Art Circle - Pera Management

Art Circle - Pera Management Performing art group

සුවඳ අකුරු 212❤️❤️❤️බලන් ගියහම තරූ.. එක එක අය එක එක හේතු නිසා නිර්නාමික වෙනව..(නිර්නාමික)
19/06/2026

සුවඳ අකුරු 212❤️❤️❤️

බලන් ගියහම තරූ.. එක එක අය එක එක හේතු නිසා නිර්නාමික වෙනව..

(නිර්නාමික)

සුවඳ අකුරු 211🔥දිනු පීඨයේ දිනුමට ඇති දේ බෝමයිහෙට පරපුරට හෝ දිනුමක් ලැබ දීමයිඅප අද කරන අරගලයට උර දීමයිජය ලැබ මිසක් ගමනට ත...
14/06/2026

සුවඳ අකුරු 211🔥

දිනු පීඨයේ දිනුමට ඇති දේ බෝමයි
හෙට පරපුරට හෝ දිනුමක් ලැබ දීමයි
අප අද කරන අරගලයට උර දීමයි
ජය ලැබ මිසක් ගමනට තිත නොතැබීමයි

රජ සැප නොඉල්ලන බව සිහි තබාගෙන
පීඨය කෙරේ බැති සිත් පෙරටු කරගෙන
අරගල බිමට පිවිසෙන මිතුරු මිතුරියෙන
නුඹෙ හඩ අපට ජවයකි දිනුම ගෙන දෙන

✍ශෂිනි සෙනුශි ඉමල්ශා
කළමනාකරණ පීඨය
23 වසර කණ්ඩායම

13/06/2026

සුවඳ අකුරු 210🔥

උබල දන්න අපේ ෆැකල්ටිය !

මාරම ලස්සන view එකක් තියෙන
දක්ශයො ගොඩක් එන
මාර විදිහට Talent එක හදන
මැන්ජොන්ගෙ ෆැකල්ටිය

අපි දන්න අපේ ෆැකල්ටිය!

කැන්ටින් එකක් නැති නිසා
බඩගින්නෙ ලෙක්චර්ස් යන
පාඩන් කරන්න වත්
හරි හමන් තැනක් නැති උනාම
මාර විදිහට අසරණ වෙන
Event එකක් කරන්න ගියහම
අපේම හරිහමන් තැනක් නැති
හීන අස්සෙ අතරමං උන
මැන්ජොන්ගෙ ෆැකල්ටිය !

"අරගල නම් මොකටද ??
කියල අහන උන්ට"
අද පුලුවන් තරම්
හඩ නගනව
අපේ පීඨය දිනාගන්න තුරුම
අපිට නැතත් අපෙන් පස්සෙ
අපේ පොඩි උන්ට හරි
අපි දන්න අපේ ෆැකල්ටිය
උබල දන්න
මැන්ජොන්ගෙ ෆැකල්ටිය වගේ
මාරම තැනක් කරන්න !

අරගලයට ජය වේවා ! ♥️✨

✍විහගි තරුනෙතු නමදිනී
23 වසර කණ්ඩායම
කලමණාකරන පීඨය

සුවඳ අකුරු 209🔥හන්තාන යටතිබෙන මේ පුංචි ෆැකල්ටියටකොමන් රූම් එකක් නැතිදුක, විඳිමි හැම දිනවැස්සට උඩරට ලස්සන උනාට, බෙන්චර්ස්...
12/06/2026

