභාපූර්ණ)ලෙස නම් කළේ මිනිස් මනස තුළ ඇති භාවයන් උද්දීපනය වීමේ හැකියාව උපයෝගී කරගෙන නිර්මාණ බිහි කිරීමට ඇති හැකියාව ඇති කලාකරුවා ශේෂ්ඨතම කලාකරුවා ලෙස උන්වහන්සේ දේශනා කර ඇත. එබැවින් මිනිස් මනස පවතින්නේ ඉන්ද්‍රිය ගෝචරව ය මිනිස් මනස තුල ගොඩ නැගෙන ආත්මීය හැගීම් ප්‍රතිභාපූර්ණව ඉදිරිපත්කිරීමේ හැකියාව කලා කරුවාට ඇත. එබැවින් කලා කරුවාගේ ආත්මය මතු වන්නේ ඉන්ද්‍රිය ගෝචරව සිදුවන සංවේදනයන් ගේ ආත්මීය ප්‍රකාශන හැටියට බව තහවුරු වේ. එබැවින් දීප්ති විසින් සදහන් කරන ලද නූතන ලෝකයේ කලාව තුල සංවේදනවලින් තොරව බුද්ධිමය ප්‍රකාශ ඉස්මතුවෙය යන ප්‍රකාශය අසත්‍ය කරුණක් බවට පත්වේ.එය ඵල රහිත තර්කයක් ගනයට වැටේ.

මෙම ප්‍රශ්නය ගොඩනැඟෙන්නේ ෆැසිස්ට්වාදයේදී සිදුවන්නේ කලාකෘතීන් දේශපාලනීකරණය වීම නොව දේශපාලනය සෞන්දර්ය කරණය වීම යනුවෙන් සඳහන් කර ඇති කරුණ සම්බන්ධවයි.
දීප්ති සදහන් කරන පරිදි වෝල්ටර් බෙන්ජමින් ට අනුව "පැසිස්ට් වාදය පිළිබඳ රචනය වලදීත් සෞන්දර්ය නම් සංකල්පය එහි අභ්‍යන්තර රැඩිකල් වෙනසකට භාජනය වීම තුළින් එහිදී පළමු වතාවට ඉන්ද්‍රිය සංජානනයෙන් නැතහොත් යථාර්ථයෙන් හෝ සංස්කෘතික අඩවියට විස්ථාපනය වේ" යනුවෙන් සඳහන් කර ඇත.

එබැවින් අප එම අස්ථානයේ සිටම ගැඹුරින් සිතූ විට කෘතියෙහි සඳහන් කර ඇති පරිදි මාක්ස් මෙසේ සඳහන් කර ඇත. එනම් " සැබෑ ලෝකය යනු ඉන්ද්‍රීය සංවේදන මැදිහත් කොටගෙන සිතීමකි. යථාර්ථයට ඉන්ද්‍රීය සංජානනය තුළ්‍ය කරණය වීම නිසා මෙහිදී මාක්ස් දේශපාලනය භෞතික කරණය කරන අතර අනෙක් අතට එය සෞන්දර්ය කරණය කරයි " ලෙසද සඳහන් කර ඇත.
(3)
එනයින් සෞන්දර්ය කරණය කරන විට එහි ඇති පෙර පැවති (බෙන්ජමින්ට අනුව ඉන්ද්‍රිය සංජානනය නැතහොත් යථාර්ථයේ පවතින භෞතික ස්වරූපය) එහි භෞතිකයද සෞන්දර්ය කරනයට ලක් නොවන්නේ ද?
(4)
එබැවින් දීප්ති සඳහන් කර ඇති පරිදි වෝල්ටර් බෙන්ජමින් ට අනුව පැසිස්ට් වාදය පිළිබඳ රචනා වලදී සෞන්දර්ය නම් සංකල්පය එහි අභ්‍යන්තර රැඩිකල් වෙනසකට භාජනය වේ යනුවෙන් සඳහන් කර ඇත. එබැවින් එම භාජනය වන රැඩිකල් වෙනස සෞන්දර්යය කරණයේ දී එම පවතින තත්ත්වයන්ට අනුව ෆැසිස්ට්වාදී ස්වරූපයක් ගන්නේ නැද්ද ?
දීප්ති සඳහන් කර ඇති පරිදි බෙන්ජමින්ට අනුව පැසිස්ට්වාදයේ දී සිදු වන්නේ කලාකෘති දේශපාලනීකරණය වීම නොව දේශපාලනය සෞන්දර්ය කරණය වීමයි. නමුත් එහි සඳහන් කර ඇති පරිදි සෞන්දර්ය නම් සංකල්පය එහි අභ්‍යන්තර රැඩිකල් වෙනසකට ද භාජනය වීම තුළින් එහිදී පළමු වතාවට ඉන්ද්‍රිය සංජානන යෙන් නැතහොත් යථාර්ථයෙන් සංස්කෘතික අඩවියට විස්ථාපනය වේ යනුවෙන් සඳහන් කර ඇත.
(5)
එහිදී එම සංස්කෘතික අඩවියට විස්ථාපනය වන විට යථාර්ථය තුළින් පෙන්නුම් කරන භෞතික දෘශ්‍ය රූපයන්ගේ සංස්කෘතික ව්‍යූහයන් රැඩිකල් වෙනසකට භාජනය නො වන්නේ ද ?

(6)
එහිදී භාජනය වන රැඩිකල් වෙනස එම තත්වයන් තුළ පවතින සමාජ ව්‍යුහයන් ගේ සංස්කෘතික අඩවියට ද විස්ථාපනය වේ එබැවින් එහිදී එම සංස්කෘතික අඩවිය තුළ බිහිවන එහි සිටින කලාකරුවා සහ ඔහු තුලින් බිහිවන දෘශ්‍ය කලා කෘති තුළින් එම පවතින තත්ත්වයන්ට අනුව පැසිස්ට්වාදයේ ගාමක ප්‍රතිරූපයන් ඉස්මතු නො වන්නේ ද ?
මාගේ දැනුමට අනුව නම් එහිදී පැසිස්ට්වාදයේ ගාමක ප්‍රතිරූපයන් සහ ඊට අදාල දෘෂ්ටිවාදයන් කලාව හරහා පැනනගින බවයි.ඒ බව පශ්චාත් මාක්ස්වාදී න්‍යාය ඔස්සේ තහවුරු වන බව සදහන් කල හැකිය.
(7)
එසේ සදහන් කල නොහැකිනම් මාක්ස් සදහන් කල දේත් දීප්ති පැවසූ දේත් ඵල රහිත භාවයට පත්වී විසංයෝජනවාදය නැමැති මඩ ගොහොරුවේ අඩි 100 ක් පමණ යටට කිදාබසිනවා නේද ?
(8)
ඔබ සඳහන් කරන ලද සාධාරණ පැසිස්ට්වාදය තුළ ඩිජිටල් පශ්චාත්නූතනත්වය පිළිබිඹු වන්නෙ නම් ඊට අදාල වූ දෘෂ්‍ය කලාවක සැබෑ ප්‍රතිරූපයන් පිළිබිඹු නොවන්නේ ද?
සුන්දරත්වයට පසු කලාව යන කෘතියේ දීප්ති විසින් සඳහන් කරන ලද අනෙක් ප්‍රධානතම කාරණාව වන්නේ ඔබ සඳහන් කරන ආකාරයට ඩිජිටල් පශ්චාත් නූතනත්වය තුළ නූතනත්වයේ ආර්ථික ප්‍රතිව්‍යුහවු ධනවාදය වඩ වඩා වර්ධනය වන විටදී ඉන්ද්‍රිය සංජානනය මත්ද්‍රව්‍ය සහ මායාව හරහා අන්ධ කළ විට සෞන්දර්යේ මුල් ස්වරූපය මුල් අදහස වූ රසය වෙනුවට නිර්වින්දනය ආදේශ වේ යන්න සඳහන් කර ඇත.

