The Rhyme of Silence

The Rhyme of Silence The word's more than you dream

15/02/2026

ලස්සන ආදර කතාවක්
බලාපොරොත්තුවෙන් ඉන්න
ඉක්මනට දෙන්නම

මතක පිටු අතර ලිය වුනු කතා මොන තරම් ලස්සන දසිහිවන විට දෙනෙත් පියා දැසේ කදුළු බිදු ආදරයේ සොඳුරු මතක මේ තරම් රිදුම් දෙයි කි...
21/11/2025

මතක පිටු අතර ලිය වුනු කතා මොන තරම් ලස්සන ද
සිහිවන විට දෙනෙත් පියා
දැසේ කදුළු බිදු
ආදරයේ සොඳුරු මතක
මේ තරම් රිදුම් දෙයි කිය කිසිසේත් සිතුවෙ නැත

මින් පෙර
මුළු රැ පුරා වුනු කතා සිත පතුලේ තැන්පත් ව
අද මා තනි වුනෙ කෙසේ ද?

ආදරය මෙතරම් රිදුම් දෙයි කිය දන වුණානම්
කිසි සෙත්
මා ආදරේ නොකරනු ඇති බව සත්තයි.

ඔව් තනිව හිදි මා සොයා ආ නුඹ මට අහම්බයක් නොවේ ය
පෑ සෙනෙහස මට අරුමයක් වුනා මන්ද
වෙනත් කතා මෙන් නොව
ඔබ පට පැ ආදරේ
මට මෙතරම් රිදුම් දෙන්නේ
කිසිවෙක් නෑ මේ තරම් පෙම් කළේ මා හට.

ඉතින්
මේ වෙදනා
දරා මා ඉන්නම් තනිව
සමාවන්න
මක්නිසාද
මතක අමතක කර දුර පියබා යන්නට නොහැකි ය

යලි එන්න සිතුවහොත් නොපමාව එන්න
මා ලියූ කතාවෙහි
සොඳුරු කවිය
නුඹයි..

එදා ආදරෙන් වෙලි මැව් කාලය අතර අපි අපි ගැනම කතා කරපු  ලස්සන කතා හරි අපූරු ලොවක එලිය මට දුන්නා කිසියම් දෙකට වත් නුඹ අහිමි ...
12/08/2025

එදා ආදරෙන් වෙලි මැව් කාලය අතර
අපි අපි ගැනම කතා කරපු
ලස්සන කතා
හරි අපූරු ලොවක එලිය මට දුන්නා
කිසියම් දෙකට වත් නුඹ අහිමි කර නොගන්න ලෙස හින හැදුවා
ඔව් හිනා වෙවී හරි ආදරෙන් හිදිය
"ඔව් මගේ විතරයි හොඳේ."
"හරි ඔයාගේ ම තමා."

වචන පොරොන්දු කරන්න
බොහෝ විට සමත් වුණි හි

එහෙත්
වචන හිස් වි
පොරොන්දු කඩ වන
බව
නොදැන ම
මා සිත නුඹට පෙම් බැඳි පෙම් ගී
ලිය තැබූ වා

ඔබ මා යන මතයක ම පමණක් කොට
එය අමතක නොකරන්න

ඉතින් කුමරියනි
මා හැර ගිය නුඹට
ශාප නොකර
සමුගන්නට අවසරයි
මට

නුබේ මිහිරිතම දිවියට සුබ පතා.

ඉතින් ඒක දවසක් ඒ දෙන්නා මුණගැහිලා හරි ආදරෙන් කථාවක් පැටලිලා ඉද්දී "මේ එක නෙමෙයි  ඔයයි  මායි ඉස්සර වගේ නිතරම හම්බෙන නැති ...
04/08/2025

