10 M Followers

10 M Followers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 10 M Followers, pobox 3064, Matuguma.
(141)

🤩 Laughing, Smiling, and Loving Life! 🤩
🎯 100% Non-Stop Entertainment
👇 Follow us to brighten up your day! ✨
https://youtu.be/o9PlZYuR4tk
https://www.tiktok.com/?_r=1&_t=ZS-96TGolyjsoc Hi Me Nuwan Im Here To Smiling You and Motivate Coz Every People In Very Stress Coz Some Time There Work Or Family Or Love Not Only All Of You Me Nether My 10 Year Love Breakup So Day By Day I Faill Down Th

en I Start To Watch Funny And Motivational Videos So Here Im Im Recover So Fast Then I thought Like Me How Many people Have So I Want To Help Them To Recover Ok I hope I Doing It Love You All Love You Soo Much
In my opinion,the world is filled with the good and bad.To be able to stand out in life, we need to work hard for it.We can do everything but if our mind is not healthy, then we can't make it happen.We need to stay focus and be confident every time of what we are doing and never give up on it just because there are so many challenges that might knock us down .

22/06/2026

ඇත්තටම මම නම් කියන්නේ හරිම හොද තීරණයක් මොකද ඇත්තටම අද කාලේ ගොඩක් කඩ හිමියෝ තමන්ගේ ලාබෙ විතරයි බලන්නේ කිසිම ගුණයක් නැති දේවල් විකුනන්න.. ඇත්තටම මේ දේට විරුද්දව කිසිම හඩක් නගන්න එපා ඔයාගේ ලමයාගේ අනාගතය ගැන හිතන්න 🤗

අහල පහල අය ඉන්නවනම් ඔඩර් එකක් දාගන්න ❤️🥰
22/06/2026

අහල පහල අය ඉන්නවනම් ඔඩර් එකක් දාගන්න ❤️🥰

සුබ උදෑසනක් වේවා...!අනන්ත වූ බුදුගුණ බලයෙන්ඔබ‍ට රැකවරණය වේවා!රෝග බිය දුරු වේවා...!සියලු උවදුරු නැසේවා! සියලු දුක් දුරුවේ...
22/06/2026

සුබ උදෑසනක් වේවා...!
අනන්ත වූ බුදුගුණ බලයෙන්
ඔබ‍ට රැකවරණය වේවා!
රෝග බිය දුරු වේවා...!
සියලු උවදුරු නැසේවා!
සියලු දුක් දුරුවේවා!
කිසිවෙකුටත් කිසිදු අන්තරායක් නොම වේවා.!!!
දීර්ඝායු වේවා...!!
ඔබට සැමදා සුව සෙත් වේවා!
නිදුක් නීරෝගී
වාසනාවන්ත සුබ දවසක් වේවා...!!! 🙏
උතුම් දළදා සමිදුගේ පිහිටෙන් මගේ රට ආරක්ෂා වේවා
සභාවික විපත් නැති වේවා 🙏🙏🙏
ලෙඩ රෝග උවදුරු... නැති වේවා 🙏🙏🙏
10 M Followers

❤️👇🤗
21/06/2026

❤️👇🤗

20/06/2026

මම රාජ කුමාරයෙක් නෙමියි... 🤭 ගමේ කොල්ලෙක් 🥰

හරිම ආදර්ශයක් දෙන කතාවක් එකනම් ❤️🥰
19/06/2026

හරිම ආදර්ශයක් දෙන කතාවක් එකනම් ❤️🥰

යකඩ දෝලි

එක් කොටසකින් යුත් කථාවකි

සමාදී කියන්නේ තරමක්‌ වත්පොහොසත් කම් තියන පව්ලක උපන් තුන්වෙනි දරුවයි. තමන්ට වඩා වැඩිමල් සහෝදරියක් සහ සහෝදරයෙක් ඉන්න අතර ඇයට බාල තවත් නිව්න් සහෝදරියන් දෙදෙනෙකුද සිටියේය.
කාගේත් සිත් ඇද බැද ගන්න තරමේ රූ සපුවක් සහ ප්‍රියමනාප පෙනුමක් තිබු ඇය ඉතාමත් නිහතමානී තැනැත්තියකද වුවාය.

ඇයට මේනක මුණ ගැහෙන්නේ සාමාන්‍ය පෙළ පෙල විබාගය ට පෙනී සිටීම සදහා අතිරේක පන්තියකට සහබාගි වන අතර තුරේදීය.

කොතෙක් තරුණයින් ඇගේ ආදරය ඉල්ලමින් පස්සෙන් වැටුනත් දෙම පියන්ට සමාජයේ තිබ්බ තත්වය නිසා අනවශ්‍ය සබද තා ගොඩ නගා ගැනීමට උත්සහ නොකළේ තම මවගේ සහ පියාගේ නමට කැලලක්‌ ඇති වේවියැයි සිතුන නිසාමය.

නමුත් මේනක කියන්නේ ඇගේ ඒ හැගීම වර්ෂ දෙකක උත්සහයකින් බිද දමමින් ඇගේ අවදානයට ආදරයට ලක්‌වීමට තරම් වාසනාවන්ත වූ එකම පිරිමියාය.

