Vijaya Cinema - Minuwangoda

Vijaya Cinema - Minuwangoda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vijaya Cinema - Minuwangoda, Arts and entertainment, 172/3, Galloluwa Junction, Minuwangoda.

Map : https://maps.app.goo.gl/xcGDdouNu5FqtkUb7

🎬✨ A Cinematic Revolution in Minuwangoda! ✨🎬

🔹 Massive 45 x 20 ft Screen
🔹 2K Laser Projection
🔹 Dolby Surround 7.1

Daily Show Times
12.15PM / 2.30PM / 4.45PM / 7.15PM / 9.45PM

 🎟️ ඔබ කැමතිම චිත්‍රපටයට හොඳම ආසනය දැන්ම Online වෙන්කරගන්න:🌐 vijayacinema.lk/tickets
23/08/2026

🎟️ ඔබ කැමතිම චිත්‍රපටයට හොඳම ආසනය දැන්ම Online වෙන්කරගන්න:
🌐 vijayacinema.lk/tickets

🎬 අගෝස්තු 24 සඳුදා — චිත්‍රපට 6ක් සමඟ විශේෂ දර්ශන පෙළක්! 🍿

🎞️ තිරගත වන අවසන් දින දෙක නිසා, වැඩි පිරිසකට නැරඹීමට අවස්ථාව ලබාදෙමින් ‘විහඟ ප්‍රේමය’ චිත්‍රපටයේ දර්ශනය සවස 4:30ට ගෙන එනවා! 💛

🕷️ ඒ වගේම රාත්‍රිය වනතුරු රැකියාවේ හෝ වෙනත් වැඩකටයුතුවල නිරතව සිටීම නිසා මෙතෙක් මගහැරුණු ‘Spider-Man: Brand New Day’ නැරඹීමට, විශේෂ රාත්‍රී දර්ශනයක් රාත්‍රී 9:15ට! 🔥

📅 අගෝස්තු 24 | සඳුදා

🔸 කල්පනා — පෙ.ව. 10:00
🔸 The End of Oak Street — ප.ව. 12:15
🔸 Insidious: Out of the Further 🔞 — ප.ව. 2:15
🔸 විහඟ ප්‍රේමය — ප.ව. 4:30
🔸 ආදරණීය තරුවක් — ප.ව. 6:45
🔸 Spider-Man: Brand New Day — රාත්‍රී 9:15

🎟️ ඔබ කැමතිම චිත්‍රපටයට හොඳම ආසනය දැන්ම Online වෙන්කරගන්න:
🌐 vijayacinema.lk/tickets

📞 011 262 9169 | 074 188 0216
📍 Vijaya Cinema – Minuwangoda

🎬 අගෝස්තු 24 සඳුදා — චිත්‍රපට 6ක් සමඟ විශේෂ දර්ශන පෙළක්! 🍿🎞️ තිරගත වන අවසන් දින දෙක නිසා, වැඩි පිරිසකට නැරඹීමට අවස්ථාව ල...
23/08/2026

🎬 අගෝස්තු 24 සඳුදා — චිත්‍රපට 6ක් සමඟ විශේෂ දර්ශන පෙළක්! 🍿

🎞️ තිරගත වන අවසන් දින දෙක නිසා, වැඩි පිරිසකට නැරඹීමට අවස්ථාව ලබාදෙමින් ‘විහඟ ප්‍රේමය’ චිත්‍රපටයේ දර්ශනය සවස 4:30ට ගෙන එනවා! 💛

🕷️ ඒ වගේම රාත්‍රිය වනතුරු රැකියාවේ හෝ වෙනත් වැඩකටයුතුවල නිරතව සිටීම නිසා මෙතෙක් මගහැරුණු ‘Spider-Man: Brand New Day’ නැරඹීමට, විශේෂ රාත්‍රී දර්ශනයක් රාත්‍රී 9:15ට! 🔥

📅 අගෝස්තු 24 | සඳුදා

🔸 කල්පනා — පෙ.ව. 10:00
🔸 The End of Oak Street — ප.ව. 12:15
🔸 Insidious: Out of the Further 🔞 — ප.ව. 2:15
🔸 විහඟ ප්‍රේමය — ප.ව. 4:30
🔸 ආදරණීය තරුවක් — ප.ව. 6:45
🔸 Spider-Man: Brand New Day — රාත්‍රී 9:15

