Rooparammana Srilanka

Rooparammana Srilanka Filming/ Documentary/ TV Commercials/Scripts/ Stage Drama/ TeleDrama/ Stage Lighting/ Event Manageme

මේ දක්ෂ මාධ්‍යවේදිනිය තීරණය කරනවා මාස 18ක් පිරිමියෙක් වගේ රඟපාලා පිරිමි ගැන ඉගන ගන්න...ඊට මාස 18ක අවසානයේ සිදුවුන දේ දැක...
26/04/2026

මේ දක්ෂ මාධ්‍යවේදිනිය තීරණය කරනවා මාස 18ක් පිරිමියෙක් වගේ රඟපාලා පිරිමි ගැන ඉගන ගන්න...
ඊට මාස 18ක අවසානයේ සිදුවුන දේ දැකලා මුළු ලෝකයම කම්පා වුනා..🎭💔

ඔබ කවදා හරි හිතලා තියෙනවද විරුද්ධ ලිංගිකයෙක් විදියට ජීවත් වෙන්න ලැබුණොත් ඒක මොන වගේ අත්දැකීමක් වෙයිද කියලා..? පිරිමි හරිම වාසනාවන්තයි, ඔවුන්ට ඕනෑම තැනක යන්න පුළුවන්, ඔවුන්ට විශාල බලයක් තියෙනවා කියලා හිතන ගැහැනුන් අපේ සමාජයේ ඕනෑතරම් ඉන්නවා. ඒ වගේම ගැහැනුන්ට තමයි හැම වරප්‍රසාදයක්ම තියෙන්නේ කියලා හිතන පිරිමිත් ඉන්නවා.

හැබැයි මේ කියන්න යන කතාව ඒ හැම මතයක්ම වෙනස් කරන එකක්. මේක ලෝකප්‍රකට ගවේෂණාත්මක මාධ්‍යවේදිනී නෝරා වින්සන්ට් (Norah Vincent) ගේ කතාවයි. ඇය කළ ඒ අමුතුම අත්හදාබැලීම අන්තිමට නතර වුණේ හිතාගන්නවත් බැරි විදියේ දෙයක් වෙලා...

🧔2000 දශකයේ මුල් භාගයේදී නෝරාට අමුතුම වුවමනාවක් ඇති වුණා. ඇයට ඕන වුණා පිරිමින්ගේ ලෝකය ඇතුළේ ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා හොයලා බලන්න.. හැබැයි ඒක එළියේ ඉඳන් බලලා කරන රිපෝර්ට් එකක් නෙවෙයි.. ඇයට ඕන වුණා පිරිමියෙක් වෙන්න...

ඇය තමන්ගේ නම නෙඩ් (Ned) කියලා වෙනස් කරගත්තා. මාස 18ක් පුරා ඇය පිරිමියෙක් විදියට වෙස්වලාගෙන ජීවත් වුණා.. මේක ඇයට ලේසි වැඩක් වුණේ නැහැ.

ඇය තමන්ගේ පපුව පටිවලින් තද කරලා බැන්දා. ජිම් ගිහින් ඇඟ හැදුවා. මේකප් පාවිච්චි කරලා රැවුල වැවුණු පෙනුමක් ගත්තා.
කටහඬ පුහුණු කරන ගුරුවරයෙක් ලඟට ගිහින් පිරිමි කටහඬක් හදාගත්තා.

අන්තිමේදී නෝරා දර්පණය ඉස්සරහ ඉන්නකොට ඇයට පෙනුණේ දක්ෂ මාධ්‍යවේදිනියක් නෙවෙයි, නෙඩ් කියන සාමාන්‍ය තරුණයෙක්වයි.

🎳 නෙඩ් විදියට ඇය සමාජයට ගියා ඇය පිරිමින්ගේ බෝලින් කණ්ඩායම්වලට එකතු වුණා, පිරිමි පමණක් ඉන්න ආරාමවලට ගියා, පිරිමින්ගේ මානසික සුවය වෙනුවෙන් පවත්වන ගෘප් මීටින්වලට සහභාගී වුණා. ඇය හිතාගෙන හිටියේ පිරිමි කියන්නේ හැමවෙලේම ආධිපත්‍යය පතුරවන, කිසිම ප්‍රශ්නයක් නැති පිරිසක් කියලා.

හැබැයි ඇය දැකපු දේ ඇයව කම්පනයට පත්කළා .

"මම හිතුවේ පිරිමි වරප්‍රසාද ලබන කොටසක් කියලා. හැබැයි මම නෙඩ් විදියට ඉන්නකොට මට දැනුණේ පුදුමාකාර හුදෙකලාවක්. පිරිමියෙක් තවත් පිරිමියෙක් එක්ක තමන්ගේ දුක බෙදාගන්න තියෙන බය, හැඟීම් හිර කරගෙන ඉන්න විදිය දැක්කම මට පුදුම හිතුණා." - නෝරා පස්සේ කාලෙක මාද්‍යට මෙහෙම කිව්වා.

ඇය දැක්කා පිරිමින්ට හැමවෙලේම ශක්තිමත් වෙන්න සිද්ධ වෙලා තියෙන පීඩනය. ඔවුන්ට අඬන්න බැහැ, ඔවුන්ට දුර්වල වෙන්න බැහැ. ඒ පුරුෂාධිපත්‍යය ඇතුළේ පිරිමින්ම හිරවෙලා ඉන්න හිරගෙයක් ඇය දැක්කා.

💔නෙඩ් විදියට ඇය කාන්තාවන් සමඟ ඩේට් (Date) වලටත් ගියා. එතැනදී ඇය තවත් දෙයක් තේරුම් ගත්තා. පිරිමියෙක් කාන්තාවකගේ ආකර්ෂණය දිනාගන්න කොයිතරම් මහන්සි වෙන්න ඕනද, ඒ වගේම ප්‍රතික්ෂේප වීම් හමුවේ ඔවුන් කොයිතරම් මානසිකව වැටෙනවද කියලා ඇය අත්දැකීමෙන්ම ඉගෙන ගත්තා. පිරිමියෙක් විදියට ජීවත් වීම ඇය හිතුවාට වඩා දහස් ගුණයකින් අමාරු වුණා.

🧠🩹 මාස 18කට පස්සේ නෝරා තීරණය කළා මේ පරීක්ෂණය නතර කරන්න. ඇය ආයෙත් නෝරා වුණා. හැබැයි ඒ එනකොට ඇය පරණ නෝරා නෙවෙයි.

නෙඩ් සහ නෝරා කියන අනන්‍යතාවන් දෙක අතර ඇය අතරමං වුණා. පිරිමියෙක් විදියට ඉන්නකොට අත්විඳපු ඒ තනිකම, පීඩනය සහ රංගනය ඇයගේ මනස සම්පූර්ණයෙන්ම විනාශ කරලා තිබුණා. ඇය දැඩි මානසික අවපීඩනයට (Depression) ගොදුරු වුණා. ඇයට මානසික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගන්න පවා සිද්ධ වුණා.

මේ අත්දැකීම් ගැන ඇය Self-Made Man සහ Voluntary Madness කියලා පොත් දෙකක් ලිව්වා. ඒ පොත් ලෝකය පුරාම මහා ආන්දෝලනයක් ඇති කළා.

🕊️ නෝරා වින්සන්ට් කියන්නේ ඉතාමත් නිර්භීත ගැහැනියක්. හැබැයි ඇය කරපු ඒ නිර්භීත අත්හදාබැලීම ඇයට මානසිකව දුන්නු වදය ජීවිත කාලය පුරාම ඇය පස්සෙන් ආවා. ඇය වසර ගණනාවක් මානසික රෝග එක්ක සටන් කළා.

අන්තිමේදී, 2022 ජූලි මාසයේදී, වයස අවුරුදු 53 දී නෝරා තීරණය කළා මේ හැමදේම නතර කරන්න. ඇය ස්විට්සර්ලන්තයේදී තමන්ගේ ජීවිතයට සමු දුන්නා.

🤔මිත්‍රවරුනි අපි හිතනවාට වඩා අනෙක් පාර්ශවයේ ජීවිතය සංකීර්ණයි.
පිරිමි කියන්නේ ගල් පිළිම නෙවෙයි ඔවුන්ටත් ආදරය, රැකවරණය සහ තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්න අවස්ථාව ඕනේ.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන්නේ නිකම්ම ලේබලයක් නෙවෙයි, ඒක පිටිපස්සේ ලොකු මානසික බරක් තියෙනවා.

නෝරා වින්සන්ට් තමන්ගේ ජීවිතය කැප කරලා ලෝකයට පෙන්නලා දුන්නේ, අපි එකිනෙකාට ඇඟිල්ල දික් කරගන්නවාට වඩා එකිනෙකාගේ අමාරුකම් තේරුම් ගන්න එක කොයිතරම් වටිනවද කියන එකයි.

ඇය ඉතිරි කරලා ගිය ඒ සත්‍යය, අදටත් අපේ සමාජයට හරිම වටිනවා.👇



උපුටා ගන්නා ලදි

මර යෝගයක සිදු කල නාග දෂ්ඨනයක් නිසා මිය ගිය  දුටුගැමුණු මහ රජ්ජුරුවෝ.ඉතිහාසය විසින් දුටුගැමුණු රජ්ජුරුවන්ගේ මරණය ලෝකයෙන් ...
07/01/2026

මර යෝගයක සිදු කල නාග දෂ්ඨනයක් නිසා මිය ගිය දුටුගැමුණු මහ රජ්ජුරුවෝ.

