My Hobby Place

My Hobby Place We Provide Advertising , Education , News Updates, Marketing

💚
16/10/2024

💚

💚
16/10/2024

💚

💛
16/10/2024

💛

Cute Pooh❤️
16/10/2024

Cute Pooh❤️

ඔයාට සැහැල්ලුවෙන් ඉන්න ඕනේ නම්...කාටවත් වෛර කරන්න එපා.ඔයාට නපුර කරන අයටත් යහපතම පතන්න.කාටවත් කරදරයක් වෙන්න එපා.හැමෝටම පු...
15/10/2024

ඔයාට සැහැල්ලුවෙන් ඉන්න ඕනේ නම්...

කාටවත් වෛර කරන්න එපා.
ඔයාට නපුර කරන අයටත් යහපතම පතන්න.

කාටවත් කරදරයක් වෙන්න එපා.
හැමෝටම පුළුවන් විදියට උදව් වෙන්න.

කාගෙන්වත් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.
ඔයාට පුළුවන් නම් තියෙන විදියට දෙන්න අනිත් අයටත්.

කිසි දෙයක් ගැන ලොකුවට බලාපොරොත්තු තියාගන්න එපා.
එන විදියට මුහුණ දෙන්න.

ඇයි හැමදේම මටම වෙන්නේ කියලා හිතන්න එපා.
හැමදේම වෙන්නේ හොඳටයි කියලා හිතන්න.

-දිල්ලු ❤✨🌻

ගාලු කොටු පවුරේ හමුවුනු වෙන්වුනු එක්වුනු ආදර කතා කොතරම් ඇතිද💛
15/10/2024

ගාලු කොටු පවුරේ හමුවුනු වෙන්වුනු එක්වුනු ආදර කතා කොතරම් ඇතිද💛

මුහුද අහස හවස 💚
15/10/2024

මුහුද අහස හවස 💚

අපේ ජීවිත වලට වැඩිපුරම ඕනි, අපිට පහසුවෙන් සම්බන්ධතා තියාගන්න පුලුවන් මිනිස්සු. අපේ ජීවිතේ දේවල් වලට මැදිහත් වෙන්න ඕනි කො...
04/05/2024

අපේ ජීවිත වලට වැඩිපුරම ඕනි, අපිට පහසුවෙන් සම්බන්ධතා තියාගන්න පුලුවන් මිනිස්සු.

අපේ ජීවිතේ දේවල් වලට මැදිහත් වෙන්න ඕනි කොයි වෙලාවටද, මැදිහත් නොවෙන්න ඕනි කොයි වෙලාවටද කියලා හරියටම තේරුම් ගත්ත මිනිස්සු. අපේ පෞද්ගලිකත්වයට ගරු කරන්න දන්න මිනිස්සු.

එයාලා ඉන්වයිට් කරන හැම උත්සවේටම, හැම පාටියටම යන්න බැරි වුණා කියලා අපි එක්ක තරහ නොවෙන මිනිස්සු.

නිතර නිතර කෝල් කරන්න- චැට් කරන්න බැරි වුණා කියලා, තියෙන ඇඳුනුම්කම් අමතක නොකරන මිනිස්සු.

අවුරුදු ගාණකට පස්සෙ මුණ ගැහුණම වුණත්- ඉස්සර තිබ්බ හිතවත්කම් ඒ විදියටම තියන් ඉන්න මිනිස්සු.

ඇත්තම කිව්වොත් අපේ ජීවිත වලට වැඩිපුරම ඕනි, අන්න ඒ වගේ පහසුවෙන් සම්බන්ධතා තියාගන්න පුලුවන් මිනිස්සු. බැඳීම් සංකීර්ණ කරන්නෙ නැති මිනිස්සු..! 💜

- Purple Vibes by Mekala - මේකලා දහනායක -

07/10/2021

"ඔබේ මනසත් කෝටුවක්, ලීයක් වදිනකම් බලා සිටින කුණු වූ තුවාලයක් ද?"

