3VL හිත

3VL හිත හොදට හදපු ඔබේ රථය රටට ‌පෙන්න ‌මේ ත්‍රිවීල් කලාවේ පාරාදීසයයි.

19/06/2024
සියලුම තුන් රෝද රත යහලුවන්ට. ඔබ වාහනයක් මිලදී ගන්නේනම් ලීස් එකක් දානවනම් අනිවාර්යයෙන් අදාල මුල්‍ය ආයතනයෙන් වාර්ෂික පොලිය...
05/06/2024

සියලුම තුන් රෝද රත යහලුවන්ට. ඔබ වාහනයක් මිලදී ගන්නේනම් ලීස් එකක් දානවනම් අනිවාර්යයෙන් අදාල මුල්‍ය ආයතනයෙන් වාර්ෂික පොලිය පිළිබඳ විමසන්න. ඔවුන් ඔබට කියාවි අඩුම පොළී මුදල අපේ කියලා . ලංකාවේ සියලුම මුල්‍ය ආයතන ඔබට කියාවි 15% 16%18% වගේ ගණන්. එහෙත් ඇත්තටම සියලුම මුල්‍ය ආයතන වල පොළී මුදල මේ වනවිට 30% ක්. ඔබ අමාරුවේ වැටීමට ප්‍රථම මේ ගැන දැනුවත් වන්න. සියලුම ස්මාර්ට් දුරකථන වලින් ලෝන් ගණනය කල හැකි ඇප් ඇත . ඒවා බාගත කරගන්න. පැය 24න් ලීසිං දෙන ගැටවලට හසු නොවන්න. ලංකාවේ සමහර බැංකු ත්‍රිරෝද සහ bike වලට මුල්‍ය පහසුකම් නොදුන්නත් ඉතා කුඩා බැංකු සංකයාවක් එම පහසුකම් සලසනවා. බොහෝවිට එවායේ පොළී මුදල 20% 22% අතර තමා තියෙන්නේ . අද්දැකීමෙන් මෙය ලියන්නෙ . ඔබ ඉතා අමාරුවෙන් උපයාගන්නා මුදල් ආරක්ෂා කරගන්න. දැනුවත් වන්න . සැමදෙනා දැනුවත් කරන්න.තවද රක්ෂණය R.M.V ගාස්තු ඔවුන් ගෙවන බව පැවසුත් ඇත්ත වශයෙන්ම ඒ සඳහා ඔබගෙන් ඒ වගේ තුන් හතර ගුණයක මුදලක් අයකරගනු ලබයි.ලංකාවේ අංක එකේ මුල්‍ය සමාගක පමණක් අත්දැකීම ගැන සඳහන් කරමින් මෙය අවසන් කරන්නම් 😄 මා ඔවුන්ට පැවසුවේ මා හට රු.750000/ක මුදලක් අවශ්‍ය බවයි.ඒ සඳහා ඔව්න්ගේ පොලිය 15% ක් බව අවුරුදු 4ක් සඳහා මාසික වාරිකය 25600ක් පමණ වන බව දන්වන ලදී.ඉන්පසු මා වෙනත් (බැංකුවක)ඒ මුදලට වාරිකය 22400ක් පමණි .පොළී මුදල 22%.සසඳා බලන්න වසර 4ට කොපමණ මුදලක් ඔවුන් ඔබගෙන් නීත්‍යානුකූලව පැහැර ගන්නවාද කියා.......😲😲 ඔබගේ මිතුරන් දැනුවත් කරන්න ... මෙය බෙදා හරින්න...

උපුටා ගැනීම - Wasantha kumara

Trending three wheel websites to check out
04/05/2024

Trending three wheel websites to check out

QA Bajaj three wheeler මුලු මුදල 6/70 අතින් ලක්ශ 2 /(මිගොඩ) බස්නාහිර පලාත පිනැස් පහසුකම් සපයනු ලැබේ. ..

18/04/2024

වාහනයක දෙවනි පොතක් හදාගන්න විදිය, එහෙම නැත්තම් dublicate book එකක් හදාගන්න විදිය මං අද ඔයාලට කියලා දෙන්නම් සරලවම..