ගුරු දෙපලකගේ දියණියක් වූ සමාදී සරසවි වරම් ලබබිම්න් ජයවර්ධන පුර විශ්වවිද්ද්‍යාලයේ සහ පේරාදෙනියේ විශ්වවිද්‍යාලයේ අද්ද්‍යාපනය ලබන තම සහෝදරයට සහ සහෝදරියට අභිබවා ගොස් ඒ සාමාර්තම 10යක් ලබාගනිමින් ලංකාවේ දෙවෙනි තැනට පත් වෙමින් ලකුණු ලබාගන්න තරම් ඇතිදක්ෂ වූ තැනැත්තියෙකි.

නමුත් අවාසානාවන්ත විදිහට උසස්පෙල විෂයන් සදහා පාසල් යන කාලය අතර තුර ඇය මේනක සමග ප්‍රේම සබද තාවයක් ගොඩනගාගන්නේ මෙතෙක් කාලයකට වැටපවරු බැදන් අගුළු යොදා පරිස්සන් කරන් හිටිය හදවතේ දොරගුළු මේනක වෙනුවෙන් සම්පුර්ණයෙන්ම විවර කර දෙමිණි.

වර්ෂයක්‌ පුරාවටම හොර රහසේ මේනකත් සමග පවත් වා ගෙන ආ ප්‍රේමයට කන කොකා හඩන්න වුයේ දිනක් අමතර පංතිය මග හරවමින් මේනකත් සමග පෙම් සුව විදීමට චිත්‍රපටයක් නැරබීමට ගිය අවස්ථාවවේදීය.

පව්ලේ හිතවතෙකු ඇය මේනකත් සමග චිත්‍රපට ශාලාවෙන් එළියට එනු දුටුවෙන් සමාදිගේ දෙමාපියන්ගේ කනේ තිබ්බේ ඇසුරු සැනිනි.

මේ කිසිත් නොදන්න සමාදී ගෙට ගොඩවන විටම

සුදු..... ඔහොම හිටපන්.... යනුවෙන් වෙනදා නැති කේන්තියකින් පියා ඇමතුවෙන් සමාදී ගැස්සී ගොස් හිටිවනම හිට ගත්තේ මුළු ඇගම සීතලව ගොස් දෙපා දෙක කිටි කිටියේ ගැහෙන් දිනුයි.

උබ අද කොහෙද ගියේ......... පියාගේ රතු වූ දෙනෙත් තමා වෙතම වැටී තියෙන යුරු දුටු ඇයගේ බිය දෙගුණ තෙගුණ වන්න විය.

ම... න්..... පන්ති අප්පච්චි...... ගොත ගස ගසාම ඇය කීවෙන්

නැවතත් ඇය අසලටම පැමිණි ඔහු පන්ති තියෙන්නෙ ෆිල්ම් හෝල් ඇතුළෙද යැයි ඇසුවේ

ඇගේ සියොලගම වෙව්‍ලා හිරිවැටී යන්දිනුයි .

උබලට දහ දුක් විදලා අපි උගන්නන්නේ ඉගෙන ගන්න යනවා කියලා ගිහින් එක එකත් එක්ක තුරුල් වෙලා මගුල් නටන්න ද......
අනපේක්ෂිත අයුරින් ඔහුගේ මුවින් පිටවන වචන ඇයට දැනුනේ තියුණු පිහිතුඩකින් මුළු පපුවම පසාරු කරන් යන්නාක් මෙනි.

මුනිවත රකිමින් ම බිම බලාගත් ඇය පියාට විරුද්දව එක වචනයක් වත් කතානොකළේ...... එකට එකට කියන් යාමවත් දෙමාපියන් ගේ තර්කයන් බිදීමට උත්සහ කිරීමවත් ඇගේ සිරිතක් නොව්න නිසාමය.

දෙමාපියන්ගේ විරුද්දත්වය නිසාම කුලුදුලේ හටගත් තම ප්‍රේමය හිත තුලම නිදන්ගත කල ඇය අද්ද්‍යාපනය වෙනුවෙන් ම පමණක් සිත යොමුකලේ දෙමාපිය කැමැත්තට මුල් තැන ලබා දෙමිණි.

හිත තුලම ඇගේ ප්‍රේමය මරා දැමුවත් හැම නිතරම ඒ ඇස් මේනකවම සෙව්වත් එදා සිදු වීමෙන් පසුව නැවත කිසිම දිනෙක මේනකගේ රුව නෙත නොගැටීම ඇයගේ සිතට එක් කලේ දරාගත නොහැකි වේදනාවකි.

මේනක ගේ ඇසුරට තම මව සහ පියා විසින් තහංචි දැම්මේ ඔහු ගැන කිසිම තොරතුරක් සොයා නොබළමිනී.

අද්‍යාපනය ම පමනක් වැදගත් බව පෙන්වමින් බාහිර කිසිම දෙයකට අවදානය යොමු කරන්නට නොදී එකම රාමුවකට කොටුකර පොත පතේ දැනුමෙන්ම තම දරුවන්ගේ ඔලු පුරවන්න උත්සහ කෙරූ සමාදිගේ දෙමාපියන්ට අන්තිමේට ඉතිරි උනේ දරුවන් කියන්නේ කොටුකරලා කුඩු කරලා තහංචි දාලා හදන්න පුළුවන් අය නෙවෙයි කියන ජිවිත අත්දැකීම සහ පසු තැවීමක්ද පමනී .

විශ්ව විද්‍යාලීය වරම් ලබමින් සිටී තම එකම සහෝදරයා ගෙල වැලලාගනිමින් ජිවිතයට සමුදීලා තිබ්බේ විශ්වවිද්ද්‍යාලය තුලදී මුහුණ දෙන්න සිදු වූ ශිෂ්‍ය නවකවදයට මුහුණ දීමට තරම් ආත්ම ශක්තියක් නොතිබ්බ නිසාය.