- වරද කෙනෙකුගේ දෙයක් ලෙස දකිනවාට වඩා කෙලේසයක ඇති බලවත්කමක් ලෙස දකින්න

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස...

ද්වේශය යනු සිත් සතන් මැඬ සිටින අකුසලයකි. "දොසො අකුසල මූලො" යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළේ ද්වේශය අකුසල මූලයක් ලෙස ය. සැබවින් ම එය කෙනෙකු විනාශයට පමුණුවන්නට සමත්ය. භික්ෂුවක් භික්ෂූත්වයකින් පහ කරන්නට ද, සිල්වතුන් දුසිල්වතුන් කරන්නට ද, අහිංසකයන් අංගුලිමාලයන් කරන්නට ද ද්වේශය සමත්ය. එය සමාජ අර්බුද රැසකට මග පාදන්නකි. තරහින් මැඬුණු තැනැත්තාට කිසිවක් ඇති සැටියෙන් දැන ගත නොහැක. "කුද්ධො කුත්තං න ජානාති, කුද්ධො කුත්තං න පස්සති" කිපුණ තැනැත්තාට මේ මවය, මේ පියාය, මේ සහෝදරයාය කියාවත් දැන ගත නොහැකි ය. එදා දෙවුදතුන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව තරහා සිත් ඇති කොට අනර්ථයක් කළේ ද තරහ සිතක බලවත්කම අපට ද පසක් කරමිනි. ගුණවතුන්, නැණවතුන්වත් කුපිත් වූ තැනැත්තාට හඳුනා ගත නොහැකිය.

ද්වේශයේ ආදීනව කොතෙක් තිබුණ ද එය පාලනය කර ගන්නට බොහෝ දෙනෙක් උත්සාහ නොගනී. ඒ නිසා ම පවුල් ආරවුල්, අඬදබර හා මානසික වියවුල් බොහෝ පවතී. අද පවත්නා බොහෝ මානසික ගැටලු සඳහා හේතුව ලෝභය වන්නා සේම, ද්වේශය ද ඊට නොදෙවෙනිව තම කාර්යභාරය සිදු කොට තිබේ. දිනක් එක් මවක් හා දියණියක් ඇගේ සොහොයුරාත් සමග පැමිණ උපදෙසක් ඉල්ලා සිටියේ ඇයට අධික ලෙස තරහ යෑම නවතාලීම සඳහාය. විවාහ වී වැඩි කලක් ගත වී නොතිබුණ ද, ඒ ජීවිතය අසාර්ථක වන මට්ටමට තරහව මතු වීම නිසා ම, ඔවුහු උපදෙස් ඉල්ලා සිටියහ. අනෙක් අය ගෙදරදොර අපිරිසිදු කිරීම, තම පිළිවෙළට අනෙක් අය හැඩ නොගැසීම නොරුස්නාකම ඇයගේ ද්වේශයට හේතුව වී තිබිණි. මෙවැනි සංසිද්ධීන්ට ඔබත්, ඔබේ ජීවිතයේ කොතෙකුත් මුහුණ දෙනවා නිසැකය. ඔබේ තරහා ඇති කරලීමට තිබූ හේතුව ඔබට සාධාරණ ලෙස පෙනෙන්නට හැකිය. නමුත් ඔබේ විදියට අන්‍යයන් හැඩ ගැසිය යුතු යැයි නීතියක් නැත. එය අප අවබෝධයෙන් තේරුම් ගත යුත්තකි.

