28/09/2026
| 'Miss Universe' තරගාවලිය ශ්රී ලංකාවේ පැවැත්වීමට සාකච්ඡා
'මිස් යුනිවර්ස්' (Miss Universe) තරගාවලිය මෙරට තුළ පැවැත්වීමේ ඇති හැකියාව පිළිබඳව විදේශ අමාත්ය විජිත හේරත් මහතාගේ ප්රධානත්වයෙන් සාකච්ඡා සිදුව තිබෙනවා.
ඒ, මිස් යුනිවර්ස් සංවිධානයේ ගෝලීය සම්බන්ධීකරණය පිළිබඳ උප සභාපතිනී ඔලිවියා ක්විඩෝ (Olivia Quido), 2020 ලෝක විවාහක රූ රැජිණ සහ Caroline J Global Holdings (Pvt) Ltd හි නිර්මාතෘ කැරොලයින් ජූරි, Caroline J Global Holdings හි සම-නිර්මාතෘවරුන් සහ අධ්යක්ෂවරුන් වන නිශාන් දීපාල් සහ කුසල් පෙරේරා යන යන පිරිසගේ සහභාගීත්වයෙන්.
මෙම සාකච්ඡාවේදී ප්රධාන වශයෙන් අවධානය යොමු වී ඇත්තේ මෙම ජාත්යන්තර තරගාවලිය පැවැත්වීම තුළින් ශ්රී ලංකාවට උදාවන අවස්ථාවන්, විශේෂයෙන්ම සංචාරක ව්යාපාරය ප්රවර්ධනය කිරීම සහ ගෝලීය ප්රේක්ෂකාගාරයක් හමුවේ රටට ලැබෙන ප්රචාරණය වැඩි දියුණු කිරීම කෙරෙහිය.
එමෙන්ම මෙවැනි දැවැන්ත මට්ටමේ උත්සවයක් සංවිධානය කිරීම මගින්, ප්රමුඛ පෙළේ ජාත්යන්තර උත්සව පැවැත්වීමට හැකි ගමනාන්තයක් ලෙස ශ්රී ලංකාව ස්ථාපිත කරන්නේ කෙසේද යන්න පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව තිබේ.