Opera De Ceylon

Opera De Ceylon Opera de Ceylon is a Sri Lankan opera company began in 2020. "Tharana Sigiri" is one of thier opera

12/04/2026
Tharana Sigiri Opera is often considered a strong example of how opera can be adapted to Sri Lankan culture. It demonstr...
06/04/2026

Tharana Sigiri Opera is often considered a strong example of how opera can be adapted to Sri Lankan culture. It demonstrates how Western operatic techniques can be blended with local history, music, and visual traditions.

Why Tharana Sigiri Opera is Important
1. Sri Lankan Historical Theme

The opera is inspired by the story of Sigiriya and the era of Kashyapa I.
Using a Sri Lankan historical narrative makes the opera more meaningful for local audiences.

2. Fusion of Musical Styles

The production combines:

Western operatic vocal techniques
Sri Lankan traditional drumming
Melodic patterns influenced by Sri Lankan music traditions

This fusion creates a unique Sri Lankan operatic sound rather than copying European opera directly.

3. Cultural Visual Design

The stage design and costumes reflect ancient Sri Lankan aesthetics:

Royal costumes inspired by classical Sri Lankan art
Set designs based on Sigiriya frescoes and architecture
5. Cultural Identity in Opera

The opera shows that Sri Lanka can create its own operatic tradition, not just perform Western works by Wolfgang Amadeus Mozart or Giuseppe Verdi.

✅ In short:
Tharana Sigiri Opera proves that opera can be localized, combining Sri Lankan history, music, and performance traditions while retaining the dramatic power of the genre.

The Sri Lankan opera Tharana Sigiri Opera was mainly created by the Sri Lankan composer Sagara Wijesinghe.

Main Creators
Composer: Sagara Wijesinghe
Director (Stage Director): Sagara Wijesinghe
Producer: Sagara Wijesinghe
Libretto (script/lyrics): Ajith Krishantha Seram
Choreography: Nilan Maligaspe
About the Opera
The story is inspired by the history of Sigiriya and the era of Kashyapa I.
It combines Western operatic singing with Sri Lankan cultural elements, including dance, historical storytelling, and traditional musical ideas.
The opera premiere was staged at the Lionel Wendt in 2022.
Interesting Background

Sagara Wijesinghe previously worked as a keyboard player in the orchestra of Premasiri Khemadasa, a pioneer of Sri Lankan opera known for works like Agni. This influence helped shape the musical style of Tharana Sigiri.

Tharana Sigiri Opera was composed, directed, and produced by Sagara Wijesinghe, with the script written by Ajith Krishantha Seram, making it one of the notable modern Sri Lankan opera productions.

The Sri Lankan opera Tharana Sigiri Opera was mainly created by the Sri Lankan composer Sagara Wijesinghe.

Main Creators
Composer: Sagara Wijesinghe
Director (Stage Director): Sagara Wijesinghe
Producer: Sagara Wijesinghe
Libretto (script / lyrics): Ajith Krishantha Seram
Choreography: Nilan Maligaspe
About the Opera
The story is inspired by the history of Sigiriya and the era of Kashyapa I.
It combines Western operatic singing with Sri Lankan cultural elements, including dance, historical storytelling, and traditional musical ideas.
The opera was staged at the Elphinstone Theatre in 2023.
Interesting Background

Sagara Wijesinghe previously worked as a keyboard player in the orchestra of Premasiri Khemadasa, a pioneer of Sri Lankan opera known for works like Agni. This influence helped shape the musical style of Tharana Sigiri.

✅ In short:
Tharana Sigiri Opera was composed, directed, and produced by Sagara Wijesinghe, with the script written by Ajith Krishantha Seram, making it one of the notable modern Sri Lankan opera productions.

If you want, I can also explain why Tharana Sigiri Opera is considered a milestone in Sri Lankan opera history (there are a few interesting reasons).

why Tharana Sigiri Opera is considered a milestone in Sri Lankan opera history

Tharana Sigiri Opera is considered a milestone in Sri Lankan opera history for several cultural and artistic reasons. It represents an important step in developing a distinct Sri Lankan operatic tradition rather than simply performing Western operas.

1. A Modern Sri Lankan Opera Creation

Unlike many performances in Sri Lanka that stage European operas, Tharana Sigiri Opera is an original Sri Lankan work.
It uses local history and storytelling centered around Sigiriya, making the narrative culturally meaningful for Sri Lankan audiences.

2. Continuation of the Sri Lankan Opera Movement

The opera continues the legacy started by Premasiri Khemadasa, who pioneered Sri Lankan opera through works like Agni.
Tharana Sigiri Opera shows that the operatic tradition introduced by Khemadasa is still evolving in the 21st century.

3. Fusion of Western and Sri Lankan Performance Traditions

The production blends:

Western operatic vocal techniques
Sri Lankan traditional rhythmic patterns
Elements of Kandyan dance and theatrical storytelling

This fusion helped create a unique Sri Lankan operatic style.