මෙහිදී දීප්ති සහෝදරයා දැනගතයුතු තවත් කරුණක් ඇත.එනම් මත්ද්‍රව්‍ය සහ මායාව හරහා අන්ධානුකරණය කරගෙන නිර්මාණ කරනයේ යෙදී සිටින කලාකරුවන් සහා එම කාර්යයේ නොයෙදී සිටින කලා කරුවන්ද ලාංකීය සමාජයේ සිටිනා බවයි.
එබැවින් ඔබ සඳහන් කර ඇති පරිදි ඩිජිටල් පශ්චාත් නූතනත්වය තුළ කලා කෘතීන් නිපදවන නිර්මාණය කරන කලාකරුවෙක් හැටියට සමාජගතවන මා සෞන්දර්යයේ මූල බීජයන් වූ රසය හා එහි සාරය මනා ලෙස ග්‍රහනයකරගෙන ඇත. ඒබැවින් මා ඉතා හොඳ සිහි කල්පනාවකින් යුක්තව කලාකෘති නිර්මාණය කරන නිසාය. එමනිසා ධනවාදී දෘෂ්ටිවාදයේ සංකීර්ණම ආකෘතිය වන නිර්වින්දන ක්‍රියාවට මා හසු නොවෙයි එබැවින් මාගේ ඉන්ද්‍රීය සංජානනය මත්ද්‍රව්‍ය සහ මායාව හාරහා අන්ධ කල දෙයක් නොව එය ලාංකීය සමාජයේ සැබෑ අර්ථයයි.

එපමණක් නොව සුන්දරත්වයට පසු කලා කෘතිය තුළ දීප්ති සහෝදරයා විසින් සඳහන් කරන ලද අනෙකුත් ප්‍රධාන කරුණ වන්නේ ධනවාදී නූතනත්වය තුළ තාක්ෂණය දියුණුව සහ විවිධ සමාජ මාධ්‍ය වල බලපෑම හේතුකොට ගෙන ඒ හරහා ඉතා බොළඳ සර්ව පිත්තල කලාවක් ජනසමාජය වෙත ආරෝපණය වීමත් ඒ තුළින් සැබෑ කලාකරුවා සහ සැබෑ කලාව කුමක් ද යන්න තේරුම් ගැනීමට නොහැකි වනබවයි.

ඒ පිළිබඳව ලාංකීය සමාජය මුහුණ දී ඇති විශාල ඛේදවාචකයක් බව මා අවිවාදයෙන් පිළිගන්නා අතරම ලාංකීය භූමිය තුළ එවැනි ගනයට වැටෙන්නේ නැති කලාකරුවන්ද සුළුපිරිසක් හෝ සිටිනා බවත්, මා ඇතුලු අවංකවම කලාවට සේවය කරන එම පිරිස කිසි දිනෙකත් හුදු අර්ථ විරහිත සර්ව පිත්තල කලාවක් ජන සමාජය වෙත පිරිනමා නැත. එබැවින් අප තාක්ෂණය හා විද්‍යාව විවිධ සමාජ ජාල භාවිතා කරන්නේ මහජනතාවට ඉතා උසස් කලා කෘති ජනසමාජය වෙත දායාද කිරීමට බව මතක තබා ගත යුතු ප්‍රධාන කරුණක් බව සඳහන් කරමි.

දීප්ති සඳහන් කර ඇති ආකාරයට අලුත් දෙය නිපදවිය හැක්කේ කලාගාරයේ දුෂ්ටියෙන් (Gaze) පමණක් වන නිසා යනුවෙන් සදහන් කර ඇත.
නමුත් ලොවට බිහිකර ඇති විශිෂ්ඨ ගනයේ සෑම නිර්මාණයක් තුලම ඔය (Gaze) කියන සිද්ධාන්ත ය අඩංගුවී නොමැත.නමුත් සාර්ථක චිත්‍ර වල (Gaze) කියන දේ තිබෙනා බව මා පිළිගනී.ඔය මොන භාෂාවෙන් කිවුවත් එහි තිබෙන සරල අර්ථය ⁣මෙයයි. " චිත්‍රය කතාකරන්න ඕනා"කියන එකයි.
නමුත් දීප්ති සදහන් කර ඇති ආකාරයට අලුත් දෙය නිපදවිය හැක්කේ කලා ගාරයේ දෘෂ්ටියෙන් (Gaze) මත පමනක් වන නිසා නම්
ලාංකීය මට්ටමින් පමණක් නොව ලෝක මට්ටමින් ද ඒ අනුව බැලූ කල කලාගාරය තුළ මේ දක්වා තැන්පත් කර ඇති කලාකෘතීන් කලාගාර වල ඇති පසුපස දොරටුවෙන් පමණක් නොව ඉදිරිපස දොරටුවෙනුත් පාරට විසි වී යන්නේය. ඒ මන්ද ඔබගේ වචනයෙන්ම කියනවා නම් එවැනි කලාකෘති වටිනාකමින් බාල සර්ව පිත්තල ගණයට වැටෙන නිසාය.
එබැවින් ඔබගේ දුෂ්ටියෙන් බැලුවහොත් එදා මෙදා තුර ලොව පහළ වී ඇති බොහෝ කලාකරුවන්ට ද එම තත්ත්වය උදාවන්නේ ය.
(9)
එම නිසා ඔබ ඔය සඳහන් කරන අලුත් දෙය නිපදවිය හැක්කේ කලාගාරයේ දුෂ්ටියෙන් (Gaze) පමණක් පදනම් වන නිසාය යන දෘෂ්ටිවාදය කලා ලොව තුළ කෙතරම් ප්‍රායෝගික වන්නේද ?
(10)
ඒ වාගේම කලා ලොව තුල මෙතෙක් පහළ වූ කලාකරුවන්ව ඔබ සඳහන් කරන (Gaze) නැමැති දෟෂ්ටි වාදය මත පමණක් පදනම් වී මැන බැලීම කලාකරුවන්ට සිදුකරන ඉතා බරපතළ අසාධාරණයක් නොවේද ?
සුන්දරත්වයට පසු කලාව කෘතිය පරිශීලනය කිරීමේදී පෙනී යන තවත් ප්‍රධාන කරුණක් වන්නේ දීප්ති කුමාර සහෝදරයා විසින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය වෙත දැඩි විවේචනාත්මකව සහ පදනම් විරහිත ව කරුණු කාරණා ගෙන හැර දැක්වීම යි. එනම් විශ්ව විද්‍යාලය වෙත යන ඕනෑම කෙනෙක් එන්නෙ රස්සාවක් සොයාගන්න සහ සහතිකයක් අරන් ගුරුවරයෙක් වෙන්න මිසක් Artist කෙනෙක් වෙනවා කියන දුර්ලභ ගණයේ වැඩකට නොවන බව සඳහන් කර ඇත.

