Novels with RM

Novels with RM ♡ Reading can take you places you have never been before ♡

Your Career, Your Story - Let Your CV Tell It . . .
02/01/2025

Your Career, Your Story - Let Your CV Tell It . . .

ලැබුවාවූ අලුත් අවුරුද්ද ඔබ සැමට කිරියෙන් පැනියෙන් උතුරන බලපොරොත්තු ඉටු වන සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා.!!!🙏🏻❤️🌾
13/04/2024

ලැබුවාවූ අලුත් අවුරුද්ද ඔබ සැමට කිරියෙන් පැනියෙන් උතුරන බලපොරොත්තු ඉටු වන සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා.!!!🙏🏻❤️🌾

නවවන දිගහැරුම ✍️_____________________________________________ගොඩනැගිල්ලේ මුදුනේ වහල කෙලවරට වන්නට සොයුරියව අල්ලාගෙන මිනිස...
12/04/2024

නවවන දිගහැරුම ✍️

_____________________________________________

ගොඩනැගිල්ලේ මුදුනේ වහල කෙලවරට වන්නට සොයුරියව අල්ලාගෙන මිනිසකු සිටගෙන සිටියේය. එතරම් උසකින් සිටියද මනුජ්ට ඇගේ බියපත් නෙත් දැකගත හැකි විය.

තමා වටා එක්රැස් වන මැර පිරිස දෙස බැලු මනුජ් වේගයෙන් දිව ගොස් මිනිසකුගේ උරහිසකට පය තබා බස් රථයක් මතට නැග ගත්තේය. බස්රථ මතින් වේගයෙන් දිව ගිය මනුජ් ගොඩනැගිල්ලේ දෙවනා මහලට ගොඩ විය. අනතුරුව පඩි පෙලට පිවිසි මනුජ්ට වහලය මතට නැග ගැනීමට ගත වූයේ සුලු කාලයක් පමණි.

වහලය මත සිටි මිනිසා මනුජ්ව සොයමින් සිටියේ ඔහු තමා පසුපස සිටගෙන සිටින බව නොදැනය. වේගයෙන් සොයුරියව තමා දෙසට ඇද ගන්නා අතර මනුජ්ගේ පාදයක ගැටුණු මිනිසා වහලය මතින් ඇද වැටෙන්නට විය. වහා ඉදිරියට පිනූ මනුජ්ට මිනිසාගේ අතක් හසුවිය.

මරණ බයෙන් මුසපත්ව සිටි මිනිසා තදින් මනුජ්ගේ අත ග්‍රහණය කර ගත්තේය. අපහසුවෙන් ඔහුව ඉහලට ඔසවා ගනිත්ම වැදුණු පහරක් නිසා මනුජ් වහලයෙන් විසි විය.

මනුජ් . . . . භීතියට පත් සනාරාගේ මුවින් පිට වූ කෑ ගෑම නිසා බස් නැවතුම්පොලේ සිටි මගීන්ගේ නෙත් පවා එදෙසට යොමු විය. මනුජ් ඇද වැටෙන විට අහම්බයෙන් බිල්ඩිමෙන් පිටතට නෙරා තිබූ කොන්ක්‍රීට් කණුවක් හසු විය. එය දුටු සනාරා සැනසුම් සුසුම් හෙලුවේ කදුලු අතරිනි. එහෙත් ඇය දෙසට එන මිනිසකු දුටු ඇයට කිරීමට දෙයක් සිතා ගත නොහැකි විය. වටපිට නෙත් යොමු කල ඇයට දක්නට ලැබුණේ බිදී ගිය ෂීට් කැබැල්ලකි. වහා එය අසුලා ගත් ඇය හැකි සියලු වෙර යොදා මිනිසාගේ හිසට පහරක් එල්ල කලේ ගැහෙන හදිනි. මිනිසා හිසින් ගලා යන රුධිරයත් සමග වහලය මත පතිත විය.

වේගයෙන් දිව ගිය සනාරා පස් වන මහලට පිවිසියාය. මනුජ් අපහසුවෙන් අතට වෙර යොදා කොන්ක්‍රීට් කණුව මතට නැග ගත්තේය. ඔහු එම මහලට පිවිසෙන විට සනාරා ඔහු දෙස බලා සිටියේ කදුලු පිසලමින් සිනාසෙන අතරතුරය.

වහා ඇගේ අතින් අල්වා ගත් මනුජ් වේගයෙන් පඩි බසින්නට වූයේ කලබලකාරී පලමු මහලටය. ඒ වන විට සවස පහ පසු වී තිබූ නිසා රැකියා නිමකර නිවෙස් වලට යන මිනිසුන්ගෙන් බස් නැවතුම්පොළ පිරී තිබුණි.

ඔවුන්ට යාමට හැකි වූයේ අඩි දහයකටත් වඩා අඩුවෙනි. මෙතෙක් ඔහුව සොයා බස්නැවතුම්පොල පීරූ මිනිසුන් ඔවුන් ඉදිරියේ සිටගෙන සිටියේ රුදුරු බැල්මන් හෙලමිනි.

හහ් . . . අක්කව බේරගත්ත වගේ මෙතනින් බේරෙන්න නම් හිතන්නවත් බැහැ . . . මිනිසකු කීවේ තියුණු හඩිනි. මේ වන විට නැවතුම්පොලේ සිටි මිනිසුන්ගේ නෙත් යොමු වී තිබුණේ ඔවුහු වෙතටය.

අක්කා . . . අයියට ෆෝන් කරන්න . . . කබායේ අත් නවන අතර මනුජ් මිමිණුවේය.

වැඩා වගේ අත් දෙක නවල දුවන්නද හදන්නෙ . . . ඔහු වටා ඇවිද යන අතරම මිනිසකු විමසුවේය.

අපොයි නැහැ . . . ඒ දිව්වෙ මම තනියම හිටිය නිසානේ . . . අදත් මම ඔයාලව මග හරිනව ඒත් . . .අක්කවත් ගාවගෙන තමුසෙල ලොකු වැරැද්දක් කලා . . . කී මනුජ් වේගයෙන් ඉදිරියට පිනුවේය. බිත්තියට ඇල කර තිබූ කොස්ස අතට ගත් මනුජ් කෙදි සහිත පැත්ත කඩා ඉවත් කලේය.

කොසු මිටෙන් මනුජ් මැරයින්ට පහර පට පහර එල්ල කලේය. අවසානයේ මැරයින් සියලු දෙනා නැගිට ගැනීමට නොහැකිව බිම වැතිර සිටියදී මනුජ් සොයුරියගේ අතින් අල්ලාගෙන බස් නැවතුම්පොලෙන් පිටතට දිව ගියේය.

අයියට කෝල් කරල කියන්න අපි ගෙදර යනව කියල . . . මෝටර් රිය පණ ගන්වමින් මනුජ් කීවේය.

__________________________________________

හි⁣මේෂ්ගේ ජීප් රිය නතර වූයේ සේනානායක මහතාගේ නිවස ඉදිරියේය. ඒ පසුපසම පැමිණි තවත් ජීප් රථ දෙකක් ඔහුගේ රිය අසලම නතර කලේය. නිලධාරීන් හා සාලයට ඇතුලු වූ ඔහු සාලය මධ්‍යයේ නතර විය.

මිස්ට සේනානායක ඉන්නවද . . . සේනානායක මහත්මියගෙන් ඔහු විමසුවේ ගැඹුරු හඩිනි. ඇය පිලිතුරු දීම වෙනුවට පඩිපෙල දෙස බැලුවාය. හිමේෂ්ගේ නෙත් එදෙසට ⁣යොමු විය.