4. Large-Scale Local Production

The opera involved:

Professional singers
Dancers
A staged theatrical production with elaborate sets and costumes

Its performance at Elphinstone Theatre demonstrated that Sri Lanka has the capacity to produce full-scale operatic works locally.

5. Inspiring Future Sri Lankan Opera

Because it successfully combined history, music, dance, and theatre, the opera encourages:

Young composers
Theatre directors
Classical singers

to experiment with creating more Sri Lankan operas.

✅ In simple terms:
Tharana Sigiri Opera is a milestone because it proves that opera can be rooted in Sri Lankan culture while using the dramatic power of operatic music and theatre.

Sri Lankan opera developed by blending Western operatic ideas with local theatre, music, and cultural traditions. Because of this, it differs from European opera in several important ways.

1. Strong Influence of Traditional Theatre

Sri Lankan opera is heavily influenced by folk theatre forms such as Nadagam and Kolam.
These traditions introduce:

Narrators or a chorus explaining the story
Stylized acting
Symbolic gestures

European opera normally focuses more on realistic acting and dramatic dialogue without a narrator.

Stories Based on Sri Lankan History and Legends

Sri Lankan operas frequently draw from local myths, Buddhist stories, and historical legends.

Examples include:

Maname
Sinhabahu
Tharana Sigiri Opera

European opera usually focuses on European history, mythology, or romantic drama.

Sri Lankan opera is usually performed in Sinhala or Tamil, and the music may follow local melodic patterns and rhythms.

This differs from European opera, which traditionally uses languages such as:

Italian
German
French

Famous composers include Giuseppe Verdi and Wolfgang Amadeus Mozart.

🎭 ඔපෙරාවක් රසවිඳීම අරඹන්නේ කෙසේ ද?( ඔපෙරා සංස්කෘතිය සිංහලෙන් හඳුනා ගැනීමේ ලිපි මාලාව -අංක 06 )පළමු කාරණාවඔපෙරාව පිළිබඳව ...
30/03/2026

🎭 ඔපෙරාවක් රසවිඳීම අරඹන්නේ කෙසේ ද?

( ඔපෙරා සංස්කෘතිය සිංහලෙන් හඳුනා ගැනීමේ ලිපි මාලාව -අංක 06 )

පළමු කාරණාව
ඔපෙරාව පිළිබඳව බිය නොවන්න.

ඔපෙරා පිළිබඳ ඔබේ මානසික ප්‍රතිරූපය සහ හීනමානය ඔබව ඔපෙරාවන් රසවිඳීමට පෙලඹීම සීමා කරයි. වර්තමානයේ ඔපෙරා ඇත්තේ ධනවත් සුදු ජාතිකයින් සඳහා පමණක් යැයි නොසිතන්න. නූතන ලෝකයේ ඔපෙරා කලාව රටවල් 100 ඉක්මවා ජනප්‍රිය වූ කලා අංගයකි. ලෝකයේ ඕනෑම කෙනෙකුට ඔපෙරා රසිකයකු වීමේ නිදහස තිබේ.
අනෙක් කාරණය ලෝකයේ ඕනෑම රටක ඔපෙරා සංගීතය ජනප්‍රිය වී ඇාත්තේ 10% ක් 20% ක් පමණ ය. එතරම් ශ්‍රවණ අභියෝගයක් නැති ජනප්‍රිය සරල සංගීතයට ඉතිරි 80% ක් පමණ ඇදී ගොස් ඇත. එනිසා ඔපෙරා කලාව එතරම් ජනප්‍රිය නොවීම ලංකාවට පමණක්ම ආවේනික නොවේ.

භාෂාවක් ඉගෙන ගැනීමේ දී, ඔබ සවන් දෙන තරමට චතුර ලෙස කතා කිරීමට හැකියාව ලැබේ. ඔපෙරා සංගීතයත් ක්‍රියා කරන්නේ එලෙසිනි. එය දිගින් දිගටම ශ්‍රවණය කිරීමට පුරුදු වූ විට ටික කලකින් ඔබට වඩා රසවත් වන අතර දවසකට මිනිත්තු කීපයක් හෝ එවැනි නිර්මාණයක් රසවිඳීම අවශ්‍යම වේ. මේ මොහොතේ ඔබට එය නීරස නම් ඒ ඔබ එම සංස්කෘතිය ඇසුරු නොකිරීම නිසා ලැබුනු ප්‍රතිඵලයකි. උසස් රසවින්දනය ද යම් තාක් දුරකට පුරුදු පුහුණු කර ගත යුතු කටයුත්තකි. භාවනාවක දී ද ආරම්භයේ දී සිත සමාධි ගත කර ගැනීම අපහසු ය. පුරුදු පුහුණු කල පසු වහා සිත තැන්පත් කර ගත හැකි වනවා සේ ය.
භාෂා ජාති ආගම් කුල භේදයන්ගෙන් තොරව සමස්ථයක් ලෙස පොදු මානවයාගේ කටහඬ ලබා ගත් ජයග්‍රහණ නොවේදැයි ඔපෙරා දිගින් දිගට ශ්‍රවණය කරන විට ඔබට වැටහෙනු ඇත.