තමන්ට අවශ්‍ය විදියට තමන් සකස් කර ගන්නා පරිසරය, අනෙක් කෙනෙකුට නොගැළපිය හැකිය. අප සැකසූ දෙය තවත් කෙනෙකු වෙනස් කොට ඇතැයි අප තරහා ගැනීම ම වැරදිය. ඒ අප සැකසූ දෙය තව කෙනෙකුට නොසැකසීමක් විය හැකි බැවිනි. අප සිතන විදියට අනෙක් අය සියල්ලෝම සිටිය යුතු යැයි සිතීම ම මෝඩකමකි. එය කිසිදාක සාර්ථක කර ගත නොහැක්කකි. යම් ගෘහ ජීවිතයක් ගත කරන යුවළක් තමාට අවැසි ලෙස අනෙකා පාලනය කරන්නට යෑමත්, එය කළ නොහැකි වෙන සෑම විට ම කිපීමත් ඇති කර ගන්නේ නම්, ඒ ගෘහ ජීවිතය හෝ සම්බන්ධය අවසන් වන්නේ බොහෝ විට ඛේදවාචකයකිනි. ඒ නිසා ම ඉවසීම සහ අන්‍ය මතය උපේක්ෂාවෙන් දරා ගැනීම අප ප්‍රගුණ කළ යුතුය.

බොහෝ තරුණ දරුවන් අතරත්, රැකියා ස්ථානයන්හිත්, ගෘහ ජීවිතය තුළත් අස්වැසිලි විරහිත බවක් ගොඩ නගා ඇත්තේ නොඉවසීම හා ද්වේශයයි. ඒ නිසා ම එය මිනිස් සිතේ යම් තැනකින් පටන් ගෙන පැතිරී යන ආකාරය පිළිබඳව අප විමසිය යුතුය. ව්‍යාපාදය හෙවත් තරහවට මූලික හේතුව නම් ගැටීම් සහිත මානසික තත්ත්වය යි. ගැටීම් සහිත මානසික මට්ටම අයෝනිසෝ මනසිකාරය කිරීමෙන්, නැතහොත් වැරදි ලෙස මෙනෙහි කිරීමෙන් මනසේ සිදුවන විපරීත තත්ත්වය ව්‍යාපාදය හෙවත් තරහවයි. ඒ තරහව කෙනෙකු වෛරක්කාරයෙකු කරන්නට සමත්ය. ගැටීම යනු නොරුස්නා බවයි. ඔබට ඔබේ විදියක් ඇත. යමක් එයට වෙනස්ව යන විට ඔබට ගැටීම් සහිත මනෝභාවයක් ඇති වේ. එනම් නුරුස්නා ස්වභාවයක් ඇති වේ. එය ම පුද්ගලයෙකුගේ දෙයක් වන කළ, ඔබට ඔහු විසින් මීට පෙර කළ කී දෑ සිහිපත් වනු ඇත. ගැටීම් සහිත මනස ඒ හා සමග තරහින් යුතු මනසක් බවට පත්වේ. "ඔය මනුස්සයා නම් හැමදාම ඔහොම ම යි. ඔහුට පාඩමක් ඉගැන් විය යුතුයි" යනුවෙන් ඔබේ සිත ඔබට ම නැවත නැවත කියා සිටීවි. නොරුස්නාකමකින් ඇරඹි දේ, දැන් තරහක් දක්වා ගලා ගෙන ගොස් හමාරය. දැන් ඔබේ මුවින් පිටවන වදන් හා කරන ක්‍රියාකාරකම් ද එතරම් යහපත් නොවනු ඇත. බැණුමකින්, පහරදීමකින්, මිනීමැරුමකින් එය අවසන් විය හැකිය. ඒ තරමට ම ඒ කෙලේසය බලවත් ය.

ද්වේශය පිළිබඳව සාකච්ඡා කිරීමේ දී බුදුරජාණන් වහන්සේ පුද්ගලයන් තිදෙනෙක් පිළිබඳව දේශනා කළ සේක.
1. පාසාණලෙඛුපමො
2. පඨවිලෙඛුපමො
3. උදකලෙඛුපමො