ඉතිහාසය විසින් දුටුගැමුණු රජ්ජුරුවන්ගේ මරණය ලෝකයෙන් වසන් කලේ ඇයි?

ලංකාව පාලනය කළ රජුන් අතරිනුත්, ලංකාව එක්සේසත් කළ රජුන් අතරිනුත් දු‍ටුගැමුණු රජතුමා ශ්‍රේෂ්ඨ වෙනවා. ඔහුගේ පාලන සමය සහ මරණය ගැන මහාවංශ-ථූපවංශාදී පොත්පත් වල සඳහන් වුණත්, මරණයට හේතු වුණු රෝගය පිළිබඳව නම් මේවායේ සඳහනක් නෑ. දු‍ටුගැමුණු රජතුමාගේ මරණය පිළිබඳව අප වුණත් අසා තිබෙන්නේ, රුවන්වැලි සෑයේ ගොඩනැගීම නිමවන්නට ප්‍රථමව ඔහු යම් රෝගයකින් මරණාසන්න වූ බවත්, සද්ධාතිස්ස කුමාරයා විසින් සෑයේ වැඩ නිම නොවූ පෙදෙස සුදු රෙද්දෙන් වසා ඔහුට පෙන්වූ බවත් පමණයි.

ඔහුගේ මරණයට හේතුව වගේම, රජතුමාගේ බිසෝවරුන් ගැනත් ඉතිහාසයේ සඳහනක් නැහැ. රජු ඇතැම්විට ක්ෂත්‍රිය කුල කාන්තාවක් සරණ පාවා නොගත් නිසා එය නොලියවෙන්නට ඇතියි කියලා අනුමාන කරන්න පුළුවන්. රජුගේ විවාහය වගේම මරණයත් මහාවංශාදී පොතපතෙහි සඳහන් නොවන්නේ එයත් සටහන් කර තැබීමට නොහැකි ආකාරයේ කරුණක් නිසාදැයි අපි දන්නේ නැහැ. කෙසේ නමුත්, රජුගේ මරණය සිදුවීමට හේතුව මෙන්ම, එයට හේතු වූ රජුගේ බිසවක් ගැනත් අප්‍රසිද්ධ ජනකතාවක කියැවෙනවා.

දු‍ටුගැමුණු රජතුමා සිය අවසන් කාලයේ දී රුවන්වැලි සෑය සෑදීමේ කතාව අපි කවුරුත් දන්නවා. එක්තරා මහරහතන්වහන්සේ නමක් මේ චෛත්‍යයේ නිධන් කිරීමට සර්වඥධාතූන් ද්‍රෝණයක් පමණ නාග ලෝකයෙන් ගෙන ආ බව ඇතැම් පොත්වල සඳහන් වෙනවා. ඉතින් සෑයේ ධාතු නිධන් කළාට පසුව ඒවා වන්දනා කරන්න දිනපතාම වාගේ නාලොවින් නාගයින් පැමිණීම පුරුද්දක් වී තිබුණාලු. ඔය අතරේ නා රජුගේ දියණියන් ද සිටි බවයි කියැවෙන්නේ.

දිනක්, චෛත්‍යයට කඩුපුල් මල් පූජා කර තිබෙන බව රාජපුරුෂයෙකු දැක තිබෙනවා. මේ, නාලොව තිබෙනවාය කියන කඩුපුල් මල් වෙන්නට ඇතිය කියන අනුමානයෙන්, පසු දා රාත්‍රියේ ඔහු චෛත්‍ය අසල සැඟවී බලා සිටිනවා.

මධ්‍යම යාමය ලබත්ම ශෝභමාන නාග කන්‍යාවක් පැමිණ, කඩුපුල් මල් පූජා කර සෑය වැඳ අතුරුදන් වනවා රාජ පුරුෂයා දු‍ටුවා. දුටු දෙයින් පුදුමයට පත්වන ඔහු එම තොරතුරු රජුට වාර්තා කළා. රාජපුරුෂයා කළ විස්තරය ඇසූ රජතුමාට “එතරම් රූමත් නාග කන්‍යාව තමා හිමිකර ගත යුතුයි” කියන චේතනාව පහළ වී තිබෙනවා. ඉතින් ඊළඟ දිනයේ දී රාජ අණට අනුව සෑය ළඟ ‍රැක සිටින රාජ පුරුෂයින්, බුදුන් වැඳ අවසන් වන්නටත් පළමුවම ඈව අල්ලාගත්තා. මිනිස් ස්පර්ෂයෙන් පසු අමනුෂ්‍යවර්ගයාට ඇති අතුරුදන් වීමේ හැකියාව නැතිවෙන නිසා නාග කන්‍යාවටත් කිසිවක් කර කියා ගන්නට නොහැකි වුනා.

රාජ පුරුෂයින් නාග කන්‍යාව රජුට වෙතට ගෙනයෑමෙන් අනතුරුව ඇගේ ශෝභමාන පෙනුමට වශී වූ රජතුමා, ඈව බලෙන්ම විවාහ කර අගබිසෝ තනතුරේ තබාගත්තා.

රුවන්වැලි සෑය වඳින්නට ගිය දියණිය ආපසු නොපැමිණීම නිසා ඈ සොයාගෙන එන්නට නා රජු නාගයින් කීපදෙනෙක්ව අනුරාධපුරයට එවනවා. එහි වැසියන් සමඟ කතාබහෙන් පසු, දු‍ටුගැමුණු රජතුමා එම නාග කන්‍යාව බලෙන්ම බිසෝ තනතුරේ තබාගෙන සිටින බව දැනගන්නා ඔවුන් ආපිට ගොස් එම පුවත නා රජුට වාර්තා කරනවා. ප්‍රථමව තමා සන්තකව නාලොව තිබූ ධාතූන් ගෙනයෑමත්, දෙවනුව ඒවා වැඳීමට ගිය සිය දියණිය පැහැරගැනීමත් නිසා දු‍ටුගැමුණු රජු පිළිබඳව නා රජුට ඇතිවන්නේ බලවත් කේන්තියක්. දු‍ටුගැමුණු රජුගෙන් පළිගැනීමට අදහස් කරන නා රජු නාග මානවකයෙකු කැඳවා, “දු‍ටුගැමුණු මරා මිස නැවත නොපැමිණෙවැ”යි කියා ඔහුව මනුෂ්‍ය ලෝකයට පිටත් කරවනවා.

අණ පරිදි අනුරධපුර පිහිටි රජුගේ මාළිගයට පැමිණෙන නාගයා, රජුගේ සයනය යට සැඟවී සිට රජුට දෂ්ට කරනවා. එවිටම වාගේ නින්දෙන් පිබිදෙන රජු නාගයෙකු සයනය යටට ඇදෙනු දැක කෑගසා, ඒ අසා පැමිණි ගබඩා භාර නිලමේට නයෙක් තමාට දෂ්ට කළ බව කියා සිහිමූර්ජා වෙනවා. ඇඳ යට නයෙකු නොසිටියත්, කපුරුනාද නම් රාජ විෂ වෛද්‍යවරයා කැදවා, ඔහු විසින් රජුව විෂහරණ ඔරුවක බහා, නිල අල්ලා, ඖෂධ ගල්වා කරන ලද ප්‍රතිකාර වලින් පසු රජු සුවපත් වෙනවා.

රජු මියෙනතෙක් මනුලොව නැවතී සිටි නාග මානවකයා මෙයින් අධික කෝපයට පත් වෙනවා.

ආපසු නාලොවට නොයන ඔහු, ඊළඟ සතියේත් රජුට දෂ්ට කළත්, කපුරුනාද වෙදතුමා රජුව නැවතත් සුව කරනවා. මෙයාකාරයෙන් විවිධ තැන්වල, විවිධ වේලාවන්හි ‍රැක සිට සත්වරක් රජුට දෂ්ට කළත්, ඒ සියලු වතාවන් වලදී කපුරුනාද වෙදතුමා රජු සුවපත් කිරීමට සමත් වෙනවා. රජු මරාදමා මිසා ආපසු යන්නේ නැතැයි අධිෂ්ඨාන කරන නාගයා රජතුමා මරන්නට උපායක් කල්පනා කරනවා.

සුව කළ හැකි සර්ප දෂ්ටනයන් මෙන්ම, සුව නොකළ හැකි සර්ප දෂ්ටනයන් ද තිබෙන බව දේශීය විෂ විද්‍යාවේ සඳහන්. “මර යෝග” යනුවෙන් ද හැඳින්වෙන්නේ මේවායි. යමෙකු මැරීමේ ශාස්ත්‍රය දන්නේ ඔහු සුවපත් කිරීමට දන්නා තැනැත්තාමයි. එනිසා රජුට දෂ්ට කිරීම සඳහා මෙවැනි “මර යෝගයක්” කපුරුනාද වෙදතුමාගෙන්ම අසා දැනගත යුතු බව නාගයා කල්පනා කළා.