ඔපෙරා ශ්‍රවණය පුරුදු වීම ආරම්භ කළ යුතු ආකාරය : 🎭

ලෝකයේ වඩාතම ජනාදරයට පත් වූ ඉතාලියානු ඔපෙරා නිර්මාණයන්ගෙන් ආරම්භ කිරීම වඩාත් සුදුසු ය. ජර්මන් සහ ප්‍රංශ ඔපෙරා ආධුනික ඔපෙරා රසිකයෙකුට සංකීර්ණ වැඩි විය හැකිය.
ඔපෙරා ශ්‍රවණය කිරීම ආරම්භ කිරීමට වඩාත්ම සුදුසු නිර්මාණ 5 ක් ලෙස
🎭 La bohime,
🎭 La traviata
🎭 The magic flute
🎭 Peter grimes
🎭 The barber of seville ඔපෙරා දැක්විය හැකිය.

ඔබට ඔපෙරාවක් සජීවීව නැරඹීමට යාමට අවස්ථාව තිබේ නම් ඒ අවස්ථාව මග නොහරින්න. මක් නිසා ද යත් නිවසක දී පටිගත කිරීමක් සවන් දීම සහ සජීවීව එය දැකීම අතර විශාල පරතරයක් තිබෙන බැවිනි. එය හරියට චායාරූපයක් මාර්ගයෙන් ලෝක ප්‍රකට සුන්දර කාන්තාවක් දැකීම සහ සජීවීව ඇය දැකීම අතර වෙනසට වැඩි නොවේ.

⭕ ඔබ ළමයෙකුට චිත්‍රපටයක් පෙන්වන විට citicen cane වැනි සම්භාව්‍ය චිත්‍රපටයක් තොරා ගන්නවාට වඩා ළමා චිත්‍රපටයක් තෝරා ගැනීම උචිතය . ඔපෙරාව සම්බන්ධයෙන් ද එලෙසමයි.
කලාත්මකව පවසන දේ සඳහා නොව උපරිම විනෝදය සඳහා ඔබේ පළමු ඔපෙරා නැරඹීම තෝරා ගන්න.
හොඳ ආරම්භක ඔපෙරාවක් සාපේක්ෂව කෙටි වනු ඇත, ආකර්ශනීය සංගීතය සහ සමහර විට ඔබ හුරුපුරුදු කතාවක් වීම වඩාත් උචිත වේ.

🎭 පසු පස ආසනයක සිට සජීවීව ඔපෙරාවක් නරඹනවා නම් හොඳ ඔපෙරා දුරදක්න යුගලයක් ( Opera glass ) ලබා ගත හැකි ය. වර්තමාන ප්‍රමිතිගත ඔපෙරාවක මුල් පෙලේ ආසනයක මිල රු.27000 - 37000 ක් අතර පමණ වේ. කෙසේ හෝ දැරිය කල නොහැකි මිල ඇති ආසනයක් ලබා ගන්නවාට වඩා පසුපස ආසනයක් ආරම්භක ප්‍රේක්ෂකයකුට වඩාත් උචිත වේ. විශාල ප්‍රේක්ෂකාගාරයක් බලාපොරොත්තු වෙමින් රඟහල් නිර්මාණය කර ඇති නිසා උඩුමහලේ වාඩිවීම අඩු වියදම් මෙන් ම පැහැදිලි හඬක් ශ්‍රවණය කිරීමට ද හේතු වේ. ඔබට වඩා හොඳ ආසන සඳහා මුදල් තිබේ නම්, පැත්තෙන් අසුන් ගැනීමෙන් වළකින්න. හොඳම දර්ශනය සහ ශබ්දය ලබා ගැනීම සඳහා පළමු මට්ටමේ ( වාද්‍ය වෘන්ද මට්ටම) මධ්‍යයේ වාඩි වන්න.

🎭 ඔබ සජීවීව ඔපෙරාවක් නැරඹීමට යන්නේ නම් එහි කතා සාරය, පෙළ රචනය ආදිය කලින් කියවා සහභාගි වීම වඩාත් උචිත ය. ඔබ ඔපෙරාව නැරඹීමට යන්නේ එම පෙළ රචනය සංගීත නිර්මාණකරුවා කෙසේ සංගීතාත්මයක් බවට පත් කර ඇත්දැයි දැන ගැනීමට ය. කථාවේ සාරය දැනුවත්ව පැමිණීම ඔපෙරාව තේරුම් ගැනීම වඩාත් පහසු කරයි. බොහෝ විට ඔපෙරා රඟහලට පිවිසි පසු ද අත් පත්‍රිකා මඟින් ඔබට කතා සාරය සහ ජවනිකා පිළිබඳ විස්තර ලබා දෙනු ඇත.