කෙනෙක් වහා තරහා ඇති කර ගනු ලබයි. බුදුරජාණන් වහන්සේ ඔහු නම් කළේ අරුකූපම පුද්ගලයෙක් ලෙසය. හරියට ඒ තැනැත්තාගේ මනස කුණු සැරව පිරුණු තුවාලයක් මෙනි. කුණු සැරව පිරුණු වණයකට කෝටු කෑල්ලක්, ගල් කැටයක්, අතක් පයක් හෝ කිසිවක් ම වැදුණත් ඉක්මනින් සැරව ම උපදවයි. මෙලොව ඇතමෙක් යම් සුළු වූ ද හේතුවක් නිසා කිපීමට පත්වේ. නොසතුට පහළ කරයි. අනෙක් අයට දොස් කියයි. සිතෙහි ආයාස බහුලව වාසය කරයි. ඔහුගේ මනසේ ප්‍රීතියක් නැති වෙයි. එමෙන්ම ගලක කෙටූ අකුරු ඉක්මනින් නැති නොවන්නා සේ ඔහුගේ මනසින් ඒ අමනාපයන් ඉක්මනින් ඉවත්ව නොයයි. එය ඉතාමත් පීඩාකාරී දෙයකි. එය ඇත්තෙන් ම අඳුරුය. ඇතැම් පැවිද්දන්ගේ ද ගිහියන්ගේ ද සිත් මේ ලෙසට ඔවුන්ව ම පීඩාවකට පත් කරන්නක් බවට පත්වේ. සිතේ අමනාපය සැඟවී සිට බොහෝ කලක් යන තුරු අන්‍යයන් පීඩාවට පත් කරන්නේ මේ ගතියෙන් යුතු පුද්ගලයන් ය. අනුන්ට රිදවීමට සැමවිට සිතන ඔවුන්ට, සිතේ සැනසීම කෙසේවත් නොලැබෙයි. තව කෙනෙකුන්ට ගිනි අඟුරක් අතින් ගෙන ගසන්නෙකුගේ අත පළමුව පිච්චෙන්නා සේ අන්‍යයන් පිළිබඳව ද්වේශයෙන් සිටින ඒ පුද්ගලයා කිසි ම කලෙක මානසික සැනසීමෙන් ජීවත් නොවේ. ඇතමුන් මේ මානසිකත්වය හමුවේ රෝගීන් බවට පත්වේ. තමන්ට අවශ්‍ය පරිදි පළිගැනීම් කළ නොහැකි වූ කල, ඔහු සිත ඇතුළෙන් තැවෙමින් අනුන්ට අවැඩ වන දේ ද සිදු කරයි. ඇතැම් සංසිද්ධි පදනම් කොට ගෙන සමාජ වෛරයන් ගොඩ නැගෙන්නේ ඒ නිසා ය.

තමා කුඩා කල දුක් විඳ ඇති නම්, ඔහු බොහෝ විට අන්‍යයන්ගෙන් ද එය බලාපොරොත්තු වේ. ඇතැම් විට විශ්වවිද්‍යාලයන්හි පවත්නා නවක වදය ආදියටත් මූලික හේතුව මේ සමාජ වෛරය ම වේ. (ඇතැම් දේ හුදු ලෝභය හෙවත් විනෝදය මුල් කොට ද සිදුවේ.) තමා සිටින සමාජ පසුබිම අභිභවා වෙන කෙනෙකු යන්නේ නම්, ඔහු පිළිබඳව වෛරීව කටයුතු කිරීම ද ඇතැම් සිත්වල ස්වභාවය යි. කුණු වූ වණයක් මෙන් සිත් ඇති ඒ අරුකූපම පුද්ගලයා බුදුරජාණන් වහන්සේ ගලේ කෙටූ අකුරුවලට උපමා කළහ.

