APA Tatoos

APA Tatoos We come for your events 0762343009

28/06/2023
ඒක බාර් එක්ක APA ටැටු අපිත් එනවා  7 / 8 නාරහෙන්පිට රොයල් ආකෙඩ් එකට..... ලස්සනම ලස්සන ටෙම්පරි ටැටු එකක් කර ගන්න ඔයාලත් එද...
06/04/2023

ඒක බාර් එක්ක APA ටැටු අපිත් එනවා 7 / 8 නාරහෙන්පිට රොයල් ආකෙඩ් එකට..... ලස්සනම ලස්සන ටෙම්පරි ටැටු එකක් කර ගන්න ඔයාලත් එදාට අනිවාර්යයෙන්ම එන්න....

06/04/2023

APA TATTOOS අපිත් එනවා ඒක බාර් එක්ක

"වස්ති" - සම්ප්‍රදාය අතික්‍රමණයට

හෙටයි අනිද්දයි අපි එනවා. ඔයාලත් එන්න. ❤️
28/12/2022

හෙටයි අනිද්දයි අපි එනවා. ඔයාලත් එන්න. ❤️

24,25 හා 26 අපි එනවා
24/12/2022

24,25 හා 26 අපි එනවා

07/12/2022

07/12/2022

අද දවසම ගෝල් ෆෙස් ඉන්නේ

04/12/2022

ලෝකයේ විශිෂ්ටතම අධ්‍යාපන ක්‍රමය ඇත්තේ Scandinavian රටවල ය.
එම රටවල අධ්‍යාපන ක්‍රමය අනුගමනය කරන්නේ පින්ලන්තයේ අධ්‍යාපන රටාවයි. ස්විඩනයෙ ද ඇත්තේ එම අධ්‍යාපන රටාවයි.. දරුවකු පාසලකට ඇතුළත් වන්නේ වයස අවුරුදු 7 සම්පූර්ණ වූ පසුවයි අවුරුදු 1 සිට 7 දක්වා දරුවන් පෙරපාසලේ කාලය ගත කරති.

අපේ රටවල මෙන් වයස අවුරුදු 1 1/2 දී ක්‍රීඩා පාසල් (Play School), අවුරුදු 2 1/2 දී නිදහස් බාලාංශය (Free K.G.), අවුරුදු 3 දී ප්‍රාථමික බාලාංශය (L.K.G.), අවුරුදු 4 දී ඉහළ බාලාංශය (U.K.G.) ආදී වශයෙන්ම දරුවන්ට දරුණු වධ දීමක් ස්විඩනයෙ දක්නට නැත.
මවගේ ගර්භාෂයෙන් පිටතට පැමිණි වහාම දුව ගොස් පන්ති කාමරයක වාඩිවීමේ හදිසියක් හෝ අවස්ථාවක් මෙහි දරුවන්ට නැත.

නින්දෙන් තොර වූ සෑම මොහොතකම දරුවෙකු ඉගෙනීමක් ලබයි. කඩිසරව ක්‍රියාත්මක වන දරුවාගේ කුඩා මොළය, තම පරිසරයේ දක්නට ලැබෙන සෑම චලනයකින්ම සෑම ශබ්දයකින්ම යමක් ඉගෙන ගනී. ගසකින් කොළයක් බිම වැටීම, කුඩා බීජයකින් පැළයක් හටගැනීම, සංගීතයෙන් බිහිවන ශබ්දය හා පක්‍ෂීන් පියාසර කිරීම දියෙ පීනන මාළුවන් වැනි දේවල්වලින් ද දරුවෙක් යමක් ඉගෙන ගනී.එලෙස ඉගෙනීමට අවස්ථාවක් ලබා නොදී දරුවා නමැති මුල උදුරා ඔවුන්ව පන්ති කාමරවල ගාල් කිරීමෙන්
දරුවන්ගේ දැනුම වැඩිවෙනු ඇතැයි සිතීම ඉතාම සාවද්‍ය විශ්වාසයකි.