එබැවින් ඔහු සඳහන් කරන ලද එම කරුණට මා තරයේ දැඩි ලෙස විරුද්ධ ව පෙනී සිටින්නේ ය. ඒ මන්ද මා එම ආයතනයට පියනැග්ගේම කලාකරුවෙක් වීමේ අදිටනින්ය. වර්තමානය වන විට මාගේ එම අරමුණ සපථ වී ඇත. මා වැනිම තවත් කලාකරුවන් රැසක් මෙම කුණු වෙවී ගඳගහන පසුගාමී ලිබරල් ධනේශ්වර ආර්ථික ක්‍රමය තුළ විවිධ කම්කටොලු බිඳගෙන කලාකරුවෙක් වීමේ එම උදාර කර්තව්‍යයේ නියැලී සිටින්නේ ය. එබැවින් මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් කිව යුතු අනෙක් කරුණ නම් ලෝක මට්ටමෙන් බැලුවත් කලාකරුවන් බිහි වීමේ ප්‍රවණතාවය මිනිස් අතක ඇති ඇඟිලි ගණනනට වත් වඩා අඩුය.
(11)
වෛද්‍යවරු, ඉංජිනේරුවරු, තාක්ෂණ ශිල්පීන් වගේ ලෝකයේ කලාකරුවන් බිහි වීමේ ප්‍රවණතාවයක් මේ වන තෙක් කොහේවත් සිදු වී නොමැත. එබැවින් ලංකාව වගේ රටක කලාකරුවන් බිහි වීමේ ප්‍රවණතාවය යනු මිල කළ නොහැකි ජාතික වස්තුවකට හා සමාන වේ යන බව මාගේ හැඟීමයි. එබැවින් සමස්තයම එකම කෝණයකින් බැලීම සාධාරණ වන්නේ කෙසේද ?
(12)
ඉතින් ඒ බව ඔබ විශ්වාස කරන අධිපති දේශපාලනයක් තිබේ නම් එම තන්ත්‍රයට ඒ බව හොඳ හැටි කියා දෙන්න ඔවුන්ව දැනුවත් කරන්න එය ඔබලාගේ වගකීම නොවේද?

මෙහි සඳහන් අනෙක් ප්‍රශ්නය වන්නේ එම විශ්ව විද්‍යාලයේ academy ක්ෂේත්‍රයේ එහි ඒ බව දැනුමක් ඇති කවුරුවත් නැත යන්නය. දීප්ති සඳහන් කරන පරිදි මා එම කාරණයට දීප්තිත් සමග යම් තාක් දුරට දැනට එකගතාවය පළ කරන්නේය නමුත් ඔබ දැනගත යුතු කරුණක් වන්නේ මා සහ අනෙකුත් කලාකරුවන් එම ආයතනයේ අධ්‍යනය කටයුතු නිම කළ සමකාලීනව ලාංකීය භූමිය තුල කලාකරුවන් වශයෙන් දැනට ස්වාධීන ව නිර්මාණකරණයේ නියැලී සිටී.

නමුත් එම ආයතනය තුළ academy දන්නා බොහෝ දක්ෂ ආචාර්යවරුන් සිටියේය. නමුත් වර්තමානය වන විට එම දක්ෂ ආචාර්යවරුන් සියලු දෙනාම වගේ නොයෙකුත් හේතූන් මත එම භූමිය හැර ගොස් ඇත. එබැවින් academy ක්ෂේත්‍රයෙහි විශාල පසුබෑමකට වර්තමාන සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය පත් වී ඇති බව මම කොන්දේසි විරහිතව පිළිගන්නේය.නමුත් ආයතනය තුල Academic බැහැර කර නැත. එනමුත් සමහර සංකල්ප මත පදනම් වූ පුද්ගලයින් ඔවුන්ගේ පටු අරමුණු ඉටුකර ගැනීම සදහා සෙෘන්දර්ය විශ්වවිද්‍යාලයේ Academic නැත යන සංකල්පය ව්‍යාප්ත කරමින් සිටී.

එබැවින් මා තුළ නැගෙන්නා වූ සාධනීය වූ අනෙක් කරුණ වන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට සෑම වසරක් තුළදීම අධ්‍යයන කටයුතු සඳහා ඇතුළත් වන ශික්ෂයින්ගෙන් යම් පිරිසක් දීප්ති සමග අත්වැල් බැඳගෙන කටයුතු කරන බවද නොරහසකි. එය එක්තරා කල්ලිවාදී යක් හැටියට ද විටින් විට ඉස්මතු වන වන බවද නොරහසකි. එබැවින් මා දීප්තිගෙන් අසන්නේ
(13)
මෑත කාලය තුළ දී සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයෙන් Academic ඉගෙනගෙන දීප්ති ගෙන් දර්ශනය ඉගෙන ගෙන මානව සමාජය වෙනුවෙන් හරිහැටි එක් කලා කෘතියක් හෝ නිෂ්පාදනය කර ඇති, එක් කලාකරුවෙක් හෝ දීප්තිලා ගේ කල්ලිය තුලින් බිහි වී ඇත්ද යන්නයි?

සුන්දරත්වයට පසු කලාව යන කෘතියෙහි දීප්ති කුමාර විසින් මෙසේ ද සඳහන් කර ඇත. එනම් සමහර චිත්‍ර ශිල්පීන්ට ෆෝම් එකක් නෑ අදහසක් නෑ චිත්‍රයට තාක්ෂණයක් නෑ යනුවෙන් දාර්ශනික භාවයක් නෑ යනුවෙන් ද සදහන් කර ඇත. එබැවින් සමහර විට එය එසේම විය හැකියි නමුත් මා විසින් 2019 වසරේදී හදුන්වාදුන් Collapsism Art තුල දාර්ශනික අදහස් මෙන්ම සමකාලීන වශයෙන් ගත්කල දේශපාලනික සහ සාමාජීය යතාර්තයන් ගැබ්වු කරුණු අඩංගුවී තිබෙනා බව කිවයුතුයි. එබැවින් දීප්ති විසින් සඳහන් කරන ලද සමහර කරුණු මාගේ කලාවට අදාල වන්නේ නැත.
සැබැවින්ම දෘශ්‍ය කලාව තුළ ඒ කිසිවක් ම සඳහන් නොවන කලාවන් ද ඇත ඒ බව මා පසුව කතා කරන්නෙමි. ඒ මන්ද මේ මොහොතේ සමාජ ඉතිහාසය ඉල්ලා සිටින වගකීම මා විසින් ඉටුකර යුතුව ඇති බැවිනි.

සුන්දරත්වයට පසු කලාව යන කෘතිය තුළ සඳහන් වන තවත් දෙයක් වන්නේ ලංකාවේ කලාව තුල Elit culture එකේ හැර එහෙම සංවාදයක් ඇති වෙලා නෑ modernisam කියන්නේ අධිරාජ්‍යවාදය හා ඒකාධිකාරී ධනවාදය සහ ඒකාධිකාරී ධනවාදී යුගයේ ම කලාත්මක ආකෘතිය යනුවෙන් සඳහන් කර ඇත.
ඉහත කරුණ සම්බන්ධව ඇතිවන ගොඩනැගෙන සාධනීය ප්‍රශ්නය වන්නේ ලංකාවේ සිටින බොහෝ කලා විචාරකයන් දෘෂ්‍ය කලාව සම්බන්ධව Elit Culture එකට කඩේ යන ඔවුන්ගේ ඉඳුල් බුදින කලා විචාරකයින් සිටීමයි.
(14)
එබැවින් එම කලා විචාරකයන් කවදාවත් නිර්ධන පන්ති විප්ලවීය කලාව ගැන සංවාදශීලී මාවතක් ගොඩ නඟන්නේ නැහැ නේද?
එබැවින් මා හඳුන්වා දුන් Collapsism දෘෂ්‍ය කලා දහරාව තුළින් පෙන්නුම් කරන්නේ අධිරාජ්‍යවාදය තුළ ඇති ඒකාධිකාරී ධනවාදය සහ එම යුගයේ කඩාවැටීම සහ එහි අවුල විකෘතිය පෙන්වන කලාත්මක ආකෘතියේ එක් ප්‍රකාශනයකි.