අනෙක් පුද්ගලයා නම් පඨවිලෙඛූපම පුද්ගලයාය. ඔහු වැල්ලේ ඇඳි ඉරක් මෙන් සිත් ඇති පුද්ගලයෙකි. වැල්ලේ ඇඳි ඉර සුළඟින් හෝ ජලයෙන් ඉක්මනින් මැකී යයි. එසේ ම ඇතැම් කෙනෙක් යම් යම් හේතු හමුවේ කෝපයට පත් වේ. නමුත් ඔහුගේ කෝපය බොහෝ කලක් නොපවතී. නමුත් කෝපයට පත් වූ සැණින් ඔහු කරන කියන දෑ නිසා ම ඔහු සැමදා පීඩා විඳින්නෙකු බවට පත්වේ. බන්ධනාගාරගත බොහෝ දෙනෙක් එසේ දඬුවම් ලැබීමට එක් ප්‍රධාන හේතුවක් නම් කෝපයයි. සමාජයෙන් ඇසෙන බොහෝ සිදුවීම් වහා ඇති වන තරහා පාලනය කර ගැනීමට නොහැකි බව නිසා ම සිදුවී ඇත. ඒ නිසා ම "ඒ වෙලාවට විතරයි, මට තරහ යන්නේ" කියා බොහෝ දෙනෙක් ද්වේශය අවතක්සේරු කළ ද, එය ඔවුනට බොහෝ කාලයක් අහිත පිණිස පවතී. ඒ නිසා ඔහුත් එතරම් වටිනා පුද්ගලයෙකු නොවේ. ඔහුද පිපිරෙන්න ආසන්න, සැරව පිරුණු තුවාලයක් හා සමාන මනසක් ඇති පුද්ගලයෙකි.

තෙවැනි පුද්ගලයා නම් 'උදකලෙඛූපම පුද්ගලයා' ය. ජලයේ ඉරක් ඇඳීමත් මැකී යාමත් එක විට සිදු වේ. එය නොපවතී. එසේ ම යම් කෙනෙකුගේ මනස බාහිර දේ නිසා පළුදු නොවේ නම්, ඔහු ජලයේ ඇඳි ඉරක් හා සමාන පුද්ගලයෙකි. ඔහුගේ මනස පියකරු හා පිරිසිදු වෙයි. ඔහු සැනසීමෙන් ජීවත් වෙයි. ඔහුට කාවවත් රිදවීමට නැත. කා පිළිබඳවත් සිත සිතා පසුතැවීමට නැත. හේ සියලු දේ පිළිබඳව උපේක්ෂාව සහිතව බලයි. ඔබත් මදකට ඔබ දෙසට හැරී විමසා බලන්න. ඔබේ මනසත් කෝටුවක්, ලීයක් වදිනකම් බලා සිටින කුණු වූ තුවාලයක්ද? යම් යම් සිදුවීම් හමුවේ නොසැලී අවබෝධයෙන් කටයුතු කරන ජලයේ ඇඳි ඉරක් දැයි සිතා බලන්න.

අමනාපයෙන් ආරම්භ වන මේ ද්වේශය විවිධාකාරයෙන් මනස තුළ පෙනී සිටී. කෙනෙකුගේ සිතේ තරහ ඇති වීම ප්‍රකට වුව ද, ඇතැම් විට තරහව සිත වංචා කරමින් අප්‍රකටව ඔහුගේ කෘත්‍ය සිදු කරයි. ඇතැම් විට එය මහා විනාශයකි. ඇතැම් විට ඉවසීම් ලෙස පෙනී සිටිමින් ද්වේශය හට ගනී. උදාහරණයක් ලෙස දෙමවුපියන් පිළිබඳව දරුවන් අතර, මේ ඉවසීම් වේශයෙන් පහළ වන ද්වේශය දැකිය හැකි ය. කෙසේ කීවත් එය ඉවසා ගෙන, තමාගේ සිතන විදිය නොනවත්වා කර ගෙන යෑම මේ ද්වේශයේ ස්වභාවය යි. එය බොහෝ වැඩිහිටියන් අතර ද දක්නට ඇත. කොතෙක් උපදෙස් දුන්න ද එය ගණනට නොගෙන ඉවසා ගෙන අනෙකා රිදවීම මේ ද්වේශයේ ස්වභාවයයි.