එස් පී මහත්තය මොකද ඉතින් මේ පැත්තෙ . . . සේනානායක මහතා පඩිපෙල බසිමින් විමසුවේ සන්සුන්වය. එහෙත් ඔහුගේ නෙත් කෝපයෙන් දිලිසෙන අයුරු හිමේෂ් පැහැදිලිවම දුටුවේය.

මේ ගේ පරීක්ෂා කරන්නයි ආවෙ . . . බාධා නොකර ඉන්නව නම් තමයි හොද . . . හිමේෂ් ගැඹුරු හඩින් කීවේය.

පටන් ගන්න . . . කිසිම තැනක් මගහරි⁣න්නෙපා . . . අනතුරුව ඔහු නිලධාරීන්ට අණ කලේය.

පරීක්ෂා කරල බලන්න මගේ ලග හොර බොරු නැහැනේ . . . ඔයාල බලාපොරොත්තුවෙන විදියෙ දේවල් මෙහෙ නැහැ . . . සේනානායක මහතා කීවේ සෙටියට බර වෙමිනි.

කමක් නැහැ අපි පරීක්ෂා කරල බලන්නම් . . . ඒක මගෙ හිතට සතුටක් . . . ඉතින් සේනානායක මහත්තය හිතනවද ඉහලින් බලපෑම් කරල පීරිස්ව නිදහස් කරගන්න පුලුවන් කියල . . . මම දෙයක් කියන්නම්ද . . . හීනෙකින්වත් හිතන්න එපා දේශපාලන බලපෑම් කරන්න . . . දන්නව ඇතිනෙ මම බාර ගන්න හැම වැඩක්ම තිතට ඉවර කරනව කියල . . . පරිස්සමින් ඉන්න . . . හිමේෂ් තිර හඩින් කීවේය.

කෝපයෙන් දැවෙන නෙතින් සේනානායක මහතා හි⁣මේෂ් දෙස බලා සිටියේ කිරීමට දෙයක් නොමැති හෙයිනි.

මනුජ්ව ඉවරයක් කරල මම තමුන් ගැනත් බලාගන්නම්කො එස් පී මහත්තයො . . . ඔහු තමාටම මුමුණාගත්තේ නිලධාරීන් හා හි⁣මේෂ් පිටව ගිය පසුවය.

_________________________________________

මනුජ් . . . තුවාල දැන් හොදයි නේද . . . රාත්‍රී ආහාරය අතර හි⁣මේෂ් විමසුවේය.

හ්ම් . . . මනුජ් හිස සැලුවා පමණකි.

අක්කා . . . ඇත්තම කියනවද මම දෙයක් අහන්න . . . අත සෝදා පිසගනිමින් මනුජ් විමසුවේය.

අහන්න මල්ලි. . . හිමේෂ් දෙස බලමින් සනාරා කීවාය.

මගේ ඇත්තම පවුාල් අය කෝ . . . මනුජ් විමසුවේ හි⁣මේෂ් හා සනාරා පුටුවලින් නැගී සිටුවමිනි.

මොකක්ද මල්ලි ඔයා ⁣මේ අහන්නෙ . . . ඔයා මගෙ මල්ලි . . . අපි එකම පවුලෙ අය . . . ඇයි ඔයා එහෙම ඇහුවෙ . . . සනාරා විමසුවාය.

මේකයි . . . කී මනුජ් වෙරලේදී තනුජ් පැවසූ දේවල් හෙලි කලේ දෙනෙත් වල වූ කදුලු සගවන්නට උත්සහ කරමිනි.

අයියේ . . . අක්කේ . . . මට කියන්න . . . ඒක ඇත්තද . . . අනතුරුව මනුජ් විමසුවේය.

සනාරා හිස දෙපසට සලමින් මනුජ් අසලට ඇවිද ආවාය. තදින් මනුජ්ව වැලදගත් ඇය හඩන්නට වූවාය.

ඇත්ත මනුජ් ඒක ඇත්ත . . . ඒත් බය වෙන්නෙපා මල්ලී . . . මට පොඩි කාලෙ ඉදන්ම සහෝදරයෙක්ට ඉදියෙ ඔයා . . . තනුජ් මගෙ ඇත්ත මල්ලි වෙන්න පුලුවන් . . . කොහොම වුනත් මම ආදරේ කලේ ඔයාටයි මනුජ් . . . තනුජ්ට මම ආදරේ නැහැ කියනව නෙවෙයි . . . ඒත් මගේ හිතේ ඔයාට තියෙන තැන එයාට නැහැ . . . මට ඕනා එයාව නෙවෙයි . . . මට මගෙ මල්ලි විදියට ඕනි ඔයාව විතරයි . . . සනාරා මිමිණුවාය.

මම . . . මම කරන දේ හරි නැහැ . . . තනුජ්ගේ අයිතිය මම හොරකම් කරල . . . ඒත් ම⁣ට ඔයාල නැතිව බැහැ . . . අනේ අයියෙ මම ඔය දෙන්නට තරම් කාටවත් ආදරේ නැහැ . . . මට බයයි . . . මනුජ් මිමිණුවේ හි⁣මේෂ්වද බදාගනිමිනි.

ඔයා තමයි මනුජ් මගෙ මල්ලි . . . තනුජ්ව නෙවෙයි මම ඔයාවයි සනාරාගේ මල්ලි විදියට පිලිගන්නෙ . . . තේරුනාද . . . හිමේෂ් කීවේය.

ඒ කියන්නෙ මට මේ ගෙදර පුංචි ඉඩක්වත් නැහැ කියන එකද . . . ඇසුණු හඩින් ඔවුහු දොර වෙත නෙත් හෙලූහ.

තනුජ් ඔයා මෙහෙ . . . හිමේෂ් ගොත ගසන්නට විය.

ඔව් . . . මම හිතුවෙ නැහැ ම⁣ට ඔයාල ඔහොම කියනව ඇති කියල. . . මම ඔයාලට ආදරේ කල තරම ඔයාල දන්නෙ නැහැ . . . ඇයි දන්නවද මම අක්කගෙ තේ නොබී ඉදියෙ . . . මොකද මට ලෝබ හිතෙයි කියල මම හිතුවා . . . මනුජ්ගේ සතුට මගෙ කරගන්න නෙවෙයා මට ඕනි වුනේ . . . මම හිතුවේ මනුජ්ට වගේම ඔයාල මටත් ආදරේ කරයි කියල . . . ඒත් මට වැරදිල . . . මම විතරයි ඔයාලට දුර ඉදන් ආදරේ කරල තියෙන්නෙ . . . ම⁣ට මේ තරම් වැරදුනේ කොහොමද . . . ඇයි මට මෙහෙම කලේ . . . තනුජ් විමසුවේ කදුලු අතරිනි. ඔහු පිලිබද සනාරාට දැඩි වේදනාවක් දැනුනේ ඒ වදන් සමගය.

ඔහු අසලට ඇවිද ගිය සනාරා ඔහුගේ මුහුනේ වූ කදුලු පිස දමා හිස අත ගෑවාය. ඔහුව ඈත් කල ඇය ඔහුගේ උරහිසට අත තබා මුහුණට එබුනාය.

තනුජ් ඔයා මගෙ මල්ලිනෙ . . . මම ඔයාට ආදරේ කලේ නැහැ කියලද හිතන්නෙ . . . පිටට නොපෙන්නුවට මම ඔයාට ගොඩක් ආදරේ කරනව . . . මම ඔයාව දකිනකොට විදවපු හැටි දන්නෙ මම විතරයි . . . ඒත් ඔයා මනුජ්ට ලොකු දුකක් දුන්නා . . . කවදාවත් අඩපු නැති මනුජ්ව ඇඩෙව්වා. . . ඒ ඇයි . . . මගෙ ආදරේ ඕනි වෙලාද . . . තනුජ් කියන්න . . . අවුරුදු පහේදි මනුජ්ට මගෙ අම්මව නැති වුනේ . . . එතකොට මට දොලහයි මමයි එදා ඉදන් මනුජ්ව බලාගත්තෙ. . . මෙහෙම දෙයක් කියන එක ඔයාට ලොකු දුකක් කියල මම දන්නව . . . ඔයාට මම ආදරේ කරනව හැමදාම ඒත් . . . මනුජ්ට තරම් නැහැ. . . මනුජ්ට තරම් මම ඔයාට ආදරේ නැහැ දැන් යන්න තනුජ් . . . සනාරා කීවාය.

