19/08/2026
මා දන්නේ එක දෙයයි...
Generation Beta පරම්පරාවේ
අසහාය සාහිත්‍ය පෞරුෂය
මේ ලක් දෙරණේ... පින්වත් මව්කුසක
අද සවස ගැබ් ගත්තාය !
ඉතින් අපිටත් පාර පෙන්නපං පුතේ... 🙏
___________________________________________
ශ්‍රී ලාංකේය ශාසන වංශකතාවේ දැවැන්තම පරිච්ඡේදයක්....
බුදුරජුන් පංචසිඛට තේරෙන්න බණ කිව්වා... සිද්ධාර්ථ හාමුදුරුවෝ හෙලයන්ගේ පරම්පරා ගානකට තේරෙන්න බණ ලිව්වා...
පිහිටක් නැති සරණක් නැති
සතුටක් ඇති මුහුණක් නැති
මේ සසර දනව්වේ...
අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...
කාසිවලට ගන්නත් බෑ
කාසිවලට දෙන්නත් බෑ
මනුස්සකම මිනිසුනේ...
සඳ වතුරක් සේ මෙත් සොමි ගුණෙනා
දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා
සමිඳුනි ඔබවේවා පියුම්ගොමු
මා ළය මඬලේ...
බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ...
හිමි සණරාමර ලෝක ශිවංකර
ලොවුතුරු බුදු සමිඳේ..
අනුරාධපුරේ අනුරාව නැගූ මහ
මිහිඳු කුලේ ඉපදී...
පංසලේ පල්ලියේ දහඩියෙන් අපි තැනූ
පිළිම දාගැබ් පෙලේ
ලෝකයක් දණ නැමූ...
සමහර තැන්වලදි ඔබවහන්සේ හොඳටම දරුණු වුනා.... ඒ තැන්වලදි එළියට ආවෙ මේ වගේ වචන...
බණ කියන රටක් බණ අහන රටක්
යුද බිමක් වුනේ කෙලෙසා...
බුදු බණ කිව්වා නිරන්තරේ...
බුදු බණ ඇසුවා නිරන්තරේ...
ගතිගුණ අතරින් අපි තවමත්
වනන්තරේ... වනන්තරේ...
එහෙම වනන්තරේ හිටපු මිනිස්සුන්ට ලස්සනට ආදරේකරන හැටි කියල දුන්න විදිහ නං මාරයි අපේ හාමුදුරුවනේ...
මේ... ඉර හඳ යට හමුවී... ආදරයෙන්..
කතාකරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නෑ...
නුඹට හිතැති නුඹ හිත නැති
හිතක් හඬනවා...
මට හිත නැති උනත් නුඹෙන්
හෙටක් පතනවා...
මේ ප්‍රේමකතා නවතා මොහොතක්
අපි අවට බලමු ඇස් ඇරලා...
ඒ විතරකුත් නෙවෙයි. අම්මා ගැන මෙච්චර විචිත්රව ඔබවහන්සේ දැක්කෙ කොහොමද කියල මං තාමත් හිතනවා...
වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක්
දෙවොලක් වගේ දුක් ලැබු කෙනෙක්
කුඹුරක් වගේ බත් දුන් කෙනෙක්
වේ නම් ලොවේ..... නුඹයි අපෙ අම්මේ...
සියක් ආයු ලැබ - මගෙත් ආයු ගෙන
මටත් වඩා කල් ඔබ ජීවත් වේවා..!
අම්මා නැති දරුවන්ගේ අම්මා වෙච්ච අක්කා ගැන ඔබවහන්සේ දැක්කේ...
සෙනෙහස පුදා අම්මාවරුන් වගේ
දහඩිය හෙලා මහසාගරය වගේ
ඔවදන් දෙවා අගනා මුතු මැණික් වගේ
ඇති දැඩි කළා අප සමනළ පැටව් වගේ..
ඒ දරු පැටව් ගැන දෙමව්පියන්ගේ දෙනෙතින් දැකලද ඔබවහන්සේ ලිව්වෙ
දායාද එයයි මගෙ දෝණිට
අප දෙන්නාගේ...
පෙම්වතෙක්ට එහා ගිය පෙම්වතෙක්
දෙමාපියන්ට එහා ගිය උත්තමයෙක්
යථිවරුන්ට එහා ගිය යථිවරයෙක්
මුණිවරුන්ට එහා ගිය මුණිවරයෙක්...
අද ඊළඟ ඇරඹුම ගත්තා...
මා දන්නේ එක දෙයයි...
Generation Beta පරම්පරාවේ
අසහාය සාහිත්‍ය පෞරුෂය
මේ ලක් දෙරණේ... පින්වත් මව්කුසක
අද සවස ගැබ් ගත්තාය !
ඉතින් අපිටත් පාර පෙන්නපං පුතේ... 🙏
-චාමර විජේසූරිය