06/06/2022
හයියක් වෙන එකෙක් ඕන ❤
මැණිකක් ඕන 🤚❤
නැතිවෙච්චි බලාපොරොත්තු වලට පන දෙන්න,
හැමදාම අඩපු අැස් වලට හිනාවක් ගේන්න,
මැණිකක් ඕන තාත්තෙක් වගේ මාව බලාගන්න පුළුවන් වෙන එකෙක් ❤
මට ඕන මහ ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි
ලූණු ටිකක් වැඩිපුර දාලා උම්බලකඩ කෑල්ලක් ඉහලා උණුවෙන් බත් ටිකක් කන්න පුළුවන් වෙන එකෙක්ව 🥺
Prius Wagon R නැති උනාට කමක් නෑ..,
මට ඕන මගේ මිනිහා කියලා හැමෝටම පෙන්න පෙන්න යන්න පුළුවන් එකෙක්ව 🙂
මට ඕනේ රන්ඩු කරලා බොරැ හේතු මවලා මගදි දාලා යන්න බොරැ හේතු හදන එකෙක්ව නෙමෙයි..
ජීවිතේ අවසානයක් වෙනකන් නොන්ඩි ගගහා හරි වාරැවෙන් යන්න පුළුවන් එකෙක්ව...🙂
මට ඕන අහිංසක එකෙක් නෙමෙයි..,
මං කරන හිතුවක්කාරකම් ඉවසගෙන මරාගෙන ජීවත් වෙන්න පුළුවන් මිනිහෙක්ව.
ඉවසීම උපරිමේට තියන මිනිහෙක්ව ❤
මොන ප්‍රශ්න අාවත් පපුවට ඔලුව තියන් සැනසීමෙන් අඩන්න පුළුවන් පිරිමියෙක්..
දාහක් වැඩ රාජකාරි මැද්දේ උනත් අඩුම මැණික උබ කෑවද කියලවත් අහන්න මතක් වෙන එකෙක් 🙂
නින්ද යනකන් ඔලුව අතගාන කොල්ලෙක්..
හැමදාම කඩසෝරැ අරන් දෙන කොල්ලෙක් 🤭
අඩියන් අඩිය මැරෙනකන්ම මොන දේ උනත් හයියක් වෙන අරටුවක් ❤
වෙනස්වෙන්වැති තාත්තෙක් වගේ ආදරෙයක් 🤚🙂
උණුසුමක්...
කවදාමහරි මගෙ දරැවොන්ට කටපුරා අප්පච්චි........
කියලා කතාකරන්න පුළුවන් එකෙක් ❤
#කසාද_බදින්නම_මිනිහෙක් ❤🤚
එදාට නැතිඋන හැමදේම හම්බෙයි...
නොලැබුණු හැමදේමත් එක්කම
Credits goes - දේහා 🖤🌸