දෙමවුපියන් හෝ යහපතක් කියන්නා රිදවීමට සිතුව ද ඇත්තෙන් ම මහත් පීඩාවකින් සිටින්නේ ඒ තැනැත්තා යි. බොහෝ විට ඒ මනසේ පියකරු බවක් නැත. දරුවන්, දෙමාපියන් අතර මේ බව බොහෝවිට දක්නට ලැබෙයි. ඒ නිසා ම තරුණ දරුවන් මේ ඉවසීම් වේශයෙන් පෙනී සිටින ද්වේශය පිළිබඳව තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. බොහෝ දරුවන් දෙමාපියන්ගෙන් ඈත් වන්නේ ද මේ හේතුව නිසා ම ය. දරුවන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වන දෙමවුපියන් මේ පිළිබඳව අවබෝධයකින් පසුවීම ඉතා ම වැදගත් වේ.

එසේ ම කෙනෙකුට පාපයට ගර්හා කරන වේශයෙන් ද්වේශය පෙනී සිටියි. පාපය ගර්හා කළ යුත්තකි. නමුත් ඒ පාපය පුද්ගයෙකුගේ කොට ඒ පුද්ගලයා ගර්හාවට ලක් කිරීමත්, ඔහු හෙළා දැමීමත් ද්වේශයේ ම ලක්ෂණයකි. එය තම තමන් තම මනස තුළින් ම තේරුම් ගත යුත්තකි.

ඇතමුන් අත්හරින්නේ ද ද්වේශය නිසා ය. ආදරය අහිමි වීමෙන් ඇතමුන් පැවිද්දට ද පත්වේ. නමුත් එය ඇත්තෙන් ම සිදු කරන්නේ තව කෙනෙකුට දැනවීම පිණිස ය. තවත් විටෙක ජීවිතය ද අත්හැර දමයි. ඒ ද්වේශය තේරුම් නොගැනීම නිසා ඇතිවන දෙයකි. එසේ ම ඇතමෙක් තවත් කෙනෙකුට රිදවීමට තනතුරු වරප්‍රසාද හෝ යම් යම් දේවල් ඇතමුන්ට දීමත් සිදු කරයි. එයටද මුල් වන්නේ වංචක වේශයෙන් පෙනී සිටින මේ ද්වේශය ම ය. ඇතැම් විට ඇනුම් පදයක් කියා සතුටු වෙයි. මේ සියල්ල ම සිතක පහළ වන ළාමක ගති වේ. ඒ සියල්ලට ම මුල ද්වේශයයි. ඒ නිසා ම ද්වේශය දුරලීමට අවැසි දේ අප කළ යුතුය.

ද්වේශය දුරු කිරීම ක්‍රම තුනක් යටතේ කළ හැකිය.

1. ද්වේශයේ ආදීනව තේරුම් ගෙන එය නිරර්ථක දෙයක් ලෙස වටහා ගැනීම.

තරහව තමාව පීඩාවට පත් කරන බව තේරුම් ගෙන ඒ තරහා යෑම නවතා දැමීමට අපට කටයුතු කළ හැකිය. අප සාමාන්‍යයෙන් තරහා ගන්නේ පුද්ගලයන් සමගිනි. යම් දෙයක කකුල හැපුණු විට ඒ දේත් සමග බොහෝ විට කෙනෙක් අමනාපය ඇති කර නොගනී. නමුත් කෙනෙකුගෙන් ලැබෙන සුළු පහරක් පිළිබඳව ඔබට බොහෝ කාලයක් තරහ සිතින් වාසය කළ හැකි ය. එසේ නම් තරහට ඇති ප්‍රධාන ම හේතුව නම් ඔබ වරද කෙනෙකුගේ ලෙස දැකීම ය. නමුත් එය කෙනෙකුගේ දෙයක් ලෙස දකිනවාට වඩා කෙලේසයක ඇති බලවත්කමක් ලෙස දැක්කේ නම්, එය බොහෝ කාලයක් නොපවතීවි. ඒ වරදට හේතු වූ කෙලේසය තමා තුළ ද ඇති බව සිහිපත් කරන්න. තමා අතිනුත් එය ම සිදු විය හැකි බවට ඔබ හිතන්න පුරුදු වෙන්න. එවිට ඔබට ඒ පිළිබඳව මධ්‍යස්ථ විය හැකිය.

