22/01/2019
"ඔබ වෙනුවෙන් අපි" දෙවන සත්කාරය දිග හැරෙන්නේ වචනයේ පරිසමාප්තියෙන්ම
ජීවත්වීමේ අපේක්ෂාව පෙරදැරිකරගත් මිනිසුන් කොට්ටාශයක් තම ජීව්ත්වීමේ අයිතිය හා සටන් වැද සිටින මහරගම "අපේක්ෂා" රෝහල් පරිශ්‍රයෙනි.
පිපෙන්නට පෙර අකාලයේ මිලින වන්නට යන මල් කැකුළු බොහොමයකට පිපෙන්නට වරම් ලබාදෙන දෙවු මිනිසුන් පිරි මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු සංකීර්ණය අපගේ දෙවන සත්කාරයේ නවාතැනයි.
2019-01-20 වන දින උදෑසන වන විට පිපෙන්නට වෙර දරන මල් කැකුළු 150කට අධික පිරිසක් තම ජීවත්වීමේ අයිතිය හා සටන් වදිමින් තම ජයග්‍රහණය අපේක්ෂාවෙන් පෙරමග බලා සිටින්නේ තම පරාජය සිතින් අමතක කරන්නට වෙර දරමිනි. ඔවුන්ගේ සිත් තුල ඇති මානසික පීඩනය සුලු මොහොතකට හෝ අමතක කර අප විසින් ලබා දුන් පුන්චි තෑග්ගකට ඔවුන්ගේ මුවගට සිනා රැල්ලක් එක් කිරීමට හැකි වීම අප ලද මහගු බාග්‍යයකි. ඒ පුන්චි හිනාව ඔවුන්ගේ ජීවිත සටන ජය ගන්න මහත් රුකුලක් වනවාටනම් කිසිදු සැකයක් නැත.
ලැබුනු තෑගි තුරුල් කරගෙන ආසාවෙන් ඒ දිහා බලාගෙන ඉන්න, හයක් හතරක් නොදන්න පුන්චි පැටවු දිහා බලාගෙන අපේ හිත් කදුළු අතරින් හිනාවෙන්න වෙර දරනවා. ඒ පැටවුන්ගේ මුහුණේ තියන හිනාව දකින ඒ පැටවුන්ගෙ අම්ම තාත්තා ඒ හිනාව ගෙනාපු අපිට හද පතුලෙන්ම පින් දෙනවා.
"ඔබ වෙනුවෙන් අපි" නිර්මාණය වූයේ අපට හැකි පමණින් අපට වඩා අසරණ වූවන් හට ශක්තියක් වන්ටය. වචනයේ පරිසමාප්තියෙන්ම සරණක් අවැසිව සිටින මේ පිරිසෙහි මුවගට සිනහවක් නැංවීමට හැකි වීම අපගේ උත්සාහය මල් පල ගැන්වීමකි.
ඒ පුන්චි පැටවුන්ගේ දෙමවුපියන්ගේ මුහුණේ කියාපාන අසරණකම හිතට ගෙනෙන්නේ මහත් වේදනාවකි. ඔවුනට එය කියා ගන්නට වචන නැති තරම්ය. සමහරෙක් අන්ත අසරණ වී අඩියටම වැටී ඇත. තම පුන්චි පැටියාගේ ජීවිතය වෙනුවෙන් සියලු දේ යට කර හමාරය. ඔවුනට ඇත්තේ අපගේ සරණ පමණකි. ඔබට දිය හැකි පුන්චි දෙයක් ඔවුන්ට මහ මෙරක් වන්නට හැකිය.
ඒ ගෙවුනු හෝරා කිහිපයේ සිතට දැනුන දේ අනන්තය. සමහරෙක් මේ වන විටත් තම පරාජය භාරගෙන හමාරය. තවත් සමහරෙක් දිනන තෙක් සටන අත් හැරීමට සූදානම් නැත. තවත් සමහරෙක් තම ජීවිත සටන ජයගෙන හමාරය. තවකෙක් තාවකාලික වසර කිහිපයක ජීවිත අයිතිය ලබාගෙනය. එය කෙසේ උවත් අපගේ ඒකායන ප්‍රාර්තනය ඔවුන් සියලු දෙනා අකාලයේ මිලින නොවී රටට දැයට වැඩදායක පුද්ගලයකු වීමට එම ජීවිත සටන ජයගතයුතු බවයි.
එමෙන්ම අපගේ අනාගත පැතුම මෙවන් අකල් මරනයන්ට ගොදුරුවන රෝගී තත්ත්ව මිනිසකුට තබා සතා සීපාවෙකුටවත් නොවැලදෙන්න යන්නයි.
"ඔබ වෙනුවෙන් අපි" දෙවන පියවර සාර්ථක කර ගැනීමට තමාට හැකි පමණ මුදලින්, ක්‍රියාවෙන් දායක වූ සාමාජිකයන්ටත්, අපගේ කර්තව්‍යයට තමාට හැකි පමණ සුලුවෙන් හෝ දායක මුදල් හා භාණ්ඩ ලබා දී අපව දිරිමත් කල අන් පිරිසටත්, අපගේ හද පිරි ප්‍රනාමය පුද කරමු.
අවසාන වශයෙන්, අකාලයේ මිලින වන්නට යන මල් කැකුළු පර වන්නට නොදී පිපෙන්නට දිරි දෙන රෝහල් කාර්යය මණ්ඩලයට අපගේ හද පිරි ප්‍රණාමය පුද කරමු.