🎟️ ඔබ කැමතිම චිත්‍රපටයට හොඳම ආසනය දැන්ම Online වෙන්කරගන්න:
🌐 vijayacinema.lk/tickets

📞 011 262 9169 | 074 188 0216
📍 Vijaya Cinema – Minuwangoda

🔥🕷️ SPIDER-MAN: BRAND NEW DAY දැන් Vijaya Cinema All-Time Top Movies ලැයිස්තුවේ 9 වන ස්ථානයට! 🕸️🎬අපේ Vijaya Cinema - Min...
23/08/2026

🔥🕷️ SPIDER-MAN: BRAND NEW DAY දැන් Vijaya Cinema All-Time Top Movies ලැයිස්තුවේ 9 වන ස්ථානයට! 🕸️🎬

අපේ Vijaya Cinema - Minuwangoda ඉතිහාසයේ වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබාගත් චිත්‍රපට ලැයිස්තුවේ, Spider-Man: Brand New Day මේ වනවිට 3,013 patrons සමඟ 9 වන ස්ථානය අත්පත් කරගෙන තිබෙනවා! ❤️‍🔥

ඒ සමඟම කලින් 9 සහ 10 ස්ථානවල තිබුණු චිත්‍රපට දෙකම එක ස්ථානයක් පහළට තල්ලු කරමින් Spider-Man ඉදිරියට පැමිණ තිබෙනවා 👇

Current Rankings
9️⃣ Spider-Man: Brand New Day — 3,013 Patrons
🔟 Avatar: Fire and Ash — 3,006 Patrons
1️⃣1️⃣ Walampuri — 2,776 Patrons

දැන් Spider-Man ඉදිරියෙන් තියෙන්නේ 👀

8️⃣ The Wife — 3,106 Patrons
7️⃣ Nelum Kuluna — 3,418 Patrons

ඒ කියන්නේ,
✅ The Wife එකට සමවෙන්න තවත් 93 patrons
✅ ඒක අභිබවා යන්න තවත් 94 patrons
✅ Nelum Kuluna අභිබවා යන්න තවත් 406 patrons අවශ්‍යයි

Spider-Man: Brand New Day තවත් ඉහළටම යන්න සමත් වෙයිද?
The Wife සහ Nelum Kuluna දෙකම අභිබවා තවත් record එකක් පිහිටුවයිද? 🤩🔥

බලමු… Vijaya Cinema All-Time Top Movies ලැයිස්තුවේ මේ සුපිරි Spider-Man ගමන කොතැනින් නවතීවිද කියලා! 🕷️❤️

🎬 අද ඉරිදා… පවුලේ හැමෝටම Film එකක් තියෙන දවසක්! ❤️🍿අගෝස්තු 23 ඉරිදා Vijaya Cinema – Minuwangoda හි අද දවස පුරාම ඔබේ කැමැ...
23/08/2026

🎬 අද ඉරිදා… පවුලේ හැමෝටම Film එකක් තියෙන දවසක්! ❤️🍿

අගෝස්තු 23 ඉරිදා Vijaya Cinema – Minuwangoda හි අද දවස පුරාම ඔබේ කැමැත්තට ගැළපෙන චිත්‍රපට 6ක්! 🎥✨

🐾 PAW PATROL – අද අවසන් දර්ශනය!
පොඩ්ඩන්ට මේ සුපිරි adventure එක Cinema Screen එකේ බලන්න තියෙන අන්තිම අවස්ථාව අද දවල් 12:15ට. 🐶🚒
School holiday එකේ පොඩ්ඩන්ට දෙන ලස්සන cinema experience එකක් miss කරන්න එපා! ❤️

🎞️ අද දර්ශන වේලාවන්

🌸 කල්පනා – 10:00 AM
🐾 PAW PATROL – 12:15 PM ⚠️ FINAL SHOW
🌫️ The End of Oak Street – 02:15 PM
🕷️ Spider-Man: Brand New Day – 04:15 PM
💙 ආදරණීය තරුවක් – 07:15 PM
😈 Insidious: Out of the Further – 09:45 PM 🔞

විශේෂයෙන් සති අන්තයේ Evening සහ Night Shows සඳහා හොඳම ආසන ඉක්මනින්ම Book වන නිසා කලින්ම Online Booking එක දාගෙන එන්න. 🎟️