සුවඳ අකුරු 209🔥

හන්තාන යට
තිබෙන මේ පුංචි ෆැකල්ටියට
කොමන් රූම් එකක් නැති
දුක, විඳිමි හැම දින

වැස්සට උඩරට
ලස්සන උනාට, බෙන්චර්ස්වල
පාඩම් කරන අපට
දුකක් පමණි හැම දින

පැයක විවේකයට
කන්නට යන අප
වූස් එකේ දිගු පෝලිම් දෙක
හැරුණෙමි ෆැකල්ටියට

ලෙඩ වලින් තොරව
පැමිණියෙමි මෙහෙට
යන්නෙමි ගෙදරට
ගැස්ට්‍රික් හදාගෙන

පරිපාලනය ඇයි ඔබ
නිහඬ හැම දින
දකින්නට බැරි ද, හැම
දින අපි විඳින මේ දුක

✍M. Rasheed
23 වසර කණ්ඩායම
කළමනාකරණය පීඨය

සුවඳ අකුරු 208🔥හඩ අවදිවන මොහොතපොත් ගොඩවල් යට,සිහින හිර වෙලා"ඊළග වසරයටත් මේ විදියමද?" කියලාඇහෙන්නේ හදවතේ හඩ විතරයිපාඩම් ඉ...
11/06/2026

සුවඳ අකුරු 208🔥

හඩ අවදිවන මොහොත

පොත් ගොඩවල් යට,
සිහින හිර වෙලා
"ඊළග වසරයටත් මේ විදියමද?" කියලා
ඇහෙන්නේ හදවතේ හඩ විතරයි

පාඩම් ඉල්ලන්නේ නෑ අපි,
ඉල්ලන්නේ අහන කනක්
ඉල්ලන්නේ තීරණ ගන්න කලින් ඇහෙන හඩක්

අද අපි කතා නොකළොත්
හෙට අපිව කතා කරන්නෙත් නෑ
ඉතින් කියනවා -

අපි නිහඩ නෑ
අපි බය නෑ
අපි ඉල්ලන දේ ලැබෙනකම් නවතින්නෙත් නෑ

✍තරැෂි නිමාෂා
24 වසර කණ්ඩායම
කලමණාකරණ පීඨය

සුවඳ අකුරු 207🔥 දොළොස් වසරක ශාපය (කළමනාකරණ පීඨයේ හඬ)පරිපාලනෙන් නෙමෙයි දුන්නේ, මතක තබාගනු පාලකයිනිදෙදහස් දාහතරේ වසරේ, සිස...
11/06/2026

සුවඳ අකුරු 207🔥

දොළොස් වසරක ශාපය (කළමනාකරණ පීඨයේ හඬ)

පරිපාලනෙන් නෙමෙයි දුන්නේ,
මතක තබාගනු පාලකයිනි
දෙදහස් දාහතරේ වසරේ,
සිසුන් දිනාගත් පීඨයයි මේ
එදා වගේමයි අදත් අප හට,
අයිතීන් ටික අහිමි වී
දොළොස් වසරක් පුරා තවමත්,
සටන් පාඨය පණ ගැසී

WUS කැන්ටිමේ දිගු පෝලිමේ,
බඩගින්නේ අපි මියැදෙනා
කන්න ටිකකුත් නැතී,
අපේ දුක උන් නොහදුනනා
පොදු කාමර, දේශන ශාලා,
තවම අප හට අහිමි වී
තවද හිඟ දේශකයෝ ටික කෝ,
පීඨයේ හෙට අදුරු වී

දොළොස් වසරක් ගෙවුණි නිහඬව,
ලියුම් කඩදාසියට මැදිවී
පාලකයින්ගේ කණ වු දෙඇසට,
අපේ කඳුළැලි ඇතිය දියවී
කළමනාකරණය උගන්වන,
මහා පීඨය ඇතුළෙ සැඟවී
අයිතීන් වෙනුවෙන් හඬක් නැඟුවා,
අනාගත පොඩිවුන්ට එක්කම.