තම පරපුර ගෙනියන්න හිටපු එකම පිරිමි පුලුට ඒ විදිහට වියැකී ගියාම ඒ වේදනාව දරාගත නොහැකි වූ සමාදීගේ පියා හදිසියේම පපුවේ ඇති වූ වේදනාවක්ද සමගින් ජිවිතයෙන් සමුගත්තේ අනපේක්ෂිත අන්දමිනි. කිසිදු පිරිමි හව්‍හරණක් නොමැති සමාදිගේ පව්ල පියාගේ වියෝවත් සමග තව තවත් අසරණ වන්න උනේ..... පියෙක් නැති දරුවෙක් කුසේ හොවන් අක්කද සරසවි අද්ද්‍යාපනයට අතර මග දීම සමු දී නිවසට පැමිණි නිසාය.

බාල නැගණියන් දෙදෙනාත් නිතර අසනීප වන අම්මත් පියෙක් නැති දරුවෙකුට ජන්මය දෙන්න උත්සහයක් දරන අක්කත් සියල්ලන්ගේම බර නිහතමානීව තම කරට ගත් සමාදී සරසවි වරම් ලැබුවත් එහි නොගොසින් තම පව්ල වෙනුවෙන්ම ජීවිතය දිය කර හැරීමට තීරණය කලේ පියෙකුගේ ශක්තිය තම උර මත පටවා ගනිමිනුයි.

දිනක් ඇය පිටව ගියේ නව ව්‍යාපාරයක් ආරම්බ කිරීමෙ අරමුණින් එයට සුදුසු ස්ථානයක් සොයා ගැනීමේ අටියෙනි.

අතර මගදී ඇය දුටු දර්ශනයෙන් ඇගේ මුළු පපුවම කීරි ගැහී යන්න උනේ දෙනෙත් අගින් කුඩා කදුළු බිදු කීපයකුත් කම්මුල් පුරා පහලට ඇද වැටෙන් දිනුයි.

සමාදී...... කොහොමද ඉතින් ඔයාට.......

අනපේක්ෂිත අයුරින් තමා අසලට පැමිණි මේනක ඇසුවෙන් දෑසේ බොද වූ කදුළු සගවා ගැනීමට දැඩි උත්සහයක් දරමින් ම ඇය සිනා සුනේ ඔහු අසලින්ම කුසේ දරුවෙකුද හොවාගෙන සිටන ප්‍රිය මනාප යුවතිය දෙසද බැල්මක් හෙලමිනුයි.

මම හොදින් මේනක...... ඔයත් හොදින් කියලා මට හිතෙනවා......
යැයි පිළිතුරු දුන්නේ හිත ඇතුලතින් එලියට පනින්න උත්සහ කෙරූ වේදනාවද දැඩි ආයාසයකින්ම හිරකරගන්නා ගමන් ය.

ඔව් සමාදී මම ගොඩාක් හොදින්..... කොහෙද ඔයා මේ යන්නේ.......

යැයි නැවත වාරයක් ඔහු ඇසුවෙන් සමාදී මොහොතකට ගල් උනේ" මම ගොඩාක් හොදින්" යනුවෙන් ඔහු දුන්න පිළිතුර ඇගේ වේදනා බර සිත තව තවත් පාරන්න වුනිසාය.

මම පොඩි වැඩවගයකට ටව්න් ආවා...... ඇය පිළිතුරු දුන්නේ ගොත ගසමින් ය.

මෙයාට ඩිල්වරී එක තියෙන්නෙ ලබන මාසේ.....
ඒකට ඕන කරන බඩුවගයක් ගන්න තිබ්බා....
අපි ඒ ටික ගන්න ආවා.......
නංගිට
ඇවිදලා ඇවිදලාම මහන්සියි වගේ නිසා කූල් ඩ්‍රින්ක් එකක් බොන්න මෙතන නතර උනේ......

එහෙනම් අපි ගිහින් එන්නම් සමාදී........ පරිස්සමින් ඉන්න.......

යැයි කියූ ඔහු අසල තිබු තරමක්‌ මිල අදික මෝටර් රථයක දොර හරිමින් එම ලස්සන යුවතියව අසුන් ගන්වා අනෙක් පසින් පැමිණ රියදුරු ඇසුනට බර උනේ... සමාදීගේ වේදනාබර දෙනෙත් දෙසම තම දෙනෙත් රදවා ගනිමිනුයි.

වර්ෂයක ම කාලයක් ඔහුගේ උණුසුම ආදරය වින්ද සමාදී ඒ දෙකොපුල් උණුසුමේන් තමන් සැනසුණ අයුරු සිහිපත් කරමින් හුල්ල හුල්ලම නිවස කරා ඇදුනේ....... ප්‍රේමය කියන්නේම මුලාවක් බව සිතමිනුයි. ඇත්තටම ආදරය කලානම් මේනකට පුළුවන් වෙයිද මේ වගේ පොඩි කාලයක් තුල මාව අමතක කරලා තවත් කෙනෙකු සමග විවාහ වෙලා සතුටින් පව්ල් ජිවිතයක් ගෙවන්න......

තම සිතුවිලි අතරම අතරමන්ව වේදනාවෙන් මිරිකෙමින් නිවසට ගිය සමාදී මේනකට දුන්න ආදරය වෙනකෙනෙකුට නොදී ඉන්න ත් තම පව්ල වෙනුවෙන් ම මුළු ජිවිත කාලයම කැප කිරීමටත් සිතා ගත්තේ.......