*පොත නැතිවෙලානම්
*පොතට හානිවෙලානම්(ඉරිලා,පෙගිලා,දිරලා)
*ගමේ මුදලාලියා ළඟ උකස් කරලා ගන්න ගියාම ගිනිගනන් කියනවානම්

(රජයේ ලියාපදිංචි ෆිනෑන්ස් තියන වාහන වලට බෑ,ගොඩ ෆිනෑස් අවුලක් නෑ)

✋පොත ඔයාගේ නමට නැති උනාට ගැටලුවක් නෑ,හැබැයි පොත තැපෑලෙන් යන්නේ ලියාපදිංචි අයිතිකරුට

මේවගෙන් ඕන එකක් වෙලා පොත නැත්තම් ඔයාට පුලුවන් පොත හදාගෙන වාහනේ පාවිච්චියට ගන්න.

1.මුලින්ම කරන්න ඕනේ ලගම ඔයාගේ වසමේ පොලිස්සියේ පැමිණිල්ලක් දාන එක,පොත නැති උනා කියලා,(පැමිණිල්ලේ කොපියක් ඔයා ගන්න)

2.ෆිනෑන්ස් තිබිලා ඉවරවුන එකක් නම් ,ඔයාගේ ළඟ තියෙන්න ඕනේ ,ෆිනෑන්ස් ඉවරයි කියලා ඒ ආයතනයෙන් දීපු ලියුම.

ආ ඒ නැති උනා කියලා දුක් වෙන්න එපා..වාහනේ නම්බර් එක කිව්වම ෆිනෑන්ස් එකෙන් ආයෙම ලියුමක් දෙනවා,හැබැයි පොඩි ගානක් දෙන්න ඕනේ ,1000/= 1500/= වගේ

03.පොලිස් පැමිණිල්ලයි,ලීසින් එකේ ලියුමයි,අයිතිකරුගේ අයිඩින්ටි කොපියයි අරගෙන යන්න දැන් කච්චේරියට..(MTV)

පොතේ කොපිය සහ පරණ ආදායම් බලපත්‍රයක් තිබීම ඉතාම වැදගත්

04. එතනින් දෙවනි පොත ගන්න ෆෝම් එක ඉල්ලගන්න.(සල්ලිගන්නේ නෑ )

ඒක පුරවන්න ,හරිම ලේසී තනි කොලයි

05.දැන් යන්න අදාල අංශයට කච්චේරියේ..එතනට බාර දුන්නාම
අඩුපාඩු බලලා, අඩුපාඩු නැත්තම් ඔයාට ෆෝම් එකක් දෙනවා..

06.දැන් ඔයා ඒ ෆෝම් එකයි, ඔයාගේ වාහනෙයි අරන් ලගම හෝ ඕනම(RMV) කච්චේරියකට යන්න ඕනේ..
✋කෝල් කරලා දිනයක් වෙලාවක් බුක් කරගෙන යන්න✋

07.එතනදී රජයේ වාහන පරීක්ෂක මහතෙක් ඔයාගේ වාහනේ චැසි අංකය ,එංජින් අංකය බලනවා,

සුලු මුදලක් ගෙවන්න ඕනේ

ඒවා කොටලා වංගු දාලා නම් මෙතනින් එහාට යන්න බෑ..(යන විදියක් ඕයාට හිතන්න වෙනවා)

ඒ වගේම මෙතනදී සිස්ටම් එකෙන් බලනවා,පොතට වෙන වාහන දුවනවද කියලා

අවුලක් නැත්තම් එතුමා අත්සන් කරලා ඔයාට සීල් තියපු ලියුමක් දෙනවා,

08.ඒ ලියුමේ සීල් එක කඩන්නේ නැතුව
ඔයා ආයෙම කලින් තැනට ගෙනත් දෙන්න,( මුදලක් ගෙවන්න ඕනේ,අදාල වාහන අනුව )

දැන් ගෙදර යන්න🙂

මාස තුනක් ඇතුල ඔයාට පොත එනවා ගෙදරටම..(ලියාපදිංචි අයිතිකරුට )

සාමාන්‍ය පොතමයි,

(*විශේෂ කොන්දේසි duplicate)
කියලා තියනවා විතරයි

හිතට බයයි වගේනම් ආයෙම පොත හිතවත් කෙනෙකුගේ නමට ට්‍රාන්සර් කරන්න..