ඇගේ දෑස් වල වූ වේදනාව දුටු මනුජ්ට සොයුරිය තමාට මෙන්ම තනුජ්ටත් ආදරය කරන බව වැටහිණි.

තනුජ් සනාරාගේ අතින් අල්ලාගත්තේය. අක්කෙ . . . ඇත්තටමද ඔයා ඒක කිව්වෙ . . . මනුජ්ට වඩා පහල තැනක්ද මට තීන්නෙ . . . තනුජ් විමසුවේය.

මම ඇත්ත තමයි කිව්වෙ . . . සනාරා පවසත්ම තනුජ් වේගයෙන් නිවසින් පිටතට පිය නැගීය.

අනේ . . . හඩමින්ම සනාරා හිමේෂ්ට තුරුලු විය. මනුජ් බලා සිටියේය.

අක්කෙ අයියෙ . . . අහන්න . . . තනුජ්ට එහෙම කිව්ව එක හරි නැහැ නේද . . . මොනව වුනත් ඒ ඔයාගෙ ඇත්තම මල්ලි අනික මගෙ හොදම යාලුව . . . මම දන්නව ඔයා තනුජ්ටත් මට වගේම ආදරෙයි කියල . . . මම තනුජ්ට කතා කරල එන්නම් . . . කී මනුජ් නිවසින් පිටතට ගියේය. මාර්ගය දිගේ ඇවිද යන තනුජ් අසලට මනුජ් ලගා වූයේය.

තනුජ් මම ඔයාට පොරොඅන්දු වුනානේද අක්කයි අයියයි ලගට ඔයාව එක්ක යනව කියල . . . මම ලබන මාසෙ වෙන්න කලින් ඒක කරනව . . . අපි ආදරේ නිසා මරාගන්න ඕනි නැහැනි . . . අපි යාලුවො හොදම හොද යාලුවො . . . කී මනුජ් තනුජ්ගේ උරහිස තදින් ග්‍රහණය කර නිවස වෙත යාමට හැරිණි.

තනුජ් කදුලු පිසදා සිනාසීමට වෙර දැරීය. එහෙත් ඔහුට සිනහ නොනැගිණි. මනුජ්ගේ වේදනාව දැඩි බව ඔහු දැන සිටියේය.

මම ඔයාට වුන පොරොන්දුව ඉෂ්ට කරනවමයි තනුජ් . . . මුලින්ම ඔයා කීව දේ තව එක පාරක් තහවුරු කර ගන්න ඕනා . . . නිවස වෙත පය නගන අතර මනුජ් තමාටම පවසා ගත්තේය.

___________________________________________

මනුජ් ඊලගට මොනවද කරන්න යන්නෙ . . . . තනුජ්ට මනුජ් එයාගෙ තැන දේවිද . . . මනුජ්ව මරන්න සේනානායක උත්සහ කරන්නෙ ඇයි . . . . මනුජ්ගෙ ඇත්ත දෙමව්පියො කවුද . . . ඔක්කොම උත්තර දැනගන්න දිගටම පේජ් එකත් එක්ක එඉන්න කියල ආරාධනා කරනව.

කතාව හොදයි ලස්සනයි කියල හිතෙනව නම් රියැක්ට් කරන්න කමෙන්ට් කරන්න අමතක කරන්නෙපා ලමයි . . . වරුගානක් පණදාගෙන ටයිප් කරපු කතාවකට රියැක්ට් කමෙන්ට් තිබුණම දැනෙන සතුට කියන්න වචන නැහැ. . .

දිගටම පේජ් එක එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට හරිම ආදරෙයි . . . එහෙනම් අලුත් අවුරුද්දේ ඊලග දිගහැරුමත් එක්ක හමුවෙමු . . . . 🤗🥰❤️😘

අටවන දිගහැරුම ✍️_______________________________________පුතා . . . තනුජ් . . . නෝ නැගිටින්න . . . ඇදමත හිදගනිමින් මව කීවා...
11/04/2024

අටවන දිගහැරුම ✍️

_______________________________________
පුතා . . . තනුජ් . . . නෝ නැගිටින්න . . . ඇදමත හිදගනිමින් මව කීවාය.

ඇද මත හිද ගත් තනුජ් මව දෙස බැලුවේය

අම්මා. . . මම දෙයක් කලා . . . මම දන්නෙ නැහැ ඒ දේ හරිද වැරදිද කියල . . . ඒත් මට ඒ දේ වෙනස් කරන්න බැහැ . . . තනුජ් මිමිණුවේය. ඔහුගේ මුහුණ හැඩීම නිසා ඉදිමී තිබුණි.

මොකක්ද . . . ඒ තරම් බරපතල දේවල් මොනවද ඔයාට කරන්න තිබුනෙ . . .

අම්ම . . . මගෙ හොදම යාලුව කවදාවත් අඩන කෙනෙක් නෙවෙයි. . . ඒත් ඊයෙ එයා හොදටම ඇඩුව . . මම නිසා . . . තනුජ් කීවේ වේගයෙනි.

ඔහුගේ කාමරයට එමින් සිටි රවීන්ගේ සවනට පතිත වූ වදනි නිසා රවීන් දොර අසල සිට ගත්තේ සිදුවන දේ දැන ගැනීමටය.

මව තනුජ් දෙස බැලුවාය. ඔහු කියන තරමටම නම් සිදු විය හැක්කේ එකම දෙයකි.

තනුජ් මට ඇත්තටම වුන දේ කියන්න . . . කවුද ඔය යාලුව . . . මනුජ් ද . . .

ඔව්. . . මම දන්නව මගේ ඇත්ත අම්මයි තාත්තයි ඔයාල නෙවෙයි කියල . . . ඔයාල මාව හදාගන්නයි ගත්තෙ . . . මගෙ පවුලෙ අය ගැන ඇත්ත මම මනුජ්ට කිව්වා . . . මම හිතුවෙ නැහැ මනුජ් ඒ තරම් වැටෙයි කියල . . . මනුජ් හුගක් ඇඩුවා . . . මට පුලුවන් වුනානම් එයාගෙ පවුලෙ අය හොයාගන්න . . . මම ඒ උදව්ව කරනවා . . . ඒත් මට බැහැ ආයෙ මනුජ් ඉස්සරහට යන්න . . . මම එයාට කල දේ ගොඩක් ගොඩක් නරක දෙයක් . . . මට මනුජ් සලකපුවට මම එයාට දුන්නෙ ලොකු දුකක් . . තනුජ් කදුලු පිරි නෙතින් කීවේය

මවගේ විසල් වූ දෙනෙත යොමු වූයේ ඔහු වෙතටය

මට තේරෙන්නෙ නැහැ . . . ඇයි තනුජ් ඔයා එහෙම කලේ . . . මම රවීන්ටයි ඔයාටයි කිසිම වෙනසක් කලේ නැහැ . . . මට ඇයි මෙහෙම කලේ . . . ඔයාට මනුජ් ගැන හිතන්න තිබුණා. . . ඔයාගෙ හොදම යාලුව නේද . . . ඇයි ඒ ලමයට එහෙම කලේ . . . දැන් මට කියන්න . . . ඔයා මනුජ්ගෙ පවුල හොයල දෙනවද . . . ඇය විමසුවේ දෙනෙතින් කදුලු කඩා හැලෙද්දීය.