ඔපෙරාවේ දෙබස් ගැන බිය නොවන්න. වර්තමානයේ ඔපෙරා ඉදිරිපත් කිරීම් වල දී වේදිකාවට ඉහළින් පෙල රචනය දිස්වනු දක්නට ලැබේ. ( subtitles) . එසේත් නැත්නම් දියුණුම රඟහල් වල ගුවන් යානයක මෙන් ආසනය පිටුපස තිරයක පෙළ රචනය ධාවනය කරනු ලබ යි. ඔපෙරා ප්‍රේක්ෂකයාගේ ප්‍රධාන අවධානය විය යුත්තේ සංගීතය සඳහා මිස වචන වලට නොවේ. එනිසා දෙබස් ගැන එතරම් කලබල නොවන්න. උපසිරසි සහිත චිත්‍රපටයක් නරඹනවාට වඩා සජීවී ඔපෙරාවක් නැරඹීම වෙනස් වන්නේ මෙතැනිනි. සංගීතය තුලින් මතු කෙරෙන භාවමය හැඟීම් අහන්න.අහන්න.අහන්න. කතා සාරය ඔබ පත්‍රිකා මඟින් දැනටමත් කියවා අවසන් බැවිනි.

🎭 ඔපෙරාවක් නැරඹීමට යාමේ දී අවම වශයෙන් දර්ශන වේලාවට පැය භාගයක්වත් කලින් යන්න. ( දර්ශන වාරය අතරතුර ඇති වන ශාරීරික අපහසුතා වළක්වා ගැනීමට අවශ්‍ය නම් රඟහලේ විවේකාගාරය භාවිතා කළ හැකි ය.) එයින් දර්ශන වාරය අතරතුර ඔබේ අවධානය වෙනතකට යොමු වීම වලක්වා ගත හැකි ය.

ඔපෙරා ඔබේ ජීවිතයට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බලමු.

01. ඔපෙරා ඔබව සතුටට පත් කරයි : 🎭

ඔපෙරා වලට සවන් දීමෙන් ඩොපමයින් ස්‍රාවය වැඩි කිරීමට උපකාරී වන අතර එය මොළයේ විනෝද මධ්‍යස්ථානය සක්‍රීය කරයි. ඇත්ත වශයෙන්ම, 2013 අධ්‍යයනයකින් හෙළි වූයේ මිනිසුන්ට වඩා හොඳ මනෝභාවයක් ඇති කිරීමට සංගීතයට හැකි බවයි.

2. ඔපෙරා ඔබේ හදවතට හොඳයි: 🎭

ඉතාලියේ පවියා විශ්ව විද්‍යාලයේ ආචාර්ය ලුසියානෝ බර්නාඩි සහ සගයන් විසින් 2009 දී කරන ලද අධ්‍යයනයකින් නිරෝගී ස්වේච්ඡා සේවකයන්ගෙන් අහඹු ලෙස ශාස්ත්‍රීය සංගීත ගීත පහකට සවන් දෙන ලෙස ඉල්ලා සිටි අතර ඔවුන්ගේ ශරීර ප්‍රතිචාර දක්වන ආකාරය නිරීක්ෂණය කරන ලදී. එහිදී ඔපෙරා වලට සවන් දෙන විට හදවත මන්දගාමී කර රුධිර පීඩනය අඩු කරන බව සොයා ගත් හ. එනම් අප සිත සන්සුන් වන බවයි. අධික රුධිර පීඩනය සහිත රෝගීන්ට වඩාත් සුදුසු විය හැකි යි.

3. එයට ඔබේ මතකය වැඩි දියුණු කළ හැකිය:🎭
රෝමයේ සැපියන්සා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් කරන ලද අධ්‍යයනයකට අනුව, ඔපෙරා සංගීතයට සවන් දුන් අය මොළයේ තරංග ක්‍රියාකාරිත්වයේ වැඩි වීමක් පෙන්නුම් කළ අතර එය මතකයට කෙලින්ම සම්බන්ධ වේ..

4. එය ඔබේ ආතති මට්ටම් අඩු කරයි: 🎭

ඔබට විශේෂයෙන් ආතතියක් දැනෙනවා නම්, සමහර සම්භාව්‍ය නාදවලට සවන් දෙන්න. ශාස්ත්‍රීය සංගීතයට සවන් දුන් ගර්භනී කාන්තාවන්ට ගර්භණී කාලය පුරාම මානසික ආතතිය අඩු බව අධ්‍යයනයකින් හෙළි විය. පර්‍යේෂකයින් කියා සිටින්නේ සම්භාව්‍ය සංගීතයේ ග්‍රහණය මිනිස් හදවතට සමාන වන අතර එමඟින් කාංසාව සහ මානසික අවපීඩනය යන දෙකම ලිහිල් වන බවයි.

5. එය ඔබේ මොළ ශක්තිය වඩවයි: 🎭

ඒ බව ප්‍රංශ ජාතික පර්යේෂකයන් සොයා ගත්තේ ය. ඒ ශාස්ත්‍රීය සංගීතය වාදනය කරන දේශනයකට සවන් දුන් සිසුන්, අනෙක් සිසුන් හා සසඳන විට පරීක්ෂණයකින් වඩා හොඳ ලකුණු ලබා ගත් බව තහවුරු වීමෙනි.