මෙවර මසක් පමණ කාලයක් රජතුමාට දෂ්ට නොකර සිටි නාගයා, නාග ආපදාව අවසන් බව කල්පනා කළ වෙදතුමා මාළිගයෙන් නික්මී ඈත දනව්වක පිහිටි සිය ගම් බලා යන තෙක් ඉවසීමෙන් සිට, මනුෂ්‍ය වේශයක් ගෙන මග ‍රැක සිටියා. මග පිහිටි අම්බලමක දී අහම්බෙන් මුණගැසුණු බවක් අඟවා වෙදතුමා හා ආගිය තොරතුරු සාකච්ඡා කළ ඔහු, “මේ ළඟකදී ඔබතුමා කීපවිටක් රජු බේරාගත්තා නොවේද, ඔබතුමාට සුව නොකළ හැකි දෂ්ටනයන් තිබේයැයි මම නම් සිතන්නේ නැතැ”යි කියා තිබෙනවා. විෂ වෙදකම සොයාගත් සෘෂීන්ට පවා සුවකළ නොහැකි අන්දමේ දෂ්ටනයන් තිබෙන බව මෙයට ප්‍රතිචාර ලෙස කපුරුනාදතුමා ප්‍රකාශ කර තිබෙනවා.

තමාටත් ඒවා කියාදෙන ලෙස නාගයා කළ ඉල්ලීම නිසා, රජතුමා මරාදැමීමට මෙසේ අසනා බවක් නොදත් වෙදතුමා, දෂ්ට කළ ගමන්ම මැරෙන නැකැත්, පැය කීපයකින්, දින කීපයකින් මැරෙන නැකැත් ආදිය ගැන විස්තරයක් නාගයාට පැවසුවා.

සාකච්ඡාවෙන් මද වේලාවකට පසුව වෙදතුමාගෙන් සමුගත් නාගයා ආපසු හැරී මාළිගයට ගොස්, අසාගත් නැකතක් පැමිණෙන තුරු ‍රැක හිඳ, දින සතකින් මැරෙන නැකතක් උදා වූ විට රජතුමාට දෂ්ට කළා.

රජතුමාට නැවතත් නයෙකු දෂ්ට කර තිබෙන බව දැනගත් වහාම කපුරුනාද වෙදතුමා වෙත දූතයෙකු පිටත්කර යැවුණා. දූත ලක්ෂණ අනුව වෙදතුමා දැනගත්තාලු මෙවර නම් රජතුමා ගලවාගැනීමට නොහැකි බව. නමුත් දෂ්ට කර ඇති නැකතට අනුව රජුගේ ජීවිතය දින සතක් ‍රැකෙන බව දැනගත් ඔහු වහා රජු දැකීමට පිටත්ව ගියා. සිහිමූර්ජාව සිටි රජතුමාට ප්‍රතිකාර කර සිහිගැන්වූ වෛද්‍යවරයා රජුට සැලකරන්නේ මෙවර නම් එතුමා බේරාගැනීම තමාට තබා විෂ විද්‍යාව සොයාගත් සෘෂිවරයාටත් නොහැකි බවත්, සත් දිනකින් මරණය ස්ථිර බවත්. වේදනාවෙන් පීඩා විඳිමින් එය අසන රජතුමා තමන්ට මෙය සිදුකරන්නට ඇත්තේ තමන් බලහත්කාරයෙන් බිසෝ තනතුරේ තබාගත් නාග කන්‍යාවගේ ඥාතියෙකු විය හැකි බව අනුමාන කර තිබෙනවා.


ඉන් අනතුරුව අමාත්‍යාදීන් ‍රැස්කර, සද්ධාතිස්ස කුමරුන් ද ගෙන්වා රාජ්‍ය පාලනයත්, මහා සෑයේ වැඩකටයුතු අවසන් කිරීමත් ඔවුන්ට පැවරූ දුටුගැමුණු රජතුමා, දෂ්ටනයෙන් සත් දිනක් ගෙවුණු තැන මරණයට පත්වුණු බවයි ජනකතාවේ කියවෙන්නේ.

මේ ජනකතාව තහවුරු කිරීමට තරම් සාක්ෂියක් ඉතිහාසයෙන් හමුවන්නේ නැතත්, කපුරුනාද නම් විෂ වෛද්‍යවරයෙකු උතුරුමැද පළාත ආශ්‍රිතව විසූ බවට ලිඛිත සාධක හමුවෙනවා. කෙසේ නමුත් ඒ ගැනත් ඊට වඩා සාක්ෂියක් සොයාගන්නට හැකි වී නැහැ.

09/11/2025

👉SOON ON...🎙️
🎥 අප විසින් රූප රචනය කල,
✒️ධම්මික බණ්ඩාරයන් විසින් පද රචනය කල,
🎙️සමන්ප්‍රිය හේරත් හඬ මුසු කළ...
🎼සංක සේනාරත්න තනු නිර්මාණය කළ..

" සඳළු තලේ " Song Trailer

Lyrics - Dhammika Bandara
Voice - Samanpriya Herath
Visual & Editor - Lalitha Athauda
Music - Sanka Senarathna
Mix & Mastering - C Age Studio Gayan C Bentharage
Camera - Umesh Fernando
Present by ROOPARAMMANA CREATION

🎨මේ සිතුවම මෙතෙක් පැවති භයානකම ක්‍රියාවන්ගෙන් එකක් නිරූපණය කරන බව මම ඔබට පැවසුවහොත් කුමක් කළ යුතුද? අද අපි ජීන් ලියොන් ජ...
09/11/2025

🎨මේ සිතුවම මෙතෙක් පැවති භයානකම ක්‍රියාවන්ගෙන් එකක් නිරූපණය කරන බව මම ඔබට පැවසුවහොත් කුමක් කළ යුතුද? අද අපි ජීන් ලියොන් ජෙරෝම් විසින් රචිත "The Slave Market" නම් කෘතිය පිළිබඳ විමසමු.

අපි මේ සිටින්නේ මැද පෙරදිග වහල් වෙළඳපොළක ය. ගැනුම්කරුවන් විසින් සිදු කරනු ලබන පරීක්ෂාව ඉදිරිපිට කාන්තාව දැඩි ලෙස නිරුවතින් සහ අසරණව සිටගෙන සිටී. ඇගේ ශරීර භාෂාව, ලැජ්ජාවෙන් මුහුණ සඟවාගෙන, ඒ සියල්ල හයියෙන් කෑගසයි: නින්දාව සහ අසරණභාවය. මෙය භාණ්ඩ වෙළඳාම පමණක් නොවේ; මෙය මිනිසුන් දේපළ බවට පත් කිරීමේ කුරිරු යථාර්ථයයි.

ගැණුම්කරු මෘදු, පාහේ සන්සුන් පසුබිමකට එරෙහිව, පශු සම්පත් වෙළඳපොළේ සිටිනාක් මෙන් කාන්තාවගේ දත් පරීක්ෂා කරයි. මෙම සාමකාමී පසුබිම විෂය කාරණය තවත් කරදරකාරී කරයි, පැහැදිලිව පෙනෙන පරිදි සිදුවන භයානක දෙයක් වන අතර කිසිවෙකු එය නවත්වන්නේ නැත.

එය කුතුහලය දනවන කරුණකි, මන්ද ජෙරෝම් අපට නරක පුද්ගලයා හෝ හොඳ පුද්ගලයා ලබා නොදේ; ඔහු අමු යථාර්ථය පෙන්වයි - සදාචාරාත්මක කිරීමක් නැත, කෲරත්වයේ ඡායාරූපයක් පමණි. නිශ්ශබ්ද වර්ණ සහ සවිස්තරාත්මක රූප අපව ආකර්ෂණය කරයි, දර්ශනය කෙතරම් නොසන්සුන් විය යුතුද යන්න අපට මුහුණ දෙයි.

එසේ නම් පණිවිඩය කුමක්ද? ජෙරෝම් අතීතයේ කුරිරුකම් වලින් එකක් මතක් කරයි, වහල්භාවය පිළිගැනීම පමණක් නොව සාමාන්‍යකරණය කළ කාලයකි. එය කෲරත්වයට හැකියාව ඇති මනුෂ්‍යත්වය සහ ඉතිහාසයේ එම අඳුරු අවස්ථා මතක තබා ගැනීමේ වැදගත්කම ගැන මෙනෙහි කිරීමට අපෙන් ඉල්ලා සිටින සිතුවමකි.

MWWS✍️

සිනමා ඉතිහාසයේ ඉතාමත් ප්‍රසිද්ධ විකට නළුවා වන චාලි චැප්ලින් මෙසේ  කියයි. “මම කුඩා කාලයේදී මගේ පියා සමඟ සර්කස් සංදර්ශනයක්...
05/11/2025

සිනමා ඉතිහාසයේ ඉතාමත් ප්‍රසිද්ධ විකට නළුවා වන චාලි චැප්ලින් මෙසේ කියයි.

“මම කුඩා කාලයේදී මගේ පියා සමඟ සර්කස් සංදර්ශනයක් නැරඹීමට ගියෙමි, ටිකට් පත් සදහා දිගු පෝලිමක් තිබූ අතර අප ඉදිරිපිට සිටියේ දෙමාපියන් සහ දරුවන් 6 දෙනෙකුගෙන් යුත් පවුලක්.

