08/09/2026
Prasannajith Abeysuriya Performance Studio සංවිධානය කරන , ප්රවීණ රංගන ශිල්පී, ජ්යේෂ්ඨ කථිකාචාර්ය ප්රසන්නජිත් අබේසූරිය මෙහෙයවන "වේදිකාව සහ කැමරාව සඳහා රංගනය" වැඩමුළු මාලාවේ 09 වන කණ්ඩායම සඳහා සහතික පත්ර ප්රදානය කිරීම සහ 10 වන කණ්ඩායම සඳහා සය මාසික පාඨමාලාව ආරම්භ කිරීම පසුගිය සැප්තැම්බර් 06 වන දින මත්තේගොඩ පිහිටි Prasannajith Abeysuriya Performance Studio ආයතනයේදී ක්ෂේත්රයේ ප්රවීණයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීය.
මෙහිදී 09 වන කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද කෙටි නාට්ය රංගයක් සහ ඔවුන් ගේ රංගනයෙන් සහ නිර්මාණ දායකත්වයෙන් නිමැවුණු කෙටි චිත්රපටයක් එළි දැක්වීම ද සිදු වීය.
මෙම අවස්තාව සඳහා අප සමඟ සම්බන්ධ වූ මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, ප්රවීණ ටෙලි නාට්ය අධ්යක්ෂ ජයප්රකාශ් ශිවගුරුනාදන්, ප්රවීණ රංගන ශිල්පිනී චාන්දනී සෙනෙවිරත්න, ප්රවීණ රංගන ශිල්පිනී දමයන්ති ෆොන්සේකා, ප්රවීණ නාට්ය රචක, අධ්යක්ෂ චාලක රණසූරිය, ප්රවීණ රංගන ශිල්පී, පිටපත් රචක සමන්ත කුමාර ගමගේ, ප්රවීණ රංගන ශිල්පී එස්.අයි සමරක්කොඩි, ප්රවීණ රංගන ශිල්පී දේවින්ද වික්රමසිංහ, ප්රවීණ රංගන ශිල්පී කුසල් මධුරංග, ප්රවීණ රංගන ශිල්පී දමින්ද නන්දරතන, ප්රවීණ රංගන ශිල්පිනී තිලිණි ජයමාලි සහ රංගන ශිල්පිනී ශයනි භාග්යා යන මහත්ම මහත්මීන්ට අපගේ ගෞරවණීය ස්තූතිය පුද කර සිටිමු.
ප්රවීණයින් අතින් සහතික පත්ර ලබා ගැනිමත්, තම නිර්මාණ පිළිබඳ ඔවුන්ගෙන් ලද අදහස් සහ උපදෙස් මෙම පාඨමාලාව හදාරන අංකුර රංගන ශිල්පීන් ලද මහඟු අවස්තාවක් බව අපි විශ්වාස කරමු.
පාඨමාලාව සාර්ථකව අවසන් කළ 09 වන කණ්ඩායමටත්, 10 වන කණ්ඩායමට සම්බන්ධ වූ සියලු දෙනාටත් අනාගතයේ ශ්රී ලාකේය කලාව පෝෂණය කරන දක්ෂ රංගන ශීල්පීන් වීමට සුබ පැතුම් එක් කර සිටිමු.
ඔබත් එන්න.
ඉගෙන ගෙන රඟපාන්න - රඟපාල ඉගෙන ගන්න