එම කෘතියේ සඳහන් තවත් ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ අනූව කණ්ඩායම උත්සාහ කරන ලද්දේ සමාජ ගැටලු චිත්‍රය සහ ලලිත කලාව මගින් නිරූපණය කිරීමයි. ඒ නිසා එය ලංකාවේ චිත්‍ර කලාව අරභයා සිදුවු ප්‍රථම දේශපාලනික කලාව යනුවෙන් සඳහන් කර ඇත.

නමුත් මා මෙහිදී සඳහන් කළ යුතු කරුණ නම් එය ලංකාවේ ප්‍රථම දේශපාලනික කලාව නොවන බවයි.ඒ මන්ද 80 දශකය තුළ ඇති වූ චිත්‍ර කලාව තුළින් එම වකවානුව තුළ ඇතිවූ භීෂණ සමයත් නිසා එවකට 80 දශකය තුළ හිටපු ලාංකීය සිත්තරුන්ගේ කලා කෘති තුළින් මානව සමාජය වෙත ඇති වූ එම අඳුරු කාලපරිච්ඡේදය අසූවේ දශකය තුළ නිර්මාණයෙහි යෙදුණු කලාකරුවන්ගේ කෘති පරිශීලනය කිරීමෙන් මනා ලෙස පිළිබිඹු වන බැවිනි. එම යුගයේදී බොහෝ චිත්‍ර තුළින් පිළිබිඹු වූ වර්ණ මාලාවන් සහ සමස්ත චිත්‍රයේ ආකෘතිය ඉතා අඳුරු ස්වභාවයක් පෙන්නුම් කරන ලදී. මා මේ බව වර්තමාන සෞන්දර්ය කලා විශ්ව විද්‍යාල⁣යේ දෘශ්‍ය කලා පීඪයේ පීඨාධිපතිතුමා සමග විමසූ විට සඳහන් කරන ලද්දේ මා විසින් ගෙනහැර දක්වන මෙම කරුණු සත්‍ය බවත්, ඒ සඳහා නිසියාකාර විස්තරයක් ලබා දීමටවුවද හැකියාව ඇති බවයි.

Theoritical Base එකක් තියෙන Art Work එකක් විචාරය කරන කෙනෙක් ලංකාවේ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය තුළ මෑතකදී වනතුරුත් හම්බවෙලා නැහැ යනුවෙන් සඳහන් කර ඇත. එම සඳහන් කරන ලද කරුණු සම්බන්ධව ගත් කල වර්තමානයේ දී වනවිට සෞන්දර්ය විශ්වවිද්‍යාලය තුළ එවැනි අය නැතිවෙන්න පුළුවනි. නමුත් ඔබතුමා බලාපොරොත්තු වන ආකාරයේ විචාරකයින් පිළිබඳව මා නොදනී. නමුත් සෙෘන්දර්යකලා විශ්වවිද්‍යාලයෙන් මෑතක් වනතුරුත් කලා විචාරකයින් බිහිවී ඇත. දීප්ති විසින් දැනගතයුතු අනිත් ප්‍රදානකාරනාව නම් Art Work යනු තියරි මත පදනම් වෙලා බිහිවන දේවල් නොවන බවයි.
කෘතියෙහි සදහන් කරනලද අනෙකුත් කරුණ වන්නේ "figurative art කියලා එකක් කැම්පස් එකේ උගන්වනවා විශ්වවිද්‍යාලය තුළ හරියට ඒවා අදින්නේ කොහොමද කියලා anatomy එකත් උගන්වනවා නමුත් මලවිච්ට අනුව ඒවා පරණයි. old ඒවා ඇදලා ඉවරයි තවදුරටත් ඒවා ඇඳීම නව මිනිසා නොවේ "යනුවෙන් සඳහන් කර ඇත.
මේ සම්බන්ධව පිළිතුරු සැපයීමේ දී දීප්ති සහෝදරයාට මා ප්‍රථමයෙන් කියා සිටින්නේ මැලවිච් යනු කලා ලෝකයේ එක් සුවිශේෂී කලාකරුවෙක් පමණක් බවයි.
(15)
එබැවින්
දීප්තිට අනුව මැලවිච් ගෙන් මෙහාට figurative අදින ආටිස්ලා නව මිනිසුන් නොවේද?
එසේ නොවේ නම් Lucian freud,Roberto ferri සහ Max ginsburg,Jamie Adams වැනි කලාකරුවන්ට කලා ලෝකය තුළ අත්වන ඉරණම කුමක් ද ? ඔවුන් නව මිනිසුන් නොවේද?

ඔබ සදහන් කරන ආකාරයට මලවිච් කියන Artist කෙසේ කීවත් ඊට පසුව බිහිවු ජාත්‍යන්තර මට්ටමේ Figurative චිත්‍ර අදින ශිල්පීන්ද කලා ලොකයේ බිහිවී ඇත.ඒ අතරින් Robetor ferri සහ ⁣Jamie adams, Max ginsburgh,Roberto Liberace,Mark Tancey වැනි කලා කරුවන් සමකාලීන ලොකය තුල ඉතා ඉහලම තත්ත්වයක තවමත් සිටි..

නමුත් සමකාලීන වශයෙන් ලාංකීය භූමිය තුල figurative අදින කලාකරුවන් කිහිප දෙනෙක් සිටියත් figurative Art ඉතා පසුගාමී තත්ත්වයක පවතී. එබැවින් ජාත්‍යන්තර මට්ටමෙන් ඉතා ඉහළ තත්ත්වයන් වලට ලාංකීය figurative Art තවමත් පත්වී නොමැත. ඊට හේතුව වන්නේ figurative Art ඇඳීමට මූලික පදනම වැටෙන්නේ life drawing සහ life painting යන විෂයන් හරියාකාර ක්‍රමවේදයන් ඔස්සේ අධ්‍යයනය කිරීමෙන් ලැබෙන දැනුම සහ අත්දැකීම් මත පදනම්වය.

එය හුදෙක් සොබා දහම සහ මානව දේහය ඒ ආකාරයෙන්ම අනුකරණය කිරීමට පමණක් ලබා ගන්නා ලද අත්දැකීමක් නොවිය යුතුය. මාගේ මුල් ගුරුවරයාද ඒ පිළිබඳ මාහට දැනුම ලබාදී ඇත. ලාංකීය දෘෂ්‍ය කලාව තුළ (figurative) මානව දේහය සිය දෘෂ්‍ය කලා භාවිතයන්වලට ලක් කරන ලද කලාකරුවන් වන්නේ ජෙස්ටියෙන් දරණියගල, ඒ.සී.ජී.එස් අමරසේකර සහ ඩේවිඩ් පේන්ට වැනි කලා ශිල්පීන්ය. ඒ අතරින් figurative Art පිළිබඳව ඉතා ඉහළ මට්ටමක අවබෝධයක් සහ මනා දැනුම් සම්භාරයක් ඩේවිඩ් පේන්ට මාස්ටර්ට තිබූ බව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධර්මතිලක සිල්වා මහතා ප්‍රකාශ කළේය. එතුමාගේ ද මුල් ගුරුවරයා වූයේ ඩේවිඩ් පේන්ට මහතාය. මාගේ මුල් ගුරුවරයා වන්නේ ධර්මතිලක ආචාර්ය තුමා බව මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුය.
එබැවින් බොහෝ දක්ෂ අත්දැකීම් සහිත ගුරුවරුන් වර්තමාන සෙෘන්දර්ය කලා ⁣විශ්වවිද්‍යාලය තුළ නොමැති වීම ලාංකීය සමකාලීන figurative Art බිදවැටීම මුලිකම සාධකයක්ය.