ඔපෙරා රසවින්දනයට ඔබ ආධුනික නම් මුලින් ඔපෙරා ආරියාස් පමණක් සහිත කෙටි වීඩියෝ පට හෝ ඔපෙරා ආරියා පමණක් සහිත සජීවී ප්‍රසංගයන් නැරඹිය හැකි ය. අනතුරුව දීර්ඝ ඔපෙරා සවන් දීමට හුරු විය හැක. කාලයක් පුරුදු වූ පසු එය ඔබට නැතිවම බැරි සංගීතාංගයක් වනු නොඅනුමානය. එලෙස යෝජනා කල හැකි ලෝක ප්‍රසිද්ධ ගායනා කීපයක් ලෙස
⭕ Carmen opera හි habanera ගායනාව
⭕Madam butterfy opera හි o mio babbino caro
⭕Marraige of figaro opera හි figoro figoro ගායනාව ආදිය දැක්විය හැකි ය.

https://m.youtube.com/watch?v=8GD63RuQduc

27/03/2026

මෙදා සැරේ සිංහල අවුරුද්දට දෙන්න හොඳම තෑග්ග මොකක් ද?

හොඳම උත්තර ලෙස තෝරා ගන්නා පලමු පස් දෙනාට Opera de Ceylon මඟින් මැයි 03 ලයනල් වෙන්ඩ්ට් හී පැවැත්වෙන තරණ සීගිරි ඔපෙරාව නොමිලයේ බලන්නට ටිකට්පත බැගින් පිරිනැමේ.

තරණ සීගිරි ඔපෙරාව මීලඟ දර්ශන වාරය 2026 මැයි 03 ඉරිදා ප.ව. 6.30 ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී.... රු. 10000, 7500 , 5000...
09/03/2026

තරණ සීගිරි ඔපෙරාව මීලඟ දර්ශන වාරය 2026 මැයි 03 ඉරිදා ප.ව. 6.30 ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී....

රු. 10000, 7500 , 5000 , 4000 ප්‍රවේශපත්‍ර අප්‍රේල් 03 වන දාට ප්‍රථම වෙන් අර ගන්නා ටිකට්පත් සඳහා 20% ක වට්ටමක්.
රු.3000, 2000 ටිකට්පත් සඳහා 15% ක වට්ටමක් හිමි වේ.
ටිකට්පත් වෙන් කරවා ගැනීමට whatsup අංකය 0777633923

සංගීත කලා ලොවේ සිදු කිරීමට අපහසුම කලා අංගය වන ඔපෙරාවේ ශ්‍රී ලාංකික හැඩ රුව නරඹන්නට එන්න. 🥰💐🙏
- අපි Opera De Ceylon .

තරණ සීගිරි ඔපෙරාව මීලඟ දර්ශන වාරයට රංග වින්‍යාස අධ්‍යක්ෂ Nilan Maligaspe මහතා සමඟින් පූර්ව සූදානම් වෙමින්....මීලඟ දර්ශන ...
08/03/2026

තරණ සීගිරි ඔපෙරාව මීලඟ දර්ශන වාරයට රංග වින්‍යාස අධ්‍යක්ෂ Nilan Maligaspe මහතා සමඟින් පූර්ව සූදානම් වෙමින්....

මීලඟ දර්ශන වාරය 2026 මැයි 03 ඉරිදා ප.ව. 6.30 ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී....

ප්‍රවේශපත්‍ර රු.10,000, 7500, 5000, 4000, 3000, 2000

අප්‍රේල් 03 වන දාට ප්‍රථම වෙන් කර ගන්නා ටිකට්පත් සඳහා වට්ටම් හිමි වේ.
රු. 10000, 7500 , 5000 , 4000 අප්‍රේල් 03 වන දාට ප්‍රථම වෙන් අර ගන්නා ටිකට්පත් සඳහා 20% ක වට්ටමක්.

රු.3000, 2000 ටිකට්පත් සඳහා 15% ක වට්ටමක් හී වේ.

ටිකට්පත් වෙන් කරවා ගැනීමට whatsup අංකය 0777633923

සංගීත කලා ලොවේ සිදු කිරීමට අපහසුම කලා අංගය වන ඔපෙරාවේ ශ්‍රී ලාංකික හැඩ රුව නරඹන්නට එන්න. 🥰💐🙏

- අපි Opera De Ceylon .

තරණ සීගිර් ඔපෙරාවේ විජ්ජුලතාවිය Ashi Wickramage ට සුබ උපන් දිනයක් වේව්. 🥰💐🧀🥞🙏
03/03/2026

තරණ සීගිර් ඔපෙරාවේ විජ්ජුලතාවිය Ashi Wickramage ට සුබ උපන් දිනයක් වේව්. 🥰💐🧀🥞🙏

තරණ සීගිරි ඔපෙරාවේ මීලඟ මහජන දර්ශනය සඳහ අපි සූදානම් බව සහෘද ප්‍රේක්ෂක ඔබ සැමට සතුටින් දන්වන්නට කැමතියි. මීලඟ දර්ශන වාරය ...
22/01/2026

තරණ සීගිරි ඔපෙරාවේ මීලඟ මහජන දර්ශනය සඳහ අපි සූදානම් බව සහෘද ප්‍රේක්ෂක ඔබ සැමට සතුටින් දන්වන්නට කැමතියි. මීලඟ දර්ශන වාරය 2026 මැයි 03 වන ඉරිදා ප.ව. 6.30 ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී.