ඉතින් ඒක දවසක් ඒ දෙන්නා මුණගැහිලා
හරි ආදරෙන් කථාවක් පැටලිලා ඉද්දී
"මේ එක නෙමෙයි
ඔයයි මායි
ඉස්සර වගේ නිතරම හම්බෙන නැති නිසා ඔයට පාලු ද?"
"අනේ නැහැ
නිතර හම්බුනේ නැති උනාට
ඔයා ගැන මන්
නිතරම හිතෙනවා
වෙලාවකට මට ඇඩෙනවා"
ඇය එහෙම කියනවා
"අනේ මන් ඔයාට දුක් දෙනවා නෙද ??"
"කවුද දැන් එහෙම කිව්වේ
මගේ ඇස් වල පිරෙන්නේ අඩබර කදුළු
ඔය අපේ අනාගතේ ගැන හිතලා
ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න දිහා මන් බලන්න ඉන්නේ හරිම ආසාවෙන්"
එය එහෙම කිව්වා
" අහන්නකො මං හෙට අනිද්දාම interview එහෙකට යනවා
ඔයා දන්නවා මන් මේ කරන රස්සාව මන් මගේ ජීවිතේ ගැට ගහන්න කරපු
නැත්නම් ඒත් දැන් පොඩි අවස්තාවක් ලැබුණා අලුතෙන්ම අඩියක් තියන්න"
"ඒක කොච්චර දෙයක්ද
මට ඔයා ගැන හරිම සතුටුයි."
එය එහෙම කිව්වා

"ඔව් ඔයා ගැන හිතලා තමා මන් මේ තිරෙන් ගත්තේ
මන් අර කුලියට වැඩ කරලා පාරක් පාරක් ගානේ ගිහින් ගිනි අව්වේ පිච්චි පිච්චි
එහෙම ඉන්න එක ඔයාගේ තත්වේට හරි නැහැ"
ටිකක් හිනා වෙලා එයා මට තුරුළු වෙලා මෙහෙම කිව්වා
"ඔය මොන තත්වෙ හිටියත් මගේ ආදරෙ වෙනස් වෙන්නේ නෑ
කවදාවත් නෑ"
අපි කතා කරපු පැය ගණන ගෙවිලා ගියේ එයාගෙ ඇස් වල කිය වුන ආදරෙ
ඇත්තටම
මට හරිම අරුමයක් වුනා.✨

"නුඹයි මගේ කල්පනාව.මා ගෙවනා මුළු කාලය පුරාම සිතුවම් කරනා.රැ පුරා මා දකින සිහිනය.මා සිත නම් ගෘහයේ කවුළුවෙන් එපිට මා බලා හ...
28/07/2025

"නුඹයි මගේ කල්පනාව.
මා ගෙවනා මුළු
කාලය පුරාම සිතුවම් කරනා.
රැ පුරා මා දකින
සිහිනය.
මා සිත නම් ගෘහයේ
කවුළුවෙන් එපිට මා බලා හිදින එකම බලාපොරොත්තුව නුඹයි.
කල්ප කාලයක් පුරා බලා හිදින්නට හැකි.

තවත් තනිවම හිදින්නට
නොහැක
ඉතින් නොපමාව මා සොය ඇවිත්
මා සිපගෙන සනසාලන්න.

මා ආදර කුමරාණනේ."

ඇගේ මුළු
කල්පනාවද
සිහිනය ද
බලාපොරොත්තුව ද
ඔහු ම විය.

සුවහසක් ප්‍රෙම්වන්තයින්
නිසොල්මනේ
ගයානා
ගිතය
ඔහු මය

ඔව් ඇ මෙන්ම
ඔහුත් සිතනා
සිතුවිලි පාලම
ඇය මය✨

"ඉතින් ඇයි මාවම තොරගත්තෙ?""මල් දහක් මැද්දේ මන් දැක්ක දුර්ලභ මල ඔයා."ලොව නොදකින සත්‍ය ප්‍රෙමය නම් නුතන ලොව පුරා තිබෙන ඒකා...
20/07/2025

"ඉතින් ඇයි මාවම තොරගත්තෙ?"
"මල් දහක් මැද්දේ
මන් දැක්ක දුර්ලභ මල ඔයා."
ලොව නොදකින සත්‍ය ප්‍රෙමය නම්
නුතන ලොව පුරා තිබෙන ඒකාකාරී කතා හා සමාන
නොවන
දුර්ලභ කතාවක්

"එතකොට ලොකෙ මිනිස්සු මොන කියයි ද?"

"ඔයයි මමයි අත් පටලාගෙන ඉන්නේ අපේ කතාවේ මිසක්
එයාලාගේ කට වචනෙට වෙනස් වෙන කතාවක් නොවෙයි"

"අන්න හරි
ඔයයි+මමයි
වෙන කවුරුවත් නෙවෙයි
තෙරැනාද😘"

"මට හම්බුන ලස්සනම මල ඔයා
ඔයාව වෙන කාටවත් දෙන්න
ලොභයි"

"අනේ අනේ
බැරි වෙලාවත් මාව ඔයාට නැති උනොත්?"