එබැවින් චිත්‍ර ශිල්පයේ මුලිකම අංගයක් වන Figurative Art අනිවාර්යයෙන් ම චිත්‍ර ශිල්පියෙක් හදාරා තිබිය යුතුවේ.එවැනි අධ්‍යනයක් නොකල කෙනෙක් චිත්‍ර ශිල්පියෙක් වන්නේ කෙසේද?
කිසියම් ශිල්පියෙක් Figurative නොඇද ලෝකයේ කලා කරුවෙක් ලෙස කොයිතරම් ප්‍රසිද්ධියට පත්වුවත් කලාක්ෂේත්‍රයෙහි ඔහු තුල විශාල (Lack) අඩුවක් ඇත.එය හරියටම පැහැදිලි කරනවනම් අභිධර්මය ගැන අවබෝධයක් නැති කෙනෙක් නිර්වාණ ඵලය ලබාගනනේ කෙසේද?
එබැවින් Figurative වල අවබෝදයක් නැති ඇතැමුන් කැන්වසය ඉදිරියේ පාට වීසිකර පොදුජනතාව මුලාවේ දමති.

සුන්දරත්වයට පසු කලාව තුළ සඳහන් වන තව දෙයක් නම් තදාත්මික භාවයයි. දීප්ති මෙම වචනයෙන් අදහස් කරන්නේ යම් කිසි කලාකරුවෙක් Context එකට art history එක ඇතුලට ගෙනල්ලා ඒ වෙනුවෙන් artist පෙනී සිටිනවා යි යනුවෙනි.
නමුත් මෙහිදී දීප්ති සඳහන් කරන්නේ ජගත් වීරසිංහට වත් එවැනි තදාත්මක භාවයක් ඔහුගේ කෘති වලට වත් නැතැයි යනුවෙන් සඳහන් කර ඉතිරි අය ගැන කුමන කතාද ඉතිරි අය බොහෝ දෙනා කලාව කරන්නේ බඩගෝස්තරවාදී හැටියට යනුවෙන් හඳුන්වා ඇත. මා දීප්තිට කියන්නේ මාගේ exhibition වලදී මා කවදාවත් දේශපාලකයින්ගේ වීදුරු වලට වයින් පුරවා ඔවුන්ට වයින් වීදුරු පිරිනමන්නේ නැති බවත් සහ මා කලාව කරන්නේ බඩගෝස්තර වාදය වෙනුවෙන් නොවන බවයි. exhibition වලදී දේශපාලනඥයින් දුටු විගස ඇඟ සලිත වී ගොස් ඔවුන්ට වයින් වීදුරු පිරිනමන කලාකරුවන්ගෙන් නියම බඩගෝස්තර වාදය පෙන්නුම් කරන බව සිහිය තබාගත ගන්න. ඒ බව ඔබ ඔය සඳහන් කරන ලද වීරසිංහගෙන් ම අසා දැන ගන්න.
එබැවින් ඔබගේ මතය කෙසේවෙතත් ලංකාවේ සියලුම චිත්‍ර ශිල්පීන් බඩගෝස්තර වාදීන් නොවේය.ඔබ එසේ සදහන් කිරීම අවංක චිත්‍ර ශිල්පීන්ට කරන අපහාසයකි.

සුන්දරත්වයට පසු කලාව කෘතියෙන් දීප්ති සදහන් කරනවා 90දශකයේ පෙන්ටින් වලට පස්සේ කලාව ඉවරයි යනුවෙන් එය සිදුවන්නේ (අධිරාජ්‍යවාදී අරගලය යුගය තුළ බවත් 1900 සිට මේ දක්වා)

මෙම ප්‍රකාශය තුළින් පෙනී යන්නේ මෙම වර්තමානයෙහි වුවද ඉතා දියුණු ලෝකය තුළ ඉඳගෙන දීප්ති සහෝදරයා මිහිපිට ඇති කුමනකාර දර්ශනයන් ගැන මහා ලොකු පඩි වදන් දෙසූ වත් දීප්ති තවමත් ජීවත් වන්නේ 90දශකයේ painting පමණක් දකින ගෝත්‍රවාදී වහලෙක් හැටියටයි. ඔහු වර්ෂ දෙදහ⁣සෙන් පසු මේ වෙනකම් ලාංකීය දෘශ්‍ය කලාව තුළ සිදුවී ඇති වෙනස්කම් සහ ප්‍රවණතා නොදකින කෙනෙක් මේ වැනි විචාරකයින් ගෙන් මෙම ගෝත්‍රවාදී මානසික බැල්ම ලාංකීය කලා සමාජයට සහ එහි රසිකත්වයටත් දැඩිලෙස හානිදායක බව පොදු මහජනයාත් රසික ප්‍රජාවත් අනිකුත් වියතුන් බුද්ධිමතුන් සියළු දෙනාම දැන ගත යුතුය.
කලාව සහ සුන්දරත්වය යන කෘතියෙහි තවත් කරුණක් සඳහන් වන්නේය එනම් ලාංකීය චිත්‍ර ශිල්පීන් යනු තමන්ගේ ආත්මීයත්වය පෙන්වීමට බිය සහ ලජ්ජා වන පිරිසක් සහ ඔවුන්ට තවමත් මේ අතීතයෙන් කැඩී වෙන් වීමට අවශ්‍ය වී නැති බව සඳහන් කර ඇත. දීප්ති විසින් ඉදිරිපත් කර ඇති එම අදහසට ලාංකීය සමාජය තුල නිර්මාණකරණයේ යෙදෙන සෑම කලාකරුවෙකුට ම එක සේ අදාළ නොවන බව මාගේ හැඟීමයි. නමුත් එක්තරා ප්‍රමාණයකට එහි සත්‍යතාවයක් ඇත. එනම් මා විසින් නිර්මාණය කරන ලද ඇතැම් කලා කෘතිද තවමත් ලෝකයට වසන් කර සඟවා තබා ඇත. එසේ කර ඇත්තේ බිය සහ ලැජ්ජාව නිසා නොව එම කලා කෘති වලින් ගම්‍යමාන වන සමාජ කතිකාවන් තේරුම් ගැනීමට තරම් අප ජීවත්වන ලාංකීය සමාජයේ බුද්ධි මට්ටම තවමත් එකී තත්ත්වයන් කරා පැමිණ නැති බැවිනි.