ඔවුන් දරිද්‍රතාවයෙන් යුතු අය බව පැහැදිලි වූ අතර, ඔවුන්ගේ ඇඳුම් පරණ නමුත් පිරිසිදුයි. සර්කස් ගැන පිරිමි ළමයින් කතා කරන විට ඔවුන්ගේ පියා ඉතා සතුටු සිතින් සිටියේය.

තම වාරය පැමිණි විට ඔවුන්ගේ පියා ටිකට් මිල ඇසීය අයකැමි ටිකට් මිල ගණන් ඔහුට පැවසූ විට, මිනිසා ගොත ගසමින් හැරී තම බිරිඳගේ කනට යමක් කීවේය.

"ලැජ්ජාව නිසා එය පහසුවෙන් කියවිය හැකි විය."

හදිසියේම, මගේ පියා සාක්කුවෙන් ඩොලර් 20 ක් ගෙන එය බිමට විසි කළේය. මගේ පියා නැමී එය අතට ගෙන මිනිසාගේ උරහිසට අත තබා මෙසේ කීවේය. "ඔයාගේ සල්ලි වැටුනා සර් ..."

ඒ මිනිසා මගේ පියා දෙස බැලූ අතර ඔහුගේ දෑස් කඳුළින් පිරී ගියේය. ..

"ස්තුතියි සර්." යැයි පැවසීය..

අනතුරුව තාත්තා මාව අතින් ඇදගෙන පෝලිමෙන් එළියට ආවා. ඒ මිනිසාට දුන් ඩොලර් 20 හැර මගේ පියා සතුව ප්‍රමාණවත් මුදල් නොමැති විය...

එතැන් සිට මම මගේ පියා ගැන ආඩම්බරවීමි. එම මිනිත්තු 2 මගේ ජීවිතයේ මම දුටු හොඳම දර්ශනය විය...

- චාලි චැප්ලින් -

උපුටාගැනීමකි.

💎ADVERTISER FUTURE GEELONG LEADERSHIP AWARDS 2025 - AUSTRALIA අපේකම ලෝකයේ බබලවමින් ශ්‍රී ලාංකීය තරුණියක් ජයග්‍රහණය කරවමු...
02/11/2025

💎ADVERTISER FUTURE GEELONG LEADERSHIP AWARDS 2025 - AUSTRALIA
අපේකම ලෝකයේ බබලවමින් ශ්‍රී ලාංකීය තරුණියක් ජයග්‍රහණය කරවමු...

👉" ISINI PUHULA GAMAYALAGE "
👑️👑️👑️👑️👑️👑️👑️👑️👑👑️👑️👑️👑️👑️👑️👑️
https://www.geelongadvertiser.com.au/news/geelong/future-geelong-leadership-awards-finalists-revealed/news-story/40ae93371ddc47b9641650fa20c52828

👉මගේ හිතවතෙකු ගේ ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හදාරන දියණියගේ ජයග්‍රහණයක් වෙනුවෙන් සහයෝගය පතමි . කරුණාකර පහත link එක මත touch කරන්න .ඉන්පසුව

1. එහි මදක් පහලට යනවිට "Isini Dekin university under 25" පොටෝ එක මත touch කරන්න .
2. ඉන්පසුව මදක් පහලට ගොස් "cast for votes " වගන්තිය touch කරන්න .
3. එවිට ඔබට " thank you for voting " වගන්තිය දිස්වීමෙන් ඔබගේ මනාපය තහවුරු කර ඇත .
ඇයගේ ජයග්‍රහණය වෙනුවෙන් මගේ ඉල්ලීම ගැන සලකා බලන ඔබට ස්තූතියි .ඔබගේ සියලුදෙනා අතරද මෙම පණිවිඩය යවන්න. https://www.geelongadvertiser.com.au/news/geelong/future-geelong-leadership-awards-finalists-revealed/news-story/40ae93371ddc47b9641650fa20c52828

You told us who you thought Geelong leaders were.

Copied ✒️හෙළ සිනමාවේ පුරාවෘතයක් වූ, ආතර් සී ක්ලාක් මහතාගේ හොඳම මිතුරා මයික් විල්සන්. මේ කතාව පටන් ගන්නේ 1951 දී.මේ වෙන ක...
27/10/2025

Copied
✒️හෙළ සිනමාවේ පුරාවෘතයක් වූ, ආතර් සී ක්ලාක් මහතාගේ හොඳම මිතුරා මයික් විල්සන්.

මේ කතාව පටන් ගන්නේ 1951 දී.මේ වෙන කොට ආතර් සී ක්ලාක් කියන්නේ තරුණයෙක්.විද්‍යාව ප්‍රබන්ධ ගැන විද්‍යාව ගැන විශේෂයෙන්ම විශේෂයෙන් ම තාරකා විද්‍යාව ගැන අතිශයින් උනන්දුවක් දක්වපු තරුණ ක්ලාක් එවැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් කරුණු ගවේෂණය කරන්න කැමති හිතමිත්‍රයන් ආශ්‍රය කරන්න ප්‍රිය කළා. හැම අඟහරුවාදා දවසකම මේ මාතෘකාවලට ප්‍රියකරන හතළිහක් පනහක පිරිසක් පබ් එකකට රැස්වෙලා මධු විත පානය කරන ගමන් මේ ක්ෂේත්‍ර ගැන කතා කරන්න පුරුදු වෙලා හිටියා.

මෙන්න මේ පබ් එකේ දී ආතර් සී ක්ලාක්ට අලුත් අලුත් යාලුවෙක් මුණ ගැහුණා. මේ තරුණයා තමයි මයික් විල්සන්. දුටුව ක්ෂණයෙන්ම දෙන්නට දෙන්නා අල්ලලා ගියා. සමහර විට එතන වෙනත් බැඳීමක් තිබුණා කියලා. කොහොම වුණත් මේ හමු වීම දෛවෝපගත හමුවීමක් කියලා වගේම දෙදෙනාගේම ජීවිත වෙනස් කරන්න බලපායි කියලා මේ දෙන්නම පළමු වතාවේදී හිතන්නේ නැතුව ඇති.

ඒ වෙනකොට වයස අවුරුදු 16ක කොලුගැටයෙක් වුණු මයික් විල්සන් නැවක සේවය කරමින් හිටියේ. මේ කාලයේදී බ්‍රිතාන්‍යයේ පැවති නීතිය අනුව නැවක සේවය කරන අය පවා සැලකුණේ නාවික හමුදාවේ කොටසක් විදිහට. ටිකෙන් ටික හොඳ යහලුවන් බවට පත් වීමෙන් පස්සේ කොලු ගැටයා ආතර් සී ක්ලාක් ට අලුත් විනෝදාංශයක් පුරුදු කරනවා. ඒ තමයි ගැඹුරු මුහුදේ කිමිදීම. අභ්‍යවකාශය වගේම වගේ ම ගැඹුරු මුහුද කියන්නේ කියන්නෙත් විශ්මිත ලෝකයක් බව ආතර් සී ක්ලාක් මයික් විල්සන්ගෙන් වටහා ගන්නවා.

1954 වර්ෂයේ වෙද්දි සැලකියයුතු මුදලක් ඉතිරිකර ගත්ත මයික් විල්සන් තමන්ගේ විනෝදාංශය වෙනුවෙන් වැඩි කාලයක් යොදවන්න තීරණය කරනවා. ඒ නැවේ රස්සාවට සමු දෙමින්. ඉන් අනතුරුව ඔහු සහ ආතර් සී ක්ලාක් ඕස්ට්‍රේලියාව බලා පිටත් වෙන්නේ මහා බාධක කොරල් පරය ගවේෂණය ගවේශණය කරන්න. මේ ගමන අතරතුර දී ඔවුන් ශ්‍රී ලංකාවට ගොඩ බසිනවා. මේ තමයි ශ්‍රී ලංකාවට ඔවුන් පැමිණෙන පළවෙනි අවස්ථාව. කොහොම වුණත් ඒ වතාවෙදි ශ්‍රී ලංකාවේ වැඩි කාලයක් ගත නොකර ඔවුන් ඕස්ට්‍රේලියාව බලා පිටත් වෙන්නේ නැවතත් ලංකාවට එනවා කියන කියන සිතුවිල්ලත් එක්ක. පස්සේ කාලෙක ආතර් සී ක්ලාක් හෙළි කරපු විදිහට දෙදෙනාට ලංකාව දැක්ක ගමන් රටට විස්තර කරන්න බැරි තරම් ආදරයක් ඇති වෙලා තියෙනවා.

