Negombo News

Negombo News Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Negombo News, Negombo.

11/08/2026
මීගමුවෙන් බිහිවු  විශිෂ්ඨ සිනමා ශිල්පී බර්නාඩ් රෙජිනෝල්ඩ් මහතා සමුගනී...🕊️මීගමුව පුරවරයෙන් බිහිවී, අඩ සියවසකටත් වඩා වැඩි...
02/08/2026

මීගමුවෙන් බිහිවු විශිෂ්ඨ සිනමා ශිල්පී බර්නාඩ් රෙජිනෝල්ඩ් මහතා සමුගනී...
🕊️
මීගමුව පුරවරයෙන් බිහිවී, අඩ සියවසකටත් වඩා වැඩි කාලයක් (වසර 60කට අධික) සිංහල සිනමාවේ රිදී තිරය පිටුපස සිට අසමසම මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ සිනමා සංස්කරණ ශිල්පී සහ කලාකරු බර්නාඩ් රෙජිනෝල්ඩ් මහතා වසර 82ක් ආයු වළඳා 2026 අගෝස්පතු 01 දා අප අතරින් සමුගත්තා.

🌟 සිනමා දිවියේ සන්ධිස්ථාන:
සංස්කරණ ක්ෂේත්‍රය: "සූරයන්ගෙත් සූරයා" චිත්‍රපටයෙන් ආරම්භ කර "එදත් සූරයා අදත් සූරයා", "හිඟන කොල්ලා" ඇතුළු චිත්‍රපට 300කට අධික සංඛ්‍යාවක් සංස්කරණය කරමින් ලාංකේය සිනමාව පෝෂණය කළේය.

රංගනය හා අධ්‍යක්ෂණය: 1960 දී මෙරට ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ "සුනිලා" හි ප්‍රධාන ළමා චරිතය රඟපෑ අතර, "කැලෑ කෙල්ල" චිත්‍රපටයේ අධ්‍යක්ෂණයට ද දායක විය.

සමාජ සේවය: 2006 සිට 2022 දක්වා වසර 16ක් පුරා මීගමුව සංස්කෘතික බල මණ්ඩලයේ උප සභාපතිවරයා ලෙස ප්‍රදේශයේ කලා ක්ෂේත්‍රයට අනුපමේය සේවයක් ඉටු කළේය.

ඇගයීම්: සිනමාවට කළ සේවය වෙනුවෙන් 2015 වසරේදී "කලා භූෂණ" රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.

බර්නාඩ් රෙජිනෝල්ඩ් (Bernard Reginold)
27 මැයි 1944 දින උපත ලබා ඇති අතර
අංක 11, ශාන්ත ලාසරස් මාවත, පෙරියමුල්ල, මීගමුව ලිපිනයේ පදිංචිව සිටි ඒ මහතාගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු 2026 අගෝස්තු 01 වන දින මීගමුව පොදු සුසාන භූමියේදී සිදු කරන ලදී.

"ලාංකේය සිනමා ගමන් මඟෙහි ඔබ තැබූ සටහන සදා අමරණීයයි..."

මීගමුවේ ජනතාව සහ සමස්ත ලාංකේය සිනමා ලෝලීන්ගේ ගෞරවපූර්වක ප්‍රණාමය!

මීගමුව මුහුදේ ධීවර යාත්‍රා අනතුරක්ධීවරයෙකුගේ මළ සිරුරක් හමුවෙයි අතුරුදහන් අය සොයා මෙහෙයුම්      මීගමුව ආසන්න මුහුදු ප්‍ර...
02/08/2026

මීගමුව මුහුදේ ධීවර යාත්‍රා අනතුරක්
ධීවරයෙකුගේ මළ සිරුරක් හමුවෙයි
අතුරුදහන් අය සොයා මෙහෙයුම්

මීගමුව ආසන්න මුහුදු ප්‍රදේශයේදී ධීවර යාත්‍රා කිහිපයක් අනතුරට ලක්වීම හේතුවෙන් එහි සිටි ධීවරයින් සොයා මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

අතුරුදන් වූ ධීවරයින් සෙවීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්ද මෙහෙයුමට යොදවා ඇති බව වාර්තා වනවා.

ඊයේ (31) පස්වරුවේ ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ඩිංගි යාත්‍රාවක් අනතුරට ලක්ව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත්තේ, වෙනත් ධීවර යාත්‍රාවක් මඟින් ලබාදුන් දැනුම්දීමකට අනුවයි.

අනතුර සම්බන්ධයෙන් සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී තවත් ධීවර යාත්‍රා තුනක් අතුරුදන්ව ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මේ අතර අනතුරට ලක්වූ එක් යාත්‍රාවක සිටි ධීවරයෙකුගේ මළ සිරුරක් මීගමුව වෙරළ තීරයට ගොඩගසා ඇති අතර, එම යාත්‍රාවේ ගමන් කළ තවත් ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව සඳහන් වනවා

අතුරුදන් වූ ධීවරයින් සහ යාත්‍රා සොයා නාවික හමුදාවේ ඩෝරා යාත්‍රාවක් මෙන්ම විශේෂ කිමිදුම්කරුවන් කණ්ඩායමක්ද මෙහෙයුමට එක්කර ඇති අතර, ගුවන් සහ නාවික අංශ එක්ව සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටිනවා.

