11/06/2026
සුවඳ අකුරු 207🔥
දොළොස් වසරක ශාපය (කළමනාකරණ පීඨයේ හඬ)
පරිපාලනෙන් නෙමෙයි දුන්නේ,
මතක තබාගනු පාලකයිනි
දෙදහස් දාහතරේ වසරේ,
සිසුන් දිනාගත් පීඨයයි මේ
එදා වගේමයි අදත් අප හට,
අයිතීන් ටික අහිමි වී
දොළොස් වසරක් පුරා තවමත්,
සටන් පාඨය පණ ගැසී
WUS කැන්ටිමේ දිගු පෝලිමේ,
බඩගින්නේ අපි මියැදෙනා
කන්න ටිකකුත් නැතී,
අපේ දුක උන් නොහදුනනා
පොදු කාමර, දේශන ශාලා,
තවම අප හට අහිමි වී
තවද හිඟ දේශකයෝ ටික කෝ,
පීඨයේ හෙට අදුරු වී
දොළොස් වසරක් ගෙවුණි නිහඬව,
ලියුම් කඩදාසියට මැදිවී
පාලකයින්ගේ කණ වු දෙඇසට,
අපේ කඳුළැලි ඇතිය දියවී
කළමනාකරණය උගන්වන,
මහා පීඨය ඇතුළෙ සැඟවී
අයිතීන් වෙනුවෙන් හඬක් නැඟුවා,
අනාගත පොඩිවුන්ට එක්කම.
දේශන ශාලා මදිව හැඬුවා,
හැරෙන්නත් මදි කාමරය ඒවා
පොදු කාමරයක් නැතිව විඩාවට,
තැනින් නැන අපි ඔහේ සැරිසැරුවා
බඩගින්න නිවන්නට කැන්ටිමක,
සේයාවක්වත් තිබුනේ නෑනේ කවදත්
කළමනාකරණය කියන්නේ,
මේ හිඟන්නටදැයි කියව් මට
ඇතුළත් කරන්නට සරසවියට,
දක්ෂයින් හට ඉඩක් නෑ
දෙපාර්තමේන්තු මදි කමට,
අලුත් සිහිනට පණක් නෑ
ඇදුරු මඬුල්ලේ අඩුව පිරවන්න,
කවුරුවත් වගකියන්නෑ
අවුරුදු දොළහක් බොරු කීවා මිස,
තවම කිසි විසඳුමක් නෑ
ලියුම් බෙදුවා, සාකච්ඡා කළා,
උද්ඝෝෂණ වැසි වැස්සුවා
පරිපාලනයේ බිහිරි සයනය,
තදින් හොලවා පිබිදුවා
නමුදු තවමත් පාලකයින් හට,
අපේ දුක් ගිනි නොදැනුනා
අයිතිය දිනන තුරු සටන අත්නෑර,
පෙරමුණට අපි රොක් වෙනා!
අද සටන් වැදුණේ අපේ සුඛවිහරණය,
තකා විතරක් නොවේ
මතු දිනෙක එන බාල පරපුර,
රැකගන්නටයි මේ භූමියේ
අපිට නොලැබුණ සතුට උන් හට,
උරුම කර දෙන අදහසින්
අරගල බිමේ අපි ඉන්නේ,
නොසැලෙනා දැඩි සිහිනෙකින්
පාලකයින්ගේ බිහිරි සයනය,
සුන්නද්දූලි කර දමන්නා
අයිතිය දිනනා තුරු සටන,
ඒකාන්තයෙන්ම පවතින්නා!
එකා පිට එකා මැරුණත්,
සටන අත්හැර යන්නේ නෑ
ජයග්‍රහණයෙන් කෙළවර මිසක්,
පරාජය අප දන්නේ නෑ!
✍ Krishmitha
22 වසර කණ්ඩායම
කළමනාකරණ පීඨය