🌐 Online Booking: vijayacinema.lk/tickets
📞 011 262 9169 | 074 188 0216
📍 Vijaya Cinema – Minuwangoda

🍿 ඔයා අද බලන්න තෝරගන්නේ මොන Film එකද? Comment එකෙන් කියන්න! 👇

✨❤️ තරුවක් වීමේ සිහිනයක්… අමතක කරන්න බැරි ආදරයක්… ජීවිතය පුරා රැගෙන යන පොරොන්දුවක්… ❤️✨“ආදරණීය තරුවක්” කියන්නේ සරල ආදර ක...
21/08/2026

✨❤️ තරුවක් වීමේ සිහිනයක්… අමතක කරන්න බැරි ආදරයක්… ජීවිතය පුරා රැගෙන යන පොරොන්දුවක්… ❤️✨

“ආදරණීය තරුවක්” කියන්නේ සරල ආදර කතාවක් විතරක් නෙවෙයි.
සංගීතයත් එක්ක තමන්ගේ සිහින පසුපස යන තරුණ ගායකයෙකුගේ ජීවිතය, ඔහු ජනප්‍රියත්වයේ ඉහළට යන ගමනත් සමඟ නොසිතූ විදිහට වෙනස් වෙන කතාවක්. 🎶⭐

වේදිකාවේ දිදුලන තරුවක් බවට පත්වෙද්දී ඔහුගේ ජීවිතයට පැමිණෙන ආදරය…
ඒ ආදරයත් එක්ක බැඳෙන සතුට, වෙන්වීම්, අහිමිවීම් සහ කිසිදා මකා දැමිය නොහැකි මතකයන්…

කාලය ගෙවුණත් සමහර මිනිසුන් අපේ හිතෙන් යන්නේ නැහැ.
සමහර පොරොන්දුත් එහෙමයි.

අවසානයේ ඔහුට නැවත මුහුණ දෙන්න වෙන්නේ තමන්ට කිසිදා අමතක කරන්න බැරි වූ ඇයත්, ඇයට දුන් අවසන් පොරොන්දුවත් එක්කයි. ❤️

තරුවක් වීමද වැදගත්…
නැත්නම් ඒ තරුව වෙනුවෙන් හදවතින්ම බලාගෙන හිටපු මිනිස්සුද?

ආදරය, සංගීතය, සිහින, අහිමිවීම් සහ මතකයන් එකට ගෙතුණු
🎬 “ආදරණීය තරුවක්”
මේ දිනවල Vijaya Cinema – Minuwangoda හිදී.

❤️ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ඉහළ ආකර්ෂණය නිසා, විශේෂයෙන්ම සති අන්තයේ දර්ශනවල seats ඉතා ඉක්මනින් fill වෙමින් පවතිනවා.

ඒ නිසා show එක පටන් ගන්න ළං වෙනකම් ඉඳලා ticket එක ගන්න හිතන්න එපා.
👉 ඔබට කැමතිම, හොඳම ආසනය ලබාගන්න කලින්ම Online Booking එකක් දාගෙන එන්න. 🎟️

📅 SHOWTIME & SCHEDULE

⭐ August 21 – 7:15 PM
⭐ August 22 – 7:15 PM
⭐ August 23 – 7:15 PM
⭐ August 24 – 6:45 PM
⭐ August 25 – 6:45 PM

🎟️ BOOK YOUR SEATS NOW
👉 https://vijayacinema.lk/tickets

🍿 ආදරය කරන කෙනාත් එක්ක… පවුලත් එක්ක…
හදවතට දැනෙන ලස්සන Sinhala cinematic experience එකක් විඳින්න Vijaya Cinema එන්න. ❤️✨

🕯️ සිංහල ගායන වංශකථාවේ අද්විතීය හා අග්‍රගණ්‍ය ගායන ශිල්පිනිය නිහඬ වෙයි…ශ්‍රී ලාංකේය සංගීතයේ යුගයක් සනිටුහන් කළ, පරම්පරා ...
20/08/2026

🕯️ සිංහල ගායන වංශකථාවේ අද්විතීය හා අග්‍රගණ්‍ය ගායන ශිල්පිනිය නිහඬ වෙයි…

ශ්‍රී ලාංකේය සංගීතයේ යුගයක් සනිටුහන් කළ, පරම්පරා ගණනාවක හදවත් තම අසමසම හඬින් ස්පර්ශ කළ ආචාර්ය නන්දා මාලිනී මහත්මිය වයස අවුරුදු 82දී අප අතරින් සමුගෙන ඇත.