මීගමු කතොලික ජනයා බහුතරයක් සහභාගි වෙන තලවිල ශාන්ත ආනා මුණිවරියගේ මංගල්‍යය අදයි
02/08/2026

මීගමු කතොලික ජනයා බහුතරයක් සහභාගි වෙන තලවිල ශාන්ත ආනා මුණිවරියගේ මංගල්‍යය අදයි

Dulip Chamara Fernando appointed as the new Mayor of Negombo. මීගමුවේ නව නගරාධිපතිවරයා ලෙස දුලිප් චාමර  ප්‍රනාන්දු පත්වෙ...
30/07/2026

Dulip Chamara Fernando appointed as the new Mayor of Negombo. මීගමුවේ නව නගරාධිපතිවරයා ලෙස දුලිප් චාමර ප්‍රනාන්දු පත්වෙයි

මීගමුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ නගරාධිපති ධුරය සඳහා නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ දුලිප් චාමර ප්‍රනාන්දු මහතා අද (30) පෙරවරුවේ නව නගරාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන චාමර ප්‍රනාන්දු මහතා ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා ඇති අතර, ශිෂ්‍ය නායකයෙකු සහ පාසලේ දක්ෂ මළල ක්‍රීඩකයෙකු ලෙසද කටයුතු කර තිබේ. ඉන් අනතුරුව ඔහු Wolverhampton විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියද සම්පූර්ණ කර ඇත.

ගුවන් සේවා ක්ෂේත්‍රයේ වසර 26කට අධික අත්දැකීම් ඇති ඔහු, ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ වසර දෙකක් සහ කටාර් ගුවන් සේවයේ වසර 24ක් සිවිල් ගුවන් පියාසැරි මෙහෙයුම් අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු ලෙස සේවය කර ඇත.

වෘත්තීය ජීවිතයට අමතරව මීගමුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පවත්වාගෙන යන චාමර ප්‍රනාන්දු මහතා, ක්‍රීඩා සහ සමාජ සේවා කටයුතු රැසකටද දායකත්වය ලබාදී ඇත.

ඔහු දොන් බොස්කෝ පාපන්දු සංගමයේ විධායක සභාවේ සාමාජිකයෙකු, මීගමුව ජාතික විද්වත් සංවිධානයේ විධායක සභිකයෙකු සහ මීගමුව ආසන විධායක කමිටු සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි.

29/07/2026

මීගමුවේ සිට තලවිල සිද්ධස්ථානයට වන්දනාවේ යමු
Let us go on a pilgrimage from Negombo to Talawila Church.
මීගමුවේ කතෝලික බැතිමතුන් මෙන්න විවිධ ආගම් නියෝජනය කරන බොහෝ පිරිසක් මේ වන විටත් තලවිල පල්ලියේ මංගල්‍යයට සහභාගිවීමට පිටත්ව ගොස් ඇත. අගෝස්තු 02 වෙනිදාට මෙමෙ මංගල්‍යය දිනය යෙදී ඇත. මේ වන විටත් දිවයිනේ සතර අතින් පැමිණෙන විශාල බැතිමතුන් පිරිසක් දේවස්ථානයට අසල කූඩාරම් ගසාගෙන ඒ් සදහා සුදානමින් සිටින බවයි වාර්තා වෙන්නේ.
වෙනදාට වඩා මේ දිනවල රශ්නය තරමක් අධීක බව දැන ගන්නට ලැබුණත් ඒ් ආසන්නයේ ඇති මුහුදු සුළග නිසා වෙහෙසකර බවක් නොදැනනු ඇත.
ගස්වැල්වලින් පිරි සුන්දර මාර්ගයක් ඔස්සේ තලවිල දේවස්ථානයට යන මාර්ය වැටී ඇති බැවින් බොහෝ දෙනෙක් වන්දනාවට අමතරව සති අන්ත විවේක සුවය ගතකිරීම සදහාද තලවිල දේවස්ථානය කරා ඇදෙයි. තලවිල දේවස්ථානයට යන අතර මග තවත් වන්දනා ස්ථාන රැසක්ම ඇති හෙයින් බොහෝ දෙනෙක් ඒ ස්ථාන වැද පුදා ගැනීමට ද අමතක නොකරති.
මෙම කාලයට පාර දෙපස ඇති විවිධ පළතුරු එඝවලු වර්ග මෙන්ම කරවල ආදියද පහසු මිළට ගත හැකි අතර තල්, පලු, වීර පේර ආදි නැවුම් පළතුරු වර්ග ද මග දෙපස බහුලව දැකිය හැකිය.

Address

Negombo
94

Opening Hours

Monday 03:00 - 22:00
Tuesday 03:30 - 22:00
Wednesday 03:00 - 22:15
Thursday 03:00 - 22:15
Friday 03:30 - 22:15
Saturday 06:00 - 22:30
Sunday 06:00 - 22:30

Alerts

Be the first to know and let us send you an email when Negombo News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Negombo News:

Shortcuts

Share