නමුත් ඔවුන්ට නැවතත් ලංකාවට පැමිණෙන්න ලැබෙන්නේ 1956 ජනවාරි මාසයේදී. රොඩ්නි ජොන්ක්ලාස් නම් කිමිදුම්කරුවෙක් එක්ක ඔවුන් දෙදෙනා ලංකාව පුරා මුහුදේ කිමිදුම් කටයුතුවල යෙදෙනවා. බොහෝ වෙලාවට මේ කිමිදුම් කටයුතු වල අභිප්‍රාය වෙන්නේ මුහුදේ ගිලී ගිය පැරණි නෞකා ගවේෂණය කිරීම.මේ කාල පරිච්ඡේදය ගැන ඇතැම් අය නම් කතා කරන්නේ එතරම් ප්‍රසාදයකින් නෙමෙයි. සමහරු සැක කරන්නේ ආතර් සී ක්ලාක් සහ මයික් විල්සන් මීට වඩා දෙයක් සොයන්න මුහුදු තීර ගවේෂණය කළා කියලා. සමහර අය නම් පුරා වස්තු කොල්ලකරුවෝ කියන යෙදුමත් මේ දෙන්නා වෙනුවෙන් පාවිච්චි කරනවා.සමහරු කියන්නේ රාවණ යුගයේ යම් දෙයක් හොයන්න මේ කිමිදුම් කටයුතු සිදු කළා කියලා.ඒ වගේම ඔවුන් දෙදෙනා මන්නාරමේ මුතුපර ගවේෂණයටත් තමන්ගේ අවධානය යොමු කරනවා.

මේ කාලය වෙද්දී ආතර් සී ක්ලාක් විද්‍යා ප්‍රබන්ධ රචකයෙක් විදිහට ප්‍රසිද්ධියට පත්වෙමින් පත් වෙමින් හිටපු කාලය.මේ කාලෙදි ඔහු රචනා කරන අර්ත්ලයිට් ඇන්ඩ් එක්පිඩිෂන් ටු අරත් කෘතිය ඔහු පිළිගන්වන්නේ මයික් විල්සන්ට.

සාමාන්‍ය ජීවිතයේ දී ස්ත්‍රීන්ට දැඩි ලෙස දරුණු පුද්ගලයෙක් වුණු මයික් විල්සන් නිසා ඇතැම් අවස්ථාවල ආතර් සී ක්ලාක් පවා අපහසුතාවයට ලක් වෙනවා. 1956 නිව්යෝර්ක් නුවර පැවති ලෝක විද්‍යා ප්‍රබන්ධ සමුළුවට සහභාගි වෙමින් සිටින අතර තුර මධ්‍යම රාත්‍රියේ දී ආතර් සී ක්ලාක් නිදා සිටි කාමරයේ දොරට යමෙකු තට්ටු කරනවා. මේ මහ රෑ මැද්දේ ආපු අමුත්තා කවුද කියලා බලන්න කඩිමුඩියේ දොර ඇරලා බලද්දී ආතර් සී ක්ලාක්ට තවත් විද්‍යා ප්‍රබන්ධ රචකයෙකු වුණු හාර්ලන් එලිසන් දැක ගන්න ලැබෙනවා. ඔහු ආතර් සී ක්ලාක් ගෙන් ඉල්ලන්නේ එකම එක ඉල්ලීමක් ඒ “කරුණාකරලා මයික් විල්සන්ට කියන්න, මගේ පෙම්වතියට කරදර කරන්න එපා කියල”.

මුහුදට, ස්ත්‍රීන්ට පෙම් බැන්ද බැන්ද මයික් විල්සන්ගේ ඊළඟ පෙම්වතිය බවට පත්වෙන්නේ චිත්‍රපටි නිපදවීම. නමුත් ඔහු මුල් කලේ නිෂ්පාදනය කරන්නේ සාමාන්‍ය චිත්‍රපටි නම් නෙමෙයි. විශේෂ කැමරා ආම්පන්න භාවිතා කරම්න් දිය යට දර්ශන ඇතුළත් වාර්තා චිත්‍රපටි ඔහු නිෂ්පාදනය කරනවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට 1962 දී ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටය වූ රන්මුතු දූව චිත්‍රපටය අපේ රටේ ප්‍රේක්ෂකයන්ට දැක බලාගන්න අවස්ථාව දැක බලා ගන්න අවස්ථාව ලැබෙනවා.

මේ රන්මුතු දූව චිත්‍රපටයේ නිෂ්පාදකයකු විදිහට කලා ආතර් සී ක්ලාකුත් මූල්‍යමය දායකත්වයක් ලබා දෙනවා

මේ චිත්‍රපටය රූගත කරද්දී අපූරු අත්දැකීමකට මයික් විල්සන් ඇතුළු කණ්ඩායම මුහුණ දෙනවා.මේ අත්දැකීම තමන්ගේ මුළු ජීවිතයම සුවිශාල පෙරළියකට ලක් කරයි කියලා මයික් විල්සන් කවදාවත් හිතන්නේ කවදාවත් හිතන්නේ නැතුව ඇති.

ත්‍රිකුණාමලය අවට මුහුදේ දිය යට දර්ශන රූගත කිරීමට මයික් විල්සන් ඇතුළු පිරිසක් ඇවිල්ලා කියලා දැන ගත්ත කෝනේශ්වරම් කෝවිලේ ප්‍රධාන පූජක තුමා මයික් විල්සන් ඇතුළු කණ්ඩායම මුණගැහෙන්න එනවා. ඇවිල්ලා විශේෂ ඉල්ලීමක් කරනවා. ඒ තමයි මුහුදේ කිමිදෙන අතරතුරේදි ගලින් කළ ශිව ලිංගයක් මුණ ගැහුණොත් ඒ ශිව ලිංගය ගොඩට අරගෙන කෝවිලට නැවතත් භාරදෙන්න කියන බාර දෙන්න කියන ඉල්ලීම.

මේ ශිව ලිංගය වසර දහස් ගණනක් තිස්සේ කෝනේශ්වරම් පුදබිම පූජාවට ලක් වෙමින් පැවැති ශිව ලිංගයක්.මේ ශිව ලිංගය හදුන්වන්නේ ස්වයම්භූ නමින්. හින්දු බැතිමතුන් විශ්වාස කරන්නේ මේ ශිව ලිංගය මනුෂ්‍යයෙක් අතින් නිර්මාණය වුණු ශිවලිංගයක් නොවන බවත් ශිව දෙවියන්ගේ අධිෂ්ඨානයක් මත ඉබේ පහළ වූ ශිවලිංගයක් බවත්. පුරාකතාවල හැටියට මේ වගේ ස්වයංභූ ශිවලිංග 69 ක් ඉන්දියාව පුරා විසිරී තිබෙනවා. අද වෙනකොට මේ ශිව ලිංග 69 අතරින් සොයාගැනීමට හැකි වෙලා තියෙන්නේ අතලොස්සක් පමණයි. ඒ අතරින් එකක් වුණු කෝනේශ්වරම් කෝවිලේ ශිව ලිංගය පෘතුගීසීන් විසින් කෝවිල විනාශ කරද්දී මුහුදට දමා තිබෙනවා.

පූජකතුමා ශිව ලිංගය ගැන පිළිබඳව මේ විස්තර කියද්දී උපතින් කිතුණු බැතිමතෙක් වුණු මයික් විල්සන්ට ඒ ගැන කිසිම අදහසක් තිබිලා නැහැ. නමුත් ඔහු දවසක් කිමිදුම් කටයුතු කටයුතුවල යෙදෙද්දී ඔහුට මේ ස්වයංභූ ශිව ලිංගය දැක ගන්න ලැබෙනවා. මයික් විල්සන් පස්සෙ කාලෙකදි සඳහන් කරලා තියෙන විදිහට මේ ශිව ලිංගය ස්පර්ශ කල සැනින් සහ දැක්ක සැනින් ඔහුට දුර ඈත අතීත භව ගණනාවක් මතකයට නැගිලා තියෙනවා. ඒ වගේම ස්වයංභූ ශිව ලිංගය අසල හිඳිමින් බවුන් වැඩුව පිරිස් ගැනත් මතකයට නැගිලා තියෙනවා.

හාස්කමකට වගේ මේ බර ශිව ලිංගය වැඩි ආයාසයක් නැතුව ගොඩට ගෙන අරගෙන කෝනේශ්වරම් දේවාලයට බාර දෙන්න මයික් විල්සන්ට වැඩි වෙලාවක් ගිහිල්ලා නෑ. එදා ඉඳන් අද වෙනකල් කෝනේශ්වරම් දේවාලයේ මේ ස්වයංභූ ශිව ලිංගය වැදුම් පිදුම් ලබනවා.

රන්මුතු දූවෙන් පස්සේ සෙරන්ඩිප් කියලා චිත්‍රපටි සමාගමක් පිහිටුවා ගෙන ආතර් සී ක්ලාක් ශේෂා පලිහක්කාර ඇතුළු පිරිසක් සම්බන්ධ කරගෙන තවත් චිත්‍රපටිය මයික් විල්සන් විසින් නිෂ්පාදනය කරනවා. නමුත් පස්සේ කාලෙකදි ඔහුගේ ජීවිතයේ විවිධ හැල හැප්පීම් සිදු වෙනවා. චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න ගිහින් සත්‍යජිත් රායි සමගත් මයික් විල්සන් ගැටුමක් ඇති කර ගන්නවා. තව තව ප්‍රශ්න එක්ක සෙරන්ඩිබ් සමාගමේ පිරිස විසිර යනවා. වසර ගණනාවක් තිස්සේ ආතර් සී ක්ලාක් සමඟ පැවති මිත්‍රත්වයත් අවසානයේදී පළුදු වෙලා යනවා.