මෙම දර්ශන වාරයේ විශේෂත්වය වන්නේ දැවැන්ත සිම්ෆනි වාද්‍ය වෘන්දයක සංගීත සහායනය සමඟින් සම්පූර්ණ ඔපෙරාව වේදිකා ගත වීම යි. මෙම අතිශය විරල අවස්ථාව මඟ නොහැර ගන්නට ඔබ සැමට ආරාධනා කරමු. 🥰💐🙏

ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ජන. 31 වන දා සිට ඇරඹේ.

We are ready for our next public performance of Tharana Sigiri Opera. Tickets will be issued from Jan. 31st. Don't miss this rare opportunity. This time our opera singers will be singing with a symphony orchestra. 🥰💐🙏

ලෝක ඔපෙරා දිනය ශ්‍රී ලංකාවේ සැමරුම් උත්සවයේ දී ඉදිරිපත් කරන ලද ලේඛක, කලා විචාරක සම්පත් බණ්ඩාර මහතා විසින් රචිත සැමරුම් ල...
03/11/2025

ලෝක ඔපෙරා දිනය ශ්‍රී ලංකාවේ සැමරුම් උත්සවයේ දී ඉදිරිපත් කරන ලද ලේඛක, කලා විචාරක සම්පත් බණ්ඩාර මහතා විසින් රචිත සැමරුම් ලිපිය.

✍️ මහා පුනරුද සමය, ලක් පොලොවේ පරාරෝපනය සහ උඩු ගං බලා යාත්‍රාව✍️

මානව වංශ කතාවේ අතිශය වැදගත් පරිවර්ථන යුගයක් උදා වෙමින් පැවතිණි. විවිධ දේශපාලන, සමාජ, ආර්ථික අර්බුධ මැද විශ්ව සංගීතයේ, සාහිත්‍යයේ මෙන් ම අභ්‍යවකාශ විද්‍යාවේද නව චින්තන ධාරාවන් පුළුල් වෙමින් අභිනව පරිච්චේදයක් නෙක විසිතුරු වර්ණයන්ගෙන් සිතුවම් වෙමින් පැවතිණි.

ආශ්චර්‍යයකට මෙන් එක්තරා සියවසක එකම දශකයක ( 1560 දශකය ) උපන් පුද්ගලයින් සිවු දෙනෙකු සංගීතයේ ද සාහිත්‍යයේ ද අභ්‍ය්‍යවකාශ විද්‍යාවේ ද නිම් වලලු පුළුල් කරමින් ලෝකය වෙනස් කිරීමට සමත් වූහ.

යාකොපෝ පෙරි ( Jacopo Peri ( උපත 1561 ),
ක්ලව්ඩියෝ මොන්තෙවේර්දි ( උපත 1564 ) ,
විලියම් ක්ශේස්පියර් ( 1564 )
ගැලීලියෝ ගැලිලි ( 1564 ) මේ අතිශය වැදගත් මහා පුරුෂයන් සිවු දෙනා ය.

17 වන සියවස ආරම්භ වීමට හරියටම දෙවසරකට පෙර උතුරු ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේ දී නාට්‍ය, කාව්‍ය, කලාව සහ සංගීතය මුසු වූ නව සංගීතමය ශානරයක් ( New musical Genre ) ඉතාලි ජාතික යාකොපෝ පේරි විසින් ලොවට හඳුන්වා දෙනු ලබයි. ඔහුගේ දෆ්නෙ (" Dafne " ) ලොව ප්‍රථම ඔපෙරාව ලෙස ඉතිහාසයට එක්වෙයි. 1600 වසරේ ඔහු සිය දෙවැනි ඔපෙරාව යුරිඩසී (Euridice) කරළීයට රැගෙන එයි. ක්‍රි.ව. 1600 වසර බැරොක් ( Baroque ) යුගයේ ආරම්භක වසර ලෙස ද විශ්ව සංගීත ඉතිහාසයේ ඉතා වැදගත් කඩඉමක් සනිටුහන් කරයි. බැරොක් යුගය ඉන්පසු වසර එකසිය පනස් වසරක කාලයක් ( ක්‍රි.ව. 1750 දක්වා ) ද , සම්භාව්‍ය යුගය වසර 70 වක කාලයක් ද ( ක්‍රි.ව. 1820 දක්වා ) , රොමෑන්ටික් යුගය වසර 80 ක කාලයක් ද ( ක්‍රි.ව. 1900 දක්වා ) විශ්ව සංගීතයේ විවිධ හැඩතල, රූ රටා මවමින් විකාශනය වෙයි.

