17/07/2026
තරණ සීගිරි ඔපෙරාවේ දර්ශන වාර 12 ක් සමඟින් වැඩිම කාලයක් ගිරි ඇදුරු චරිතයට පණපෙවූ ගාමිණී සූරියාරච්චි Gamini Sooriyaarachchi මහතා අද දින සිය අර්ථාන්විත දිවිසැරිය නිමා කල බව ඉතා සංවේගයෙන් දැනුම් දෙමි. 🤧🙏
එතුමාගේ අවසන් කටයුතු ජූලි 18 සෙනසුරාදා ප.ව. 6 ට ගිරිඋල්ල බෝපිටිය ආදාහනාගාරයේ දී සිදු කෙරෙන බව කණගාටුවෙන් දැනුම් දෙමි.
( දේහය ඇත්පන්තිය පාර, නාරංගමුව, ගිරිඋල්ල නිවසේ තැම්පත් කර තිබේ.
https://maps.app.goo.gl/6jjFdPU6KKCGqGiN6 )
74 වන වියේ පසු වූ එතුමා ක්‍රියාකාරී කලා කටයුතු වල යෙදී සිටිනවා අප දුටුවේ නාට්‍යවේදී පාලිත ලොකුපෝතාගම මහතා සමඟිනි.
එතුමාගේ
🌷අමර ගියා දිව්‍ය ලෝකෙ ළමා නාට්‍යයේ දොස්තර මාමාගේ චරිතය,
🌷නුඹ වෙනුවෙන් මල් පිපේවි නාට්‍යයේ රජුගේ චරිතය,
🌷 සුනඛ කෝලම නාට්‍යයේ පුරෝහිත චරිතය
ඇතුලු වේදිකා නාට්‍ය රාශියක ද චරිත නිරූපණයෙන් දායක විය.
මවිසින් සංගීතය නිර්මාණය කල හරිත සංධ්වනිය නිර්මාණයේ සියටල්ගේ චරිතය මැනවින් නිරූපණය කලේ එතුමා හදවතින්ම ඒහා බැඳෙමිනි.
තරණ සීගිරි ඔපෙරාව අද පවතින ඉහල ප්‍රමිතියට ගෙන ඒමට ගාමිණී සූරියාරච්චි මහතා විශාල කැපකිරීමක් කලේ ය. මංගල දර්ශන වාරය වන විට පුහුණුවීම් 60 කට එතුමා සහභාගි වී තිබුණි. ඉතාමත් කලාතුරකින් පැම්ණීමට නොහැකි වූ පුහුණුවීම් වාර වෙනුවෙන් ඒ බව දුරකතනයෙන් දන්වනවා වෙනුවට එතුමාහේ දරුවාගේ වයසට ආසන්න වයසේ පසුවන මාගේ නිවසටම පැම්ණ ඒ බව කීමට හිත නොරිදෙන්නට පැමිණි වග මෙහි සටහන් කරන්නේ රංගන ක්ශේත්‍රයට අවතීර්ණ වීමට බලාපොරොත්තු වන තරුණ පරපුරට ආදර්ශයක් වශයෙනි.
අප ඔපෙරා කණ්ඩායමට පියකු බඳු වූ එතුමාගේ ආදරණීය බැඳීම අපගේ සිත් තුල සදාතනිකව පවතිනු ඇත.
ගාමිණි සූරියාරච්චි මහතානෙනි ( ආදරණිය දෝ මාමා ) ඔබ කල මෙහෙවරට පිං. 🙏🙏
මතු භවයක අපි නැවත හමුවෙමු. ආදරෙයි පැලෙන්න.......🙏🙏🙏
See less