නමුත් මා හඳුන්වා දුන් (COLLAPSISM ART) කඩාවැටීම් වාදය නැමැති දෘෂ්‍ය කලා දහරාව තුළින් චිත්‍ර ශිල්පියාගේ ආත්මීයත්වය හා බැඳුණු අධ්‍යාත්මිකත්වය ගැන කතා කරයි. එය කලා කරුවාගේ ඉරණම ගැන පශ්න කරයි. මව් කලාකරුවන්ට වර්තමානය තුළ මෙම මිලේච්ජ දේශපාලන ක්‍රම ව්‍යුහය තුළ මුහුණ දීමට සිදුවී ඇති සැබෑ ඉරණම ගැන ප්‍රශ්නකරයි. එබැවින් චිත්‍ර ශිල්පීන්ගේ ආත්ම මූලිකත්වය ප්‍රකාශයට පත්කරන කලා ශෛලීන් තුළින් ඉන් පෙර පැවති කලාවන් වල යම්තාක් දුරට හෝ බලපෑම් විදහාපෑම කලා ලෝකය තුළ සිදුවන සාමාන්‍ය තත්වයකි. එබැවින් එවැනි තත්ත්වයන් තුළින් මෙම කලාව අලුත් දෙයක් හෝ අර කලාව පහළ දෙයක් හෝ යනුවෙන් බෙදා වෙන් කිරීම සාධාරණ නැත. ඒ මන්ද එම යුගයේ ඉතිහාසය සහ සමාජ තත්ත්වයන් විසින් ඉල්ලා සිටින දේ එම යුගයට සාපේක්ෂව බොහෝවිට අලුත් දෙයක් වන්නේය. කලාකරුවන් ද එසේමය. එබැවින් එම සාමාන්‍ය තත්ත්වයන් අසාමාන්‍ය තත්වයන් කරා ළඟා කරගෙන නව කලාවක් බිහි කරලීම සඳහා කලා විචාරකයන්ගේ ද ස්වාධීන වූ මැදිහත්වීම කාලීන වශයෙන් ඉතා වටිනා බව මගේ අදහසයි.

සියලු දෙනාටම මා හදවතින්ම සුභපතමි.

Visualised before you is either not the portrait of elegant Monaliza or the statues of Devid generated as in the era of ...
14/09/2023

Visualised before you is either not the portrait of elegant Monaliza or the statues of Devid generated as in the era of renaissance. By present the exemplary elegant mind picture has undergone a crisis and the abnormality has been generating. Therefore the birds in abnormality, have come because of some reason. Not only that, his palette is sinking gradually in to the empty dark space in front of him. A mushroom has appeared through the cracked and splitted land. It depicts about a dangerous

Visualised before you is either not the portrait of elegant Monaliza or the statues of Devid generated as in the era of renaissance. By present the exemplary elegant mind picture has undergone a cr…

Through the limits and boundaries of this social system. Large mouth, thin neck and thin body have been inherited to him...
14/09/2023

Through the limits and boundaries of this social system. Large mouth, thin neck and thin body have been inherited to him. The artist can’t live in these limits and boundaries, because he is an independent person. But all the spaces exist because of limits and boundaries. The artist’s space has become a crisis to him because of his limit that protects the content. A valuable meaning is received in to all the spaces, after collecting a suitable content.

Through the limits and boundaries of this social system. Large mouth, thin neck and thin body have been inherited to him. The artist can’t live in these limits and boundaries, because he is an inde…

“The era of meeting a man before the man has ended” All the elegant things in this world will not be an art. An art has ...
14/09/2023

“The era of meeting a man before the man has ended” All the elegant things in this world will not be an art. An art has been built up surpassing the elegance exists in the abnormality. Therefore the artist is the person who sees the elegance first generated through the abnormality. Therefore if any abnormality is generated at some places, for that, existing social, economic and political matters affect....

“The era of meeting a man before the man has ended” All the elegant things in this world will not be an art. An art has been built up surpassing the elegance exists in the abnormality. Therefore th…

By : Vinith Chathuranga Details “Every person living in this world a creator. But every creator is not an artist,Therefo...
08/09/2023

By : Vinith Chathuranga Details “Every person living in this world a creator. But every creator is not an artist,Therefore every creator."

By : Vinith Chathuranga Details “Every person living in this world a creator. But every creator is not an artist,Therefore every creator.”

*  කලාකරුවෝද රාක්ෂයෝය  *   2023.07.22ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය පරිශීලනය කිරීමේදී අප තුල එක්සැනින් සිහියට නැගෙන්නෙ විහාර...
24/07/2023

* කලාකරුවෝද රාක්ෂයෝය * 2023.07.22

ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය පරිශීලනය කිරීමේදී අප තුල එක්සැනින් සිහියට නැගෙන්නෙ විහාර බිතුසිතුවම් කලාවයි.එසෙත් නැතිනම් සීගිරි අප්සරාවන්ගේ නෙක සිත් කලබන උඩුකය රෑප වැනි සාම්ප්‍රදායිකව නිර්මාණය කරන ලද චිත්‍ර හෝ ඊට සමගාමීව නිර්මාණය කර ඇති මූර්ති නිර්මාණ කිහිපයක් පමනි.නමුත් ලෝක පරිමාණ මට්ටමින් ලාංකීය කලා ක්ෂේත්‍රය තුල දෘෂ්‍ය කලාවේ හැඩ හුරැකම් වල ආභාෂය සහිත කලාකෘති බිහිකල ශිල්පීන් හැටියට ජෝර්ජ් කිට් ,ඩේවිඩ් පේන්ටර්,
ජස්ටියන් දරනියගල,ඒ.සී.ජී.එස්.අමරසේකර වැනි කලා ශිල්පීන් අපට සදහන් කල හැකිය.

නමුත් ඔවුන්ගේ කලා කෘති තුළින් අපට ඉතා ගැඹුරු දේශපාලනික,සංස්කෘතික සහ සමාජීය වශයෙන් කතිකා කල හැකි දේශපාලනික සංකල්පයන් සහ මතවාදයන් ගැනත් දේශපාලනමය නොවන කලාත්මක සංකල්පයන් පිළිබඳවත් ඉතා සාදනීය සංස්කෘතික ව්‍යුහයන් තුළින් බිහිවන නව විචාරාත්මක සංකල්ප පිළිබඳව කරුණු ඉස්මතු වන්නේ ඉතා අල්ප වශයෙනි.

සම කාලීන වශයෙන් සලකා බැලූවිට 90 වේ ප්‍රවනතා වයෙන් පසු ලාංකීය වර්තමාන සමාජ තලය මත ලෝක පරිමාණයෙන් ඉතාම ගැඹුරු සංස්කෘතික සහ දේශපාලන ධහරාවන් නව දෘෂ්‍ය කලා සංකල්ප ධහරාවන් සමග ⁣මුහු කොට නිර්මාණකරනයේ යෙදෙන කලා කරුවන් ඉතා විරලය.එබැවින් අද දින මා විමසුමට ලක් කරන්නේ මා විසින් ගොඩනගන ලද කලා කෘති සහ එහි පවතින සමාජීය මෙන්ම දේශපාලනික කතිකාවත ගැනයි. එබැවින් මා මෙම කරුණු කාරනා ලිවීමට පෙලබු⁣නේ සුමිත් චාමින්ද යන් විසින් 2023.06.11 වන දින අනිද්දා නැමැති පත්තරයට ලියන ලද "හෙජමොනික අර්බුදය සහ රාක්ෂයින්ගේ සමය නැමැති " ලිපිය පරිශීලනය කිරීමෙන් පසුවය.

සුමිත් චාමින්දයන් විසින් ප්‍රකාශයට පත්කරන ලද එම කරුණු පිළිබඳව සත්‍ය ප්‍රකාශය දෘෂ්‍යමය අවකාශය තුළින් තව තවත් මාගේ කලාකෘති හරහා සනාථ වන අයුරුත්,මේ වන විට ශ්‍රී ලාංකීය ජනසමාජ යතාර්තය තුල සැබෑ ලෙසම ස්තාපිත වී ඇති අයුරුත් තවදුරටත් පැහැදිලි වේ.එබැවින් ඒ සදහා මා පාදක කර ගනු ලබන්නේ 2019 වසරේදී මා විසින් ඉදිරිපත් කරන ලද මව් කලා කරුවා - Mother Artist නැමැති සිතුවමයි.

