01/08/2026
මේ දවස් ටිකේ වැඩත් එක්ක මට විශේෂ දවසක් අමතකවෙලා 🥹🩷🌸
2024/07/21 ආසාවට පටන් ගත්ත මගෙ පුංචි business එකට 2026/07/21 ට අවුරුදු 2ක්ම ගෙවිලා..🥹🌸
ඔය මුල්ම ෆොටෝ දෙකේ තියෙන්නෙ මගෙ පළවෙනිම order දෙක 🌸💐💛
කාලය කොයිතරම් ඉක්මනට ගෙවිලා යනවද.. ජීවිතේ සමහර වෙනස්වීම් එක්ක මට මේ ටිකේ පේජ් එකත් මිස් වෙලයි තිබුනෙ..🥹 අද හදිස්සියේම මට මතක් වුනේ..
රිබන් මල් වලින් පටන් ගත්ත මගෙ පුංචි ව්‍යාපාරය මම අද වෙනකොට pipe cleaner මල් දක්වාම ඇවිත්.. ලොකුවට business නොවුනත් අදටත් මම අතාරින්නැතුවම මේ ගමන යනවා.. ඒ මම දාන පෝස්ට් එකකට හරි ඔයාලගෙන් ලැබෙන ආදරය නිසයි..💐🩷
අද මම මේ ගමන එන්නත් මගෙන් මුලින්ම order ගත්ත අය තමයි ලොකුම හේතුව 💐🌸
මේ අවුරුදු දෙක ඇතුලත මම හදපු හැම order එකකටම මම නරකක් අහලම නෑ..🩷💐
කාගෙවත් හිත රිදෙන්න මම මොකුත් කියලත් නෑ., මට කවුරුත් මොකුත් කියලත් නෑ.. ☺️🩷
මම මට පාඩු වුනත් උපරිම දේ හැම customer කෙනෙකුටම දීලා තියනවා කියන විශ්වාසෙ මට තියනවා..🌸💐
සමහර වෙලාවට හදන order එක මට ඕනි qulity එකට නැත්තම් මම ඒ වියදම් වුන ගාන කොච්චර වුනත් ඒ item එක අයින් කරලා අලුතින් ආයෙම හදලා දෙනවා..🌸🩷💐
මොකද අපේ පුංචි වැරැද්දක් ඇති අපේ හැම හොඳක්ම නැතිවෙලා යන්න..💛
ඉතිම් මේ වෙනකම් මාත් හිටපු හැමෝටමත් , මට පුංචි හරි order එකක් දීලා මාව ශක්තිමත් කරපු හැමෝටමත් ගොඩාක් ස්තූතියි. ඔයාලා තමයි මේ පුංචි ව්‍යාපාරය කරන්න මට තියෙන ලොකුම ශක්තිය.💐🩷
ඉස්සරහටත් මේ ගමන යන්න ඔයාලගෙ ඒ ආදරේ මම බලාපොරොත්තු වෙනවා...❤️🥰🌹
Thank you Everyone 😘❤️🩷
Happiness