අවසානයේදී ස්වයම්භූ ශිව ලිංගය මුණ ගැසුණු තැන ඉදන් ඔහුගේ ජීවිතයේ එකම බලාපොරොත්තුව ඔහු සඵල කර ගන්නවා. ඒ විනෝදකාමි ගිහි ජීවිතයට ආයූබෝවන් කියමින් ස්වාමි සිව කල්කි නමින් සාධු වරයෙක් බවට පත්වීමෙන්.

ඔහු එදා ත්‍රිකුණාමලයේ දී තමන් ලද අත්දැකීම් වඩාත් විස්තර සහිතව මෙසේ ප්‍රකාශ කරනවා ”ඒ සිදු වීම සම්පූර්ණයෙන් මාව වෙනස් කලා''. ගුප්ත සහ දිව්‍යමය දර්ශනයක් මා ඉදිරියේ පහළ වුණා.ඒ වගේම මම තව දෙයක් තේරුම් ගත්තා. ''මම ලංකාවේ කොයිතරම් භව ගණනාවක් ගත කළාද කියන එක සහ ලංකාවේ මම මේ ගත කරන්නේ පලවෙනි භවය නොවන බව. ඒ වගේම මගේ මිදීම තියෙන්නෙ කතරගම බවත් මම වටහා ගත්තා.”

ඔහු සාදු වරයෙක් විදිහට භාවිතා කරන “ස්වාමි සිව කල්කි” කියන්න නමත් අපුරු නමක්.ඒ නම තුළ සිව සහ විෂ්ණු යන දෙවිවරු දෙදෙනාගේ එකතුවක් තියෙනවා.

කල්කි කියන්නේ විෂ්ණු දෙවියන්ගේ දස වැනි අවතාරය.හින්දු පුරාණවල හැටියට සුදු අශ්වයෙක්ගේ පිට නැගුණු කල්කි අවතාරය කඩුවක් අතේ දරා ගෙන ලෝකයේ සියලු නරක විනාශ කර දමලා අලුත් ලෝකයක් අලුත් මනුෂ්‍ය ජාතියක් ගොඩ නඟනවා.

ස්වාමි වරයෙක් විදිහට ඔහු ගත කරපු කාලයේ දීත් ඔහු පුවත් මවන චරිතයක් බවට පත් වුණා. 1980 වසරේ දී කතරගම වාසය කර ස්වාමිවරුන්ට බලධාරීන්ගෙන් විවිධ බාධා ඇති වුණා.ඒ අවස්ථාවේදී ස්වාමි සිව කල්කි ඔවුන් වෙත ශාපයක් මුදා හැරියා. මේ පිළිබඳව ජාත්‍යන්තර සඟරා වල පවා පලවුණා. 1989 වර්ෂයේදී ජනතා විමුක්ති පෙරමුණ කතරගම පෙරහැරට ප්‍රහාරයක් එල්ල කළා. ජනතා විමුක්ති පෙරමුණේ අවසානයේ ලංව ඇති බවට ස්වාමි සිව කල්කි අනාවැකි පළ කළා. ඒ අනාවැකිය ඒ විදිහටම සිදු වුණා.

ස්වාමි වරයෙක් විදිහට ගත කරපු කාලය තුළ දී පවා ඔහු චිත්‍රපටි සම්බන්ධ වූ යම් යම් දේ කළා කිව්වොත් ඔබ පුදුමයට පත්වෙයි නේද? ඒ වගේම මේ පුද්ගලයා ආධ්‍යාත්මික වශයෙන් ඉහළ කෙනෙක් නම් ඇයි චිත්‍රපටි ගැන ආපහු උනන්දු වුණේ කියන ප්‍රශ්නය නම් ඔබට ඇති වෙයි.

නමුත් ඔහු එම කාලය තුළ රචනා කරපු චිත්‍රපටය තිර නාටක වලින් අනාගත ලෝකය ගැන යම් යම් ඉඟියක් ලබා දුන්නා කියලා හිතන්න පුළුවන්. උදාහරණයක් විදිහට එක තිර රචනයක් මගින් ඔහු සඳහන් කරන්නේ අනාගත ලෝකයේ ඇතීනා නම සුවිශාල පරිගණක පද්ධතියක් මගින් ලෝ වැසියන්ට අවශ්‍ය ආහාර නිවාස සියල්ලම සමානව බෙදා දෙන ආකාරය.

ඔහුගේ ඊළඟ තිර රචනය තවත් අද්භූත අද්භූත ජනකයි. ලංකාවේ රූපවාහිනිය ජනප්‍රිය තියා අහලාවත් නොතිබුනු කාලයක ඔහු Voice of Dhamma නම් බෞද්ධ රූපවාහිනී චැනල් එකක් ගැන තමන්ගේ තිරරචනයක සඳහන් කරනවා. මේ චැනල් එකෙන් ධර්ම දේශනා කරන සුමේධ නම් භික්ෂුන් වහන්සේ නමක් සමග ඇන්ෆාල් නම් පිටසක්වල ජීවියෙක් එක්ක ධර්ම සාකච්ඡාවක් පටන් ගන්නවා.මේ ධර්ම සාකච්ඡාව ලොව පුරා මිනිස්සු නරඹන්න පටන් ගන්නවා. එහි ප්‍රතිඵලයක් විදිහට දූෂිත පාලන ත්‍රන්ත්‍රය අද වැටෙනවා. අවසානයෙදී ඇන්ෆාල් රහත් භාවයට පත් වනවා.

~තොරතුරැ සම්පාදනය අන්තර්ජාලය, සහ පත පොත ඇසුරින්~

ජැක්සන් ඇන්තනී ගැන මතකාවර්ජනයක්!කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනී හෙවත් අප කවුරුත් දන්නා ජැක්සන් ඇන්තනී උපත ලබන්නේ, ...
13/10/2025

ජැක්සන් ඇන්තනී ගැන මතකාවර්ජනයක්!

කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනී හෙවත් අප කවුරුත් දන්නා ජැක්සන් ඇන්තනී උපත ලබන්නේ, 1958 වර්ෂයේ ජූලි 08 වැනි දා රාගම දී ය. එතැන් සිට 2023 ඔක්තෝබර් 09 වැනි දා දක්වා ඔහු ගේ ජීවන ගමන තුළ පැවති සාහිත කලා සෞන්දර්‍යය ඉතා පුළුල් වූත් විචිත්‍ර වූත් එකකි. ඔහු විටෙක රංගන ශිල්පියෙකි. වේදිකාව, රිදී තිරය සේම පුංචි තිරය ද ඔහු එක සේ ජය ගත්තේය. ඔහු තවත් විටෙක ගායකයෙකි. දෑස පියා ගත් කල මැවෙන්නේ, ඔබේ රුව බව කුමාරියට හඬ ගා ගැයුවේ ජැක්සන්ය. ලන්දේ උකුල උඩ නින්ද ගොස් තිබුණේ එරබදු මල් බවත් ඒවා වසන්ත කාලයේ දී ඇස් ඇර ඇති බවත් ඔහු පැවසුවේය. ඔහු තවත් විටක ඉතිහාස ගවේෂකයෙකි; සංස්කෘතික රස්තියාදුකාරයෙකි. ප්‍රබන්ධ රචනයේ ද සූරයකු වූ ජැක්සන් ඇන්තනී, කන්ද උඩ ගින්දර නම් රචනාව හරහා සිය ප්‍රබන්ධමය සාමර්ථ්‍යය රටට කියා පෑවේය. තවත් විටක ඔහු දක්ෂ නිවේදකයෙකි. තවත් විටෙක ගුරුවරයෙකි. ලොවෙන් එකෙක් එක දෙයකට සමත් වන බවට සුභාෂිතය පැවසූ වදන ජැක්සන් ඇන්තනීට සාපේක්ෂ ව මිත්‍යාවකි. ඔහු ක්ෂේත්‍ර ගණනාවක ම සිය සූර හැකියාව ප්‍රදර්ශනය කළේය.

