Amara Home Design & Construction

Amara Home Design &  Construction Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Amara Home Design & Construction, Opera House, Walasmulla Road, Middeniya.

13/11/2024

යහපතක්ම වේවා ✨️✨️

13/11/2024
On going construction design in amara home
13/11/2024

On going construction design in amara home

13/11/2022

දෙබරු අරන් ගිය අයියයි නංගියි.. 🥹

ඒ 2012 වසරෙ එක්තරා දිනයක්. මම ඒ කාලෙ වැඩ කලේ පොළොන්නරුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයෙ.....වෙලාව හවස 6 ට විතර ඇති. මම රෝගීන්ගෙ වැඩකටයුතු ඉවර කරල
ටිකක් විවේකීව හිටියෙ. ඒ වෙලාවෙ අපේ දැඩි සත්කාර ඒකකයෙ තිබුන ඇඳන් 5 න් දෙකක්ම හිස්ව තිබුනෙ. අනිත් රෝගීන් තුන්දෙනත් සුව වෙමින් හිටපු අය. හදිසියේම ළමා වාට්ටුවෙ වැඩ කරන මගේ මිත්‍ර වෛද්‍යවරයෙකුගෙන් කෝල් එකක් ආව."දෙබරු දෂ්ඨ කරල අමාරු වුන බබාල දෙන්නෙක් ගෙනාව. එක් කෙනෙකුට ටිකක් අමාරුයි. ICU එකේ ඉඩ තියෙනවද?". එකම පවුලක අවුරුදු හතක අයියයි අවුරුදු පහක නංගියි තමයි මේ විදිහට දෙබර ප්‍රහාරයකට ලක් වෙලා තිබුනෙ. විනාඩි කිහිපයක් ඇතුළත ඒ දියණිය ව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුනා.

ඒ පවුලෙ අම්මයි තාත්තයි මේ චූටි දුවයි පුතයි හිටියෙ. පදිංචිය දිඹුලාගල දලුකාන ගමේ.
මේ පුංචි දරුවො දෙන්න නිවස ලඟ තිබුනු කැලේට ගිහින් තිබුණ එයාලගෙ තාත්තත් එක්ක දර ටිකක් එකතු කරන්න. මේ වෙලාවෙ අසල පඳුරක තිබුන දෙබරයක් ඇවිස්සිලා මේ දරුවො දෙන්නට හොඳටම දෂ්ට කරල තිබුන. දරුවො බේර ගන්න ගියේ තාත්තටත් දෙබරු ඇනල. ඒ අනුව තමයි මේ දරුවො දෙන්නව රෝහලට අරගෙන එන්නෙ.

දෙබර විෂ සාමාන්‍යයෙන් මාරාන්තික විෂක් නෙමෙයි. ඒත් මේ දරුවො දෙන්නට වෙලා තිබුණෙ වෙනත් දෙයක්. දෙබර විෂ වලට දරුණු අසාත්මිකතාවක් ඇති වෙලා තිබුනෙ. ඒ හේතුවෙන් ඔවුන්ට හුස්ම ගන්න අපහසු වීම නිසා තමයි රෝහලට ඇතුළත් කළේ.(Severe Anaphylaxis & ARDS). ඒ පුංචි දියණියගේ රුධිරගත ඔක්සිජන් සාන්ද්‍රණය බලා ඉන්නැද්දී අඩු වෙන්න ගත්ත. විශේෂඥ වෛද්‍යවරු ඇතුළු සියලු දෙනාගේ තීරණය අනුව ඇයව ඉක්මනින් කෘතිම ශ්වසන යන්ත්‍රයට සම්බන්ධ කෙරුණා. මේ අතරතුරේ ඇගේ සොහොයුරාගේ තත්ත්වයත් නරක අතට හැරුන නිසා ඔහුවත් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා. එකම ළඟ තිබුණ ඇඳන් දෙකක ඔවුන්ට ප්‍රතිකාර කෙරුණා. එදා මුළු රාත්‍රිය පුරාවටම අපි සියලුම දෙනා ඔවුන්ගේ ජීවිත බේරගන්න කළ හැකි හැම දෙයක්ම කලත් ඒ සියල්ල පරාජය කරමින් පසුදා උදෑසනින්ම ඒ පුංචි දියණිය අපෙන් සමුගත්තෙ අපි හැමෝගෙම හදවත් සසල කරවමින්.
ඒත් එක්කම ඇගේ සොහොයුරාව වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලට මාරු කර යැවුනා.

ඒ අම්මයි තාත්තයි ධීවර රැකියාව කරගෙන ජීවත් වුණු බොහොම දුප්පත් පවුලක්. පුංචි පැල්පතක තමයි ජීවත් වුණේ. අඟහිඟකම් සියල්ල මැද්දෙ වුනත් මේ දරුවො දෙන්න හරිම ලස්සනට බෝනික්කො දෙන්නෙක් වගේ
වැඩිල හිටියෙ. ඒ මරණය ඉදිරියෙ අපි හැමෝම සංවේදී වුණා. මේ වගේ අවස්ථාවල අවමංගල්‍ය අවස්ථාවට සහභාගි වෙලා ඔවුන් සමග දුක බෙදා ගත්ත අවස්ථා ඕන තරම් මගේ ජීවිතය තුළ තියෙනවා. මගේ හිතවත් තවත් වෛද්‍යවරයෙකුත් එක්ක ඊට පහුවදා මම ඒ මලගෙදරට සහභාගී වෙන්න දලුකාන ට ගියා.