ඔහු කල ක්‍රියාව ඔහුගේ පැත්තෙන් සදාරණ යැයි තීරණය කරමිනි.

ආරම්බ කිරීමට සුදුසු ව්‍යාපාර රාසියක් ම තම හිසෙහි තිබුනත් ඇයට අවශ්‍ය කලේම කඩාවැටුන තම ජිවිත වලට ප්‍රබල ශක්තියක් ගෙන ආ හැකි නව ව්‍යාපාරයකට අඩිතාලම දැමීමටයි. ඒ හේතුව නිසාම වර්ෂගනන් අනුන්ගේ බිල්ඩින් වලට කුලී ගෙව ගෙව ධනය දිය කරනවට වඩා හොදම දේ තමා සතු ස්ථානයකින් හොදම ව්‍යාපාරයකට යොමු වීම බව තීරණය කලේය.

පියාගේ සහ මවගේ විශ්‍රාම වැටුපෙන් ඉතිරි කරගත් මුදලෙන් සහ මවගේ වශ්‍රාම වැටුප ඇපයට තබා ලබාගත් නය මුදලකින් තමන් පදිංචිව සිටී නිවසේ ඉඩමේම පසෙකින් හොටෙල් එකක් ඉදිකරන්නට වුයේ වර්ෂයකටත් වඩා අඩු කාල සීමාවකින් සමාදීගේ සියළුම සිහින මල් පලගන්වමිනුයි .

සෙනෙහසේ නවාතැන නමින් නේවාසික පහසුකන් ද සමගින් විවිධ ප්‍රියසම්බාසන පැවැත්වීමටද අවස්ථාව සලසවමින් හොටෙල් එකක් ආරම්බ කලේ දැඩි කරදර බාදක රසියකටද මුහුණ දෙමිණි.

ඒ අතර තුර කාලයේදී තම අක්කව රුපලාවන්න්‍ය පාඨමාලාවකට යොමුකොට ඇයට මනාලියන් හැඩ ගැන්වීම සහ සියළුම රූපලාවන්න්‍ය කටයුතු සම්බන්දව පුහුණුවක් ලබා දීමට කටයුතු කලේ තම ව්‍යාපාර කටයුතු වල ඉදිරිපැවැත්ම සදහාය.

පුරා වසර තුනක් පුරාවටම ලෝකයට බයේ හැංගි හැංගි ජිවත් උන තම වැඩිමල් සහෝදරියට ආත්ම ශක්තිය ගොඩ නගාගෙන ජිවත් වීමට අවශ්‍ය කරන මෝටිවේෂන් ද ලබා දෙමින් බාල සහෝදරියන් දෙදෙනට දෙවන මවක් මෙවින් වැඩිමහල් සහෝදරියගේ දරුවට ආදරනීය සුළු මව වෙමින් තම මවටද මවක් වෙමින් මුළු ලෝකයක් එක්ක උනත් තරග කල හැකි තරමේ ආත්ම ශක්තියකින් පරිපුර්ණ වෙමින් කඩා වැටුන තම ජීවිතය මෙන්ම තම පව්ලේ අයවලුන්ගේද ජිවිතද කල එලිකරගැනීමට හැකි වුයේ සමාදීගේ ඉවසීම දරාගැනීම කැපවීම නොපසුබට උත්සහය මතමය.

අතුපතර විහිදුවමින් නැග එන්නා වූ මහා වෘක්ෂයක් මෙන් ම දිනෙන් දින දියුණු වන තම ව්‍යාපාරය දෙස සමාධි , බලා ඉන්න වූයේ අපමණ ප්‍රීතියකින් යුක්තවය.

බාල සහෝදරියන් දෙදෙනාගේ පාසලේ තිබූ වාර්ෂික අවසාන විවිධප්‍රසංගය වෙනුවෙන් සහභාගිවීම සඳහා තම මව සමඟ සුදානම් ව මිදුලට බහිනවාත් සමගින්ම නිවසේ ඉදිරිපිට නතර වූ මෝටර් රථය දුටු ඇය ගැස්සී ගොස් මොහොතක් නතර වුයේ දෑස් දෙකද අදහාගත නොහැකිවය.

ප්‍රථමයෙන්ම රථයේ ඉදිරි දොරවල් දෙක විවර කරමින් බැස්සේ මේනක සහ පෙර දිනෙක ඔහු සමගම දුටු ප්‍රිය මනාප යුවතිය ය.

ඒත් සමගම පිටුපස අසුනින් තම මවගේ ම වයසේ පසුවන්නාක්‌ යැයි කිව හැකි පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක්‌ බැසගත්තේ වයස අව්රුදු තුනක පමන වයසැති දරුවෙකුද සමගිනි.

කුඩා පිරිමි දරුවෙකු වෙන ඔහු ඇය දුටු වනම ඉතාමත් ප්‍රිය මනාප ලෙස සිනාසුනේ

මේ එදා මේකනකගේ වයිෆ්ට හම්බවෙන්න හිටිය බබා වෙන්න ඇති යන සිතුවිල්ල ඇගේ හිතේ මතු වන්දිනුයි.

ඉතාමත් හුරතල් සුන්දර දරුවෙකු වන ඔහුව වඩාගන්න හිතුනත් එක සැනින්ම එම සිතුවිල්ල මැඩ ගත්තේ..... ඇයගේ අයිතිය වෙන කෙනෙකු වෙත ලැබුන වේදනාව මුළු හිතම දවා අලුකරන්නට වූ නිසාමය.