එහිදී මා විසින් මෙම කලා කෘතිය සමග ඉදිරිපත් කරන කතිකාව වන්නේ " මිනිසා ඉදිරියේ තවත් මිනිසෙකු හමුවීමේ යුගය අවසන් වී ඇති බව ප්‍රකාශයට පත්කර මින්ය. එබැවින් මා විසින් මානව සමාජයට ලබාදුන් එම සමාජ පනිවිඩයත්,
අන්තෝනියෝ ගාම්ස්චි ප්‍රකාශ කරන ලද "මේරාක්ෂයින්ගේ කාලයයි "නැමැති ප්‍රකාශයත් අතර මනා සම්බන්ධ තාවයක් ඇතිබව අපට පැහැදිලි වේ.

එසේම මව් කලාකරැවා නැමැති චිත්‍රය තුළින් පිළිබිබුවන එම අසංස්කෘතිකවාදී මිනිසාගේ ගතිසභාවය සහ එහි පවතින ⁣⁣⁣ඓන්ද්‍රීය ලක්ෂණ තුළින් විද්‍යාමාන වන යතාර්තය, සැබෑව මෙම නව ලිබරල් දේශපාලන ක්‍රම ව්‍යුහය තුළින් අප සමාජය වෙත අතිකරන්නාවු ඉතා වේදනාකාරී,විකෘති කාරී වු ක්‍රම ව්‍යුහය එම කලා කෘතියත් සමග ගම්‍යමාන වන බැවිනි.

නමුත් එහි සුවිශේෂීතත්වය වන්නේ එය හුදෙක් සාමාන්‍ය මිනිසෙකුටම පමණක් ආදේශ නොවු බැවිනි.එනම් ඒතුලින් පින්සල සහ වර්ණ පලත්ත අත දරා සිටින නව විකෘති වු හැඩය තුළින් කලාකරුවාද මෙම ඉරනමට ගොදුරැවිය හැකිබව ප්‍රකාශයට පත්වන නිසාය. එබැවින් එම දෘෂ්‍ය රූපයට අනුවත් මා විසින් ගොඩනගන ලද වෙනත් කලා කෘති තුළිනුත් අපට විද්‍යාමාන වන තවත් සුවිශේෂී දෙයක් ඇත.එනම් ඉරිතැලී විනාශ වී යන ඉතා ගඨෝර වු කටුක ස්වභාවයකින් යුතු පොලෝතළයයි.

සුමිත් චාමින්දයන් සදහන් කරන පරිදි අන්තෝනියෝ ගාම්ස්චි ට අනුව මා විසින් අවින්ඤානිකව ගොඩනගන ලද මෙම ඉරිතැලී විනාශ වී යන භූමියෙන් පිලිබිබු වන්නේ දේශපාලනික වශයෙන් පිරිහී ක්‍රමක් ක්‍රමයෙන් අභාවයට යන මෙම පසුගාමී ලිබරල් ⁣ධනේශ්වර ක්‍රමයක් ඇති පැරණි පොලෝතලය නොවන්නේද?එබැවින් එම පොලෝතලය තුළින් අප සමාජය දේශපාලනික වශයෙන් ගමන් කරන්නාවු මෙම සංක්‍රාන්තික සමයේ ගැඹුරු කන්ඩන නිමේෂයන් තුල පවතින අස්තීර හාවය අපේක්ෂාභංගත්වයන් පිළිබිඹුවෙයි.

ඒ කෙසේවෙතත් මේ අප ඉදිරියේ විශාල වු මුඛය විවෘත කර ගෙන නැගී සිටින නිල් පැහැති රාක්ෂයා කව්රුන් විය හැකිද ?
එය මෙතෙක් පහලවී නොමැති නව ලිබරල් වාදයේ
ම ඊලග ප්‍රවේශයද යන්න මා හට නැගෙන ඊළග පැනයයි.

තවද මෙම කලා කෘතිය තුළින් වර්තමාන පාලක පංතිය මුහුණ දී තිබෙන හෙජමොනික අර්බුදයම බලවියුහයක් ලෙස කැන්වසය පාමුලටම පැමින මිනිස් සමාජය ඉදිරියේ නැගීසිටී...
මෙම නව ඵෙතිහාසික තත්වයන් තුල අපට පෙනීයන තවත් ප්‍රදානතම කරුනක් වන්නේ එම අර්බුදයට යමින් පවතින හෙජමොනික අර්බුදයේ සමස්ත ස්කන්ධය ස්වඋත්සාහයෙන්ම මෙම පොලෝතලය මත නැවත නැවතත් නැගී නොසිටින බවත් එම විකෘති වු බල වියුහය පොලෝතලය මතුපිට නැවත නැවතත් ස්තාපිත කරවීමට කිසියම් හෝ ආධාරකයන් අවශ්‍ය වනබව මා විසින් ගොඩනගන ලද මෙම කලා කෘතියෙන් ගම්‍යමාන වන්නේ සමස්ථ වි්‍යුහයම රදා පවතින්නේ එක් කරුවක් වැනි ආධාරකයක් මත බව දෘෂ්‍ය මාන වන අයුරින් නිර්මාණය කිරීම තුළින්ය.

එසේනම් එම ආධාරකය කුමක්ද?
එය හදු මායාවක්ද?
රැවටීමක්ද? එම රැවටීම හෝ මායාව හෙජමොනික අර්බුදයේ තවත් පැතිකඩක්ද?
එම හෙජමොනික අර්බුදයන් මෙහෙයවන සහ එම අර්බුදයන් තුළින් ජීවිත්වන විවිධ වෙස්ගත් රාක්ෂයින් සිටින බව මෙම කලා කෘතියෙන් මනා ලෙස විද්‍යාමාන වන්නේ මෙවැනි සමාජ තත්ත්වයන් තුල සුමිත් චාමින්දයන් සදහන් කරන පරිදිත් අන්තෝනියෝ ගාම්ස්චි ප්‍රකාශකල පරිදිත් ලාංකීය රාක්ෂයින්ගේ කාලය උදාවී ඇති බව සනාථ කරමිනි.

ශ්‍රී ලාංකීය භූමිය තුල එනම් පශ්චාත් යුද සමයෙන් පසු දශකය කටත් නොඅඩු ඉතා කෙටි කලක් ගෙවී ගිය සැනින් කඩාවැටීම් වාදය ශ්‍රී ලාංකීය දෘෂ්‍ය කලා අවකාශය තුළ ස්තාපිත කරවීමට මා සමත් වන්නේ පුද්ගලයකු සතු තිබෙන ඉතා පටු ශුන්‍ය වාදී හෝ අධි මානසික වාදී හෝ ආරෝපණයන් නිසා නොව ලාංකීය භූමිය විසින් ඉල්ලා සිටින නව ඓතිහාසික තත්වයන් තේරුම් ගෙන කලාකරැවෙකු විසින් ඉෂ්ට කලයුතු වගකීම සහ වගවීම ගැන ඉතා පුළුල් අවබෝධයක් ඇතිවය. එය එසේ වන්නේ සමස්ථ සමාජ ව්‍යුහයන්ගේ අර්බුද තුළින් බිදවැටීම පිළිබඳ ගම්‍යමාන වන දෘෂ්‍ය රූපයන් කඩාවැටීම් වාදය තුළින් ගොඩනගා ඇති බැවිනි.