එසේ ම කෙනෙක් පිළිබඳව අමනාපයක් ඇති වන විට ඔහුගේ ගුණ සිතන්නට පුරුදු වෙන්න. මුලින් මුලින් ඔබට නොරුස්නා ගති ම පෙනේවි. නමුත් එකම හොඳක් හෝ ඔබට සොයා ගැනීමට අපහසු නොවනු ඇත. හොඳ ගොඩක් එක වරදකින් හෝ ඔබට නොරුස්නා දෙයකින් වැසී යාමට ඔබ ඉඩ නොතබන්න. මුලින් හිත නොපිළිගත්ත ද ගුණයක් ම නැවත නැවත සිතන්න පුරුදු වන්න.

2. මෛත්‍රිය පැතිරවීම

ඒ ඔස්සේ බොහෝ ප්‍රශ්නයනට විසඳුම් ඔබට ම ලබා ගත හැකි ය. අප්‍රියන්ට ප්‍රියයෙකු බවට පත් වීමට ද, ද්වේශය පරයා ඔබ වඩන මෙත් සිත ප්‍රබල හේතුවකි.

3. හේතු නිරෝධය

බුදු දහම සැම විට ම ඵලයට පමණක් ප්‍රතිකර්ම සපයන දහමක් නොවේ. එය හේතුව සොයා හේතුව නැති කිරීමෙන් ඵලය නොහටගන්නා බවට පත් කරන දහමකි. ද්වේශය දුරු කිරීම සිදු කරන්නේ ද ද්වේශය නොහටගන්නා බවට පත් කිරීමෙනි. එය කිරීමට නම් ද්වේශය හට ගන්නා තැන පිළිබඳව අවබෝධ කළ යුතු ය. ද්වේශය සහමුලින් ම දුරලීමට නම් ඔබ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පිළිබඳව ඇති කැමැත්ත දුරු කළ යුතුය. කාමය පිළිබඳව කැමැත්ත ඇති තැනක සැම විට ම තරහවට ඉඩ ඇත. ඒ නිසා ඔබ මෛත්‍රී ආදියෙන් ද්වේශය යටපත් කරන්නා සේ ම, ද්වේශය උපදින්නට තිබෙන හේතුවත් දුරු කළ යුතුය. අමනාපය ඇති වන්නේ එය ඇති වන්නට භූමිය ඇති විටෙක ය. එයට භූමිය නම් පවතින ලෝකය යි. ඒ ලෝකය ඇති නම් ඒ පිළිබඳව ඔබට ඇලීම ගැටීම උපදවා ගත හැකිය.

ඒ නිසා ම ඔබ ලෝකය නිරෝධ කළ යුතුය. ලෝක නිරෝධය යනු භෞතිකය භෞතික ලෙස කඩා දැමීම නොවේ. ලෝකය ගොඩ නැගුණ තැන පිළිබඳව ඔබ අවබෝධ කර ගැනීම ම ලෝක නිරෝධය යි. එය සාක්ෂාත් කළ යුත්තකි. ඔබට හමුවන ලෝකය පිළිබඳව මදක් සිතා බලන්න. ලස්සන හා කැත රූප, කැමති හා අකමැති ශබ්ද ආදී දෙයින් එය පිරී පවතී. එසේ නම් ඔබ එහි අවබෝධ කළ යුත්තේ කුමක් ද? ඔබ අවබෝධ කළ යුත්තේ ඔබ රැවටෙන දේ ඇති යථාර්ථයයි. ඔබ කෙනෙක් හෝ දෙයක් පිළිබඳව අමනාපය ඇති කර ගන්නා විටෙක ඔබ මදකට යථාර්ථවාදී වුවහොත් ඔබට ඔබේ මෝඩකම තේරුම් ගත හැකි වනු ඇත.