මට සමාවෙන්න . . . ඒත් මට කරන්න දෙයක් නැහැ . . . මම එයාගෙ පවුල හොයන්නෙ කොහොමද . . . මම දන්නෙ නැහැ . . . තනුජ් මිමිණුවේය.

කමක් නැහැ . . . ඔයාට ඕන පවුලේ අය ලගට යන්න නම් මම බාධා කරන්නෙ නැහැ . . . ඕන වෙලාවක යන්න . . . මම හිතුවෙ මම ඔයාට ආදරේ කල තරමට ඔයත් . . . ඕන නැහැ . . . තනුජ් ඔයා කල මේ දේ නිසා ලොකු විනාශයක් වෙයි . . . ඔයා දන්නෙ නැති දේවල් ගොඩයි . . . කී ඇය කාමරයෙන් පිටව ගියේ කදුලු සලමිනි. දොර අසල සිටි රවීන්ව ඇය නොදුටුවාය.

__________________________________________

මල්ලී. . . . රැකියාවට යාමට සූදානම් ව කාමරයට එමින් හිමේෂ් මනුජ් ඇමතුවේය.

මනුජ් මොකද මේ . . . ඇද මත වැතිරී සිවිලිම දෙස බලාගෙන සිටි ඔහු අසලින් හිද ගෙන හිමේෂ් විමසුවේ පිලිතුරක් නොවු තැනය.

මට අමාරුයි . . . මනුජ් කෙදිරීය.හිමේෂ්ගේ අත යොමු වූයේ ඔහුගේ නලලටය.

දෙවියනේ . . . තමාටම මුමුණාගත් හිමේෂ් වහා කාමරයෙන් පිටතට දිව ගියේය.

සනාරා මල්ලිට හොදටම උණ. . . මට හිතෙන්නෙ හොස්පිටල් එක්කන් ගියොත් හොදයි වගේ . . . ඔයා බඩු ලෑස්ති කරගෙන එන්න මම මනුජ්ව අරගෙන යන්නම් . . . කී හිමේෂ් නැවත කාමරයට දිව ගියේය.

සනාරා භීතියෙන් ජීප් රිය පිටව යන අයුරු බලා සිට නිවස තුලට දිව ගියේ වේගයෙනි.

වේගයෙන් ඇදී ගිය ජීප් රිය නතර වූයේ රෝහල ඉදිරිපිටය.

සනාරා රෝහලට පැමිණෙන විට මනුජ් වාට්ටුවට ඇතුලත් කර තිබුණි.

මල්ලිට මොකද හිමේෂ් . . . ඇය විමසුවාය.

එයාගෙ ශරීරය දුර්වල වෙලාලු . . . ඊයෙ සීතලේ ඉදල වෙන්න ඇති. . . හිමේෂ් කීවේය .

මනුජ්ට ලොකු කම්පනයක් වෙලා තියෙනව . . . වෛද්‍යවරයා පැවසූ අයුරු හිමේෂ්ට සිහි විය.

මනුජ්ට කොහොමද අයියේ . . . ඇසුණු හඩින් තිගැස්සුණු හිමේෂ් හා සනාරා හැරී බැලූහ.

තනුජ් . . . එයාට . . . සනාරා මිමිණුවාය.

අක්කා අඩන්නෙපා . . . මම දන්නව ඔයා මනුජ්ට ගොඩක් ආදරෙයි කියල එයාට ඉක්මනට සනීප වෙයි. . . තනුජ් කීවේය.

මම දන්නෙ නැහැ මනුජ් නැති වුනොත් මට මොනව වෙයිද කියල . . . අනේ . . . . සනාරා මිමිණුවේ හි⁣මේෂ්ට තුරුළු වෙමිනි.

තනුජ්ගේ නෙත් කදුලු පටලයකින් වැසී ගියේ නිතැතිනි. එතකොට මම කොතනද . . . අසන්නට සිතුණද තනුජ් නිහඩවම ආපසු හැරිණි.

මල්ලී . . . . මට ඔයා එක්ක කතා කරන්න ඕනා . . . . රථ ගාලට පිවිස රියේ දොර විවර කරත්ම ඇසුණු හිමේෂ්ගේ හඩින් තනුජ් තිගැස්සී ගියේය.

මොනවද අයියේ . . . තනුජ් අපහසුවෙන් විමසුවේය.

මේකයි මල්ලි මනුජ් ඊයෙ කවදාවත් නැතුව හොදටම ඇඩුව . . . ඇයි එයා එහෙම ඇඩුවෙ . . . . මල්ලී මම හොදටම දන්නව ඔයා කියපු දෙයක් නිසා තමයි එයාට එහෙම වුනේ . . . කියන්න මට ඔයා මොනවද එයාට කිව්වෙ කියල . . . හිමේෂ් විමසුවේය.

අයියේ මම හිතුවෙ නැහැ මෙහෙම වෙයා කියල . . . අනේ මට සමාවෙන්න . . . අයියෙ මට ගොඩක් . . . අනේ මන්ද මට තේරෙන්නෙ නැහැ . . . මනුජ් ගැන මට හුගක් දුකයි . . . මට බැහැ . . කී තනුජ් මෝටර් රියට පිවිසියේය. වේගයෙන් මෝටර් රිය රථ ගාලෙන් ඉවතට ඇදී යත්ම ජීප් රියක් පැමිණ හිමේෂ් ඉදිරියේ තිර්ංග යෙදුවේය.

සර් . . මත්ද්‍රව්‍ය වගයක් එක්ක සේනානායකගෙ ගෙදර මුරකාරයව අත්අඩංගුවට අරගත්ත. දැන් මොකක්ද කරන්නෙ . . . සේනානායක දේශපාලඥයෙක් හරහා අපට බලපෑම් කරනව . . . . නිලධාරියා විමසුවේය. ඔහුගේ දෙනෙත්හි වූ බිය දුටු හි⁣මේෂ්ට සිනහ නැගිණි.

අයිසේ . . . එයාල ඕන දෙයක් කරගත්තාවෙ . . . ඒත් මම මේ වැඩේ ඉවර කරල මිසක් පස්ස බලන්නෙ නැහැ . . . තමුන් බය නම් කරුණාකරල අයින් වෙන්න. . . හිමේෂ් අවධාරණය කලේය.

මං ගැන බය නැහැ සර් . . . මට සර් ගැන බයයි . . . නිලධාරියා කීවේය.

මම තව ටිකකින් කාර්යාලයට එනව . . . ඔයා ගිහිල්ල එතන ආරක්ෂාව ගැන බලාගන්න . . . . කී හිමේෂ් රෝහල වෙත හැරිණි.

හිමේෂ් මල්ලි ඔයාට කතා කරනව . . . සනාරා කීවේ හිමේෂ් වෙතට දිව එමිනි.

යමු . . . කී හිමේෂ් ඇගේ අතින් අල්වා ගෙන වේගයෙන් ගමන් කලේය.

අයියේ මට ඔයාල ලග ඉන්න ඕනා හැමදාම . . . ඔවුන්ගේ අත් අල්වා ගනිමින් මනුජ් මිමිණුවේය.

බය වෙන්නෙපා . . . අපි ඔයාව දාල යන්නෙ නැහැ . . . ඔයානෙ මගෙ එකම මල්ලි . . . මම ඔයාව දාල කොහෙ යන්නද . . . සනාරා මිමිණුවේය.

ඒකනි ඔයා තමයි අපි දෙන්නගෙ එකම සහෝදරයා විකාර නොහිත ඉක්මනට සනීප වෙන්නකො . . . හි⁣මේෂ් මනුජ්ගේ හිස අතගාමින් පැවසුවේය.