"එහෙම උනොත්
මට මාවත් නැති වෙයි"
"පිස්සු ද ඔයාට
ඔයා මං නැති උනා කියල එහෙම ඉන්න එපා මට වඩා හොඳට ඉන්න ඕනේ"

"මට හම්බුන ලස්සනම මල ඔයා
දුර්ලභ මල ඔයා
එච්චර වැදගත් වටිනා දෙයක්
නැති වුනාට පස්සේ
කොච්චර දේවල් තිබිලාත්
වැඩක් නැහැ
ඔව් ඔයා හරි මට පිස්සු
මොකද මන් ඒ තරම් ඔයට ආදරෙයි.
රත්තරන් මාව ඔයාට කොහොම දැනෙනවා ද දන්නෑ
ඒත් මං ඔයාට උමතුවෙන් වගේ ආදරෙයි
කොච්චර දේවල් තිබිලාත් ඔය නැතුව නම් මට මගේ ජීවිතේ කිසිම ලස්සනක් නැහැ
අනේ මගෙන් ඈතට යන්න එපා
ඔයාට ආදරේ කරපු මන් මැරි මැරි ජිවත් වෙයි"

"ආදරෙයි 🥺😩😘"

"මත් ඔයාට ගොඩක් ආදරෙයි 😘"

රැය පුරා එලිය දෙන සද මෙන්.නුබ ද ඉතා මනරම් සොදුරු කවියක් ය.මේ අදුර රු පුරා සිසාරාඇදෙන සද එලියෙන් නුබ හා අත් පටලා යන්නට ඇත...
06/06/2025

රැය පුරා එලිය දෙන සද මෙන්.

නුබ ද ඉතා මනරම් සොදුරු කවියක් ය.

මේ අදුර රු පුරා
සිසාරා
ඇදෙන සද එලියෙන්
නුබ හා අත් පටලා
යන්නට ඇතැම්
මේ අනන්තයට යන මාවත පුරා.

හැබැහින් ම එය සිහිනයක් ය.

නුබ හා මා මවනා
සිහින
හදෙහි බිති සිතුවම් කරමි.

කොපමණ කල් ගෙවුවද එවා නොමැකෙ

නුඹට බැදි පෙම්
අදුරය
ගැඹුරු ය
එය වෙනස් කරන්න ද
නවත්වන්න ද
නොහැකි ය.

මා හා ආ
සදේ
මා අත් හර යන්නට
එපා
නුබ නැති ව
ගනදුර තුල
ජීවයක් නැත.
නුබ නැති ව මට
සැනසුමක් ද නැත.

සදේ නුඹට මන් එතරම් පෙම් බඳින්නෙ මි.

දුටුවා මන් සිහිනයක් අත් පටලා ඇවිදන් ගියා අපි කෙතරම් වෙහෙස වූ ද ඔය ඇස් දෙක හුරතල් මුහුණෙහි ඇදෙන සිනාහව මා සිතට සැනසුම දෙය...
28/09/2024

දුටුවා මන් සිහිනයක්
අත් පටලා
ඇවිදන් ගියා අපි
කෙතරම් වෙහෙස වූ ද
ඔය ඇස් දෙක
හුරතල් මුහුණෙහි ඇදෙන සිනාහව
මා සිතට සැනසුම දෙයි
ආසයි සිපගන්නට සිනිදු දෙකොපුල් .
තුරුලේ හොවා පෙමින් මැදි
හිදි ය අප දෙදෙනා
"ආදරෙයි මං"
කියු ඔබෙ වදන්
සවන් පුරා ගලා ගියා
සිප ගත්තා මං ඔබේ දොතම
සත්තයි ආදරෙයි මං හැමදාමත්
කෙතරම් කල් ගත වුවද
අදටත් මගේ ආදරය
එලෙසමයි
සිහිනයක් වු ඒ මනරම් සොදුරු හැගුම්
මට තවත් ඇය අමතක කර නොහැකි තරම් වුවා
මතු හිමි නොවුනත් මගේ ආදරියේ
කෙළෙසක වත් අමතක නොකරමි
අහිමි වුනත් ලදෙ
නුඹේ අත
ආදරෙයි මං සන්සාරිනි
දිවි තුරා 🥺🫶😩

මතක අතර රැදුනු නුඹේ සිනහාව නුඹේ කතා මතක දින පොත් පුරවා මැවු මනරම් සිහින දැනුනා මට නුඹේ අත අයිති නැති බව මා සිය දහස් වර අ...
21/09/2024