අපි ගිය වාහනේ මග නවත්තල බොහෝම දුෂ්කර පාරකින් වෙල් දෙණි මතින් ඇවිදගෙන ගිහින් අපි ඒ නිවසට ගියා. කඳුළු මැදින් ඔවුන් අපිව සතුටින් පිළිගත්තා. නිවසට ඇතුළු වෙනවත් එක්කම දැකපු දෙයින් ඇත්තටම අපි තවත් කම්පනයට ලක් වුණා. පේරාදෙණියට මාරු කරල යවපු පුතත් එදා හවසම ජීවිතයෙන් සමු අරගෙන. ඒ පුංචි පැලේ සාලෙ මැද්දෙ පුංචි මිනී පෙට්ටි දෙකක දරුවො දෙන්නගෙ සිරුරු තැන්පත් කරල තිබුණ. ඒ අම්මයි තාත්තයි ඒ වේදනාව කොහොමද දරාගත්ත ද කියල අදවත් මට නම් තේරුම් ගන්න බැහැ. ටික වෙලාවක් ඒ නිවසෙ ගත කරපු අපි නැවතත් පොළොන්නරුවට එන්න පිටත් වුනේ, මලගෙදර එන අයට සංග්‍රහ කරන්න අපි අරගෙන ගිය බිස්කට් පෙට්ටි කිහිපයට අමතරව යම් මුදලකුත් බලෙන් වගේ ඒ තාත්තගෙ අතේ තියලයි.

ඇත්තටම රෝහල කියන්න හරි පුදුම තැනක්. රෝගියෙක් සුව පත් වුණාම අපි ඔවුන් එක සතුටු වෙනවටත් වඩා ඔවුන්ගෙ දුකකදී අපි ඔවුන් එක්කල දුක් වෙන අවස්ථා වැඩියි. ජීවිතේ කියන්නෙ මොකක්ද කියල තේරුම් අරගෙන අපේ මනුස්සකම් දියුණු කරගන්න කෙනෙකුට ඒක හරියට විශ්ව විද්‍යාලයක් වගේ. ජීවත් වෙලා ඉන්න කාලෙ මොන නැටුම් නටාගෙන හිටියත්
වෙලාව ආවම පහන් දැල්ලක් නිවුන වගේ සියල්ල දාල යන්න යන බව, මේ වගේ සිද්ධීන් අපිට නිතරම මතක් කරල දෙනව. ඒක නිසා ජීවත් වෙලා ඉන්න ටික කාලෙ ඉතාම යහපත් මනුෂ්‍යයෙක් විදියට ජීවත් වීමමයි වටින්නෙ.

වෛද්‍ය දර්ශන ප්‍රේමරත්න.

(ප.ලි. මගේ මේ පෝස්ට් එක පළකිරීමෙන් පසුව එවකට මනම්පිටිය රෝහලේ සේවය කළ වෛද්‍ය අනුර දිසානායක මහතා විසින් පුදුම සහගත තොරතුරක් මා වෙත එවා තිබුණා. එය ඔහුගේ වචනයෙන්ම මම මේ පෝස්ට් එකට මෙසේ පහලින් එකතු කරන්නම්).

"මේ සිදුවීම සිදුවුණ කාලයේ මම සේවය කළේ මනම්පිටිය පර්යන්ත රෝහලේ. ⁣දෙබර ප්‍රහාරයට ලක්වූ මේ කුඩා දරු දෙදෙනා සහ ඔවුනගේ පියා මුලින්ම රැගෙන ආවේ මනම්පිටිය රෝහලට. ඒ වෙලාවෙ මම මගේ කාර්ය මණ්ඩලයේද සහාය ඇතිව ඔව්න්ට දියයුතු මූලික ප්‍රතිකාර සියල්ල ලබාදී වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට මාරුකර යැව්වා. ඉන්පසුව මේ කනගාටුදායක පුවත අපටද දැන ගන්නට ලැබුණා. අප සියළු දෙනාද දැඩි කනගාටුවට හා කම්පනයට පත්වුණා. මම දැන් ඔබට මේ කථාවේ ඉතිරි ටික කියන්නම්.
මාස කිහිපයකට පසු ඒ මව මනම්පිටිය පර්යන්ත රෝහලේ පූර්ව ප්‍රසව සායනයට පැමිණියා. ඒ වනවිට ඇය නැවත ගැබ් අරන්. ඇයට අවශ්‍ය මූලික උපදෙස් හා පරීක්ෂණවලින් පසුව ස්කෑන් පරීක්ෂණය සඳහා නියමිත කාලයේදී ඇය පොළොන්නරුව මහ රෝහල වෙත යැවූ විට ඇයට නිවුන් දරුවන් පිළිසිඳී ඇති බව දැනගත්තා. ඒ පුවතින් ඒ දෙපල⁣ මෙන්ම අප කාර්ය මණ්ඩලයත් වින්ද සතුට අපමණයි. අප සායනයෙන් ගර්භණී කාලය පුරා ඇයට අවශ්‍ය සත්කාර සේවාව හැකි උපරිම අයුරින් ලබා දුන්නා . කුඩා දියණියක් හා පුතකුට නැවත උපත දුන් ඇය පසු දිනෙක අප හමුවීමට පැමිණ. " ඩොක්ට මගෙන් වෙන්වෙලා ගිය දුවයි පුතයි ආයෙම මා ගාවටම ආවා. වෙන කවුරුවත් නෙවෙයි, මේ ඒ දෙන්නමයි. පොඩි කාලේ ඒ දෙන්නා මේ වගේමයි." කියමින් සතුටින් කීවේ අප හැම දෙනාගෙම ඇස් වලට සතුටු කඳුළු නංවමින්.

