05/04/2025
ආදර්නීය ඔයාලා හැමෝම පුංචි වෙලාවක් අරන් මේ පුංචි කතාව කියවන්න කියලා ආරාධනා කරනව 😇😇😇😇😍
🅼🆈 🅲🅰🅺🅴 🆂🆃🅾🆁🆈
මේ වෙනකම් ආපු දුර
( 𝗖𝗢𝗠𝗣𝗘𝗧𝗜𝗧𝗜𝗢𝗡 )
𝟐𝟎𝟐𝟓 - 𝐂𝐫𝐞𝐚𝐭𝐢𝐯𝐞 𝐂𝐚𝐤𝐞 𝐓𝐨𝐩𝐩𝐞𝐫
𝐌𝐚𝐤𝐞𝐫
( Cake grandma & chef me)
- 𝐁𝐞𝐬𝐭 𝐅𝐨𝐧𝐝𝐞𝐧𝐭 𝐈𝐜𝐢𝐧𝐠 𝐂𝐚𝐤𝐞
𝐃𝐞𝐜𝐨𝐫𝐚𝐭𝐨𝐫 1⃣ st 𝐏𝐥𝐚𝐜𝐞
( White velvet cake ,white chocolate buttercream ,cherrys added and covered with fondent )
- 𝐁𝐞𝐬𝐭 𝐒𝐮𝐠𝐚𝐫 𝐅𝐥𝐨𝐰𝐞𝐫
𝐀𝐫𝐫𝐚𝐧𝐠𝐞𝐦𝐞𝐧𝐭 ( Water lilly s)
𝟐𝟎𝟐𝟒 - 𝐏𝐚𝐫𝐭𝐢𝐜𝐢𝐩𝐚𝐭𝐞𝐝 𝐒𝐮𝐠𝐚𝐫
𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐂𝐨𝐦𝐩𝐞𝐭𝐢𝐭𝐢𝐨𝐧
( 𝗖𝗢𝗨𝗥𝗦𝗘𝗦 )
𝟐𝟎𝟐𝟒 - 𝐂𝐨𝐧𝐟𝐞𝐜𝐭𝐢𝐨𝐧𝐞𝐫𝐲
𝟐𝟎𝟐𝟒 - 𝐏𝐚𝐬𝐭𝐫𝐲 & 𝐁𝐚𝐤𝐞𝐫𝐲
𝟐𝟎𝟐𝟐 - 𝐀𝐝𝐯𝐚𝐧𝐜𝐞 𝐒𝐮𝐠𝐚𝐫 𝐅𝐥𝐨𝐰𝐞𝐫𝐬 𝟐𝟎𝟏𝟖 - 𝐖𝐞𝐝𝐝𝐢𝐧𝐠 𝐂𝐚𝐤𝐞 𝐒𝐭𝐫𝐮𝐜𝐭𝐮𝐫𝐞 𝟐𝟎𝟏𝟖- 𝐂𝐚𝐤𝐞 𝐁𝐚𝐤𝐢𝐧𝐠 &
𝐃𝐞𝐜𝐨𝐫𝐚𝐭𝐢𝐧𝐠
වසර ගනනාවක් පුද්ගලික ආයතනයක රැකියාවක් කල මං එයින් ඉවත් විමට හේතු වුයේ මා තුල ඇති නිර්මාණ හැකියාවේ පරාසය තේරුම් ගිය නිස. මගේ කේක් කතාව පටන් ගන්නෙ එතනින්... කේක් කලාව කියන්නේ භාවනාවක්, ඉවසීම නැත්නම් හොද නිර්මාණයක් එළිදක්වන්න අමාරුයි. ඉස්කෝලෙ යන කාලේ ඉදන් ආසාව තිබ්බට මට ඇත්තටම බටර් කේක් එකක් හදන්න ඉගෙන ගන්න පුළුවන් උනේ මම කන්‍යාරාමයේ ඉද්දි අපේ කුකරි විෂය භාර ඈන් කන්‍යාසොයුරියගෙන්. 50 වියත් ඉක්මවූ කන්‍යාසොයුරිය ටිකක් ඉතින් වසයි, හැබැයි නොදන්නා හැමදේම කියලා දුන්නා.ඒ කාලේ ඉතින් කේක් බිට් කරන්න උනේ ලී පත්තෙන් තමයි. අමාරුයි තමයි ඒත් සිස්ටර් ටිකක් සැරෙන් කියනවා ළමයෝ! ටිකක් පන ඇතුව ඕක බීට් කරන්න කියලා. ඒ 2002 අවුරුද්දේ මගේ පළමු කේක් අත්දැකීම. කවදාහරි මන්ම තනියම හදන්න පුරුදු වෙනවා කියලා හිතා ගත්තා. කන්‍යාරාමයේ අධ්‍යාපනය අවසන් වී ඇවිත් රැකියාවක් කරන්න ගත්ත කලේ ඉදන් කෑම පත්තර බල බල එක එක රස වල කේක් හදන්න පුරුදු උනා. කේක් කිලෝ 2 ක් ඩස්ට්බින් දාන්නත් උනා. 