යාකොපො පෙරි ඔපෙරාවේ පුරෝගාමියා වුව ද, මෙම නව සංගීත ශානරය වඩාත් ප්‍රචලිත කරනු ලබන්නේ ඉතාලියේ ' පෝ ' නදිය අසබඩ "ක්‍රිටෝනා" නගරයේ උපන් ක්ලව්ඩියෝ මොන්තෙවෙර්දී නම් සංගීතඥයකු විසිනි. ඔහු 1607 දී නිර්මාණය කළ ඔර්ෆෙයෝ ( Orfeo ) ඔහුගේ අග්‍රගන්‍ය කෘතිය මෙන් ම ඔපෙරාවේ ප්‍රථම සුසමාදර්ශය ලෙස ද සංගීත විචාරකයන් විසින් හඳුන්වනු ලබ යි. 1606 -1608 ඉතාලියානු ඔපෙරාව ජනප්‍රිය වූ හා ව්‍යාප්ත වූ සමය යි.

ලොව පුරා භාෂා 80 කට වැඩි සංඛ්‍යාවකට පරිවර්ථනය වූ දෘ‍ෂ්‍ය කාව්‍ය 37 ක් නිර්මාණය කළ ඉංග්‍රීසි භාෂාවේ ශ්‍රේෂ්ඨතම සාහිත්‍යකරුවා ලෙස සම්භාවනාවට පාත්‍රවන විලියම් ක්ෂේස්පියර් ( 1564 - 1616 ) තේම්ස් නදියේ දකුණු ඉවුරුබඩ පිහිටි ග්ලෝබ් රංග ශාලාව ( Globe theatre ) කේන්ද්‍ර කර ගනිමින් සිය නාට්‍ය කලාවේ කීර්තිය මුදා හරින්නේ ද මේ වකවානුවේදී ය. ඔහුගේ විශිෂ්ටතම නිර්මාණය ලෙස සැලකෙන "king Lear" කිං(ග්) ලියර් 1605 වසරේ නිර්මාණය වන අතර ඔහුගේ Hamlet, Macbeth, Othello වැනි ලෝක ප්‍රකට නිර්මාණ එළිදකින්නේ ද ඔපෙරාව නම් සංගීත ශානරය ජනප්‍රිය වෙමින් තිබුණු මේ කාල වකවානුවේදීම වීම විශේෂත්වයකි.

ලන්ඩන් නුවර ක්ෂේක්ස්පියර් නාට්‍ය රඟ දැක්වෙමින් තිබිය දී ඉතාලිය හා යාබද රාජ්‍ය පුරා ඔපෙරාව රාව ප්‍රතිරාව පැතිරෙමින් තිබිණි. විලියම් ක්ෂේස්පියර් උපන් වර්ෂයේම ඉතාලියේ පීසා නගරයේ උපන් පුද්ගලයකු තමන් විසින්ම නිපදවා ගත් දුරේක්ෂයක් තුලින් පියවි ඇසට නොපෙනෙන අනන්ත විශ්වය නරඹමින් එහි අසිරිය ලොවට නිරාවරණය කරමින් අභ්‍යවකාශ විද්‍යාවේ නව යුගයක් උදා කරමින් සිටියේ ය.

මේ අතර එක්තරා ආශ්චර්‍යයකට මෙන් ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් නුවර දී එක්තරා පුද්ගලයකු ලොව ප්‍රථම නූතන නවකතාව මෙන් ම යුරෝපයේ ප්‍රථම නවකතාව රචනා කරමින් සිටියේ ය. එය ස්පාඤ්ඤ බසින් රචනා වූ දොන් කිහොත්තේ ( Don Quixote ) නම් කෘතිය යි. ඔහු එහි ප්‍රථම වෙළුම 1605 දී නිකුත් කලේ ය.

1609 - 1619 අතර කාලය තුල දී ජර්මන් ජාතික ජොහැන්නස් කෙප්ලර් ග්‍රහලෝකවල ඉලිප්සාකාරා චලිතය ඇතුළු අභ්‍යවකාශ විද්‍යාවේ වැදගත් කරුණු රැසක් අනාවරණය කලේ ය.

ඉංග්‍රීසි ජාතික විලියම් හාවි මිනිස් රුධිර සංසරණ පද්ධතිය පිළිබඳව සොයා ගත්තේ ද මේ කාලයේදීම ය.

මේ ගතවන 2025 වසරට හරියටම වසර 400 ක් සපිරෙන එනම් 1625 දී ඉතා වැදගත් සිදුවීමක් ඔපෙරා ඉතිහාසයේ සිදු විය. ඒ ප්‍රථම වරට කාන්තාවක් විසින් ඔපෙරාවක් නිර්මාණය කරමින් ඉදිරිපත් කිරීම ය. ඇය ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේ උපත ලැබූ ෆ්‍රැන්සෙස්කා කසිනි ය (Francesca Caccini). කාන්තාවක් විසින් නිර්මිත එම ප්‍රථම ඔපෙරාව (Alcina ) අල්චීනා නම් වේ. ඉන් අනතුරුව මේ වසර හාරසියය තුළ කාන්තාවක් විසින් ඔපෙරා සංගීත ශානරය වෙත කළ මහා සම්ප්‍රදානය සුළුපටු නොවේ.