තම වෛද්‍ය ජීවිතයේ ඉතා සංවේදී සිදුවීමක් අප සමගින් බෙදා ගත්තේ මා හිතවත් වෛද්‍ය දර්ශන ප්‍රේමරත්න මහතා.

13/11/2022
13/11/2022
31/10/2022

1724 දී වයස අවුරුදු 14 දී වහල්භාවයට විකුණන ලද අප්‍රිකානු ජාතික තෝමස් ෆුලර් ගේ ඇති සංකීර්ණ ගණිත ගැටලු විසඳීමට ඇති අසාමාන්‍ය හැකියාව නිසා සමහර විට “වර්ජිනියා කැල්කියුලේටරය” ලෙස හැඳින්වේ. වසර එකහමාරකට තත්පර කීයක් තිබේදැයි ඔහුගෙන් විමසූ විට ඔහු විනාඩි දෙකකින් පිළිතුරු දුන්නේය, 47,304,000. අවුරුදු 70ක්, දින 17ක් සහ පැය 12ක් වයසැති මිනිසෙකු තත්පර කීයක් ජීවත් වී ඇත්දැයි නැවතත් ඔහුගෙන් විමසූ විට, ඔහු විනාඩි එකහමාරකින් 2,210,500,800 ලෙස පිළිතුරු දුන්නේය.

එක් අයෙක් මෙම ගැටලුව කඩදාසිය මත විසඳමින් සිටි අතර,ඔහුට ලැබුනු පිළිතුර එයට වඩා කුඩා වූ නිසා ඔහු වැරදි බව ෆුලර්ට දැනුම් දුන්නේය. ෆුලර් කඩිමුඩියේ පිළිතුරු දුන්නෙ , "' ඔබට අධික වසර අමතක වී ඇත" යනුවෙනි අධික වසර එකතු කළ විට, එම එකතුව ගැලපිනි.

credit : Edo Tv

31/10/2022

මේ ලෝක ඉතිහාසයේ සුවිශේෂී නිර්මාණයක්.. මේ ස්වර්ණමය සිහසුනේ හිමිකරු වුණේ ඊජිප්තු ඉතිහාසයේ ආන්දෝලනාත්මකම පාරාවෝ වරයා වුණ ටූටන් කාමන්....

ඔහු මේ සිහසුන අරා රජ කරන්නෙ ජෙරුසෙලමෙදි ජේසු තුමා ඉපදෙන්න අවුරුදු 1332 කට කලින්...

බුදු රජාණන්වහන්සේගෙ පරිනිර්වාණයට වගේම විජය කුමාරයා ලංකාවට ගොඩබහින්න අවුරුදු 749 කට කලින්...

අදට අවුරුදු 3354 කට කලින් තමයි අඳුරු ජීවතයක් හිමි තරුණ ටූටන් කාමන් මේ සිංහාසනයෙ ඉදන් රාජ්‍යය කලේ.....

ලෝකෙ ශිෂ්ටාචාර කොච්චර පැරණිද, ඒ වගේම මීට අවුරුදු තුන් දාහකට කලිනුත් ලෝකය කොයිතරම් දියුණු ද කියන්න, ඊජිප්තුව තරම් උදාහරණයක් ලෝක ඉතිහාසයෙ තවත් නැතුව ඇති..

© කෝකිල විතානතන්තී‍්‍ර

31/10/2022
30/10/2022

තලගොයා = උතුලි
කඩියා= කිඩිණ
මාළුවා = මැසින්න
අලියා= කෙණර
අශ්වයා= වෙළඹ
මොනරා= සෙබඩ
සර්පයා = සැපින්න
නයා= නැයින්න
මීයා = මූසිකාව

උපුටා ගැනීමකී ස්තූතියී

Address

Walasmulla Road
Middeniya

Telephone

0776267526

Website

Alerts

Be the first to know and let us send you an email when Amara Home Design & Construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category