Curly Tales

Curly Tales Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Curly Tales, Poet, Negombo.

13/04/2026

හොඳින් දැයි විමසන්න -නළල් තල සිප ගන්න
වරම් නැති මේ බවේ සැනසිලා නිවි ඉන්න අවුරුදු වාරමක කොහෝ මට ගෙන එන්න
ඔබ තමයි අවුරුද්ද උදා වී හිනැහෙන්න
💗

බුද්ධිකා දළදාවත්ත

කුරුසියේ ඇණ ගසා රුහිරු ගැලුවත් නොයා හදවතේ කුසුම් කැල පරව යා නොදී       සදා සමිඳුනෙ ඔබ කෙසේ දැරූ සිත්හි විඳ       දරා විම...
30/03/2026

කුරුසියේ ඇණ ගසා රුහිරු ගැලුවත් නොයා හදවතේ කුසුම් කැල පරව යා නොදී සදා සමිඳුනෙ ඔබ කෙසේ දැරූ සිත්හි විඳ දරා විමුක්තිය තිබුනේම ඔබේ පාමුල නිසා

බුද්ධිකා දළදාවත්ත

21/03/2026
බත් කවා සතපවා නිදි කෙරූ          හාදකම් කෑ ගසා නැගිටුවා පාඩමට යොමු       කරන් හිස ගසා මල් දමින් හැඩ බලා සන්තොසින් ආයේ එන...
16/03/2026

බත් කවා සතපවා නිදි කෙරූ හාදකම්
කෑ ගසා නැගිටුවා පාඩමට යොමු කරන්
හිස ගසා මල් දමින් හැඩ බලා සන්තොසින් ආයේ එන්නේ නෑලු තටු ගසන යාළුකම්

බුද්ධිකා දළදාවත්ත

Photo credit
University of Peradeniya official page

තුරුලේ හුවා සැතපී නිදි වැරු         හින්දා අරුණාලෝකෙ වැටුනම පිණි බිඳු   සින්දා සසරේ වසන තුරු ඔබ මගේ          හින්දා සාගර...
12/03/2026

තුරුලේ හුවා සැතපී නිදි වැරු හින්දා
අරුණාලෝකෙ වැටුනම පිණි බිඳු සින්දා
සසරේ වසන තුරු ඔබ මගේ හින්දා
සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා

බුද්ධිකා දළදාවත්ත

තදින් තද කොට        බදාගැනුමක්කියා නොකියා         ගියපු කවියක් සයුර ඉම දැක        නිවුණු රැල්ලක් හමුවෙලත් හමු නොවුනු වෙර...
04/03/2026

තදින් තද කොට බදාගැනුමක්
කියා නොකියා ගියපු කවියක්
සයුර ඉම දැක නිවුණු රැල්ලක්
හමුවෙලත් හමු නොවුනු වෙරළක්

♥️
බුද්ධිකා දළදාවත්ත

නිරාමිස සැනසීම දුටුවේම ඔබේ    දෑස පපු තුරුලේ හංගාම අපි දැක්ක සුභ සිහින  හැර නොයා හිටියාට තුන් කල්හි මගේ දෑත අගේටම පායාපු...
27/02/2026

නිරාමිස සැනසීම දුටුවේම ඔබේ දෑස
පපු තුරුලේ හංගාම අපි දැක්ක සුභ සිහින හැර නොයා හිටියාට තුන් කල්හි මගේ දෑත
අගේටම පායාපු වසන්තය ඔබ නේද....

බුද්ධිකා දළදාවත්ත



♥️♥️

Photo courtesy
Facebook
Due credit to the respective owners

සුවඳ හැමු අතීතෙක පරව ගිය කිනිති අගපූදින්න තව තවත් මල් කැකුළු හෙටත් හැම පල දරා බර වෙන්න හෙට මිලින නොවන ලෙස..💛💛💛බුද්ධිකා ද...
05/02/2026

සුවඳ හැමු අතීතෙක
පරව ගිය කිනිති අග
පූදින්න තව තවත්
මල් කැකුළු හෙටත් හැම
පල දරා බර වෙන්න
හෙට මිලින නොවන ලෙස..
💛💛💛

බුද්ධිකා දළදාවත්ත

27/01/2026

දුම් දමන දුම්රියක -වා කපන කවුළු
පියනක
අරුණාලෝක කිරණක - ඔබ දැවටෙන දෑතක හිස තබා සැනසෙන්න-
ලොව අධිකතම දුර්ලභම මිහිරියාවකි ඒ ...

සිනමාවේ පහසම- උණුසුම්ම හාදු ද
කැටිව මුසුඋණු පොප් කෝන් ගුලි
ගිලදාන්නට .....- නැතිය මට ඔබ
ලොව අධිකතම දුර්ලභම මිහිරියාවකි ඒ

ගලා යන රළ බැස - ඔබ දැකුමටය අවසර
ඉර බසිද්දී - හඳ නැගෙද්දි
හද ගැහෙද්දි -ඔබ මගේ නොවී
ශිතිජයේ ඉම කරා ගිය සඳ
ලොව අධිකතම දුර්ලභම මිහිරියාවකි ඒ !

බුද්ධිකා දළදාවත්ත

කැලණි කන්දම නැග්ග ඉස්සරම      හාදකම්කෙලි කවට සිනා පිරි හිත් වැටුණු  කෝලකම් හති වැටුණු පපු තුරට ලන් වුණුම    තාල දැන් එදා...
22/01/2026

කැලණි කන්දම නැග්ග ඉස්සරම හාදකම්
කෙලි කවට සිනා පිරි හිත් වැටුණු කෝලකම් හති වැටුණු පපු තුරට ලන් වුණුම තාල දැන් එදා මේ කඳු නැග්ගෙ එක හුස්ම එක වරම්

දැන් ඉතින් අපි නැතිය වෙන අයගේ විමන දැන් අව්කෝඩෙ මට දැනුනේ දවා අලු කරන මෙන් දැන් ඉතින් මට හතිය නගිනු බැරි කඳු තවත් කැලණියම කියන්නෙම හද රැඳුණු පින්බිමක්

බුද්ධිකා දළදාවත්ත

එක රැහේ කුරුල්ලන් එක අත්තෙ රැඳෙන සේ මත ගැටුම් විරසකව යා නොදී          හිතුමතේ සිනා කඳුළින්     පිරුණු මතක හැම නිති සිතේ ...
19/01/2026

එක රැහේ කුරුල්ලන් එක අත්තෙ රැඳෙන සේ මත ගැටුම් විරසකව යා නොදී හිතුමතේ සිනා කඳුළින් පිරුණු මතක හැම නිති සිතේ අහස් කුස මිස අපට තටු ගසා යා නො දේ

බුද්ධිකා දළදාවත්ත

Address

Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when Curly Tales posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category