My Love You

My Love You Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from My Love You, Art, Veyangoda.

😍😍😍❤️❤️
13/01/2021

😍😍😍❤️❤️

18/12/2020
ඔහු නමින් ප්‍රසාද් සදරුවන්  හෙවත් B Boy Malla යි. ඔහු දක්ෂ Hip Hop නර්තන ශිල්පියෙක් ,Rap ගායකයෙක්,රෝල බෝල් ජාතික කණ්ඩායම...
19/11/2020

ඔහු නමින් ප්‍රසාද් සදරුවන් හෙවත් B Boy Malla යි. ඔහු දක්ෂ Hip Hop නර්තන ශිල්පියෙක් ,Rap ගායකයෙක්,රෝල බෝල් ජාතික කණ්ඩායම් ක්‍රීඩකයෙක් ද වන මොහු නර්තන ගුරුවරයෙක් ද වනවා..

මල්ලා කියන චරිතය ගැන කිවහොත් ඔහු ඇත්තටම සතුටින් හැමවෙලාවෙම සිනාමුසුව ඉන්න කෙනෙක් .හැමෝටම උදව් කරන අනුන්ගේ සතුටෙ දී සතුටු වන හැමදෙනා එක්කම හොඳින් ඉන්න කෙනෙක් විදිහට හදුන්වන්න පුලුවන් .

දෙහිවල ප්‍රදේශයේ උපන් ඔහු අධ්‍යාපනය හදාරනු ලැබුවේ කළුබෝවල මධ්‍ය මහා විදුහලින් සහ නුගේගොඩ ශාන්ත ජෝන් පාසලෙනි.පාසල් අවධියේ පටන් නර්තන ,ගායන අංශවලට දක්ෂතා දක්වන ලදි.දැනට ඔහු ඔහුගේ කලා කටයුතු හා ක්‍රීඩා කටයුතුවලට අමතරව පෞද්ගලික ආයතනයක සේවය කරන අතර ML නමින් Online Products ව්‍යාපාරයක් ද කරගෙන යනු ලබනවා .

ඔහු පාසල් අවධියේ පටන් ම Hip Hop කලාව අධ්‍යනය කල ඒ කලාවට ආදරය කළ කෙනෙකි .2011 දී ඔහුට හමුවන ලසන්ත ප්‍රමුදිත නම් දක්ෂ නර්තන ගුරුවරයා යටතේ ඔහු නර්තනය හදාරනු ලබනවා.ඒ ගුරුවරයාගෙන ලද දැනුම සහයෝගය නිසා ඔහුට ජීවතය ජය ගැනීමට හැකියාව උදා වෙනවා .Torrential Dancing Crew ඔහුගේ නර්තන කණ්ඩායමයි.ඔවුන්ගේ ද සහය ඇතුව Colombo Motor Show Dancing Competition හි අඛණ්ඩව වර්ෂ 4ක් ජයග්‍රහණය ලබා ගැනීම හැකියාව ලැබුණ අතර ලංකාවේ මෙන් ම ජාත්‍යන්තර මට්ටමින් ද ජයග්‍රහණ රැසක් අත් කර ගැනීමට හැකි විය .මේ වන විට ඔහු දක්ෂ නර්තන ශිල්පියෙක් මෙන් ම ගුරුවරයෙක් ලෙස ද කටයුතු කරනවා.

2018 වසරේ දී MRT Crew හා එක්ව කළ Anthem Track එක ඔස්සේ ඔහු තරුණ පිරිස අතර ආදරයට පාත්‍ර වෙනවා.ඉන් පසුව MRT Crew එක සමග ම කළ
' CYPHER ' සහ D - City Team සමග කළ " ප්‍රීතී සාදේ" Track එක නිකුත් විය.ඉදිරියේ දී ඔහුගේ ම Solo track එකක් ,ඔහුගේ සහෝදරයා සමග කළ නිර්මාණයක් සහ තවත් ගායකයින් සමග කළ නිර්මාණ කිහිපයක් ම නිකුත් වීමට නියමිතය .

රෝල ස්කේට් ක්‍රීඩකයෙකු ලෙස ඔහු පුහුණුකරු ලසන්ත ප්‍රමුදිත හරහා පුහුණුවීම් කරන අතර ඔහුට රවීන්ද්‍රන් නම් ඉන්දියානු පුහුණුකරු සමග රෝල බෝල් ක්‍රීඩාව පුහුණුවීම් කර ජාත්‍යන්තර මට්ටමේ තරගාවලි සදහා තරග කිරිමට ඔහුටත් ටොරෙන්ශල් රෝල බෝල් කණ්ඩායමටත් අවස්ථාව ලැබුණි .ඉන්දියාවේ පූණේවල පැවති ලෝක කුසලාන තරගාවලියේ දී ඉදිරිපත් වූ රටවල් 35 න් 15 අතරට ද 2016 තායිලන්තයේ පැවති Asian Game හි සහභාගි වු රටවල් 10න් 4 වන ස්ථානයට ද පත් විය .ඉන්පසු බංග්ලාදේශයේ පැවති දෙවන ලෝක කුසලාන තරගාවලියේ දී රටවල් 55ක් අතරින් හොඳම 10 අතරට ඒමට ඔහුගේ කණ්ඩායමට හැකියාව ලැබුණි .

බාධක ,කම්කටොලු පැමිණයත් ඒවාට ධෛර්යවන්ත ව මුහුණ දී ඔහුට ජයග්‍රහණය කරා ඒමට හැකි විය.නර්තනයට ,ගායනයට හා ක්‍රීඩාවට තම ජීවිතය සේ ආදරය කරන ඔහුට ඔහුගේ ගමන සාර්ථක කර ගැනිමට ඔහුගේ පවුලේ අය,ඔහුගේ ආදරණීය ගුරුවරයා ලසන්ත ප්‍රමුදිත හා ටොරෙන්ශල් crew ද සහයෝගය ලබා දෙනවා.සංගීත කටයුතු සාර්ථක කර ගැනීමට MRT Crew,Nick Leyos ,Bhanuka වැනි නම් ගම් කීමට නොහැකි තරම් පිරිසක් ඔහුට සහය ලබා දෙනවා.

රටට සමාජයට ආදර්ශමත් කෙනෙක් වන්න.පුලුවන් හැම දෙනාට ම වචනයකින් හරි උදව් කරන්න ,ගෞරව කරන්න ,නිහතමානී වන්න.නර්තනය ,ගායනය කියන්නේ ඉතා සුන්දර කලාවක් එය මත්ද්‍රව්‍ය භාවිත කරමින් ක්‍රියාවක් නොව ඒ නිසා රටේ නම ජාත්‍යන්තරයට ගෙනියන්න හැකි දේවල් කරන්න . ඔහු නවක තරුණ පරපුර වෙනුවෙන් දීපු පණිවුඩය මෙයයි.

Much proud about you :

කවදත් ඔබයි මගෙ ජීවිතේ ජය වෙත අරන් ගියේ එදා... අහල බලන්නArtis -   Srikantha
08/10/2020

කවදත් ඔබයි මගෙ ජීවිතේ ජය වෙත අරන් ගියේ එදා... අහල බලන්න
Artis - Srikantha

Song Title | Waradi "වැරදි" Artist | Thilina Srikantha Music | Chethiya Lakshan Lyrics | Thushan Silva Video | Chethiya Lakshan @ Olaa Prodictions 2020 Set a...

සුබ උදෑසනක් වේවා.. ❤️
04/10/2020

සුබ උදෑසනක් වේවා.. ❤️

Address

Veyangoda

Website

Alerts

Be the first to know and let us send you an email when My Love You posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category