පෙර පාසැල සහ 1-9 දක්වා දරුවන් ඉගෙන ගත යුත්තේ නිවසට ළඟම පාසලේය. මේ දරුවන් අනිවාර්යයෙන්ම පාසල වෙත පයින් යා යුතුමය. අසනීප තත්වයක් වැනි විශේෂිත වූ අවස්ථාවක හැර අව්ව , වැස්ස , සීතල , හිම යන කුමන කාලගුණික තත්වයක් යටතේ වුවද උදේ තම නිවසේ සිට පාසලටත් සවස පාසලේ සිට නිවසටත් පයින්ම ආ යුතුය. එය නීතියකි. දරුවන් නිවස ආසන්නයේ පාසලට ඇතුළු කළ යුතුය කෙසේ වෙතත් කිසිම හේතුවකින් දුර පාසලකට දරුවා ඇතුල් කළ නොහැක.

සාමූහිකව දරුවන් නිවසේ සිට පයින් ගමන් කිරීමේදී ඉගෙනීමට අමතරව ජීවිතයට බොහෝ දේ එකතු කරගන්නා ආකාරයක් දැකිය හැකිය. ඕනෑම කාලගුණික තත්වයකට ඔරොත්තු දීමේ හැකියාව...පයින් යාම ශරීර සෞඛ්‍යයට ව්‍යායාමයක් වීම පයින් යන විට යන එන පාර අවට ඇති ගස් කොළන් සතා සිවුපාවන් දැකීම ,එක් එක් කාලවල්දී ගස්කොළන් වල පවා සිදුවන වෙනස් කම් වැනි දෑ වල ඇස නිරන්තරයෙන් ගැටීම නිසා පරිසරය ගැන අවබෝධයක් ලැබීම. යහළුවන් සමග කණ්ඩායම් වශයෙන් ඇවිද ගෙන යාමේදී එකමුතුකම ඇති වීමට හුරු වීම වෙනි බොහෝ දෑ හුරු වෙ.

අවුරුදු 7දි පාසලට ඇතුළත් වන දරුවා ඊළඟ අවුරුදු තුනක කාලය තුළ, පාසලට යන්නේ අවුරුදදෙන් මාස හයක් පමණි. අවුරුද්දේ ඊළඟ මාස හයම ඔහුට නිවාඩු කාලයකි.දිනපතාම පාසලෙහි ඉගෙනුම් කටයුතු කෙරෙන්නේ ද සීමිත පැය කීපයක් පමණි. ඒ සීමිත කාලය තුළ පවා අධ්‍යාපනයට ලබාදෙන කාලය හා සමාන කාලයක් සංගීතය, චිත්‍ර හා ක්‍රීඩාවලට වෙන් කෙරේ.

සෑම පාසලකම විවේක කාමර ඇත. ඉගෙනීමට කැමැත්තක් (රුචියක්) නොදක්වන හා විඩාවට පත්වන දරුවන් එම විවේක කාමරවලට ගොස් විවේක සුවය ලබාගත හැකිය.

විශේෂයෙන් දරුවන්ගේ වයස 13 වන තෙක් ප්‍රාථමික හා ද්විතියීක ලෙස ඔවුන්ගේ පන්ති බෙදීම සිදු කෙරේ. ශ්‍රී ලංකාවේ මෙන් දරුවන්ට ප්‍රගති වාර්තා නැත. ඒ වා මව්පියන්ට ලබාදී ඔවුන්ගේ අත්සන් ලබාගැනීමේ ක්‍රමයක් ද ක්‍රියාත්මක නොවේ.තම දරුවාගේ අධ්‍යාපන තත්ත්වය පිළිබඳ දැන ගැනීමට අවශ්‍ය වූ මව්පියකුට ඒ සඳහා පුද්ගලිකව ඉල්ලුම් කර තනිවම වෙලාවක් තීරණය කරගෙන පාසලට ගොස් පාසල් වේලාවෙන් පසු අදාල ගුරුවරුන් හමුවිය හැක . අධ්‍යාපනයෙහි තරගයක් නොපවතින බැවින් විභාගවලදී තමන් උපරිම ලකුණු ලබාගත යුතුය යන සිත් තැවුලක් මෙම රටවල ශිෂ්‍යයන්ට නැත.

