22/06/2026
https://www.facebook.com/share/p/14n4Gz5y2ZM/
මගේ ජීවිතයේ තිබුණු තවත් එක් හීනයක් සැබෑ කරගත් ඉතාමත් අලංකාර දවසක් (2026-05-15)❤️
ප්‍රථම වරට පවත්වනු ලැබූ පහතරට කලඑළි මංගල්‍යය ❤️
වර්ෂාවෙන් වුණු බාධක පසෙකලා අපි දිනපු ලස්සන දවසක්......❤️
පහතරට නර්තන සම්ප්රදායේ අලංකාරවත් වූ නර්තනාංගයන්ට කිසිදු හානියක් නොකරමින් සම්ප්රදාය ආරක්ෂා කරමින් එම ඉගැන්වීම් කටයුතු වලට තම වෙහෙස මහන්සිය නොතකා පැමිණ මාගේ දරුවන් වෙත මාතර නර්තන සම්ප්රදායේ නර්තන අංගයන් නිසි ආකාරයට දරුවන් වෙත ඉගැන්වීම් කටයුතු කරමින් එම ශිල්පය ලබාදුන්,
ශ්‍යාම් සඳමල් මධුහංස ගුරු තුමන්ට මාගේ හෘදයාංගම ස්තුතිය පුදකර සිටින අතර,
ප්‍රියාන් චන්ද්‍ර කුමාර ගුරුතුමාටත්,
ඉන්ද්‍රජිත් මධුසංක ගුරුතුමාටත්
මාගේ හෘදයාංගම ස්තුතිය පුදකරමි 🙏
ඒ වගේම බෙර වාදනයෙන් මෙම නර්තනය අලංකාර කිරීමට සහභාගී වූ එරංග මහේෂ් ඇතුළු සියලූම බෙර වාදන ශිල්පීන්ටත් මාගේ හෘදයාංගම ස්තූතිය පුදකර සිටිමි🙏
තවද මාගේ කලායතනයේ ඉගෙන ගන්නා දරුවන්ටත්, ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් මගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි 🙏❤️
තවද මෙම කලඑළි මංගල්‍යයේ සියලූම අඩුපාඩුකම් පෙන්වා දෙමින් මා හට උදව් උපකාර කළ ජෙනිත් ගුරුතුමාටත් මගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි 🙏
ඒ වගේම මාගේ දරු පැටවුන්ටත්,දෙමාපියන්ටත් මගේ හෘදයාංගම ස්තූතිය පුදකරමි🙏
තවද වීඩියෝ , ඡායාරූපකරණයෙන් සහයෝගය දැක්වූ Recolab ආයතනයේ රමේෂ් මල්ලි ඇතුළු සියලුම සහෝදරයින්ටත්, ශබ්ද විකාශන සහ ආලෝකකරණයෙන් සහාය දැක්වූ නිශාන්ත අයියා ඇතුළු පිරිසට මාගේ හෘදයාංගම ස්තූතිය පුද කරමි🙏
මෙම කර්තව්‍ය මා හට සාර්ථක කර ගැනීමට උදව් උපකාර සියලුම දෙනාට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏🙏🙏🙏