05/10/2024
පමා වූ ළමා දිනය!
365 දවසම ළමා දිනයක් කරගත්තු අපි ඉතිං ළමා දිනය යෙදිල තිබුන දිනය ඒතරම් වැදගත් කරගන්නෙ නැතුව නිවී සැනසිල්ලෙ පාසැල් නිවාඩු දවසක් බලල අද 05.10.2024 දින ADTF අපේ දරුවො බොහොම සුන්දර දවසක් ගත කලා. පුංචි පුංචි තෑගි එක්ක එයාලගෙ හිත් පිරුනා. ඊටත් වඩා එයාල සෙල්ලම් ටික එක්ක විනෝද වුනා.
ළමයි හොයන්නෙ මේ නිදහස නේද කියල හිතුන…
ළමයින් කොයිතරම්නම් අධ්‍යාපන තරගයෙන් විඩාබර වෙලාද කියල අද හොදටම අවබෝධ වුනා..! එක පැත්තකින් අධ්‍යාපන තරගය නිසා ළමයි හෙම්බත් වෙනව, තව පැත්තකින් අපේ සංස්කෘතිකමය හර පද්ධතින්, වටිනාකම් පෑල දොරින් පිටවෙලා යන මේ වගේ යුගයක අපි ඕන වෙලාවක දරුවොන්ගෙ පිටුපසින් ඉන්න එක අපේ වගකීමක්.