17/06/2026
දේශීය සාම්ප්‍රදායී නර්තනයට දක්ෂතා පිරි ඔබේ ප්‍රථම විදෙස් අධ්‍යාපන චාරිකාව නොමිලේ!
අල්වාස් විද්‍යාර්ථී භරතනාට්‍යම් ඩිප්ලෝමා 2026/2027
වයස අවුරුදු 18 – 25 අතර දේශීය නර්තනය හදාරන ඔබට හිමිවන අතිවිශිෂ්ට අවස්ථාවක් ලෙස මෙම මාස 06ක ඩිප්ලෝමා පාඨමාලාව හඳුන්වා දිය හැකිය.
මෙම ශිෂ්‍යත්ව අවස්ථාව සඳහා තේරී පත්වන ඔබට,
* නේවාසිකාගාර පහසුකම්
* ආහාරපාන පහසුකම්
* වෛද්‍ය පහසුකම්
* ඉන්දියාවට යාම සහ නැවත පැමිණීම සඳහා ගුවන් ටිකට්පත්
සම්පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ නොමිලේ ලබා දේ.
ඒ සඳහා පළමුව Online Google Form අයදුම්පත සම්පූර්ණ කර අප වෙත එවීමට කාරුණික වන්න. අවසන් දිනය ජූලි 15 වන අතර සම්බන්ධවන්නන් මූලික OnLine Interview පවත්වා ඉන්දියානු පරීක්ෂණයට යොමු කෙරේ.
Online Google Form අයදුම්පත
https://forms.gle/fWQ8nZvH1TM8iUnLA
වසර 13ක ඉතිහාසය තුල දස දෙස රොද බඳින ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රේක්ෂක ජනතාවගේ ඉමහත් ආදරය සහ ප්‍රශංසාව දිනාගත්, භාරතයේ දිගහැරෙන සජීවී ලාංකේය අනන්‍යතාවය වන්නේ “අල්වාස් ශ්‍රී ලංකා නර්තන කණ්ඩායම”ය.
ඉන්දීය අල්වාස් උසස් අධ්‍යාපන ආයතන නිර්මාතෲ වෛද්‍යාචාර්‍ය මෝහන් අල්වා මැතිඳුන්ගේ දකුණු ආසියානු සාම්ප්‍රදායී නර්තනය ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය යන සංකල්පය යටතේ ඔවුන් නිර්දේශ කළ එකම රට ශ්‍රී ලාංකාවයි. එබැවින් ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික නර්තන ශිල්පය හදාරන තරුණ තරුණියන් වෙත ලබාදෙන මෙම ඩිප්ලෝමා ශිෂ්‍යත්වය, වසර ගණනාවකට පසු හිමිවූ වටිනාම අධ්‍යාපනික ත්‍යාගය බව ඔබට ප්‍රකාශ කළ හැකිය.
පාඨමාලා කාලය තුළ ආහාර, නවාතැන්, වෛද්‍ය සේවා, ගුවන් ගමන් පහසුකම් ඇතුළු අවස්ථා රැසක් හිමිවන බැවින්, උසස් අධ්‍යාපනික ඉලක්ක ජයගැනීමට බලාපොරොත්තු වන ඔබට තම දෙමව්පියනට කරදරයක් නොවී උසස් අධ්‍යාපන කඩඉම් සම්පූර්ණ කිරීමට මෙය මහඟු අවස්ථාවකි.
⸻
2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා පැවැති අල්වාස් විද්‍යාර්ථී ඩිප්ලෝමා පාඨමාලාවට අයදුම්කරුවන් 243 දෙනෙකුගෙන් නර්තන ශිල්පීන් 20 දෙනෙකු සහ නර්තන ශිල්පිනියන් 10 දෙනෙකු තෝරාගනු ලැබූ අතර විරාසත් සැනකෙලිය සඳහාද ශිල්පීන් 10 දෙනෙකුට අවස්ථාව ලැබිණු අතර නැවත එය ආරම්භ වන්නේ මෙම කණ්ඩායමෙනි. එම නිසා 2025/26 අයදුම්කළ ඔබද නැවත අයදුම් කරන්න.