අපි මේ වෙලාවේ ආව එක කරදරයක්ද මන්දා.......

සිනාමුසු මුහුණින්ම එම තල තුනෑතී කාන්තාව ඇසුවේ හුරුපුරුදු අයුරින් තම මව සමග සිනාසෙමිණි.

ආ.... මේ අක්කලානේ....
එන්න අක්කේ.......
ඇවිත් වාඩිවෙන්න......

අපි මේ පොඩි දුවලගේ කොන්සර්ට් එකට යන්න කියලා ලෑස්ති උනේ......

මව සමගින් ඔව්න් බර කතාවකට වැටෙනකොටම සිදුවන කිසිවක් ගැන සිතාගත නොහැකි වූ ඇය මිදුලේ පසෙක ඇති අඹ ගස මුල බංකුව මත සිටී මේනකව සොයා ගියේ...... එකපිට එකපිට කරදර බාදකම ඇදී ආව තම ජිවිතයට මීලගට පත්තුවෙන්න හදන බෝම්බය කුමක්ද යන්න දැනගැනීම සදහාය.

මේනක.......

ඇය කතා කලේ හිත ඇතුලේ පොර බදින සිතුවිලී සමග මහා සටනක නියැලෙමිණි.

ඔව් කියන්න.... සමාදී.... ඔහු පිළිතුරු දුන්නේ නිහඩවම ඇගේ දෙනෙත් තම දෙනෙත් වලට හිරකරගැනීමට උත්සහයක් ද ගනිමිණි.

මට කියනවද මෙතන වෙන්නේ මොකද්ද කියලා.......

රත්පැහැයෙන් දිස්නෙ දිදී තිබු අඹ දල්ලක් කඩාගනිමින් ඇය ඇසුවේ..... මේනක දෙස තියුණු බැල්මක් හෙලමිනුයි.

මගේ වෙඩින්ග් එක ගැන කතා කරගන්න ආවේ...... ඇගේ ගෑවි නොගෑවී ඔහු දුන්න පිළිතුරට සමාදීගේ දෑස් ගැස්සුනේ එකවරමය.....

ඔයා මට විහිළු කරනවද මේනක..... ඇය ඇසුවේ උපහාසත්මක හඩිනි.

ඇයි මම ඔයාට විහිළු කරන්නේ සමාදී.....

මේක විහිළුවක් නෙවෙයි....... මම කිව්වේ ඇත්ත.......
ඔහු කියත් ම හිස දෙපසට සෙලවූ ඇය ඉවත බලාගත්තේ.... මොන හතර බීරි කථාවක් ද මේක සිතමිනුයි.

දරුවෙකුත් හැදුවට පස්සෙද වෙඩින්ග් ගන්න හිතුනේ..... ඇය ඇසුවේ සිහින් හඩින් තම දෑත මත ඇති අඹ දල්ල පොඩි කරනා ගමන් ය.

ළමයි...... කියමින් මහා හයියෙන් සිනාසුන ඔහු.....

මම දන්නවා ඔයා මගේ ගැන වැරදී වැටහීමක ඉන්නෙ.....

ඒ මගේ එකකුසේපන් නංගි ඔයා කලින් එයාව දැකලා නොතිබ්බ නිසා ඔයාට ඒ ගැන මතකයට එන්න නැතිව ඇති.

නංගි බැදල මාස තුනෙන් මස්සිනා රට ගියා ඉතින් එයාගේ සියළුම ගමන් බිමන් යන්න උනේ මගෙත් එක්ක.......

එදා ඩිල්වරී එකට හොස්පිටල් යන්න අවශ්‍ය කරන බඩු වගයක් ගන්න යනකොට තමයි ඔයාව මුණ ගැහුනේ...... ඔහු කියන් යත්ම ඇයට ඇයගැනම ඇති උනේ මහා කල කිරීමකි.
කිසිම දෙයක් ගැන හරි හැටි සොයා නොබලමින් කොයිතරම් නම් වේදනා වින්දද.....

අනේ මට සමාවෙන්න මේනක...... ඇය කීවේ නෙත්කෙවෙනි රිදුම් කකා පහලට ඇදෙන කදුළු කැටි අතරින්ම ඔහුගේ දෑතම තදින් අල්ලා ගනිමිනුයි.

ඒකට කමන්නේ නෑ සමාදී ඔයාගේ හිතේ මන්ගැන විස්වාසයක් නොතිබ්බට මට දුන්න ආදරය කිසිම අඩුවක් කලේ නෑනේ.... ඒ හොදටෝම ඇති.....

ඔයාගේ තාත්තා අපි දෙන්නගේ ශම්බන්දය නතර කරන්න කියලා ගෙදරටම ඇවිත් මට තර්ජනය කරලා අම්මටයි තාත්තාටයි බැනලා ගියාම මම රට ගියේ ඔයාව අමතක කරන්න තරම් ශක්තියක් නොතිබ්බ නිසා.....

නංගිගේ වෙඩින්ග් එකට ආපහු ලංකාවට ආවම මම දැනගත්ත ඔයාට ප්‍රශ්න ගොඩකට මුණ දෙන්න උනා කියලා.....