ජැක්සන් ඇන්තනී සතර අභිනය පෑ වේදිකා නාට්‍ය,

බෙර හඬ
අත්
ඔත්තුකාරයා
මෙතනින් මාරු වෙනු
ලෝමහංස
තාරාවෝ ඉගිලෙති
මධුර ජවනිකා
මහා සමයම
ධවල භීෂණ

ජැක්සන් ඇන්තනී හඬ මුසු කළ ගීත

සිතේ සුසුම් නිවන ගයන (ක්ලැරන්ස් විජේවර්ධන සමඟ)
දෑස පියා ගත් කල (ක්ලැරන්ස් විජේවර්ධන සමඟ)
දේවතාවන් සිටින දවල් (ක්ලැරන්ස් විජේවර්ධන සමඟ)
රෑ තාරකාවෝ (ක්ලැරන්ස් විජේවර්ධන සමඟ)
ලන්දේ උකුල උඩ (කුමාරි මුණසිංහ සමඟ)
බණ්ඩාර දෙයියෝ ටෙලි නාට්‍යයේ තේමා ගීතය
අහස පොළව උහුලනවලු (පවුලේ සාමාජිකයන් සමඟ)

ජැක්සන් ඇන්තනී රඟපෑ චිත්‍රපට

ගුරු ගෙදර
චිට්ටි
අයෝමා
විසි දැල (1994)
ලොකු දුව (1994)
භව දුක
භව කර්ම
ගිනි අවි සහ ගිනි කෙළි
අස්වැසුම
අග්නිදාහය (2002)
සූරිය අරණ (2004)
මිල්ල සොයා (2004)
රන්දිය දහර (2004)
ගරිල්ලා මාකටින් (2005)
ධීවරී (2006)
කුරුලු පිහාටු (2006)
ප්‍රවේගය (2015)
ඇඩ්‍රස් නෑ (2015)
ධර්ම යුද්ධය(2017)
ක්ෂීර සාගරය කැලඹිණ
දඩඉම
විෂම භාග
මහරජ ගැමුණු
කුස පබා

ඝරසරප

ප්‍රේක්ෂකයා ගේ ඉමහත් ජනාදරයට පත් රූපවාහිනී වැඩසටහන් කිහිපයක් ද ජැක්සන් ඇන්තනී ඉදිරිපත් කළේය. ඒ අතරින් ගඟ දිගේ, සලංහන්තේ, මහා සිංහලේ වංශ කතාව වැනි වැඩසටහන් පිළිබඳ අදටත් මිනිසුන් කතා කරන්නේ, ඉමහත් වූ ප්‍රියතාවකිනි.

ඔහු හිමි කර ගත් සම්මාන පිළිබඳ සාකච්ඡා කිරීම සහ සඳහන් කිරීම සැබැවින්ම ඉතා අපහසු වැඩකි. එතරමට ම ඔහු ගේ සම්මාන ලැයිස්තුව ඉතා දීර්ඝය. වසර 65ක දිවිය තුළ ඔහු කළ සාහිත්‍ය කලා මෙහෙවර මෙන්ම ඒ සඳහා ඔහුට ලැබුණු ඇගයුම් ද විශාලය. කෙසේ හෝ ඒ විසල් පෞරුෂය දිවි ගමන නිමා කර ඇත. හදිසි අනතුරක් හේතුවෙන් දින 500ක් පමණ රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටි මෙම අසහාය මිනිසා පසුගිය 09 වැනි දා දිවියෙන් සමු ගත්තේය. ඒ සිංහල සිනමාවට, ටෙලි නාට්‍යයට පමණක් නොව සකල කලාවන් සඳහාම පිරවිය නො හැකි රික්තකයක් ඉතිරි කරමිනි.

ජැක්සන් ඇන්තනී ගේ මිය යාමත් සමඟ ඔහු පිළිබඳ විවිධ පාර්ශ්වයන් විවිධ දෑ පවසනු අපට දැකගත හැකි විය. ඔහු අනතුරට ලක් වීමත් ඉනික්බිති ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබීමත් ආදී දෑ සිදු වූ දින 500ක පමණ කාලය පිළිබඳ නැවත නැවත මතක් කළ යුතු නැත. එසමයෙහි සිදු වූ සියලු දෑ පිළිබඳ මෙරට ජනයා සක්සුදක් සේ දනිති. ඒ ආශ්‍රිත ව සිදු වූ දේ හා විවිධ පිරිස් පැවසූ දේ පිළිබඳ නැවත සිහිපත් කිරීම නුසුදුසු යැයි අපි සිතමු. මන්ද කුමක් පැවසුව ද කවුරුන් නිවැරැදි ද වැරැදි ද කියා සොයා ගත්ත ද දැන් ජැක්සන් ඇන්තනී අපෙන් සමු ගෙන ඇති බැවිනි. එබැවින් අප කුමන නිගමනයකට එළැඹුණ ද ජැක්සන් දැන් ඇත්තේ, දෙව් මව් තුරුලේය.

ජැක්සන් උපන්නේ, රාගම ප්‍රදේශයේ කතෝලික ආගමිකයකු ලෙස කතෝලික සභ්‍යත්වයේ හැදී වැඩෙමිනි. නමුත් අප දන්නා ජැක්සන් යනු, සිංහල - බෞද්ධ ඌරුවක් සහිත මනුෂ්‍යයෙකි. ඔහු නිරන්තර කතා කළේ සිංහල සංස්කෘතියේ විසිතුරු හැඩතලයන් පිළිබඳ ව ය. ඒ සඳහා ඔහු ගම් නියම් ගම් පසු කරමින් ඇවිද ගියේය. සිය ගවේෂණ චාරිකා බොහෝමයක් ඔහු නිම කළේ, අමු සිංහල ගැමියකු ලෙස ය. මෙකී තත්ත්වය පිළිබඳ ඇතැම් පුද්ගලයන් විවිධ අදහස් පළ කර තිබිණි. නමුත් අපට නම් පෙනෙන්නේ, විවිධ සංස්කෘතීන් හා ආගමික සභ්‍යත්වයන් එකිනෙක යා කළ මහාර්ඝ පාලම ජැක්සන් ඇන්තනී බවයි.

''පළමුව මම වැන්දා බුදුන් සිහි කරගෙන ඒ ගුණ කඳ'' යනුවෙන් ප්‍රිය සිනා පාමින් කළ මධුර ජවනිකාව යළිත් අපට නො පෙනෙනු ඇත. පළිඟු මැණිකේහී සූරසේන සමඟ ගම්මානය දෙවනත් කළ විජේපාල දැන් මතකයක් පමණි. වෙද හාමිනේහී අන්තෝනියෝ ද ඔබට අමතක නැතැයි අපි සිතමු. ඒ සියල්ලටත් වඩා වේදිකාව පුරා සිත්කලු රැඟුමක යෙදෙමින් තාරාවෝ ඉගිලුණ අයුරු පෙන්වූ ජැක්සන් ව නම් කිසි දා කිසිවකුට අමතක නො වනු ඇත. සෝබාව දෙන ලාංකේය කලා නගරයේ ජේත්තුකාර මිනිසුන් ගේ මතක තුළ ජැක්සන් ඇන්තනී නම් සුලකුණ සදාකාලික ව පවතිනු ඇත.

ශ්‍රියන්ත මෙන්ඩිස්, කමල් අද්දරාරච්චි, මහේන්ද්‍ර පෙරේරා, ආදී සමකාලීන මිතුරන් සමඟ බැඳි ජැක්සන් ගේ රංගන දිවිය ගැන කතා කළ හැකි දෑ බොහෝමයකි.

මේ ජැක්සන් ඇන්තනී නම් සිය මිතුරා සිහිපත් කළ ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා,

''ජැක්සන් ඇන්තනී සහ මා අතර ඇති මිතුරුකමට දැන් දශක 04ක් පමණ වෙනවා. අපි මුලින්ම කලාව පටං ගත්තේ, 70 දශකයේ. දශක ගණනාවක් තිස්සේ අපේ මිත්‍රත්වය ශක්තිමත් වුණා. අපිට ඉදිරියට එන්න දැං වගේ කෙටි පාරවල් තිබුණේ නෑ. ගොඩක් දුක් විඳලා තමා ඉදිරියට ආවේ. මුලිං ම අපි ආවේ වේදිකාවට. එතැනින් ටෙලි නාට්‍යයට. ලංකාවෙ තුන්වෙනි ටෙලි නාට්‍යයේ මමයි ජැක්සනුයි රඟපෑවා. පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයේ විජේපාලට රඟපෑවේ ජැක්සන්. මම සූරසේන ගේ චරිතය. සිනමාවෙ දි මුලින් ම මට ජැක්සන් ව හම්බෙන්නේ, ගිනි අවි සහ ගිනි කෙළි චිත්‍රපටයේ දි. ඒකෙ මම රඟපෑවෙ මහවත්තෙ ලෝකය ගෙ චරිතය. ජැක්සන් හිටියෙ තුම්මුල්ලෙ පද්මෙ ගෙ චරිතයට. ඊට පස්සෙ ජැක්සන් අපිට වඩා ගොඩක් ඉස්සරහට ගියා. ඔහු දක්ෂ නළුවෙක්, දේශ ගවේෂකයෙක්, ග්‍රන්ථ රචකයෙක්, නිවේදකයෙක්, ගී පද රචකයෙක්, ගායකයෙක්, විචාරකයෙක්. මේ හැම හැකියාවක් ම තියන වෙන කවු ද ලංකාවෙ ඉන්නේ? මහා ප්‍රඥාවක් තිබුණු ඉතා වටිනා නිධානයක් තමා ජැක්සන් ඇන්තනී කියන්නේ. එහෙම වටින මහා නිධානයක් තමා අපි අද වළ දාන්න හදන්නේ. මම හිතන විදියට ජැක්සන් වගේ කෙනෙක් අපේ මිනිස්සුන්ට බර වැඩී. අපේ මිනිස්සු ජැක්සන් ව ගත්තෙ වෙනස් විදියකට. කොහොම වෙතත් ජැක්සන් දැන් අපෙන් සමු අරං ඉවරයි. ඒත් අපිට පුළුවන් ආයෙත් මුලට ගිහිං ජැක්සන් ව කියවන්න. ඔහු ගේ නිර්මාණ විච්ඡේදනය කරලා මුල ඉඳං මිනිස්සු කියවන්න ඕනේ. ඔහු අපට සිටිය මහා පෞරුෂයක්. අපිට නැති වුණේ, ඒ දැවැන්ත පෞරුෂය, ඒ මහා දැනුම් සම්භාරය. ඕන කෙනෙකුට අන්තර්ජාලයේ හොයලා බලන්න පුළුවන්. මෙහෙම හැකියාවන් විශාල ගණනක් තිබ්බ නළුවො ලෝකෙ ඉඳලා තියෙන්නේ ඉතාම අඩුවෙන්. ජැක්සන්ට සම්මාන 52ක් තියෙනවා. සම්මාන 52ක් තියන කිසිම කෙනෙක් ලංකාවෙ නෑ. අපි ඔහු ව කියෙවුවා මදි කියලයි මට හිතෙන්නේ. ඔහු බොහොම සැහැල්ලු, සිනාමුසු මනුෂ්‍යයෙක්.