_____________________________________________

මනුජ් දැන් ඔයාට සනීපයි . . . තව දවස් දෙකකින් ඔයාට ගෙදර යන්න පුලුවන් . . . වෛද්‍යවරයා පැවසුවේය.

මනුජ් හිස සැලුවා පමණකි . සම්පූර්ණ සුවය ලබා ඔහු නිවසට පැමිණියද කාලය ගතකලේ සිත් වේදනාවෙනි. ඔහුලේ වෙනසට හේතුව වටහා ගත නොහැකිව සනාරා හා හිමේෂ් තැවුණහ.

මට තේරෙන්නෙ නැහැ මනුජ්ට මොනවද වුනේ කියල . . . ඉස්සර වගේ නෙවෙයි . . . එයා හරිම වෙනස් . . . උදෑසන හි⁣මේෂ්ට පැවසුවද සනාරාට ඔහුගෙන්ද ලැබුණේ හිස් බැල්මක් පමණි.

මනුජ් අපි ටවුන් එකට යමු . . . ටිකක් ඇවිදල එන්න . . . දිවා ආහාරය අතරතුර සනාරා විමසුවාය.

යමු . . . අපි බස්නැවතුම්පොලේ තියෙන බිල්ඩින් එකට නැගල නගරෙ දිහා බලන් ඉමු . . . මනුජ් කීවේය. ඒ ක්‍රියාවට ඔහු කුඩා කල පටන්ම ඇලුම් කලේය.

එහෙත් නගරය දෙස බලා සිටින මනුජ් කුඩා කල මෙන් සිනාසුනේ නැත. ඔහුගේ ගත එතැන තිබුණද සිත ගමන් කර තිබුණේ තනුජ් හා අවසන් වරට කතා කල වෙරල තීරයේය.

මනුජ් අපි යමු . . . අයිය අද කලින් එනව කිව්වනි . . . තුන පසුවන විට සසනාරා පැවසුවාය.නිහඬවම පලමු මහලට බැසගත් ඔවුහු බස් රථ දෙස බලමින් ඇවිද ගියේය. කල්පනා ලොවක ගිලී සිටි මනුජ් පියවි ලොවට පිවිසියේ සොයුරිය අල්ලාගෙන සිට අතෙහි ග්‍රහණය තද කල හෙයිනි. ඇගේ අත සීතලය.

ඇය දෙස බැලූ මනුජ් දුටුවේ බියෙන් පිරි නෙතුය. නෙත් යොමු වී තිබූ දිශාව බැලු මනුජ් දුටුවේ ඔවුන් දෙස බලා සිටින මැර පිරිසකි. නිසැකවම ඔවුන්ගේ ඉලක්කය තමා බව මනුජ් දැන සිටියේය. සොයුරිය ඔහු සමග නොසිටියා නම් මනුජ් ඔවුන් අසලටම නිහඩව ඇවිද යන්නට තිබුණි.

අපි මොකද කරන්නෙ . . . මනුජ් දෙස බලමින් සනාරා විමසුවාය.

මදක් කල්පනා කල මනුජ් ඔවුන් වෙතට ඇවිද එන පිරිස වෙත නෙත් හෙලුවේය. ඔයාට මොනවත් වෙන්නෙ නැහැ මම පොරොන්දුවත් රකිනව . . . මිමිණූ මනුජ් වේගයෙන් සනාරාවත් ඇදගෙන නවතා තිබූ බස්රථ අතරට දිව ගියේය. වේගයෙන් බස්රථ අතරට දිව ගිය මිනිසුන් මනුජ් හා සනාරා සොයන්නට වූහ. නවතා තිබූ බස්රථ නිසා මනුජ්ට හා සනාරාට ලුහුබදින පිරිස මගහැරීමට හැකියාව තිබුණත් ලුහුබදින පිරිස අධික වීම නිසා එය අපහසු විය.

කොහෙද මනුජ් අයියෙ දුවන්නේ . . . ධාවනය වීම අරඹන බස් රියක දොරේ එල්ලී මිතුරකු විමසුවේය.

අක්කා අර බස් එකට නගිමු . . . කී මනුජ් සනාරාව බස් රථයට නැංවීය.

මල්ලී . . . අක්කව පොලිසිය ලගින් බස්සන්න . . . . මනුජ් පැවසුවේය.

හරි අයියේ . . . ඔහු පවසත්ම බස් රිය ධාවනය වූයේ වේගයෙනි.

අනේ මල්ලි මනුජ් . . . සනාරා භීතියෙන් මිමිණුවාය.

බය වෙන්නෙපා අක්කෙ . . . ඔයා මනුජ් ගැන දන්නවනි . . . ඔහු සනාරාව සනසන්නට විය.

සනාරාට කල හැක්කක් නොවීය. වේගයෙන් ධාවනය වන බස් රියේ පසුපස වීදුරුවෙන් පෙනුණු මනුජ්ගේ රුව නොපෙනී ගියේය.

මැර පිරිස දෙස බැලූ මනුජ් අඩියක් පසුපසට තැබීය . වේගයෙන් මැර පිරිස දෙසට පිනූ මනුජ් ඔවුන් පසුපසින් දෙපයින් සිට ගත්තේය. අනතුරුව බස්රථ අතර නොපෙනී ගිය ඔහුව සොයමින් පිරිස බස් නැවතුම්පොළ පීරන්නට විය. මගීන් විසල් වූ නෙත් වලින් ඔවුන් දෙස බලා සිටියහ.

සනාරා පොලස් ස්ථානය ඉදිරියෙන් බස් රථයෙන් බැස ගත්තාය. එහෙත් ඇයට අඩි දෙකකට වඩා යාමට නොහැකි විය. වේගයෙන් ඇදී ආ වෑන් රියක් ඇගේ මග හරස් කර නතර කෙරිණි. ඉදිරිපස දොර විවර කරගෙන මිනිසකු බැස ඇය අසලට පැමිණියේය. ඔහු හිනෙහි ගසා සිටි පිහියක් පිටතට ඇද්දේය.

මිස් කෑ නොගහ වාහනේට නගින්න . . . ඔහු පිහිතලය පිරිමදිමින් පවසත්ම පසුපස දොර විවර විය. භීතියෙන් විසල් වූ නෙත් වලින් කදුලු ගලා ඒමට ආසන්නව තිබියදී සනාරාව රථය තුලට දමාගත් මිනිසුන් වේගයෙන් බස් නැවතුම්පොළ බලා පිටත් වූයේය.

මනුජ්ගේ දුරකථනය නාද වන විට ඔහු සිටියේ බස් නැවතුම්පොලේ අවන්හලක් තුලය.

හෙලෝ . . . . ඇමතුම සම්බන්ධ කරගත් මනුජ් විමසුවේය.

ඉතින් මනුජ් කොහෙද ඔයා ඉන්නෙ . . . තවම බස්ස්ටෑන්ඩ් එකේ වෙන්න ඇති නේද . . . . පොඩ්ඩක් බිල්ඩින් එකේ වහල දිහා බලමුද . . . පවසමින් ඇමතුම විසන්ධි විය.

කෝපයෙන් දුරකථනය සාක්කුවට ඔබා ගත් මනුජ් කුතුහලයෙන් යුතුව අවන්හලෙන් පිටතට පැමිණියේය. සැදෑ හිරුගේ ආලෝකයෙන් නැහැවෙමින් තබූ ගොඩනැගිල්ලේ වහලය දෙස බැලූ මනුජ්ගේ නෙත් භීතියෙන් විසල් විය.

_________________________________________

ඔන්න ලමයි අදත් දිග කොටසක් ගෙනාව . . . මනුජ් දකින්න ඇත්තෙ මොකක්ද . . . . අක්කට මොනව වෙන්න ඇතිද . . . . ඒ මනුජ්ගේ අන්තිම දවසද . . . . මේ සේරම දැනගන්න ඊලග කොටස එක්ක එකතු වෙන්න කියල ආරාධනා කරනව . . . .