අනෙකුත් ශිෂ්‍යයන් තමන්ගේ තරගකාරයන් ලෙස දැකීමේ සිරිතක් මේ ශිෂ්‍යයන් අතර නැත. ශිෂ්‍යයන්ට ‘ගෙදර වැඩක්’ දෙනු ලබන්නේ ද නැත. ශිෂ්‍යයන් කැමති විෂයක් තෝරා ඒ විෂයෙන් ඔවුන්ට අවශ්‍ය නම් ගෙදර වැඩ කළ හැකිය. එය ද අනිවාර්ය නොවේ.

එක් පාසලකට ගන්නා ශිෂ්‍යයන්ගේ උපරිම ගණන 600 කි. ස්විඩනයෙ පුද්ගලික පාසල් නැත. අධ්‍යාපනය මුළුමනින්ම රජය සතුය.
ශිෂ්‍යයන් සියලු දෙනාටම සම තත්ත්වයක අධ්‍යාපනක් ලබාදීම රජයේ වගකීමකි. එබැවින් ශිෂ්‍යයෝ 99%ක්ම සුඛෝපභෝගී අධ්‍යාපනයේ නිරත වෙති. එයින් 94%ක් උසස් අධ්‍යපනය කරා යති. ටියුෂන් (අමතර පන්ති) නමැති අශික්ෂිත සංස්කෘතිය මෙම රටවල හඳුන්වා දී නැත.විභාග සමත්වීමේ පදනමකින් තොරවූ මෙවැනි අධ්‍යාපනයක් ලබන මෙ රටේ ශිෂ්‍යයෝ ජාත්‍යන්තර මට්ටමින් පවත්වනු ලබන විභාගවලදී වැඩියෙන්ම ලකුණු ලබා උසස් ප්‍රතිඵල ලබාගනිති.අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙවැනි ජයග්‍රහණයක් ලබාගන්නේ කෙසේ ද?

මෙවැනි අධ්‍යාපන ක්‍රමයේ ජයග්‍රහණ පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ සිටින අධ්‍යාපනඥයෝ පුදුමයට පත් වී සිටිති. මෙම විප්ලවයට හේතු සොයන්නට ඔවුහූ පෙලඹෙමින් සිටිති. එහෙත් එක්සත් ජාතීන්ගේ සමුළුව (UNO) විසින් ඒ සඳහා පර්‌යේෂණ රාශියක් පවත්වා ඊට හේතූන් සොයාගෙන ඇත.

ලෝකයේ සිටින දරුවන්ගෙන් ඉතාමත් සතුටින් කල් ගෙවන අය පිළිබඳව වාර්ෂිකව පර්‌යේෂණයක් පවත්වා එය ලැයිස්තු ගත කර ඇත. එම ලැයිස්තුවේ කවදත් මුල් තැන ලබා ඇත්තේ ෆින්ලන්ත අධ්‍යපන ක්‍රමයයි

ඉතාමත් සතුටින් කල් ගෙවිය හැකි පරිසරයක ජීවත්වන දරුවෝ විවිධාකාර දැනුමක් ලබාගැනීමට උද්‌යෝගයක් දක්වති. ෆින්ලන්තයේ ආභාෂයෙන් දක්නට ලැබෙන මෙම අධ්‍යාපන ක්‍රමය පිළිබඳව දැනුම්වත් වීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් සිටින විද්වත්හු හා අධ්‍යාපනඥයෝ ඒ රටේ සංචාරය කරති. සමහරු එම රටවල සංචාරය කර ලබා ගන්නා දැනුම තම රටවලට ගෙනගොස් ක්‍රියාත්මක වන්නේදැයි යන්න ගැටලුවකි.

උපුටාගැනීමකි

Sciencepanthiya ට එකතුවෙන්න👇
https://t.me/sciencepanthiya

04/12/2022

Wahinawa en naa
කලුතර බීච් එකට අද 4/12/2022
හවස 4ට අපි එනවා

Address

Panadura

Website

Alerts

Be the first to know and let us send you an email when APA Tatoos posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share