08/03/2022
International Women’s Day 🌻
From 1977 onwards, International Women’s Day is celebrated every year on March 8th to recognise the social, economic, cultural and political achievements of women. The event celebrates women's achievements and raises awareness about women's equality and lobbies for accelerated gender parity.
ජාත්‍යන්තර කාන්තා දිනය 🌻
වර්ෂ 1857 ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ආරම්භ වූ කාන්තා අරගලයක ප්‍රතිඵලයක් නිසා කාන්තාව සහ ඇගේ අයිතිවාසිකම් ලෝකයේම අවධානයට නතු වුනා. දිගින් දිගටම මේ පිළිබඳව විවිධාකාරයෙන් ලෝකයේ බොහෝ රටවල් වල කතාබහට ලක් වූ නිසා වර්ෂ 1977 දී එක්සත් ජාතීන්ගේ සමුළුව මාර්තු 8 ලෝක කාන්තා දිනය ලෙස නම් කලා.
ලෝකයේ පැවැත්ම සඳහා කාන්තාවගේ සමාජීය, ආර්ථික, සංස්කෘතික හා දේශපාලනික දායකත්වය සැමරීම අද දවසේ සිදුවනවා. එමෙන්ම ඉහත අවස්ථා සඳහා කාන්තාවගේ සමඅයිතිය සහ ඇගේ සහභාගිත්වය අත්‍යාවශ්‍ය බව ලෝකයට නැවත් නැවතත් මතක් කර දෙන්න අද දවස වැදගත් වෙනවා.
පුංචි අපිත් අද දවසේ විතරක් නොවී, සෑමවිටම අපේ ජීවිතයට මුණගැසෙන ලෝකය වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන කාන්තාවන්ට ආදරය කරන්න ගෞරව කරන්න ඉගෙන ගමු.
💜️ Happy Women's day to all lovely ladies and little daughters out there!💜️