මේක අපෙ නන්ගි ලියපු කතාවක් මම ලියපු කතාවකුත් ලගදිම දෙන්නම් ලමයි . . . .

රියැක්ට් කරන්න කමෙන්ට් කරන්න අමතක කරන්නෙපා ⁣

ඔයාලගෙ අදහස් කියාගෙන යන්න ලමයි . . .

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

01/04/2024
හත්වන කොටස ✍️_______________________________________වේගයෙන් ඇදී ගිය යතුරු පැදිය වෙරල තීරය අසල මාර්ගයේ අයිනට කර තිරිංග යෙ...
29/03/2024

හත්වන කොටස ✍️

_______________________________________

වේගයෙන් ඇදී ගිය යතුරු පැදිය වෙරල තීරය අසල මාර්ගයේ අයිනට කර තිරිංග යෙදූ මනුජ් වහා ඇවිද ගියේ තනුජ් හමුවීමේ අදහසිනි.

මුහුදට වන්නට පිහිටා තිබූ විශාල ගලක් මත හිද සිටි තනුජ් දුටු මනුජ් වේගය සීමා කර එදෙසට පිය නැගීය.

මොකද වුනේ . . . ගල් කුල මත හිද ගනිමින් මනුජ් විමසුවේ සැහැල්ලුවෙනි.

තිගැස්සී ගිය තනුජ් ඔහු වෙත හෙලුවේ අසරණ බැල්මකි. ඔහු කුමක් හෝ පිලිබද කල්පනා කල බැව් මනුජ් සිතුවේය.

මුකුත් වුනේ නැහැ.. . . මනුජ් ඔයා මගෙන් කීප වතාවක් ඇහුවා නේද කියන්න දෙයක් තියෙනවද කියල . . . ඒ දේ අද ඔයාට කියන්නයි යන්නෙ . . . මම දන්නව මේ දේ අහල සමහරවිට ඔයා මා එක්ක තරහවෙයි. . . මම බොරු කලා කියල . . . . පැය කාලක් පමණ ගෙවී ලිය පසු තනුජ් කතාව ආරම්භ කලේය.

මනුජ්ට සිනහ නැගුණි.

මම දන්නව ඔයාගෙ අම්මයි තාත්තයි ගැන තනුජ් . . . ඔයා මට බොරු කලා කියල මම දන්නව . . . ඔයා මිස්ට සේනානායකගෙ පුතා කියල මම දන්නව . . . ඒකට කමක් නැහැ . . . මම ඒක අමතක කරන්නම් . . . මනුජ් කීවේ සන්සුන්වය.

ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. . . මම එහෙ ඉන්න එක ඇත්ත . . . මිසිස් සේනානායක මට පුතා කියන්නෙ එයා ඇත්ත නොදන්න නිසා . . . මම එයාගෙ පුතා නෙවෙයි. . . මම දන්නෙ නෑ මේ දේ අහල ඔයා මොන වගේ දෙයක් කරයිද කියල . . . මගේ ඇත්තම අම්මා මේ ලෝකෙ නැහැ . . . ඒ වගේම තාත්තාත් නැහැ . . . අයියයි අක්කයි විතරයි ඉන්නෙ . . . ඒත් එයාල දන්නෙ නැහැ මම එයාලගෙ මල්ලි කියල . . . මොකද මම පොඩිකාලෙදිමයි හදාගන්න දීල තියෙන්නෙ . . . හේතුව මම දන්නෙ නැහැ . . . මම බල බල දුක් වෙනව විතරයි . . . . මේක අහල ඔයා මං එක්ක තරහ වෙයිද . . . .

මනුජ් ඔහුගේ උරහිස් මත අත් තැබු⁣වේය. කවුද ඒ අක්කයි අයියයි . . . මම ඔයාව එයාල ලගට එක්කන් යනව මලේ යාලුවගෙ සතුට වෙනුවෙන් මම ඒ මල්ලිව අක්කලගෙන් අයින් කරනව . . . කවුද කියන්⁣නකො එයාල . . . මනුජ් කීවේ තිර හඩිනි.

තනුජ් ඔහු දෙස බලා සිටියේ පවසන දේ ගැන ඔහු නොදැන සිටි නිසාය. ඒ තමා බව දන්නේ නම් මනුජ් එසේ නොපවසනු ඇත.

මනුජ් . . . . එයාල තමයි . . . සනාරා අක්කයි හිමේෂ් අයියයි. . . තනුජ් පහත් හඩින් මිමිණුවේය. එය සවන්හි පතිත වත්ම මනුජ්ගේ අත ඔහුගේ උරහිසින් ගිලිහුණි. විස්මයෙන් විසල් වූ දෙනෙත් යොමු වූයේ තනුජ්ගේ දෙනෙත් වලටය. මනුජ්ට මුලු ලොවම අහිමි වූවා සේ දැණුනි.

බොරු නේද . . . තනුජ් මට කියන්න . . . ඔයා මා එක්ක විහිලු කරනව නේද . . . ප්ලීස් තනුජ් . . . ඒක ඇත්ත නෙවෙයි කියන්න . . . තනුජ් ඒක ඇත්ත නෙවෙයි කියන්න . . . ප්ලීස් තනුජ් . . . තනුජ්ගේ උරහිස් වලින් අල්ලා සොලවමින් මනුජ් කෑගෑවේය. වෙරලෙහි ඇවිදිමින් සිටි මිනිසුන් පවා ඔහු දෙස බලමින් ඇවිද ගියහ.

මනුජ් ඒක විහිලුවක් නෙවෙයි. . . ඇත්තක් . . . ඇත්තම ඇත්තක් . . . තනුජ් කීවේ දෙනෙතේ කදුලු පිරෙද්දීය. මනුජ් ඔහු දෙස බලමින්ම පසුපසට ගියේ පැද්දෙමිනි. ඔහුගේ දෙනෙතේ කදුලු පිරී තිබුණි. කිසිදා කදුලු නොසැලූ ඔහුගේ දෑස් වලින් ගලා ආ කදුලු පිලිබද තනුජ්ට දැනුනේ දැඩිවේදනාවකි. පසුපසට ගිය මනුජ් මුහුදු ජලය මතම ඇද වැටුනේය. ඇදුම තෙත් වීම ගැනවත් සැලකිල්ලක් නොදැක්වූ මනුජ් වැල්ලේ හිදගෙනම කදුලු ගලා යන නෙත් තනුජ් දෙසට යොමු කලේය. එම කදුලු නැවතීමට නොහැකි වීම ගැන පසුතැවුනු තනුජ් ආපසු හැරී වේගයෙන් රථ ගාල වෙතට ඇවිද ගියේය.

දෙවියනේ . . . මම මොන වරදක් කලාටද මට එහෙම වුනේ . . . ඇයි . . . ඇයි . . . මට මෙහෙම කලේ . . . ඇයි . . . වැල්ල තදින් ග්‍රහණය කර ගනිමින් මනුජ් කෑගෑවේය. බැස යන හිරුගේ ආලොකයෙන් නැහැවෙමින් හිද සිටි මනුජ්ගේ නෙතින් ගලා ආ කදුලු මුහුදට එක් වූයේය.

___________________________________________

හිමේෂ් මල්ලි ගෙදර ආවෙ නැහැ . . . . ඔහු නිවසට ඇතුලු වෙත්ම සනාරා හඩමින් පැවසුවේ ඔහුගේ අත ග්‍රහණය කරගෙනය.

සනාරා . . . ඔයා අඩන එක නවත්තන්⁣නකෝ. . . මල්ලි හවස ඔයා එක්ක නේ හිටියේ . . . . හිමේෂ් විමසුවේ ඇයව සෙටියේ හිදුවමිනි.