එදාම ඔයාගේ අම්මත් එක්ක ඇවිත් කතා කලාම එයා මගෙන් පොඩි ඉල්ලීමක් කලා.... ඒ ඉල්ලීම නිසාම මට ටික කාලයක් ඔයාගෙන් දුරස්වෙලා ඉන්න උනාට පුළුවන් හැමවෙලේම ඔයාගේ අම්මා මට කතා කරලා ඔයා ගැන හැමදේම කියනවා........

බිස්නස් පස්සෙම දුවන ඔයත් එක්ක අම්මා කවමදාවත් විවාහයක්‌ ගැන කතානොකරන්න හේතුව....... වෙන මොකුත් නෙවෙයි ඒකට එකම හේතුව මම සමාදී......

දන්නවද........

ඔයාගේ අම්මා එදා මගෙන් ඉල්ලුවේ මොකද්ද කියලා.........

ඔහු ඇසුවේ ඇගේ දෑස් වෙතම එබෙමිනුයි......

නෑ..... මොකද්ද මේනක....... අම්මා.... ඔයාගෙන් ඉල්ලුවේ මොකද්ද...... ඇගේ හඩෙහි තිබුනේ පුදුම තරම් නොසන්සුන්තාවයකි.

ඔයාගේ තාත්තා ඔයාලව හැදුවේ..... කිසිම සමාජීය ඇසුරක් ලබන්න නොදීලු සමාදී.....

යාලුවෙක් ආශ්‍රය කරන්න...... විනෝද ගමනක් යන්න..... පාටි එහෙකට යන්න කොටින්ම කියතොත් අහල පහල ගෙවල් වල ළමයි එක්කවත් සෙල්ලම් කරන්න යන්න නොදිලු.

ඔයාලගේ ඔලු ගෙඩි වලට පොත පතේ දැනුමම විතරක් පුරවලා රටේ පිළිගත්ත හොද රැකිරක්ෂා කරන වැදගත් ප්‍රබුපැලැන්තියේ අය බවට පත් කරන්න එයා පුදුම තරම් උත්සහ කලාට.
එයා අමතක කලා..... ඕනම ප්‍රශ්නයකට මුණ දෙන්න ආත්ම ශක්තිය ඇති කරන්න අනිවාර්යෙන් ම ඔයාලට සමාජ ආශ්‍රය ඕන කියන එක..

මොකද හැමදාම ළමයි අම්මා තාත්තගේ අතේම එල්ලිලා ඉන්නෙ නෑ...... දවසක ඒ දරුවෝ තනියම සමාජයට යන්න ඕන..... මේ සමාජය හරි විශකුරුයි.... ජිවිත ආලෝකමත් කරවන දේට වඩා තියෙන්නෙම ජිවිත විනාශකරන දේවල්.....
ඉතින් පුංචි කාලේ ඉදන් හරි වැරැද්ද මොකද්ද කියලා තනියම තේරුම් ගන්න එයාලට මාර්ගය හදලා දෙන්න ඕන දෙමව් පියෝ.......කුඩා කාලයේ ඉදන්ම තනියම ජිවිතේට මුන දෙන තරමට ලොකු වෙන්න වෙන්න එයාලා පරිනත වෙනවා.....
ඕනම අබියෝගයකට නොබියව මුණ දෙන්න තරම් එයාලගේ හිත්වලට ආත්ම විශ්වාශය ඇතිවෙනවා........ ආත්ම විශ්වාසයක් නැති මනුස්සයන්ගේ කිසිම පෞරුෂත්ව වර්ධනයක් සිද්ධ වෙන්නේ නෑ සමාදී.....

එහෙම උනාම උන්ට සමාජයේ ජිවත් වෙන්නේ කොහොමද කියන එක හිතාගන්න වත් බෑ......

කොහොමද මනුස්සයෙක් එක්ක ගණුදෙනු කරන්න ඕන කියන එක දන්නේ නෑ

ඔයාගේ අයියටයි අක්කටයි උනෙත් ඒකමයි සමාදී......
එයාලගේ ඔලු පොත පතේ දැනුමෙන් පිරුණට සමාජීය දැනුමෙන් පිරුණේ නෑ.....
ආත්ම විශ්වාසය ගොඩනැගුනේ නෑ.......
හරි වැරැද්ද තේරුන් ගන්න දන්නේ නෑ..... මිනිස්සු අදුනගන්න දන්නේ නෑ. ඇත්ත බොරුව වෙන් කරලා අදුන ගන්න තේරෙන්නේ නෑ...
ඒක නිසාම ඔයාගේ අක්කට දරුවෙක් එක්ක අනාතවෙන්න උනා.......

ජිවිතේ ට එල්ල වෙන අබියෝග ජයගන්න මොළය වෙහෙසන්නේ කොහොමද කියලා නොදන්න නිසාමත් ඒ ප්‍රශ්නවලට මුණ දෙන්න තරම් ආත්ම ශක්තියක්‌ නොතිබ්බ නිසාමත් අවාසනාවන්ත විදිහට ඔයාගේ අයියා එදා එයාගේ ජිවිතෙන් වන්දි ගෙව්වා.....

ඒකේ ප්‍රතිපලයක් විදිහට ඔයාගේ තාත්තටත් අකාලයේ ඔයාලා දාලා යන්න උනා........ ඒ වෙච්ච දේවල් එක්ක ඔයාගේ අම්මට ඕන කලේ නෑ ඔයාවත් නංගිලා දෙන්නවත් ඒ වගේ ජිවිතේට බයේ හැන්ගෙනවා බලන්න....

අවාසනාවන්ත විදිහට අම්මා උනත් ඒ දේ තේරුන් ගන්නකොට ජිවිත තුනක් නිකරුනේ විනාශවෙලා ඉවරයි.......

