Pawan Anjana

Pawan Anjana Poet, Lyricist, Writer
www.pawananjana.com 🌿☁️

16/11/2025

02/09/2025

අපිට කාටවත් හොඳ වෙන්නවත් අවංක වෙන්නවත් අවශ්‍ය නෑ. මන් විශ්වාස කරනවා ලේඛකයා වගවිය යුත්තේ තමාට සහ තමාගෙ හෘද සාක්ෂියට. මම මේ ලියන්නෙ යහපත් සමාජයක් වෙනුවෙන්නම් යහපත් සමාජය කියන එකත් හරිම සාපේක්ෂ දෙයක්නෙ. දැන් මට යහපත් සමාජය තව එක්කෙනෙකුට යහපත් සමාජය නෙමෙයි. ඉතින් මම සමාජය හදන්නවත් එහෙම දේකට ලියන්නැ. හැබැයි මම ඒ කරන යෝජනා මට සාපේක්ෂයි. ඒක මන් ලෝකෙ දකින විදිහ. තව කෙනෙකුට එහෙම නොවෙන්න පුලුවන්.

සම්පූර්ණ ලිපිය සඳහා වෙබ් අඩවියට පිවිසෙන්න: Link in Bio 📌

චතුක රාජ්ගෙ ඒ මිහිරි තනුවට, ඔහුගේම සංකල්පය මගේ වචන ටිකකින් ගීතයකට ගෙනාවා. තනුවකට ලියපු මගේ පළවෙනි ගීතය. දැන් Spotify, Ap...
12/08/2025

චතුක රාජ්ගෙ ඒ මිහිරි තනුවට, ඔහුගේම සංකල්පය මගේ වචන ටිකකින් ගීතයකට ගෙනාවා. තනුවකට ලියපු මගේ පළවෙනි ගීතය. දැන් Spotify, Apple Music ඇතුළු සියලුම Music Streaming සේවාවන් හරහා අහන්න පුළුවන්! ❤



හැන්දෑවරුම කීයක් මඟ ඇරුනාද අපට සිරවී කුඩා උණුහුම් බිත්ති අතර       දෑස දැල්වී එල්.ඊ.ඩී අලෝක දහරට       සිහින සිහින      ...
11/08/2025

හැන්දෑවරුම කීයක් මඟ ඇරුනාද අපට
සිරවී කුඩා උණුහුම් බිත්ති අතර
දෑස දැල්වී එල්.ඊ.ඩී අලෝක දහරට
සිහින සිහින
සිහින
ඇහැරී මේ සිහිනයෙන් දැන්වත්,
යන්ට ඕනෑ මට
සිහිනයක් නැති දිනකට
අරමුණක්
හේතුවක්
අර්ථයක්
නැති
නිස්කලංක දිනකට

මගේ නොස්ටැල්ජික මතක ලෝකය
තෙරපෙපී ඉපිලෙයි මා මත
ඇර බලමි කවුළුව
පහළ වීදිය
කඩිගුලියකි පොර බදන
එකම බිමක
නමුත් ඉතා විවිධ විවිධ
සිහින එක්ක
වාහන මිනිසුන් දූවිලි

දූවිල්ලක ගැටී දෙනෙත
පාවී යයි අහස දෙසට
නිසංසලේ ගලාන එයි වලාකුලක් මා ඇතුලට
දි​ය වී යයි අවකාශය

ගැටී වලාකුළු ගැට්ටක
මතක වක්කඩම සුනු වී
විසිරී කුඩු වී පැතිරෙයි
හැඟුම් තැවුල් මිටියාවත
ඒ අතරත් විසිරි යයි
සිහින සිහින සිහින සිහින

පැටිවියේ දුටු සිහිනයක් විත්
නම නොදන්නා හැඟීමක් මෙන්
අලුත් හුස්මක් ලෙසින් ඉපිදී
හැඟුම් දහසක මිහිරියාවක්
දෙමින් පැලවෙයි යළිත් මා තුළ

ඉතින් ආයෙත්
වලාකුළු
මම
දූවිල්ල සහ
සිහින සිහින ම පෙන දදා යළි
සිහින සිහින ම උපද්දන හැටි

- පවන් අංජන | 2025 ජූලි
Image: René Magritte “Not to Be Reproduced” 1937

01/08/2025

නිර්මාණය අවේශය කියලා දෙයක් තියෙනවා. පුද්ගලිකව මට අදාලව ගත්තොත් ලිවීමේ එක්තරා මොහොතකදී මං පවතින්නේ ඒ ලිවීම ඇතුළෙන්ම විතරයි. සිතුවිලි ගලන වේගය ඉතාම වේගවත්. ඒ වේගයට සාපේක්ෂව ලියන්න පුළුවන් කමක් නෑ. ඒ නිසාම අත්හැරෙන කොටස විශාලයි. මං හිතන්නෑ ඒකට විසඳුමක් ඇති කියලා. සමහර ඇවිත් යන දේවල් නැවත එන්නෙම නෑ. මතකයේ තියෙනවා, කිසියම් පරපතල ගැඹුරු සුන්දර දෙයක් තමන් ඒ මොහොතේ ගත කරන ක්‍රියාවලියට අදාළව මතුවුණා කියලා. නමුත් ඒක ඇවිල්ල ගිහිල්ලා ඉවරයි. මිනිස් මනස ක්‍රියා කරන විදිහ කියන්නේ සංකීර්ණ සංසිද්ධියක්. ලියන්නෙකුට අදාලව ඒක ඉතාම සංකීර්ණයි.

තමන් මතු වෙනවද නැද්ද කියලා හිතමින් ලියන එක මගේ විශ්ලේෂණය අනුව තරමක හුරතල් වැඩක්. ලාමක ලපටි වැඩක්. කොටින්ම තමන්ව නිරුවත් කරලා පෙන්නන්න බැරි කිසිම කෙනෙක්ට බරපතල ලියන්නෙක් වෙන්න බෑ. සාමාන්‍ය ලියන්නෙක් වෙන්න පුළුවන් වෙයි. කතා ලියන්නෙක් වෙන්න පුළුවන් වෙයි. කොටින්ම බෙස්ට් සෙලර් කෙනෙක් පවා වෙන්න පුළුවන් වෙයි. සම්මාන ගන්න පවා පුළුවන් වෙයි. නමුත් බරපතල ලියන්නෙක් වෙන්න බෑ.

සම්පූර්ණ ලිපිය සඳහා වෙබ් අඩවියට පිවිසෙන්න>> Link in Bio 📌

Address

Peradeniya

Alerts

Be the first to know and let us send you an email when Pawan Anjana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Pawan Anjana:

Share

Category