ඇය ගායනා කළේ ගීත පමණක් නොවේ…

මවකගේ සෙනෙහස,
ආදරයේ සුන්දරත්වය හා වේදනාව,
මිනිස් ජීවිතයේ සංවේදී හැඟීම්,
සමාජයේ අසාධාරණකම් හා මිනිසුන්ගේ හෘද සාක්ෂිය…

මේ සියල්ල ඇයගේ හඬ තුළින් පරම්පරා ගණනාවක හදවත් වෙත ගෙන ගියා.

ශ්‍රී ලාංකේය සිනමාව සමඟද නන්දා මාලිනී මහත්මියගේ නාමය වෙන් කළ නොහැකි ලෙස බැඳී තිබුණා. 1962 වසරේ “රන්මුතු දූව” චිත්‍රපටය සඳහා පසුබිම් ගායනයට එක්වෙමින් ඇරඹුණු ඇයගේ සිනමා ගී ගමන, එතැන් සිට දශක ගණනාවක් පුරා සිංහල සිනමාවේ අමරණීය ගී රැසකට ජීවය ලබා දුන්නා. “රන්මුතු දූව” වෙනුවෙන්ම 1964 පැවැති ප්‍රථම සරසවිය සම්මාන උළෙලේ හොඳම ගායිකාව ලෙස සම්මානයට පාත්‍ර වීමද ඇයගේ අතිවිශිෂ්ට සිනමා ගී ගමනේ ආරම්භය සනිටුහන් කළා.

ඉන් අනතුරුව “සාරවිට”, “සැඩොල් කඳුළු”, “ආදරවන්තයෝ”, “මොනරතැන්න”, “සිරිබෝ අයියා”, “වජිරා”, “යස ඉසුරු” වැනි සිනමා නිර්මාණ වෙනුවෙන් ඇයගේ ගායන දායකත්වය සම්මානයෙන්ද පිදුම් ලැබුවා. ඒ නිසා නන්දා මාලිනී යන නාමය ශ්‍රී ලාංකේය ගීත ඉතිහාසයට පමණක් නොව සිංහල සිනමා වංශකථාවටද සදාකාලිකව සටහන් වූ නාමයක්.

කලාකරුවෙකුගේ ජීවිතය අවසන් විය හැකියි…
නමුත් ඔවුන් අපට ඉතිරි කළ කලාව කිසිදා මිය යන්නේ නැහැ.

අදින් පසු ඒ හඬ අප අතරින් සජීවීව ඇසෙන්නේ නැති වුණත්, නන්දා මාලිනී මහත්මියගේ ගී හඬ තවත් පරම්පරා ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය හදවත් තුළ ජීවත් වනු ඇත.

ශ්‍රී ලාංකේය සංගීතයට සහ සිනමාවට ඔබතුමිය කළ අමිල මෙහෙවර වෙනුවෙන් අපගේ ගෞරවය හා කෘතවේදීත්වය පුද කරමින්,

විජය සිනමා – මිනුවන්ගොඩ අප සැමගේ බලවත් ශෝකය මෙසේ පළ කරමු.

🙏 ආදරණීය නන්දා මාලිනී මහත්මියනි,
ඔබතුමියට උතුම් නිවන් සුව අත්වේවා…! 🕊️

#නිවන්සුව

💛 සමහර චිත්‍රපට අපි බලලා ඉවර කරනවා… තවත් සමහර චිත්‍රපට අපි එක්කම ගෙදර එනවා.“විහඟ ප්‍රේමය” ඒ දෙවැනි වර්ගයේ සිනමාපටයක්. 💛“...
20/08/2026

💛 සමහර චිත්‍රපට අපි බලලා ඉවර කරනවා… තවත් සමහර චිත්‍රපට අපි එක්කම ගෙදර එනවා.
“විහඟ ප්‍රේමය” ඒ දෙවැනි වර්ගයේ සිනමාපටයක්. 💛

“විහඟ ප්‍රේමය” කියන්නේ නමට “ප්‍රේමය” තිබුණත් සරල ආදර කතාවක් නෙවෙයි.