දේශන ශාලා මදිව හැඬුවා,
හැරෙන්නත් මදි කාමරය ඒවා
පොදු කාමරයක් නැතිව විඩාවට,
තැනින් නැන අපි ඔහේ සැරිසැරුවා
බඩගින්න නිවන්නට කැන්ටිමක,
සේයාවක්වත් තිබුනේ නෑනේ කවදත්
කළමනාකරණය කියන්නේ,
මේ හිඟන්නටදැයි කියව් මට

ඇතුළත් කරන්නට සරසවියට,
දක්ෂයින් හට ඉඩක් නෑ
දෙපාර්තමේන්තු මදි කමට,
අලුත් සිහිනට පණක් නෑ
ඇදුරු මඬුල්ලේ අඩුව පිරවන්න,
කවුරුවත් වගකියන්නෑ
අවුරුදු දොළහක් බොරු කීවා මිස,
තවම කිසි විසඳුමක් නෑ

ලියුම් බෙදුවා, සාකච්ඡා කළා,
උද්ඝෝෂණ වැසි වැස්සුවා
පරිපාලනයේ බිහිරි සයනය,
තදින් හොලවා පිබිදුවා
නමුදු තවමත් පාලකයින් හට,
අපේ දුක් ගිනි නොදැනුනා
අයිතිය දිනන තුරු සටන අත්නෑර,
පෙරමුණට අපි රොක් වෙනා!

අද සටන් වැදුණේ අපේ සුඛවිහරණය,
තකා විතරක් නොවේ
මතු දිනෙක එන බාල පරපුර,
රැකගන්නටයි මේ භූමියේ
අපිට නොලැබුණ සතුට උන් හට,
උරුම කර දෙන අදහසින්
අරගල බිමේ අපි ඉන්නේ,
නොසැලෙනා දැඩි සිහිනෙකින්

පාලකයින්ගේ බිහිරි සයනය,
සුන්නද්දූලි කර දමන්නා
අයිතිය දිනනා තුරු සටන,
ඒකාන්තයෙන්ම පවතින්නා!

එකා පිට එකා මැරුණත්,
සටන අත්හැර යන්නේ නෑ
ජයග්‍රහණයෙන් කෙළවර මිසක්,
පරාජය අප දන්නේ නෑ!

✍ Krishmitha
22 වසර කණ්ඩායම
කළමනාකරණ පීඨය

සුවඳ අකුරු 206 🔥වර්ණ නැති කැන්වසය🎨🖌️කැන්වසය තවමත් ක්ෂේතයනමුදු අපේ සිහිනවලටද වර්ණ නැත..රටා මවන්න මේස නොමැත..ඉගෙන ගන්න සෙව...
08/06/2026

සුවඳ අකුරු 206 🔥

වර්ණ නැති කැන්වසය🎨🖌️

කැන්වසය තවමත් ක්ෂේතය
නමුදු අපේ සිහිනවලටද වර්ණ නැත..
රටා මවන්න මේස නොමැත..
ඉගෙන ගන්න සෙවනැල්ලක් කෙදින හමුවේද?

ලාභ උගන්නවන අපෙ පන්තියෙ
වැඩිම අලාභය මනුස්සකම..
Budget උගන්නන අපේ පීඨයේ
හිරවෙලා ඇත department ටික

බඩගින්නේ ඇදෙන රේකා
බිදෙයි පෝලිමේ ඉදලම..
හාමතේ සිටි එකෙක් පවසයි
කැන්ටිමක් නැත මේ පීඨෙඨ!

අද අපි නිහඩ වූවොත්
හෙට මෙහි එන පරම්පරාවට
ඉතුරු වන්නෙ හිස් රාමුවක් මිස,
නොවෙයි පාට කළ කැන්වසයක හීනය ..

එන්න බුරුසුව අතට ගන්න!
හිස් කැන්වසයට අපේ හඩින් වර්ණ ගහන්න!🚩

✍රශ්මිතා දේවින්දි
කළමනාකරණ පීඨය
22 වසර කණ්ඩායම

සුවඳ අකුරු 205🔥ඒ බං, අපි වැරදිද?​- ඒ කිව්වේ?- ​පැයකට වැඩිය පෝලිමේ ඉඳලත් දවල් කෑම එක නැති වෙද්දී...- ​ළමයි කන වේල් දෙකවත්...
07/06/2026

සුවඳ අකුරු 205🔥

ඒ බං, අපි වැරදිද?