මල්ලි ගමනක් යන්න තියෙනව කියල ගියා . . . හතරට විතර ගියේ . . . අනේ මට බයයි හිමේෂ් . . . . සනාරා හඩන්නට වූයේ ඉකි ගසමිනි.

යමු අපි හොයමු . . . එන්න . . . කී හිමේෂ් ජීප් රියට නැගුනේ ඇදමවත් මාරු නොකරය. ⁣ නගරයේ පාලු වීදි ඔස්සේ ජීප් රිය ධාවනය වූයේ වේගයෙනි.

අපි හැම තැනම බැලුවා . . . තව කොහෙ කියල බලන්නද . . . සනාරා විමසුවාය.

අපි වෙරලේ බලමු . . . මනුජ් හරි ආසයිනේ මුහුදට . . . හි⁣මේෂ් කීවේය.

බලමු . . . සනාරා මිමිණුවාය.

වේගයෙන් ඇදී ගිය රථය වෙරල අසල මාර්ගයේ තිරිංග යෙදුවේය. රාත්‍රී දහයත් පසු වී තිබුණු එවෙලෙහි වෙරලේ පැවතියේ දැඩි සීතලකි.

අර ඉන්නේ . . . මුහුදට වන්නට තිබූ ගල්කුල මත සිටින අයකු පෙන්වා සනාරා කෑ ගෑවාය.

මේ වෙලාවෙ මනුජ් මොනවද මෙතන කරන්නෙ . . . මට හිතෙන්නෙ මොකක් හරි වෙලා . . . හිමේෂ් සිතුවේ එදෙසට ඇවිද යන අතරතුරය.

සනාරා මුහුදු වතුර මේ වෙලාවට හුගක් සීතයි . . . ඔයා මෙතනට වෙලා ඉන්න . . . මම මනුජ් එක්ක කතා කරන්නම් . . . හි⁣මේෂ් කීවේය.

සනාරා නිහඬවම හිස සැලුවාය. ඇගේ දෙනෙතෙහි වූ සතුට දුටු හිමේෂ්ට මද සිනහවක් නැගිණි.

___________________________________________

බලාපොරොත්තු කඩ වූ දෑසින් මුහුදු රළ දෙස බලා සිටි මනුජ්ගේ නෙතින් ගැලූ කදුලු තවමත් නතර වී නොතිබුණි. ගලෙහි හැපෙන මුහුදු රළ නිසා විටෙක ඔහුව නැහැවිණි. එහෙත් ඒ පිලිබද ඔහුට වගක් නොවීය. අහිමි වීම⁣ට යන සෙනෙහස ඔහුට දරාගත නොහැකි තරම් වේදනාවක් අත් කර දී තිබුණි.

ඇයි තනුජ් මට මෙහෙම කලේ . . . ඇයි . . . මම මොකක්ද ඔයාට කල වැරැද්ද . . . මට මේ තරම් වද දෙන්න. . . මිමිණූ තනුජ්ගේ නෙත් වලින් ගලා යන කදුලු තවත් අලුත් විය.

මුහුදු රළ ප්‍රචන්ඩ ලෙස ගල් මත පතිත වන විට නැගෙන දිය බිදු වල වූයේ අධික සීතලකි. ඒ පිලිබද නොතකමින් කල්පනා ලොවක ගිලී සිටි මනුජ්ගේ ඇදුම් තෙත බරිත වී තිබුණි.

මල්ලී . . . හිමේෂ්ගේ හඬ මනුජ්ට දැඩි වේදනාවක් ගෙන දුන්නේ තව වැඩි කාලයක් ඔහු තමාට එසේ කතා නෙනාකරන බව සිහි වීමෙනි. හැරී බැලූ මනුජ්ගේ මුහුනේ වූ කදුලු දුටු හිමේෂ්ට දැනුනේ දැඩි බියකි. කිසිදින කදුලු නොසලන සොයුරා කදුලු ගංගාවක් මුහුදට එක්කරමින් සිටියි. හේතඅව කුමක් වුවත් එය බරපතල බව හිමේෂ් ඔහුගේ පෙනුමෙන් වටහාගත්තේය.

මල්ලී ඔයාගේ ප්‍රශ්නෙ මටත් කියන්න . . . මම උදවි කරන්නම් . . . අමතක කරන්නෙපා අපි එක පවුලක් කියන එක . . .

මනුජ් ඔහු දෙස හෙලුවේ පරාජිත බැල්මකි.

අපි එක පවුලක් . . . ඔව් එහෙම තිබුණා . . . ඒත් දැන් . . . අනේ අයියේ මට ඔයාලව ඕනා. . . . කීමට ගිය දෙය අතරමග නවතා දැමූ මනුජ් හිමේෂ්ගේ උකුලේ හිස හොවාගෙන හඩන්නට විය.

මනුජ් . . . අක්ක ඉන්නව . . . ඔයා හොද ලමය වගේ මූණ පිහදාගෙන ගෙදර යමු . . . හෙට උදේට අපි කතා කරමු . . . කෝ . . . පැය භාගයක් පමණ ගෙවී ගිය පසු හිමේෂ් කීවේ ඔහුගේ හිස පිරිමදිමිනි.

හරි . . . කී මනුජ් ගල මතින් බැස්සේය.

මල්ලී . . . අනේ ඔයා මාවබය කරනවනේ අනේ . . . සනාරා හඩමින් මනුජ් වැලදගෙන කීවාය .

එම වදන් මනුජ්ගේ හද පෑරීමට සමත් විය.

අක්කා . . . මට ඔයාල නැති වෙයිද . . . මනුජ් විමසුවේ බිදුණු හඩිනි.

නෑ කවදාවත් නැ . . . සොයුරියගේ වදන් ඔහුට මහත් අස්වැසිල්ලක් විය.

එහෙත් කවදා හෝ ඔවුන් සත්‍ය දැනගත් විට කෙසේ ඊට ප්‍රතිචාර දක්වාවිදැයි ඔහු බිය වූවේය.

_________________________________________

ඔන්න ලමයි අද දිග කොටසක් ගෙනාව . . . ඔයාලගෙ ප්‍රතිචාර නැති වුනාම කතාව දිගටම දාන්න හිතෙන්නෙ නැහැ . . . ඔයාල මේකතාවට කැමති නැද්ද මන්ද . . . . 🙂🔥

රියැක්ට් කරන්න කමෙන්ට් කරන්න අමතක කරන්නෙපා ⁣ලමයි . . .

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

හයවන දිගහැරුම ✍️මනුජ් . . .   ඇසුණු හඬ නිසා නතර වූ ඔහු හැරී බැලුවේය.තනුජ් . . . ඉතින් කොහොමද . . . මනුජ් විමසුවේය.විභාගෙ...
28/03/2024

හයවන දිගහැරුම ✍️

මනුජ් . . . ඇසුණු හඬ නිසා නතර වූ ඔහු හැරී බැලුවේය.

තනුජ් . . . ඉතින් කොහොමද . . . මනුජ් විමසුවේය.

විභාගෙන් පස්සෙ ඔයාව දැක්කෙත් අදයි . . . ඔයා මාව මගඅරිනවද . . . තනුජ් විමසුවේය.

නැහැ තනුජ් මම ටිකක් ගෙදරට වෙලාමයි හිටියෙ . . . ඉතින් . . . මනුජ් විමසුවේය.

තනුජ් ඔහු දෙස බැලුවේය. ඔහුගේ සිනහව දක්නට නොවීම නිසා තනුජ්ගේ මුහුණද වෙනස් විය.

ඔයා වෙනස් වෙලා .. . තනුජ් මිමිණුවේය.