ඒ බව පශ්චාත්- මාක්ස්වාදී දේශපාලන කතිකා විශ්ලේෂණ න්‍යාය මගින් අපට තහවුරු කරගත හැක. එම න්‍යායට අනුව සමාජ ව්‍යුහයන් ගේ අර්බුදය ක් යනු පුද්ගල අනන්‍යතාවයන්ගේ් අර්බුදයක් වෙයි. එබැවින් කඩාවැටීම් වාදය තුළින් කලාකරුවා ගේ අනන්‍යතාවය ගැන ප්‍රශ්න කරනු ලබයි. කලාකරැවා ගේද අනන්‍යතා ගොඩනැගෙන්නෙ සමාජ ව්‍යුහයන්ගේ බලපෑ⁣ම මගින් බව පැහැදිලි වෙයි. ඒ බව තවදුරටත් අපට තහවුරු වන බව පිලිබිබුවන ප්‍රදානතම සාධකය වන්නේ සුමිත් චාමින්දයන් විසින් ගෙනහැර දක්වන කරුනුත් මා විසින් මින් පෙර හේවුඩ් රියලිසම්ලාට නව ප්‍රහාරයක් යන මැයෙන් ඉදිරිපත් කරන ලද ප්‍රකාශනයේ ප්‍රස්තුතයන් එකිනෙකට සසදා බැලීම තුළින්ය.

මෙහිදී සුමිත් චාමින්දයන් පවසන පරිදි සමාජීය අර්බුදයකට මුහුණ දෙන පුද්ගලයින් හට ඉමහත් අසරනකමක්,අපේක්ෂාභංගත්වයක්,හුදකලා බවක් සහ මංමුළා වු හැගීමක් ඇතිවීම අපේක්ෂා කලයුතුය යන්නයි.සහ පැසිස්ට් වාදීන් ගේ වැඩබිම වන්නේ එයබව සදහන් කර ඇත. එම වැඩබිම සැබැවින්ම එසේනම් ඒ තුළින් ගොඩනැගෙන දෘෂ්‍ය රූපයන් සහ නව සංකල්ප ධහරාවන් මාගේ Succeeded -සාර්ත කත්වය, The Greatest tragedy - මහා ඛේදවාචකය , Niudity among reality - යතාර්තය අතර⁣ නග්නව,සහ Non stoppable - නැවැතීමට නොහැක යන කලා කෘති තුළින් විද්‍යාමාන වනබව මෙහිදී සදහන් කල හැකිය.

එමෙන්ම එම සන්තානයෙ සිට මා⁣ගේ කලාවට ප්‍රස්තුත වු කාරනා දෙසට හැරී බලමු. එහිදී " මාගේ කලාවට ප්‍රස්තුත වන්නේ ක්‍රමවිරෝධය,සම්මතයන් බිද හෙළීම,අපේක්ෂාභංගත්වය,පීඩනය,වේගවත් බව,හෙලාදැකීම,එදිරිවීම,බිදවැටීම,ආධිපත්‍යය,
කෘර බව, ඛේදවාචකයකයන් හා යතාර්තය යතාර්තය තුළින්ම අර්බුදයට යාම සහ මව් කලාකරැවා ගේ ඉරනම වැනි කාරනා බව මා සදහන් කර ඇත.

එබැවින් අප හට පැහැදිලි වන තවත් එක් කරුනක් වන්නේ වර්තමාන ලාංකීය දේශපාලන භූමියේ කඩාවැටීම් වාදය යනු ෆැසිස්ට් වාදයේ ගාමක දෘෂ්‍ය කලා රූපයද යන්නයි.එබැවින් අප හට තවත් දෙයක් සනාථ වේ වර්තමානයේ ලාංකීය සමාජය තුල නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියක් ගෙනයන පාලක පංතියේ හෙජමොනික අර්බුදයේ දෘෂ්‍ය ප්‍රකාශනය කඩාවැටීම් වාදය තුළින් මනා ලෙස ප්‍රකාශවන බවයි.ඊට හොදම නිදසුන වන්⁣නේ මා විසින් නිර්මාණය කරන ලද

"මහින්දරාජපක්ෂයන්ගේ ස්ව ආලේඛ්‍ය"- "portrait of mahinda rajapaksha" නැමැති සිතුවමයි.

එබැවින් මාගේ චිත්‍ර තුළින් දෘෂ්‍ය මාණවන තවත් විශේෂිත කරුනක් නම් නිල් සහ රතු වර්ණ වල මූලික වු ප්‍රහේද ගනනාවක් උපයෝගීකරගෙන සිය ආත්මීය සංකල්පනා කැන්වසය තුළින් ⁣ගෙනහැර දැක්වීමයි.එබැවින් බොහෝවිට නව ලිබරල් වාදය තුල පවතින ඉතා මායා රූපී රැවටීම් නිල් වර්ණතුලින් පිළිබිඹු වන ව්‍යුහයන්ගෙන්ද, රතු වර්ණ⁣යෙන් බිහිවන ව්‍යුහයන් තුළින් ෆැසිස්ට් වාදී ප්‍රතිරූපවල හැගීම් ජනිත කරවීම හරහා ගම්‍යමානවන්නේ සැබැවින්ම විනිත් චතුරංග නැමැති මා යනු සමාජ අර්බුදයන්ගේ ග්‍රහනයට හසුවී, එහි ඇති විවිදාකාර පීඩාවන් මතින් ගොඩනැගී කලා කෘති නිර්මාණය කරනු ලබන සැබෑ කලාකරුවෙක් බව ප්‍රේක්ෂක ඔබට කියාසිටින්නේ ඉතා අවංක වු සිතකින්ය.

එබැවින් සුමිත් චාමින්දයන් විසින් ඉදිරිපත් කරනු ලබන නව දේශපාලනික සාමාජීය සහ සංස්කෘතික කාරනා තුළින් ග්‍රාම්ස්චියානු ආගමනය රුගත් නව දෘෂ්‍ය කලාවක් හදුන්වාදීම විනිත් චතුරංග යන මා විසින් ලාංකීය දෘෂ්‍ය කලා ක්ෂේත්‍රයට තිළිණ කරනු ලැබු තවත් එක් පියවරකි.

මා විසින් ගෙනහැර දක්වන ලද මෙම සමාජ කර්තව්‍ය පිළිබඳව ලාංකීය භූමිය තුල මහා කලාකරුවන් ලෙස පෙනී සිටින ඇතැම් හුදු වර්ණවාදී ඉන්ද්‍රජාලිකයන්ටත්,කලාව හුදු අතේ පයේ වැඩක් ලෙස සලකන ශුන්‍ය වාදීන්ටත් විනිත් යනු ඉතා හොඳ ප්‍රති උත්තරයකි.

ඒ වාගේම වර්තමාන ලාංකීය භූමිය තුල වැන්⁣ගොල ගොගෑන්ල වැනි කලා කරුවන් බිහිනොවන බවපවසන සහ එමෙන්ම ලාංකීය දෘෂ්‍ය කලා පීඨ තුළින් කලාකරුවන් බිහිනොවන බව පවසන විවිද වේශයන්ගෙන් පෙනී සිටින ඇතැම් ඊනියා වාචාල කලාවිචාරකයින්ටත් විනිත් යනු ඉතා හොඳ ප්‍රති උත්තරයකි.

F.b page - Collapsism Art

සටහන - විනිත් චතුරංග

Address

Wadduwa
00700

Alerts

Be the first to know and let us send you an email when Collapsism Art posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Collapsism Art:

Share

Category