දැන් මොන ජගතෙකුටවත් බෑ හොරට ඔයාගේ පොතෙන් දුවන්න..

පොත නෑ කියලා වාහනේ කෑලි කරන්න එපා✋

වැදගත්වෙයි නම් share කරන්න..

Credit - Author Unknown

06/08/2023

විකිනීමට ඇති වීල් ඉක්මනට විකුණා ගන්න මේකට දාගෙන යන්න!

මේ දවස් වල රැකියාවක් සොයනවද?
30/07/2023

මේ දවස් වල රැකියාවක් සොයනවද?

"මේක දකින ඇඩ්මින් තුමාලගෙන් ඉල්ලන්නේ අනේ මචන් මේ පෝස්ට් එක පලකරල දෙන්න ඔබලට පිං පිං! මම පුද්ගලිකව දන්න හොදම යාලුවෙක්ගෙ ප...
21/07/2023

"මේක දකින ඇඩ්මින් තුමාලගෙන් ඉල්ලන්නේ අනේ මචන් මේ පෝස්ට් එක පලකරල දෙන්න ඔබලට පිං පිං! මම පුද්ගලිකව දන්න හොදම යාලුවෙක්ගෙ පලවෙනි පුතා! මේ වෙලාවෙ නොසෑහෙන්න අසරණ වෙලා ඉන්නෙ!"

මගේ දරුවගේ ජීවිතය බේරා ගන්න උදව් කරන්න......
මේ ඉන්නේ මගෙයි මහත්තයගෙයි පන.දහසක් බලාපොරොත්තු තියාගෙන ඉන්න වෙලාවක දරුවා ලෙඩ වුණේ හිතාගන්නවත් බැරි විදිහට.
පිත නාළවල හානි වීමක් වීමක් නිසා(Biliary atresia ) මේ වන විට අක්මාව හානි වෙලා.
පුතාගේ ජීවිතය බේරගන්න හැකි ඉක්මනට අක්මාවක් බද්ධ කරන්න ඕනි.
අපේ පුතාගේ ජීවිතය වෙනුවෙන් අපිට මේ වෙලාවේ කාරුණික ඔබ සැමගේ උදව් ඕන.පුතාට තවම මාස නවයයි.අනේ එයාට ජීවිතය දෙන්න අපිට ඔබේ සහයෝගය මහා ගොඩක් වටිනවා.
අපේ ගිණුම් අංකය සහ දුරකථන අංක පහත දක්වලා තියෙනවා.පුළුවන් හැමෝම මේ වෙනුවෙන් උදව්වක් කරන්න.හැමෝටම ගොඩක් පිං.

“අපිට ඡීවත් වෙන්න කියලා තිබ්බේ මෙච්චරයි. 🥹🙏 හයර් එකක් යමු කියලා ගල්කිස්ස ටෙම්පල් රෝඩ් එකේදී රෑ බෙල්ලට පිහියක් තියලා හොරු...
21/07/2023

“අපිට ඡීවත් වෙන්න කියලා තිබ්බේ මෙච්චරයි. 🥹🙏
හයර් එකක් යමු කියලා ගල්කිස්ස ටෙම්පල් රෝඩ් එකේදී රෑ බෙල්ලට පිහියක් තියලා හොරු දෙන්නෙක් අරන් ගියා. අනේ මේක හොයා ගන්න උදව් කරන්න පුලුවන් නම්, පිං සිද්ධ වෙයි.. අනේ තොරතුරක් දැනගත්තොත් දන්වන්න 0764026807 🙏🙏🙏 “
inbox msg එකක් 😞

17/07/2023

අද දවස කොහොමද? ඉමෝජියක් දාන්න😍

අමාරුවෙන් සල්ලි දීල ගන්න වාහනේ පරිස්සම් කරගන්න! 🙏
10/07/2023

අමාරුවෙන් සල්ලි දීල ගන්න වාහනේ පරිස්සම් කරගන්න! 🙏

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when 3VL හිත posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category