​- ඒ කිව්වේ?

- ​පැයකට වැඩිය පෝලිමේ ඉඳලත් දවල් කෑම එක නැති වෙද්දී...
- ​ළමයි කන වේල් දෙකවත් කන්නේ නැතුව ආපහු ලෙක්චර් එකට යද්දී...
- ​ඉවෙන්ට් එකක බැක් එකක් ගහන්න හරියට තැනක් නැති වෙද්දී...
- ​කුප්පියක් දාලා, බැරි එකෙක්ව ගොඩදාන්න පොදු කාමරයක් (Common Room) නැති වෙද්දී...
- ​සබ්ජෙක්ට් එක උගන්නන්න ලෙක්චරර්ස්ලා, ලෙක්චර් රූම්ස් ටික නැති වෙද්දී...
- ​එක වේලක් කාලා ගොඩයන්න දඟලන එවුන්ටම වතුර ගෑස් ගහද්දී...

​උන් දන්නේ නැතුව ඇති බං, "අපි එදත් පාරට ආවේ කැන්ටින් එකේ පෝලිමේ බඩගින්නේ ඉඳලා කියලා..."
​ඉතින් මම උඹෙන් ආයෙත් අහනවා,
"අපි වැරදිද බං?"

✍අභීතා ද සිල්වා
23 වසර කණ්ඩායම
කළමනාකරන පීඨය

සුවඳ අකුරු  204🔥වරෙව් සාමෙට යුද්ධ කරන්න!!! "අපේ නම් දෙසීයයි බං. තව උන්ව ගන්න බෑ ලෙකාලා නෑ, facilities එහෙම ලොකුවට නෑනෙ!"...
05/06/2026

සුවඳ අකුරු 204🔥

වරෙව් සාමෙට යුද්ධ කරන්න!!!

"අපේ නම් දෙසීයයි බං. තව උන්ව ගන්න බෑ ලෙකාලා නෑ, facilities එහෙම ලොකුවට නෑනෙ!"

"අඩෝ අද නම් කන්න වෙන්නෑ බං IT Center එක ගාවටම පෝලිම, 1ට නේද lectures අපෝ වෙලාවම යමං නැත්තම් ලෙකා එළියට දායි!"

"ඒ බං කුප්පිය දාන්න ගෙම්බා එකවත් කතා කරගන්න වෙයි නේද ? උන්ටත් හැබැයි exam. main library එකත් පිරිලා, පාඩම් කරන්නවත් තැනක් නෑ අපේ උන්ට!"

"අද gym එක පිටිපස්සේ චිත්‍ර ටික ඇන්දා කියමුකෝ හවස් වෙද්දි sure වහිනවා.
කොහෙටද බං යන්නේ?
හෙට වෙද්දි කොහොම ඉවර කරන්නද?
වූස් වලෙත් වැඩක් යනවානෙ!"

"මේ වැඩේ හරියන්නෑ බං ඉල්ලුවොත් මිසක පරිපාලනෙන් අපට දෙන්නෑ.
ගැසට් කරේ සම්පූර්ණ එකක් වුනාට
කෝ බං ඇති මංගල්‍යයක් නෑනෙ
බලන් හිටියා ඇති
යමව් සාමෙට යුද්ධ කරන්න!!!
වරෙව් සාමෙට යුද්ධ කරන්න!!!"

✍චතු යශෝධරා
22 වසර කණ්ඩායම
කළමනාකරණය පීඨය

Address

Faculty Of Management , , University Of Peradeniya
Peradeniya
20400

Website

Alerts

Be the first to know and let us send you an email when Art Circle - Pera Management posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share