පහුගිය කාලෙ ජැක්සන් ගැන මුහුණුපොතේ කියපු දේවල් එක්ක මට ඔහු ගැන අවසාන වශයෙන් මෙහෙම දෙයක් කියන්න පුළුවන්. ඒ තමා සුබ සහ යස නාට්‍යයේ යසලාලක තිස්ස රජතුමා කරන ප්‍රකාශයක්. මටත් ජැක්සන් ගැන අවසාන වතාවට කියන්න තියෙන්නේ ඒ ප්‍රකාශය.

''තොපි ඕන එකෙක් ඔය සිංහාසනයේ බුදිය ගනිව්. මට ඕන රජකමක් නෑ. තොපි ඕන එකෙක් ගිහිල්ලා රජ වෙයව්. මම මේ යන්නේ, මේ වියරු පුරයෙන් ඈත් වෙන බව හැමෝට ම කියලා එන්න''

සටහන: තරිඳු හර්ෂණ අමරසිංහ

මා ම්ත්‍ර ජැක්සන් ඔබට මොක් සුව!

මරදානේ මස්කඩේ යූසුෆ් හිටියේ නැතිනම් කේමදාස කෙනෙක් නෑ.ප්‍රේමසිරි කේමදාස, නැත්නම් බොහෝ දෙනා විසින් හඳුන්වන විදියට "කේමදාස ...
10/10/2025

මරදානේ මස්කඩේ යූසුෆ් හිටියේ නැතිනම් කේමදාස කෙනෙක් නෑ.

ප්‍රේමසිරි කේමදාස, නැත්නම් බොහෝ දෙනා විසින් හඳුන්වන විදියට "කේමදාස මාස්ටර්" කියලා කියන්නේ ජීවිතයේ දැඩි දුක් කම්කටොලු මැද සංගීතයෙන් ඉහළට ආපු දැවැන්තයෙක්.

සිනමා සංගීතඥයෙකු වෙන්න කලින්, "බැරිසිල්" නමැති ගීතමය නාටකය නිර්මාණය කරනකොට කේමදාස හිටියේ ආර්ථික වශයෙන් පතුලේ. ඒ නිසා ඔහු "බැරිසිල්" කරන්න මුදල් හොයාගත්තේ ණයට අරගෙන. එවකට මරදානේ පංචිකාවත්තේ තිබුණු, කේමදාසගේ 'සංගීත මංජරිය' අසල මස්කඩයක් කරපු යූසුෆ් නමැති musලිම් මුදලාලි කෙනෙක් හිටියා. ඔහුගෙන් 10% මාසික පොලියට ඉල්ලාගත්තු රුපියල් 300 එවකට ලොකු මුදලක්. තවත් කිහිපදෙනෙකු කේමදාසට ණය දුන්නා.

"බැරිසිල්" ගීත නාටකය ඒතරම් ජනතාව අතරට ගියේ නෑ. ඒ නිසා කේමදාස මාස්ටර් විශාල ණය කන්දරාවක් හිසමත තබාගෙන අසරණ වුණා. අනික් ණයකරුවෝ දිගින් දිගටම කේමදාසට කරදර කළත් යූසුෆ්, මාස්ටර්ට ඔවුන් තරම් කරදරයක් වුණේ නෑ. ඒත් එක් දවසක යූසුෆ් මුදලාලි ඇවිත් කිව්වා ඔහුට හදිසියකට මුදල් නැවත අවශ්‍ය නිසා වහාම ණය ගෙවන්න කියලා.

ඒ වෙනකොටත් යූසුෆ්ගේ ණය ගෙවන්නට සෑහෙන ප්‍රමාදයි. ඒත් අනික් ණය ටිකවත් ගෙවාගන්න බැරිව හිරවෙලා හිටපු මාස්ටර් මුළු දවසක්ම නොකා නොබී කොළඹ වටේ ඇවිද්දා. ඒත් යූසුෆ්ට දෙන්න මුදල් හොයාගන්න බැරිවුණා. මාස්ටර් අපේක්ෂා භංගත්වයෙන්, බඩගින්නෙන් 'සංගීත මංජරියට' එනකොට යූසුෆ් ඉන්නවා එතන. මාස්ටර් ඔහුට කිව්වා සල්ලි නැති බව.

ඒත් යූසුෆ් කිව්වේ ඔහුට මුදල් අවශ්‍යම බවයි. මාස්ටර් "නෑ" කියනවා-යූසුෆ් "ගෙවන්න" කියනවා. ටිකෙන් ටික උත්සන්න වුණු දෙන්නගේ කතාව වාදයක් බවට පත්වුණා. මාස්ටරුත් යූසුෆ් මුදලාලිත් සැරට කතා කරන්න පටන් ගත්තා. "තමුසෙට ණය ගෙවන්න ඕන වෙන්නෙ මම ජීවත්වෙලා හිටියොත්නේ!", උදේ ඉඳලා නොකා නොබී ණය බරිනුත් පීඩනයට පත්වෙලා හිටපු මාස්ටර් තරහින් එහෙම කියාගෙන, ගොඩනැගිල්ලේ දෙවැනි තට්ටුවේ බැල්කනියට දිව්වේ දිවිතොර කරගන්න හිතාගෙන.

යූසුෆ් මුදලාලි ආබාධිතයෙක්. ඒත් ඔහු නොන්ඩි ගහමින්ම මාස්ටර්ගේ පිටිපස්සෙන් දිව්වා. දුවලා ගිහින් මාස්ටර් බැල්කනියෙන් බිමට පනින්න ළංවෙද්දීම මාස්ටර්ව බේරගත්තා. මිනිත්තු කිහිපයක් ඉදිරියට ඇදුණු ඒ පොරය අවසන් වුණාට පස්සේ යූසුෆ් කිව්වේ, "මහත්තයො, මට මහත්තයගෙ සල්ලි එපා", කියලා. එහෙම කියලා නොන්ඩි ගගහ පහළට බැහැපු යූසුෆ් දිහා බලාගෙන කේමදාස ඇඬුවා.

එදා යූසුෆ් නොහිටියා නම් පසුකාලීනව චිත්‍රපට, ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය, ඔපෙරා, ගීත නාට්‍ය රාශියකට සංගීතය සපයපු කේමදාස කෙනෙක් අපට ඉතිරිවෙන්නේ නෑ. එක්කෝ ඉතිරිවෙයි අතපය කැඩුණු මිනිහෙක්. කිව්වා වගේම යූසුෆ් නැවත සල්ලි ඉල්ලන්න ආවේ නැතත්, මාස 06ක් විතර දඟලලා මුදල් හොයාගත්තු කේමදාස මාස්ටර් යූසුෆ්ව හමුවෙන්න ගියා. යූසුෆ් මොනවා කියයිද කියලා මාස්ටර්ට කුකුසක් තිබුණා. ඒත් යූසුෆ් කිව්වේ, "ආ මහත්තයා, කොහොමද? හුඟ කාලෙකින් ආපු නිසා තේ එකක් බීලම යං", කියලා.

සල්ලි ගැන කිව්වහම යූසුෆ් මුදලාලි කිව්වා ඔහු ඒක අමතක කළ බව. ඒත් කේමදාස මාස්ටර්ගේ පෙරැත්තය මත මුදල් නැවත ගන්න යූසුෆ් එකඟ වුණා. ඔහු පොලිය එපා කිව්වා. ඒ වුණත්, "ආයෙත් කලාකාරයන්ට නම් ණය දෙන්නේ නෑ", කියලා කියපු යූසුෆ්ගෙන් මාස්ටර් ඇහුවා "ඇයි?" කියලා. මස්කඩේ යූසුෆ් මෙහෙම කිව්වා.

"කලාකාරයො කියන්නේ සල්ලි පස්සේ දුවන මිනිස්සු නෙමෙයි මහත්තයෝ. මහත්තයාම තමයි මට ඒක කියලා දුන්නේ"

*මේ කතාව තියෙනවා 'අහස' ප්‍රකාශනයක් වුණු, අසංක සායක්කාරගේ "කේමදාස සිංහාවලෝකනය", කියන පොතේ.

- Copied
අසංක හදිරම්පෑල.

Address

Pannipitiya

Telephone

0775337337

Website

Alerts

Be the first to know and let us send you an email when Rooparammana Srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Rooparammana Srilanka:

Share