රූපයෙන් කවදාවත් ඔබට තරහ ගෙන ආවේ නැත. තරහ ගෙන එන රූප ද නැත. එසේ නම් ඒ රූපය මුළු ලෝකෙට ම තරහ ගෙන ආ යුතුය. නමුත් එය එසේ නොවේ. තරහා ගෙන එන්නේ රූපය නොව, එය පිළිබඳව ඔබ සිතන විදියෙනි. එසේ නම් සැබවින් ම ඔබ තරහා ඇති කර ගත්තේ පුද්ගලයෙකු ගැන ද, ඔබේ ම සිත පිළිබඳව ම දැයි ඔබ මදකට සිතා බැලිය යුතු ය. ඔබ සිත පිළිබඳව ම ද්වේශයෙන් පසූ වී ඇති බව තේරුම් යන විට ද්වේශයට පැවැත්මක් නැති වී යන බව අත්විඳිය හැකි වනු ඇත. මෙය ධර්මය තුළින් තව දුරටත් ගැඹුරින් පැහැදිලි කර ගත හැකි අතර ම, මෙය ඔබේ විමසුම් ඇසට ආරම්භයක් කර ගනිත්වා.

සියලු දෙනාට ම තෙරුවන් සරණයි...!

✍🏻 අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ

♥️ Aroma ♥️
29/09/2021

♥️ Aroma ♥️

💛Aroma Bliss Ceylon - Total Face Care Combo 💛
දිවා රාත්‍රි සම පිරිසිදු කර පෝෂණය කර රන්වන් පැහැයක් ලබාදෙයි. Pimples,Black heads , white heads ඇතිවීම වලකා සමට පිරිසිදු නිකලැල් , පැහැපත් බවක් ස්වභාවිකවම ලබාදෙයි.
Having a set daily and weekly skin routine is very important no matter what your skin type is.
▪️Saffron day cream - හිරු කිරනින් ආරක්ෂා කර සම පැහැපත් කරයී.
▪️Kasthuri kaha Night Cream- සම පෝෂණය කර තෙතමනය ආරක්ෂා කරදී රන් වන් පැහැයක් ලබාදෙයි .
▪️Whiteglow Cleanser- සම ඇතුලතින්ම පිරිසිදු කරයි.
▪️Whiteglow scrub -මැරුන සම ඉවත් කර සම පැහැපත් කරදී Black Heads , White Heads ඇතිවීම වලක්වයි.
▪️Whiteglow Toner- සමේ pH අගය යාමනය කර විශබීජ වලින් ආරක්ෂා කරයි.
This will be your key to prevent breakouts, blackheads, whiteheads which will lead to brighter, healthier and even-toned skin.

Here we have put together a combo which covers it all!

■ To be used daily:
1. Saffron Day Cream with SPF 15 (to be used during the day)
This light-weight cream suits all skin types and helps
- enhance fairness gradually
- eliminate any dark patches
- remove discolorations
- protect skin against harmful sunrays
- brighten your skin naturally

2. Kasthuri kaha Night Cream (to be used during the night)
- effectively reduces pigmentations, scars and other dark spots- enhances natural skin tone and brightens overall skin tone
- key ingredients – kasthuri kaha extract,liquorice extract, carrot seed oil, lemon peel extract, pomegranate extract.

■ To be used once/twice a week:
1. WHITEGLOW Cleanser -
for a thorough cleansing to unclog pores and remove impurities from deep within your skin

2. WHITEGLOW Walnut Shell powder Scrub - to gently exfoliate and reveal softer, smooth skin.

3. WHITEGLOW Melon and Green Tea infused Toner - to sooth and give it the perfect finish.

FOR JUST 5,350/- ONLY!

Offer valid for a limited time✔
Islandwide delivery available

Address

Rajagiriya

Website

Alerts

Be the first to know and let us send you an email when My Hobby Place posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share