මතක අතර රැදුනු නුඹේ සිනහාව
නුඹේ කතා මතක දින පොත් පුරවා
මැවු මනරම් සිහින
දැනුනා මට
නුඹේ අත අයිති නැති බව
මා සිය දහස් වර අදරෙ කල ද
නුඹ එක තප්පරයක් වත් මා
ගැන නොසිතාන්නෙ මන්ද යයි
වැටහෙන්නේ නැත
තවත් ඔබ ගැන සිතමි
මුළු දිවිය පුරා හො ඔබ වෙනුවෙන් ඉන්නම්
මියෙනා තුරු මා ළග නුඹ හිදි ද???
මෙසේ මා හා වන්නේ ඇයි ද කිය නොදනිමි
"ඇයි මටම මෙහෙම වෙන්නෙ
මොකක්ද මගේ වැරද්ද"
මින් එහාටත් කියන්නට කිසිත් නැත
වචන ගොළුවි මා සිත කැබැලිවලට කැඩී යයි
එනමුදු
මා තවත් නුඹට ආදරෙයි 💔

නුබේ සියුමැලි වත මුදු සිනහව අද මෙසේ බොදවී යන බව දැන සිටියා කෙතරම් ආදරය කළ ද ඒ හමුවේ පරාජය හිමි මටනුඹේ සිත ද අහිමි වූවද ද...
08/09/2024

නුබේ සියුමැලි වත
මුදු සිනහව
අද මෙසේ බොදවී
යන බව දැන සිටියා
කෙතරම් ආදරය කළ ද
ඒ හමුවේ පරාජය හිමි මට
නුඹේ සිත ද අහිමි වූවද
දුකක් නැත
එහෙත් තවමත් ඔබ
අමතක කර ඉන්නට නොහැකි ය
දින ගණන ගෙවි ගිය ද
තවත් නුබේ දෝ මා
නැති නම් මා දකිනා මෙ සිහිනය
අවදි විමට මට නොහැකි ද
මෙ සියල්ල හමුවේ මා කෙතරම්
ආදරය කළ ද
මට එය හිමි නැත
ඉතින් ප්‍රෙමිය
සුමගන්නම
අහිතක් නැත
ඔබ හා සිතෙහි සිතුවම්
වු හැගුම් නිදන් කොට
හිදිමින් නුබේ න් දුරස් වී
Highlights

හැකි දේ කියන්නට?ලස්සන මලක්. එය කෙතරම් පිවිතුරු ද,ලස්සන ද,මිහිර ගෙනෙන සුවද සිත තුළ මනරම් සොදුරු දසුන් මවන හැගුම්බර සිතුවි...
04/08/2024

හැකි දේ කියන්නට?
ලස්සන මලක්.
එය කෙතරම් පිවිතුරු ද,
ලස්සන ද,
මිහිර ගෙනෙන සුවද
සිත තුළ මනරම් සොදුරු දසුන් මවන
හැගුම්බර සිතුවිලි
සිත තුළ සිත්තම් කර
කියන්නට වුණෙ
"අනේ මේ මල හැමදාම මෙහෙම
සුවද දෙනවා නම්"
ඔව් කෙතරම් පිවිතුරු වුවද,
මනරම් සොදුරු හැගුම් මැවුව ද,
දිනක එය පරවි කඩා හැලෙන බව
නිසැකවම ඔබ මෙන් මා ද එය දනි
ඉදින් කියන්නම් යමක්

"පිපි පරව යන බව දනි නම්
ඊට මහත් සේ ආශ පොදි නොබැද
එය පිපි තිබෙන තුරු
එය රැක බලා
හොදින්
සමුගන්න දා ඊට කනස්සළු නොවි
එය පිපි තිබෙන තුරු දුන්
සුවද ,මිහිර
පිවිතුරු බව සදා මතක තබා
ඊට මිහිරි ව සමු දෙන්න "
මලට සමාන කරන ඔබ මාගේ
තරුණ දිවිය
මෙසේ දිනක නිමා වි යන අතර සොදුරු මතක
අතරින් ඔබත් මමත් දන්නා එම කථාව
එසේම අවසන් වනු ඇත.

Address

Negombo

Telephone

+94766059346

Website

Alerts

Be the first to know and let us send you an email when The Rhyme of Silence posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category