🤣😏😜ඒ උනාට අයිසිං කරන්න දන්නේ නෑ නේ, මාර ආසාවක් තිබ්බේ අයිසිං කරන්න. ඉතින් ප්ලාස්ටික් නොසල් සෙට් එක ගෙනත් නත්තලට කේක් එකක් හදලා අයිසින් කලා. එපා කිවත් මූලික අඩිතාලම දාපු කේක් එක නොදා ඉන්න බැරි නිසා ඒ පලවෙනි කේක් එක ( 2013/12/25ෆොටෝ එකේ හදපු දිනේ සදහන් වෙලා තියෙනවා) හා මේ වෙද්දී ලබපු ජයග්‍රහණය , මගේ දියුණුව කොතනද කියල බලන්න. ඒත් අයිසින් කරන්න බැරි නිසා සාමාන්‍ය කේක් හැදුව, යාලුවන්ගෙනුත් ඕඩර් ආවා. ඒ අතරේ මට මුහුණු පොතෙන් හරි අපුරූ සොයුරියක්. ඇය කේක් පිළිබද හසල දැනුම ඇති කේක් ගුරුවරියක්, එයාව හමු උනේ මගේම උත්සහයෙන් මගේ මිතුරියකගේ homecoming එකට කප් කේක් හදල අයිසින් කරන්න නොසල් එකක් ඉල්ලන්න ගිහින්. එදා ඒ නොසල් එක ඉල්ලගෙන මගේ වැඩේ කරගත්තා. පසුව අපි ගොඩක් හොද මිතුරියෝ උනා, මගේ අයිසින් ගැටලුව ඇයට ඉදිරිපත් කලාම ඇය කිවේ , ඇගේ කේක් පන්තියට එන්න, ඇය හැමදේම උගන්වන්නම් කියලා. ඒ ආරාධනාවෙන් පන්ති ගිහින් අද වෙදිදි ඇයට පින්සිදු වෙන්න මට බය නැතුව ඕනිම කේක් නිර්මාණයක් කරන්න පුළුවන්. ඇය නමින් Sandya Dissanayake ගුරුතුමියයි. ඇය නිතරම මං වෙනුවෙන් හිටියා 😍මේ වෙද්දී මං මිස්ගෙන් කේක් වලට අමතරව ගොඩාක් දේවල් ඉගෙන ගත්තා 😇
ඒ වගේම මගේ මහත්තය Lalith Walagama තමයි කේක් ව්‍යාපාරය ආරම්භ කරන්න මට ගොඩක් උදව් කලේ.
Lalisha Cake & Creations -since 2017- තමයි මගේ fb page එක, මේ නම නම් හැදුවේ මං, මගේ මහත්තය මේ කේක් ව්‍යාපාරය පටන් ගන්න උදව් කරපු නිසා මගෙයි එයාගෙයි නම් දෙක එකතු කරලා තමයි LALISHA (Lalisha +Ishani ) කියන නම හැදුවේ.