දෙමව්පියන් අහිමි වූ තරුණ අමිල, තම බාල සහෝදර සහෝදරියන්ගේ ජීවිතවල වගකීම කරට ගන්නවා. ඒ අතර හෘද සැත්කමක් ඉතා ඉක්මනින් අවශ්‍ය නංගිව බේරාගන්න විශාල මුදලක් සොයාගන්න ඔහුට සිදුවෙනවා.

එක ජීවිතයක් බේරාගන්න… තවත් ජීවිතවලට අසාධාරණයක් කරන්න සිද්ධ වුණොත්?
ඔබ තෝරන්නේ මොන පැත්තද?

අන්න එතැනදී අමිලගේ ජීවිතයට එන මාලිනීත් සමඟ, ඔහු නොසිතූ ලෝකයකට ඇද වැටෙනවා. මුදල් ඔහුට අවශ්‍යයි. ඒ මුදල පිටුපස තියෙන මනුෂ්‍ය ජීවිතවල වේදනාවත් ඔහුට පෙනෙන්න පටන් ගන්නවා.

එතැනින් පස්සේ “හරි” සහ “වැරදි” කියන දෙක අතර පැහැදිලි රේඛාවක් මේ කතාවේ නැහැ.

සහෝදර ප්‍රේමය…
මවක් සහ දරුවෙක් අතර බැඳීම…
අසරණකම මිනිසෙකුගෙන් ගන්නා තීරණ…
මුදලට මිලක් තියෙනවා වගේම මනුෂ්‍ය ජීවිතයකටත් මිලක් දාන්න පුළුවන්ද කියන ප්‍රශ්නය…
ඒ හැමදේම අතර මිනිස් හිත ඇතුළේ සිදුවන සටන…

“විහඟ ප්‍රේමය” කතා කරන්නේ ඒ සංකීර්ණ මනුෂ්‍ය හැඟීම් සහ සම්බන්ධතා ගැනයි. 🎬

මේ හදවතට කතා කරන සිනමාපටය තවමත් නරඹන්න බැරි වුණා නම්,
Vijaya Cinema හි මේ ඔබට ලැබෙන අවසාන සතියයි.

අපි මෙතෙක් බොහෝ දර්ශන උදෑසන slot වල තිරගත කළ නිසා, බලන්න ආසාවෙන් හිටියත් වෙලාව නිසා එන්න බැරි වුණු අය ගොඩක් ඉන්නවා.

ඒ නිසාම ❤️
අවසන් දින දෙක — August 24 & 25 — ඔබ වෙනුවෙන්ම 4:30 PM slot එකට යොදා තිබෙනවා.

මෙතෙක් “බලන්න ඕන” කියලා හිතාගෙන හිටියා නම්,
දැන් ඒක තවත් කල් දාන්න එපා. මේ තමයි අවසාන අවස්ථාව.

🎬 LAST WEEK OF SCREENING

📅 August 21 – 10:00 AM
📅 August 22 – 10:00 AM
📅 August 24 – 4:30 PM
📅 August 25 – 4:30 PM

📍 Vijaya Cinema – Minuwangoda

🎟️ Book Your Seats Online
👉 https://vijayacinema.lk/tickets

සිනමාව කියන්නේ විනෝදාස්වාදය විතරක් නෙවෙයි… සමහර වෙලාවට අපි මිනිසුන් දිහා බලන විදිහත් වෙනස් කරන කැඩපතක්.
“විහඟ ප්‍රේමය” ඒ වගේ චිත්‍රපටයක්. 💛

හිත් ආදරයෙන් පුරවන "කල්පනා චිත්‍රපටය නරඹා, සෑම සතියකම රන් පෙන්ඩන්ට් දිනන්න... ඔබ කල්පනා චිත්‍රපටය නැරඹූ ටිකට්පතෙහිම ඔබේ ...
20/08/2026

හිත් ආදරයෙන් පුරවන "කල්පනා චිත්‍රපටය නරඹා, සෑම සතියකම රන් පෙන්ඩන්ට් දිනන්න... ඔබ කල්පනා චිත්‍රපටය නැරඹූ ටිකට්පතෙහිම ඔබේ නම සහ ලිපිනයද සඳහන් කර එහි ජායාරෑපයක් 077 9577048 අංකයට දැන්ම WhatsApp කරන්න 💜

Address

172/3, Galloluwa Junction
Minuwangoda
11550

Alerts

Be the first to know and let us send you an email when Vijaya Cinema - Minuwangoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share