ඔව් තනුජ් . . . ඔයා මට කල බොරුවට මම සමාව දුන්නට වෙන කෙනෙක් නම් මලත් සමාව දෙන්නෙ නැහැ . . මනුජ් සිතුවද එය වචන නොකලේය.

ඔයා හරියට හිතනව . . . ඇයි . . . මනුජ් මම ඊයෙ රෑ දැක්ක ඔයා මිනී පෙට්ටියක ඉන්නව . . . මට බයයි . . . පරිස්සමෙන් මනුජ්. . .

මනුජ්ගේ මුවෙහි වූයේ සරදම් සිනහවකි. බය වෙන්නෙ ඇයි . . . මොනවහරි වුනොත් මටනෙ . . . ප්ලීස් තනුජ් මේ පාරවත් මටඇත්ත කියන්න . . . ඔයාට මට කියන්න දෙයක් තියෙනවද . . .

නැහැ මනුජ් . . . මට ඔයාට කියන්න දෙයක් නැහැ . . . රථගාල අසල නතර වූ තනුජ් කීවේය.

අපේ යාලුකම හුගක් පලුදු වෙලා . . . . ඔව් . . . මට ඒකට හුගක් දුකයි. . . කී මනුජ් තනිව ඉදිරියට ඇවිද ගියේ තනුජ් මෝටර් රිය වෙතට ගිය හෙයිනි.

සතියක් ඉක්ම ගියේ ප්‍රීතියෙනි. මනුජ් මිදුලට වී නවකතා පොතක් කියවමින් සිටියේය.

මල්ලී අපි ෂොපින් යමු. . . මට බඩු වගයක් ගන්න තියෙනව. . . සොයුරිය කීවාය.

මොනවද ඕනි බඩු . . . මනුජ් විමසුවේ නැගී සිටිමිනි.

ඇදුම් අනේ . . . යමුකො ප්ලීස් . . . සනාරා බැගෑපත් වූවාය.

යමු යමු . . . ඔය තරම් බැගෑපත් වෙන්න ඕනි නැහැ . . . මම ඇදුමක් දාගෙන එන්නම් . . . කී මනුජ් නිවසට ඇතුලු විය.

බයික් එකේ බෑ . . . මගේ කාර් එකේ යමු . . . මෝටර් රියේ දොර විවර කරමින් සනාරා කීවාය.

කැමැත්තක්. . . කී මනුජ් ඉදිරිපස වූ අනෙක් අසුනේ හිද ගත්තේය.

ඔවුහු රිය තනර ක⁣ලේ නගරයේ වූ විශාලම ඇදුම් සාප්පුවක් ඉදිරියේය.

ඔයා ගෑනු අයගේ ඇදුම්ද අදින්නේ . . . සනාරා විමසුවාය. මනුජ් සොයුරිය දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයෙනි.

ගිහිල්ල ඔයාටයි අයියටයි ඇදුම් තෝරන් එන්න . . . මෙතන තියෙන්නෙගෑනු අයගෙ ඇදුම්නි . . . උඩ තට්ටුවට යන්න . . සනාරා කීවාය .

මුවගට සිනහවක් නංවා ගත් මනුජ් විදුලි සෝපානය වෙතට පිය නැගුවේය. සෝපානයට ඇතුලු වූ ඔහු සොයුරියට අත වැනුවේය.

ඇදුම් තෝරමින් සිටි ඔහුගේ නෙත ගැටුනේ අලු පැහැති කබායකි. දිගු අත් සහිත කොලරයකින් යුතු කබායට ගැලපෙන ඩෙනිම් කලිසමක් හා සුදු අත් කෙටි කමිසයක් ඔහු තෝරා ගත්තේය.

මම කෙ⁣ාහොමද අයියට ඇදුම් තෝරන්නේ . . . එයා කැමති දේවල් මම දන්නවදැයි . . . මනුජ් තමාටම මුමුණා ගත්තේය.

කොල් කරල අහනව . . . දුරකථනය අතට ගත් මනුජ් සිතුවේය. එහෙත් ඇමතුමක් යොමු කිරීමට පෙර ඔහු අත වූ දුරකථනය නාද වන්නට විය.

තනුජ් ඇයි . . . මනුජ් විමසුවේ කලබලයෙනි. තනුජ් කිසි දිනෙක ඔහුට දුරකථනයෙන් කතා කර නැත.

මනුජ් මට . . . මට ඔයා එක්ක කතා කරන්න ඕනා . . . දැන්ම වෙරලට එන්න . . . මම එතන ඉන්නව . . . කී තනුජ් ඇමතුම විසන්ධි කලේ මනුජ් කිසිවක් පැවසීමටත් පෙරය.

අක්කේ ඔයා මේවා අරන් ගෙදර යන්න . . . මම පොඩි ගමනක් ගිහිල්ලා එන්නම් . . . ඇදුම් සොයුරියට දුන් මනුජ් කලබලයෙන් කීවේය.

මම බිල දාගෙන එන්නම් . . . කොහොමටත් ඔයා ගෙදර ගිහිල්ල බයික් එකේනෙ යන්නෙ . . . පොඩ්ඩක් ඉන්න . . . විනාඩියයි යන්නෙ . . . කවුන්ටරය වෙත යමින් සනාරා කීවාය .

හිස වැනූ මනුජ් පිටතට පැමිණ රිය ගාල වෙත ගියේ මෝටර් රිය මාර්ගයට ගැනීමටය.

______________________________________________

තනුජ් මනුජ්ට එන්න කිව්වෙ ඇයි . . . මනුජ්ගේ අන්තිම දවසද ඒ . . . ඒ ගැන දැනගන්න ඊලග කෙ⁣ාටසත් එක්ක එකතු වෙන්න කියල ආරාධනා කරනව යාලුවනේ . . .

ඒ වගේම ගිය ටිකේම පේජ් එකේ පෝස්ට් අප්ලෝඩ් කරන්න බැරි වුනා මටකැම්පස් පටන් ගත්ත නිසා ඒවගෙ වැඩ එක්ක පොඩ්ඩක් බිසී වුන නිසා . . . ඔයාලට මාව අමතක වෙලා නැතව ඇති කියල හිතනව . . .ඉතින් කතාව හොදයි දිගටම කියවන්න ඕනි කියල හිතෙනව නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා යාලුවනේ . . .

හෙට නම් දිග කොටසක් දෙන්නම් අනිවාර්යයෙන් . . . . රියැක්ට් කරන කමෙන්ට් කරන හැමෝටම ආදරෙයි . . . 🤗❤️😘

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Crazy friends 🤭😂
28/03/2024

Crazy friends 🤭😂

02/01/2024

_2024_හොද මිනිස්සුන්ට හරියන අවුරුද්දක් වෙන්න ඕන . . . ❤️🤗අඩපු මිනිස්සු හිනාවෙන්නම ඕන . . . ❤️😊හිනාවුන මිනිස්සුන්ගෙ හිනාව...
31/12/2023

_2024_

හොද මිනිස්සුන්ට
හරියන අවුරුද්දක් වෙන්න ඕන . . . ❤️🤗

අඩපු මිනිස්සු
හිනාවෙන්නම ඕන . . . ❤️😊

හිනාවුන මිනිස්සුන්ගෙ
හිනාව රැකෙන්නම ඕන . . . ❤️🙃

අමාරුවෙන් හරි ගොඩයන්න දඟලන
හැමකෙනාටම හරියන්නම ඕන . . . ❤️🥰


Copied

  everyone ❤️🤗🥰
31/12/2023

everyone ❤️🤗🥰

31/12/2023

highly recommended for creating digital art designs . . . good luck ❤️

Address

Panadura
Panadura

Telephone

+94714903526

Website

Alerts

Be the first to know and let us send you an email when Novels with RM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Novels with RM:

Share

Category