‘Customer satisfaction is my encourage’ තමයි මගේ තේමා පාඨය . මං හදලා දෙන කේක් එකේ හොද නරක එයාලගෙන් අසන්න ලැබීම තමයි මගේ ශක්තියයි, දියුණුවයි, සතුටයි. රැකියාව කරන කාලේ ඉදන් කේක් හැදුව රෑ නිදිමරාගෙන ඔෆිස් එකෙන් ආපු ඕඩර් පවා. ඒ කාලෙ කෑම එහෙම කන්න මතක නෑ .. Erin Raymond අම්මා තමයි කෑම එක අරන් පස්සෙන් ආවෙ කවන්න..දැන් රැකියාවට සමු දීලා සම්පුර්ණ කාලය වැය කරලා මගේ කේක් ව්‍යාපාරය කරගෙන යනවා. මන් ප්‍රතිපත්තියක් විදිහට දරුවන්ට කේක් හදදිදී ගොඩක්ම භාවිතා කරන්නේ ලා වර් න. වැඩිහිටියන්ටත් ඒ හා සමානයි. Customer කෙනෙක් තද පාටින් තියෙන කේක් එකක් ඕනි කියලා මට කිවම, ඒ ගැන පහදලා දීලා පුළුවන් තරම් පාට උනත් ඒ chemical නේ, එක අඩු කරලා හදලා දෙන්නම් කිවම එයාලා පවා එකග වෙනවා, පැණි රස අඩුවෙන් ඕනි නම් එහෙමත් හදලා දෙනවා. Coloring chemical එක අඩුවෙන්ම භාවිතා කරන්න මට පුළුවන් උනේ Airbrush එකෙන්. ඒ වගේම නිතරම අත්හදාබැලීම් කරන නිසා කේක් රසගන්වන්න මං ස්වභාවික රසකාරක තමයි භාවිතා කරන්නේ. මගේ පරමාර්ථය තමයි වසවිසෙන් තොර පිරිසිදු, උසස් අමුද්‍රව්‍ය යොදා සෑදූ රසවත් නිර්මාණශීලී කේක් එකක් පාරිබෝගිකයාට ලබා දීමයි.
අනික රස කතාව තමයි
cake සම්බන්ධ තියෙන competition වලට face කරන්න මං ටිකක් අකමැතියි..ඇත්තටම කීවොත් බයයි....🙄😑😮😫😨😳.ඒත් 2024/2025 එහෙම competition වලට මාව බලෙන් දාපු මගෙ ආදරනීය cake ගුරුතුමියට disanayake මං අනේක වාරයක් ස්තූතියි කියනව....මෙ ලබපු ජයග්‍රහණයෙ කොටසක් ඔයාට ත් තියෙනවා ... පුංචි එකක් වගෙ ඔයාලට පෙනුනත් මට ලොකු ජයක්..මගෙ මේ කේක් කලාවෙ........
ඒ වගේම තව විශේෂ ස්තුතියක් කරනව මගේ ආදරනීය husband ට... මං මහ රෑ ඇහරන් වැඩ කරද්දී නිදිමරගාතෙ නිදි කිර කිර හරි මගෙ තනියට මගෙ ලගින් හිටියා ට.. ඒ පුංචි සම්මානෙ ගත්තෙ සතුටු කදුලු දෑසින් වැටෙද්දි..ඒක අරන් ගිහින් ඉස්සල්ලම දුන්නෙ මගෙ මහත්තයාගෙ අතට..එවෙලෙ එයාගෙත් ඇස් වල සතුට මං දැක්කා.....ඔයාට ගොඩාක් පිං මාව දරාගන්නවට...
මෙ පුංචි දිනුමෙන් පස්සෙත් මගෙ ගුරුමෑණියන් Cake Classes by Sandya හරිම ආදර්නීයව මට බැන්නා අපිම ඉතින් බලෙන් දක්කන් ගිහින් මේවට ඉදිරිපත් කරවන්න ඕනි නෙ, 🤣දක්ශකම තියන් කම්මැලි කමේ ඔහේ ඉන්නව කියලා ..ආදරෙයි ඉතින් ..😍😘මං ගැන පුංචි වචනයක් කියන්න ඔයාට අවසරයි ....