ඒත් අම්මා මගෙන් දෙයක් ඉල්ලුවා....

අඩුම තරමේ ඔයාවත් ආත්මවිශ්වාසයකින් කොන්ද කෙලින් තියාගෙන මේ තරග කාරී සමාජය තුල ජිවිතේ ජයගන්න විදිහ ඉගෙනගන්නවට.

එදිනෙදා මතුවන ප්‍රශ්න ගැටළු එක්ක ගැටිලා පිළිතුරු හොයනවට.......

මොකද ඔයාලට හැමදාම හරි වැරැද්ද පෙන්නලා දෙන්න එයාට උනත් ඉන්න බැරි නිසා......

ආවොත් දවසක යන්න වෙනවාමනේ සමාදී.....

ඔයාව දැකලා ඔයාගේ ශක්තිය දැකලා ඔයාගේ නංගිලා දෙන්නා උනත් එයාලගේ ජිවිතවලට මෝටිවේෂන් එකක් ගනියි කියලා එයා බලාපොරොත්තු උනා සමාදී........

ඒක නිසාම එයා ඔයාට නිදහසේ ජිවිතේ ජයගන්න සටන්කරන්න ඉඩ ඇරියා.....

ඒකෙ ප්‍රතිපල අද එයා සැබෑවින්ම අත් විදිනවා සමාදී....

පුදුම තරම් සතුටකින්......

එයාගේ දුව අද යකඩ ගෑනියෙක් විදිහට ලෝකය දිනලා ඉන්න හැටි දැකලා එයා සැනසෙන තරම් ඒ වචන වලින් මගේ කන්පුරවලා තියෙන්නෙ සමාදී.....

මම ගොඩාක් ආඩම්බර වෙනවා ඔයා වගේ ශක්තිමත් දිරිය කතක්‌ මගේ අනාගත සහකාරිය වෙන එක ගැන..... මේනක කියන්න වුයේ ඇගේ දෑස් තුලම ගිලෙමෙනි.

අනේ.... මේනක...... මොනවද ඔයා මේ කියන්නේ...... මේ වචන මගේ හිතට බර වැඩියි දෙයියනේ...... ඇය ඉකිලන්න වුයේ ඒ පපුවටම හිරවෙමිනුයි.

මේ අහන්න මැණික...... මේ ඔයාගේ තාත්තට මග හැරුන..... හැබැයි ඔයාගේ අම්මා අදුන ගත්ත.... සැබෑ යථාර්තය පැටියෝ....... අපි දරුවන්ට ආදරෙයි කියලා කරන සමහර දේවල් එයාලගේ මුළු ජිවුතේම විනාශ කරන්න පුළුවන්.......

එදාම මම ඇවිත් ඔයාගේ අත ගත්තනම්..... ඔයා තුලින් මැවිච්ච ඒ යකඩ ගැහැණිය අද මගේ ලග නැතිවෙන්න පුළුවන්......

ඔයා ඔයාගේ අක්කට දුන්න ශක්තිය එදාමම ඔයාලග නතර උනානම් අද එයාට නොලැබෙන්න තිබ්බා

එහෙම උනානම් අපට තවත් අවාසනාවන්ත මරණ දෙකක් හෝ එකක් දකින්න ඉඩ තිබ්බා.....

නමුත් ඔයාගෙන් එයාට ලැබුන මොටිවේෂන් එක නිසා බලන්න අද එයා තනියම දරුවෙකුත් හදාන සමාජයෙන් වචනයක් නාහ ජිවත් වෙන විදිහ.

බලන්න ඔයාගේ නංගිලා දෙන්නා අක්කට අයියට වඩා සාපේක්ෂව කොයිතරම් වෙනස්ද......

අද එයාලා මුළු මහත්සමාජයක් ඉදිරියේ වේදිකාවක්‌ උඩ එයාලගේ දක්ෂතාවයන් ලෝකයට පෙන්නන්න සබකෝලය මග හරවන් ඉදරිපත් වෙලා ඉන්නෙ.... ඔයාගෙන් ලැබුන මොටිවේෂන් එක නිසා..... මට එයාලගේ ජිවිත ගැන හරි පැහැදිලි දැක්මක් තියෙනවා මැණිකේ........

ඉතින් අද ඔයාගේ අම්මා ඔයා නිසා ලබන ආත්මතෘප්තිය කොයිතරම්ද කියනවනම්...... ඒක වචනෙන් විස්තර කරන්න බෑ මැණිකේ.......

එදා මගේ ලග ආදරේ විදිමින් හිටපු පුංචි කෙල්ල මේ ගෙව්න අව්රුදු පහේ පුංචිම කාලය තුල සේවකයෝ 30දෙනෙක් යොදවන් හොටෙල් ශේස්ත්‍රයේ ඉහලටම ආව ව්‍යාපාරිකාවක් ඉතින් ඒක සුළු පටු දෙයක් ද මැණිකේ........

ඔහු ඇසුවේ කදුළු වලින් තෙත් වූ ඇගේ කම්මුල් තම දෝතටම සිර කරගන්නාගමන්ය.