ශිෂ්‍යත්ව අවස්ථාවන් සඳහා තේරී පත්වන්නා වූ ඔබට සියලු පහසුකම් සහිත පරිසරයක් තුළ,
* භරතනාට්‍යම්
* යෝගා
* ඉංග්‍රීසි භාෂාව
* පරිගණක විද්‍යාව
* ආගන්තුක සත්කාරක විද්‍යාව
යන විෂයයන් හැදෑරීමට අවස්ථාව හිමි වන අතර සියළු හැදෑරීම් ඉංග්‍රීසි භාෂාවෙන් පමණි.
එමෙන්ම නිසි මාර්ගෝපදේශනය යටතේ උසස් අධ්‍යාපනයත් දෛනික දේශීය නර්තන අභ්‍යාස වල නිරත වීමෙන් ඔවුන්ගේ හැකියාවන්, දක්ෂතාවයන්, නිර්මාණශීලීත්වය සහ වේදිකා ඉදිරිපත් කිරීමේ කුසලතා දින දින ඉහළ මට්ටමකට වර්ධනය විය.
⸻
මෙම ව්‍යාපෘතියේ විශාලතම ජයග්‍රහණය වන්නේ විනයගරුක, උසස් අධ්‍යාපනයකින් හෙබි, වෘත්තීය මට්ටමේ නර්තන ශිල්පීන් සමාජයට සහ දේශීය නර්තන ක්ෂේත්‍රයට දායාද කිරීමයි.
වරින් වර පසුගිය වසර ගනනාවක ඉතිහාසය තුළ මෙම පාඨමාලාව හදාරා,
* වෘත්තීය නර්තන ශිල්පීන් බවට පත්වූවන්,
* නර්තන ගුරුවරුන් බවට පත්වූවන්,
*මේ වනවිට කලායතනාධීපති වරුන්,
* ප්‍රමුඛ පෙළේ නර්තන කණ්ඩායම්වල සාමාජිකත්වය හිමිකරගත් ශිල්පීන්,
* විදෙස්ගත නර්තන ශිල්පීන්,
විශාල සංඛ්‍යාවක් බිහි වී ඇත.
එමෙන්ම මෙම පාඨමාලා කාලය තුලම රබන් කැරකීම, පිණුම් හා කැරකීම් ශිල්ප, යෝග අධ්‍යාපනය ඇතුළු බහු කුසලතා සංවර්ධනය තුළින් ශාරීරික නම්‍යශීලීත්වය හා නිර්මාණාත්මක හැකියාවන් ද වර්ධනය කර අද ලංකාවේ ස්ථාවරයට පත් ශිල්පීන්ද සිටිති.
⸻
“අපේ දේ රැකගෙන – අලුත් දේ අරගෙන”
අපගේ සංස්කෘතික උරුමය ලෝකයට ගෙනයන මෙම ගමන, ජයග්‍රහණ සහ අභියෝග රැසක් මැද ගලා යන මහවැලි ගඟ වැනිය. එහි ගමන්මග පුරා සුන්දර දියඇලි බිහිවන සේම, මෙම ව්‍යාපෘතියද නව දක්ෂතා, නව සිහින සහ නව ජයග්‍රහණ බිහිකරයි.
දේශීය නර්තනයට ආදරය කරන ඔබත් දිනෙක සුවිශේෂී නර්තන ශිල්පියෙකු හෝ ශිල්පිනියක වීමට අදිටන් කරගන්න.
ඔබේ දක්ෂතා ලෝකය හමුවේ තැබීමට, ජාත්‍යන්තර වේදිකාවක ඔබේ නම සනිටුහන් කිරීමට, අල්වාස් විද්‍යාර්ථී භරතනාට්‍යම් ඩිප්ලෝමා 2026/2027 ඔබට ආරාධනා කරමූ.
පෙර සංචාරයන්හි සියළු නිර්මාණයන් හා සංචාරය පිළිබඳව Reels හා Photos මෙම Page History තුලින්ම ඔබට දැකිය හැක.
අදම අයදුම් කරන්න! 🌺🙏🏻
Online Google Form අයදුම්පත
https://forms.gle/fWQ8nZvH1TM8iUnLA
වැඩි විස්තර :
WhatsApp +94 75 500 100 5
FSLcEx Team