Curly Tales

Directions

Curly Tales Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Curly Tales, Poet, Negombo.

03/06/2026

ඉඳහිටක තනිවී -නතර වී හිඳ
මතක පිරික්සන කාල යන්ත්‍රය

හිස තබා සැනසුණු උරහිස
සීරුවට කෙස් පිරි මැදි ඇඟිලි තුඩු

ඇස් ඇරී තිගැස්සී බැලු සඳ
හිස් අහසමය දුටුවෙ
ගණඳුරු
කළු වලාකුලු පාවෙලා ගිය.....

බුද්ධිකා දළදාවත්ත

20/04/2026

හද බැඳි දෑස් සිහිනෙන් පුරා
විසිරුණු හැඟුම් කැළඹුණු සිතුම්
ඔබ මගේ නොවෙයි දිවි ඇති තුරා

මතක මන්දිර පීරලා
දිලිසෙන දෑස් හිර වූ සුසුම්
අපි තව වරක් වෙන්කර ගියා

මහදේ රිදුම් තත් වෙණ නදින්
නව රිද්මයෙන් සුපිපුණු හදින්
ඔබ වැළඳ ගමේ සුපසං සිතින්

1June 2024
බුද්ධිකා දළදාවත්ත

13/04/2026

හොඳින් දැයි විමසන්න -නළල් තල සිප ගන්න
වරම් නැති මේ බවේ සැනසිලා නිවි ඉන්න අවුරුදු වාරමක කොහෝ මට ගෙන එන්න
ඔබ තමයි අවුරුද්ද උදා වී හිනැහෙන්න
💗

බුද්ධිකා දළදාවත්ත

කුරුසියේ ඇණ ගසා රුහිරු ගැලුවත් නොයා හදවතේ කුසුම් කැල පරව යා නොදී       සදා සමිඳුනෙ ඔබ කෙසේ දැරූ සිත්හි විඳ       දරා විම...
30/03/2026

කුරුසියේ ඇණ ගසා රුහිරු ගැලුවත් නොයා හදවතේ කුසුම් කැල පරව යා නොදී සදා සමිඳුනෙ ඔබ කෙසේ දැරූ සිත්හි විඳ දරා විමුක්තිය තිබුනේම ඔබේ පාමුල නිසා

බුද්ධිකා දළදාවත්ත

21/03/2026
බත් කවා සතපවා නිදි කෙරූ          හාදකම් කෑ ගසා නැගිටුවා පාඩමට යොමු       කරන් හිස ගසා මල් දමින් හැඩ බලා සන්තොසින් ආයේ එන...
16/03/2026

බත් කවා සතපවා නිදි කෙරූ හාදකම්
කෑ ගසා නැගිටුවා පාඩමට යොමු කරන්
හිස ගසා මල් දමින් හැඩ බලා සන්තොසින් ආයේ එන්නේ නෑලු තටු ගසන යාළුකම්

බුද්ධිකා දළදාවත්ත

Photo credit
University of Peradeniya official page

තුරුලේ හුවා සැතපී නිදි වැරු         හින්දා අරුණාලෝකෙ වැටුනම පිණි බිඳු   සින්දා සසරේ වසන තුරු ඔබ මගේ          හින්දා සාගර...
12/03/2026

තුරුලේ හුවා සැතපී නිදි වැරු හින්දා
අරුණාලෝකෙ වැටුනම පිණි බිඳු සින්දා
සසරේ වසන තුරු ඔබ මගේ හින්දා
සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා

බුද්ධිකා දළදාවත්ත

තදින් තද කොට        බදාගැනුමක්කියා නොකියා         ගියපු කවියක් සයුර ඉම දැක        නිවුණු රැල්ලක් හමුවෙලත් හමු නොවුනු වෙර...
04/03/2026

තදින් තද කොට බදාගැනුමක්
කියා නොකියා ගියපු කවියක්
සයුර ඉම දැක නිවුණු රැල්ලක්
හමුවෙලත් හමු නොවුනු වෙරළක්

♥️
බුද්ධිකා දළදාවත්ත

නිරාමිස සැනසීම දුටුවේම ඔබේ    දෑස පපු තුරුලේ හංගාම අපි දැක්ක සුභ සිහින  හැර නොයා හිටියාට තුන් කල්හි මගේ දෑත අගේටම පායාපු...
27/02/2026

නිරාමිස සැනසීම දුටුවේම ඔබේ දෑස
පපු තුරුලේ හංගාම අපි දැක්ක සුභ සිහින හැර නොයා හිටියාට තුන් කල්හි මගේ දෑත
අගේටම පායාපු වසන්තය ඔබ නේද....

බුද්ධිකා දළදාවත්ත



♥️♥️

Photo courtesy
Facebook
Due credit to the respective owners

Address

Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when Curly Tales posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category