14/10/2026
ගෑස් පෝලිම් ආයේ එයිද? කලබල වෙලා වැඩිපුර ගෑස් ගන්න එපා! රජයෙන් විශේෂ දැනුම්දීමක්! 🚨
ගෑස් හිඟයක් ඇතිවෙයි කියලා සමාජයේ පැතිරෙන කටකතා ගැන කිසිම අනවශ්ය බියක් ඇති කරගන්න එපා කියලා රජය ජනතාවට විශේෂ දැනුම්දීමක් කරනවා. අමාත්ය නලින්ද ජයතිස්ස මහතා තහවුරු කරන්නේ මේ වෙද්දිත් රටට ප්රමාණවත් තරම් ගෑස් තොග ගෙන්වීමට කටයුතු කර ඇති බවයි.
මාලදිවයිනේ සිට LPG මෙට්රික් ටොන් 3,900ක් රැගත් ගෑස් නැවක් මේ වෙද්දිත් කොළඹ වරායට සේන්දු වී ඇති අතර, එහි ගෑස් ගොඩබෑමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර තිබෙනවා. ඒ නිසා කලබල වී වැඩිපුර ගෑස් සිලින්ඩර් මිලදී ගෙන ගබඩා කර තබාගැනීමේ කිසිම අවශ්යතාවයක් නැහැ. වෙනදා වගේම සාමාන්ය විදියට ඔබගේ කටයුතු කරගෙන යාමට හැකි බව අමාත්යවරයා අවධාරණය කරනවා.
මේ අතර, 2027 වසර සඳහා ලිට්රෝ ගෑස් (Litro Gas) සමාගමට ගෑස් සැපයීමේ කොන්ත්රාත්තුව OQ Trading Limited සමාගමට ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව 2027 ජනවාරි 1 වැනිදා සිට මාස 12ක කාලයක් සඳහා LPG මෙට්රික් ටොන් 420,000ක් (20%ක වැඩිවීමේ හෝ අඩුවීමේ හැකියාවක් සහිතව) සැපයීමට නියමිතයි. මෙහිදී අවම වශයෙන් මෙට්රික් ටොන් 336,000ක සැපයුමක් අනිවාර්යයෙන්ම සහතික කර තිබෙනවා.
ඒ නිසා ගෑස් හිඟයක් ගැන කිසිම බයක් හිතේ තියාගන්න එපා. මේ පණිවිඩය ඔබේ මිතුරන්ටත් Share කරලා අනවශ්ය කලබලයක් ඇතිවීම වළක්වන්න!