1637 වසරේ ප්‍රථම ඔපෙරා ශාලාව මහජනයාට විත වන අතර 1656 වසරේ ප්‍රථම ඉංග්‍රීසි භාෂිත ඔපෙරාව නිපදවයි.

ඔපෙරාවේ හා විශ්වීය කලාවේ මහා පෙරළි සිදුවන මේ අතිශය වැදගත් කාල වකවානුවේ ලක්දිව ක්‍රමයෙන් පෘතුග්‍රීසි යටත් විජිතයක් බවට පත්වෙමින් තිබිණි. 1593 පළමු රාජසිංහ රජුගේ අභාවයෙන් පසුව දන්තුරේ සටනින් පෘතුග්‍රීසීන් අන්ත පරාජයකට පත් කරන කොනප්පු බණ්ඩාර දෝන කතිරිනා කුමරිය සරණ පාවා ගනිමින් රාජ්‍යත්වයට පත්වෙයි. 1505 වසරේ ගාල්ලට සේන්දු වූ පෘතුග්‍රීසීන් ප්‍රකට ජනප්‍රවාදයකට අනුව කෝට්ටේට ළඟා වන්නේ 1597 වසරේ දී ය. ලක්දිව පෘතුග්‍රීසි යුගය නිල වශයෙන් ආරම්භ වන්නේ එතැන් සිට ය. යාකොපො පෙරි ඉතාලියේ දී ඔපෙරා නම් සංගීතමය ශානරය ආරම්භ කරන්නේ ලංකාවේ පෘතුග්‍රීසි යුගය ආරම්භ වී හරියටම වසරකට පසු ය. මේ කාලය තුල දී රජවරුන් වර්ණනා කරමින් ලියැවුණු ආඬිමාලය ( 1604 ) , විදුරජාතක කාව්‍ය ( 1604- 1634 0 , සෙනරත් රාජ පුවත ( 1630 - 1634 ) , රාජසිංහ විරුදාවලි ( 1634- 1638 ) වැනි කෘති හැර වැදගත් කලා කෘතියක් අපේ රටෙන් එළි දැක්කේ නැත. අදත් විශ්ව සාහිත්‍ය කෘති පසෙකලා මේ සංස්කෘතික කාන්තාරයේ බොහෝවිට පැල වන්නේ කිසිදු හරයක් නැති කවි හා හෑලි ය. ඔපෙරාව වැනි මිනිස් බුද්ධියට ආමන්ත්‍රණය කරන සංගීත විලාශයන්ට වඩා ඉස්මතු වන්නේ කඨෝර සංගීතය යි. දෘ‍ෂ්‍ය කාව්‍ය නිර්මාණය නොවුණු ඉතිහාසයක් ඇති රටක ඉරණම මෙය හැර වෙන කුමක් ද?

ඔපෙරා නම් අතිශය වැදගත් බටහිර සංගීත ශානරය ලංකාවට සේන්දු වී නිර්මාණ ලෙස එළි දකින්නේ එහි ආරම්භයෙන් වසර 392 ක අති දීර්ඝ කාලයකට පසු ය. විශ්ව සංගීතයේ අක්මුල් නොමැති සංස්කෘතික වාලුකා කතරක "මානසවිලක් " නිර්මාණය කරමින් ආචාර්‍ය ප්‍රේමසිරි කේමදාසයන් 1990 දශකයේ ලාංකේය හැඩයක් ගත් ඔපෙරා කලාවකට පණ පෙවීමට අති මහත් වූ වෙහෙසක් දැරී ය.

සාගර සුරේෂ් විජේසිංහ සංගීතවේදියා "තරණ සීගිරි ඔපෙරාව" සහ තවත් සම්ප්‍රදානයන් තුළින් සිදු කරනු ලබන්නේ දෘ‍ෂ්‍ය කාව්‍යයන්ගෙන් ව්‍යුක්ත වූ කලා ඉතිහාසයක්, මහා සංගීත සම්ප්‍රදානයක් නොමැති දේශයක්, සංස්කෘතික නිරුදක කතරක් තුළ ඔපෙරාව යළි රෝපණය කිරීමේ ව්‍යායාමය යි. එය සැබවින්ම උඩු ගං බලා යාත්‍රාවකි. විශ්ව සංගීතයක බුද්ධිමය ප්‍රතිභාව මේ කොදෙව්වට පතිත වීමේ සුබ සිහිනය දකින අප සැම කළ යුත්තේ මේ අසීරු ව්‍යායාමයට ඔහුට හැකි සෑම උපකාරයක්ම කිරීම යි. ජාත්‍යන්තර ඔපෙරා දිනයේ අපි ඔහු ඇතුළු ඔපෙරා දි සිලෝන් කණ්ඩායමට සුබ පතන්නෙමු.

සම්පත් බණ්ඩාර
2025.10.24

Address

No. 71, Wekotuwa Estate, Hakurukumbura
Mirigama
1250

Alerts

Be the first to know and let us send you an email when Opera De Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Opera De Ceylon:

Share