02/06/2026
ත්රිකුණාමල මණ්ඩපයට නව නේවාසිකාගාර 02 ක්...
මේවා රජයටවත්, නැත්නම් විශ්වවිද්යාලයේ ඉහළ තනතුරු වලටවත් ඉබේම හිතිලා දුන්න දේවල් විතරක් නම් නෙවෙයි.
මේක පස්සෙ හැංගුන ලොකු කතාවක් තියෙනවා...
මේකට ඉගනගන්න කියලා ආපු අහිංසක අම්මා,තාත්තගේ දූ පුත්තු ඉගනගන්න එක පැත්තකට දාලා වසර ගනනාවක් තිස්සෙ හරියට වැටිලා ඉන්න නේවාසිකාගාර පහසුකම් නැතුව, ගෙදර යන්න කියලා පාරට ඇදලා දාද්දි, බෝඩිම් කුලී ගෙවාගන්න බැරුව අන්ත අසරන තත්වයට ඇදවැටෙද්දි,හරියට කන්න කෑම ටික නැතුව, දවසට එක වේලක් කාලා දවස ශේප් කරගෙන බඩගින්නෙ හරි ඉදලා තමන්ගේ අද්යාපනය කටයුතු කරගෙන යද්දි,අඩුම විශ්වවිද්යාලයක ඉගෙනුම ලබන්න ඕනි අවම පහසුකම් ටිකවත් නැතුව ඉද්දි, ඒ අයිතිවාසිකම් නිසි ක්රියාපටිපාටියන් යටතේත් ඉල්ලලා නොලැබුන තැන, ඉවසලා ඉවසලා නොලැබුන තැන පාරවල් දිගේ, අව්ව වැස්ස නොබලා උගුර ලේ වෙනකල් කෑ ගහලා, පරිපාලනය රජය සමග සටන් කරලා, පන්ති තහනම්, ශිෂ්ය භාවය අහෝසි කිරීම්, මර්ධන මැදින් දිනාගත්ත දේවල්...
එදා ඔවුන් තමන්ගෙ විශ්වවිද්යාල අධ්යාපනයේ මේ ගෙවෙන්නෙ අවසන් වසරේ අන්තිම කාල සීමාව බව පවා අමතක කර අනාගත පරපුර වෙනුවෙන් සිය හඩ අවදි කරේය.අවසානයේ ඔවුන්ට සිදු වුයේ අන් සියලු දෙනා තමන්ගෙ අවසන් ප්රතිථලත් ලබාගෙන රැකියාවකට පිවිසියත් ඔවුන්ට ඉතුරි වුයේ වසර දෙකක සහ වසරක පංති තහනමක්ම පමණි.එදා ඔවුන් සටන් නොකරේනම් අදටත් මණ්ඩපයට මේ කිසිදු වරප්රසාදයක් නොමැත.එදා ඔවුන් මහපාරට ඇවිත් හඩ නොගසන්නට අදටත් මහපුටු බහුතරයකට ත්රිකුණාමල මණ්ඩපයක් තිබෙනා බවට අමතකය.එදා ආ ඉහල බලධාරීන් විමසුවේ ත්රිමලේ මණ්ඩපයක් තිබෙනා බවට ඔවුන් ඇසුවේ එදාම බවය.එවන් කාලවකවානුව ඔවුන් කල කැපකිරීම් අසීමිතය.අද මේ පුවත අසද්දිම එදා ඒ සටනේ පෙරමුණ ගත් අයටත් ඔවුන් සමග සිටගත් සහෝදර ශිෂ්ය ප්රජාවටත් අද ඇති වන සතුට කියා නිමකල නොහැක
විශ්වවිද්යාලයකට ඉගන ගන්න එන හැම අහිංසක අම්මා,තාත්තෙක්ගෙම දූලා පුතාලට නිදහසේ ඉගනගන්න මේ අයිතිවාසිකම් හිමිවිය යුතුමයි...
මේ ජයග්රහණය ලබාගන්න කොන්දේසි විරහිතව එදා ඉදන් සටන් වැදුනු, මගේ ආදරණීය ත්රිකුණාමල සහෘදයනි..
ඔබට මගේ උත්තමාචාරය...💐🫶🏼 අවසාන වශයෙන් එදා ශිෂ්ය දේශපාලනයත් පක්ෂ දේශපාලයත් පටලවාගන් නැතුව පෞද්ගලික ලාබ වලට පක්ෂ දේශපාලනයට කඩේ නොයා තම වගකීම හරියට ඉටු කල ඔබට ස්තුතියි.
"මුන් හිතාන් ඉන්නෙ විෂ්ණු දෙයියෝ කියලා"පුලුවන්නම් මේක විශ්වවිද්යාලයක් කරලා පෙන්නපන්"......
අයියේ එදා අපි ශිෂ්ය අයිතිවාසිකම් වෙනුවෙන් පාරවල් ගානේ සටන් කරද්දී ඔය වගේ හොස්ටල් ඇතුලට වෙලා හිනාවේවි හිටයනම් අදටත් මේ කිසිම දෙයක් නැත.එදා ඒ සටනේ උබලත් හිටගත්තනම් ත්රිකුණාමල මණ්ඩපය නොදුරේදීම නිලාවේලි විශ්වවිද්යාලය වනු නියතය.
මේ පණිවිඩය ත්රිකුණාමල මණ්ඩපයේ ඉගෙන ගන්න එන ආදරණීය නංගිලා මල්ලිලාට...
විශ්වවිද්යාලයට ඉගනගන්න එන ඔබට ලැබෙන ප්රතිලාභ, සියලු පහසුකම් ඉබේ පහල වූවක් නම් නොවේ,දහස් ගානක් එවකට හිටපු මණ්ඩපයේ අයියලා අක්කලා පාරවල් දිගේ උගුරකට ලේ වෙනකල් කෑ ගහලා ,සස්පෙන්ඩ් කාලා,ඇකඩමික් වැඩ කැපකරලා,කොටින්ම තමන්ගේ ඩිග්රි පවා කැප කරලා තව එකෙක්ට ඉගනගන්න තැනක් හදලා, ඔබට හිමිකරලා දීලා ගියපු දේවල්...
ඉතින් එහෙම දිනාගත්ත දේවල් ලේසියෙන් විනාශකරලා දාන්න,අහිමි කරගන්න,අහිමි වෙන්න ඉඩ තියන්න එපා...
මේ සම්පත් නූපන් මතු පරපුරටත් ඉතිරි කරමින් පරිස්සමට ත්රිකුණාමල මණ්ඩපය රැකගනිල්ලා...
මම දැකපු ලස්සනම සටන්පාඨය තමයි,
අරගලයකින් තොර ජයග්රහණයක් නොමැත...💪🏽✊🏽✨
(සාක්ෂි සහිතවම ඒක ඔප්පු වෙලා.., මෙතනින් පස්සෙ තව සිසුන් 400ක් නේවාසිකාගාර වල ඉදන් ඔවුනගේ අද්යාපනය කටයුතු නිදහසේ කරගෙන යයි... )
නිදහස් අද්යාපනය සැමදා දිනේවා...💐
මණ්ඩපයට ජය...💪🏽
උපුටා ගැනීමක්