වයස අව්රුදු 18ක්‌ වැනි පුංචි වයසක සිටී ඇය කඩා වැටීම් අහිමිවීම් දහසක් මැද්දේ දරුවෙකු සමග අනාත වූ තම වැඩිමල් සහෝදරියටත් ඇයගේ නුපන් දරුවටත් දරු හතර දෙනෙක් සමග වැන්දබුවක වූ එකම පුතනුවන් අහිමි වූ දයාබර මවට ත් තවමත් කෙලි දොල් වයසේ පසුවන බාල සහෝදරියන් දෙදෙනාටත් කිසිදු අඩුවක් පාඩුවක් නොදැනෙන්න වග බලාගනිමින් නොපසු බට උත්සහයෙන් නොයෙක් බාදක මැද තම අරමුණු කරා හබා ගිය දිරිය යුවතියක ලෙස ලොවක් ජයගෙන තම ප්‍රේමයද ජයගන්න පුළුවන් උන එකම හේතුව තම ආත්ම විශ්වාසය සහ දරාගැනීමේ ශක්තිය වන්නේය.

තම මවගේත් සහෝදරියන්ගේත් ආශිර්වාදයද සමග තුන්මසක් වැනි කෙටි කාලයකින් මේනක ගේ පතිනිය ලෙස කිරුළු පැලදුවේ හෝටල් ශ්‍රේසත්‍රය තුල දැවැන්ත පෙරලියක් කරමින් තම නාමය ඉහලට ඔසවා තබමිනුයි.

තම වැඩිමල් සොයුරියව දරුවෙකු සමග අනාත කර දමා ගිය දැනට නීතිඥවරයෙකු ලෙස සේවය කරන ලද පුද්ගලයව සොයාගොසින් ඔහු අතින් ඇයට වෙච්ච අසාදාරණය පැහැදිලි කොට දී දෙදෙනා සමග විවාහ ජිවිතයට එළබෙන්න සියලු කටයුතු සමාදී සහ මේනක එකතුව සිදු කලත්.....

එක්‌වරක් තමන්ව ප්‍රසතික්ෂේප වූ තැනක නැවත වතාවක් සතුට සොයන්න මම සුදානම් නැතැයි කියූ ඇය තම දියණිය සමග තනිව ජිවත් වෙන්න තිරණය කලේ...... ඒ තරමටම ඇගේ හිත තුළද තමන්කෙරෙහි විශ්වාසය ආත්ම ශක්තිය ගොඩ නැගී තිබු නිසාමය.

අද ඇය ලොවක් හදුනන සම්මාන ලාබී රුපලාවන්න්‍ය ශිල්පිණියක්වන්න ප්‍රදානතම හේතුව වන්නේද එයමය.

බාල සහෝදරියන් දෙදෙනා මේ වන විට විද්ද්‍යාඅංශයෙන් උසස් අද්ද්‍යාපනය හදාරමින් සිටින අතර ඔව්න්ගේ කැදැල්ල ඉතාමත් ප්‍රීතියෙන් පිරී ඉතිර යන්න වුයේ මෙතෙක් කලකට පිරිමියෙකුගේ හව්හරණක් නොමැතිව ගෙව් ජීවිතය මේනකගේ පැමිණිමත් සමග තව තවත් කල එලිවන්නට වූ නිසාය.

ඒ කෙසේ වෙතත් සිනහව අතරින්ම කලකට පෙර ඔව්න් අතරින් ඉතාමත් අවාසනාවන්ත ලෙස නික්ම ගිය සහෝදරයගේ සහ පියාගේ මතකය සිත් පෙලන්නට වුයේ කිසිදු දිනක සුව කල නොහැකි වේදනාවක් එම හිත්තුල තැන්පත්කරවමින් ය.

නිමි

කතෘ

චතු රත්වත්තේ

දරුවන්ට දරුවන් විදිහට ලෝකය දකින්න ඉඩ දෙන්න. ඔව්න්ට නිදහසේ සියල්ල අත්විදින්න ඉඩහැර ආදරයෙන් හරි වැරැද්ද තේරුන් කරලා දෙන්න. තම දරුවන්ව එඩිතර වීර දරුවන් කරනවද බියගුල්ලන් කරනවද තිරණය තියෙන්නෙ ඔබේ අතේ...

මොහොතක් සිතන්න. 👍

මම හරිද වැරදිද ඔබට හිතෙන දේත් කමෙන්ට් කරන් යන්න 👍

මතුසම්බන්දයි

⚠️කතෘ අවසරයකින් තොරව පිටපත් කර ගැනීම තහනම්

⚠️නිර්මාණ අයිතිය කතෘට පමණක් ඇති බැවින් එය විකුර්ති කොට හෝ වෙනස් කොට පල කිරීමද දඩුවම් ලැබිය හැකි වරදකි.

⚠️කතෘ අයිතිය ලබා දෙමින් සෙයා කිරීමට අවසර ඇත.

චතු රත්වත්තේ
නිර්මාණය කි 💞

#කෙටිකථාකියවන්නෝ #නවල්පිස්සෝ #නවකතාකියාවන්නෝ ゚viralシviralシfypシ゚viralシalシ #නවකතාවකි
#යකඩදෝලි #සිහිනසිත්තරාවි

19/06/2026

සමහර ගෑනු, 🖤👇

අනිවාර්යෙන් 😒👇
19/06/2026

අනිවාර්යෙන් 😒👇

18/06/2026

එකනම් හරිම ලස්සන ආදරණීය රොමැන්ටික් කතාවක් 🥰🥰

18/06/2026

මෙහම පින් සාර වෙඩින් එකක් නම් දැක්කමයි ❤️😍

Address

Pobox 3064
Matuguma

Alerts

Be the first to know and let us send you an email when 10 M Followers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to 10 M Followers:

Shortcuts

Share