05/09/2024
සමහර මිනිස්සුන්ගේ
ආදරේ පිරිලා ඉතිරිලා තිබුණු පපු හිස් වෙන දවසක් එනවා;
ප්‍රාතිහාර්යක් වෙයි කියන බලාපොරොත්තුවෙන් හරි හිස් වෙච්චි පපුව නවතින්න නොදී අල්ලන් ඉන්නවා....
පුදුමෙ කියන්නෙ සමහර පපු ගැහෙන්නෙම හිතුමතේ හිස් වෙලා යන්න විතරමයි.
ආයෙම පිරුණා කියලා දැනුණ වුනත් ටික කාලයයි.....
එහෙම වෙද්දි ඒ ආත්මයන්ට දැනෙන්න පටන් ගන්නවා;
තමන් ආදරේ ලබන්න ආදරේ කරන්න සුදුසු නැතුවා වෙන්නැති කියලා.
මතක ඇති කාලෙ ඉදන් බිදුණු හිතකට ආසාවන් තියෙනවා ඇති ;
පිරෙන්න ආදරයක් එක්ක ජීවත් වෙන්න තිබුණානම් ඇති කියලා හිතෙනව ඇති;
බැරිම තැන
ලැබෙන්නෙ නැති බව දැනගෙන කදුලු කැට ඇස් අස්සෙම හංගනවා ඇති;
සමහර වෙලාවට ඔහේ කදුලු පල්ලම් බහිනවත් ඇති;
එක්කො හිටි ගමන් හිනාවෙන්නෙ කොහොමද කියලත් මතක් කරනවා ඇති;
කොහොමින් කොහොම හරි ඔය හැමතිස්සෙම හිත කියන්නෙ,
මම ආදරේ ලබන්න සුදුසු මනුස්සයෙක් නෙවෙයි !
I N T H I シ︎ 🌺
Rishini Sachinthika ♡シ︎