Cook with Kaushi

Cook with Kaushi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cook with Kaushi, Akuressa.

අවුරුද්දට ගෙදරට එන නෑදෑයොන්ට දෙන්න එළවලු රොටි ටිකක් හදමුද 😍එළවළු රොටි රෙසිපියඅවශ්‍ය අමුද්‍රව්‍ය:✅ පාන් පිටි ග්‍රෑම් 500ක...
16/04/2026

අවුරුද්දට ගෙදරට එන නෑදෑයොන්ට දෙන්න එළවලු රොටි ටිකක්
හදමුද 😍

එළවළු රොටි රෙසිපිය

අවශ්‍ය අමුද්‍රව්‍ය:

✅ පාන් පිටි ග්‍රෑම් 500ක්
✅ ලුණු ස්වල්පයක්
✅ පොල් තෙල් මේස හැඳි 2ක්
✅ මඳ රස්නය ඇති වතුර (අවශ්‍ය ප්‍රමාණයට)
✅ තම්බා පොඩි කරගත් අල ග්‍රෑම් 250ක්
✅ සිහින්ව ලියාගත් ලූනු, අමු මිරිස්, කරපිංචා
✅ කෑලි මිරිස් මේස හැඳි 2ක් සහ ගම්මිරිස් කුඩු තේ හැඳි 1ක්
✅ ලුණු සහ කහ කුඩු ස්වල්පයක්
✅ තෙල් මේස හැඳි 1ක් / බටර්
✅සැමන් (ඔයලාගේ රස අනුව තම්බපු මස් හෝ මාළු ගන්නත් පුලුවන්)
(ඔයලාට අවශ්‍ය නම් කැරට්, ගෝවා, ලුණු කොල වගේ දෙවල් එකතු කර ගන්නත් පුලුවන්. ඔයලාගේ රස අනුව)

සාදන ආකාරය:

✅ භාජනයකට පාන් පිටි, ලුණු සහ තෙල් දමා කලවම් කරන්න. එයට බටර් තේ හැදි 2 දමා හොදින් කවලම් කර ගන්න .එයට මඳ රස්නය ඇති වතුර ටිකෙන් ටික එකතු කරමින් අතේ නොඇලෙන මෘදු පිටි ගුලියක් සාදා ගන්න. මෙය තෙත රෙදිකඩකින් වසා අවම වශයෙන් පැයක්වත් තබන්න. (පිටි මෝලිය වැඩි වේලාවක් තිබීමෙන් රොටිය මෘදු වේ).

✅ තාච්චියකට තෙල් ස්වල්පයක් දමා රත් වූ පසු එයට අබ ඇට සල්පයක් එකතු කර සුදු ලුනු, ලූනු, අමු මිරිස්, කරපිංචා දමා බැදෙන්න හරින්න. පසු කෑලි මිරිස්, ගම්මිරිස්, කහ සහ ලුණු එකතු කරන්න. අවසානයට පොඩි කරගත් අල හා සැමන් එකතු කර හොඳින් කලවම් කර ලිපෙන් බා නිවෙන්න හරින්න.

✅ පදම් වූ පිටි මෝලියෙන් කුඩා බෝල සාදා ගන්න. ලෑල්ලක් මත තෙල් ස්වල්පයක් තවරා පිටි බෝලයක් ගෙන ඉතා තුනී වන සේ රවුමට පතුරවන්න.

✅ තුනී කරගත් රොටිය මැදින් එළවළු මිශ්‍රණයෙන් ස්වල්පයක් තබා, රොටියේ හතර පැත්තෙන් නවා ත්‍රිකෝණාකාර හෝ සමචතුරස්‍රාකාර හැඩයක් ලබා ගන්න.

✅ රොටි තැටියක් රත් කර එයට තෙල් ස්වල්පයක් තවරා, සාදාගත් රොටි මඳ ගින්දරේ දෙපැත්ත රන්වන් පැහැ වනතුරු පුච්ච ගන්න. රොටියේ පැති ද තැටිය මත තබා හොඳින් පිස ගැනීමට අමතක කරන්න එපා.

Secret Tips:

✅ පිටි අනාගත් පසු මතුපිට තෙල් ස්වල්පයක් තවරා වසා තැබීමෙන් රොටිය වේලෙන්නේ නැතිව ඉතා මෘදුවට ලබාගත හැකියි.

✅ අල ගොඩක් දියවන තෙක් තම්බන්න එපා. කෑලි සිටින සේ පොඩි කර ගැනීමෙන් පිරවුම වඩාත් රසවත් වේ.

✅ රොටි පුච්චන විට ගින්දර ඉතා අඩුවෙන් තබා ගන්න. එවිට රොටියේ ඇතුළත දක්වා හොඳින් තැම්බී මතුපිට කර නොවී ලස්සනට ලැබේ.

මේ වගේ තවත් රස කෑම හදන විදිහ දැන ගන්න මගේ පේජ් එක ෆලෝ කරලා තියා ගන්න ❤️

Cook with Kaushi 👩‍🍳🩷

14/04/2026
ලග ලග එන සිංහල අළුත් අවුරුද්දට Cook with Kaushi වෙතින් ඔබට.. 🩷 අවුරුදු කෑම මේසේට නැතුව බැරි රස කැවිලි වර්ග සහ කෑම වර්ග ඔ...
07/04/2026

ලග ලග එන සිංහල අළුත් අවුරුද්දට Cook with Kaushi වෙතින් ඔබට.. 🩷

අවුරුදු කෑම මේසේට නැතුව බැරි රස කැවිලි වර්ග සහ කෑම වර්ග ඔබට අපෙන් පහසු මිලට ඇනවුම් කීරිමට පුලුවන්..

♨️කොකිස්
♨️කැවුම්
♨️කළු දොදොල්
♨️කේක් වර්ග
♨️කිරි ටොෆි
♨️වැලිතලප
♨️මුං අතිරස
♨️නාරං කැවුම්
♨️මාළු ඇඹුල් තියල්
♨️හාල්මැස්සෝ රටකජු බැදුම
♨️සිංහල අච්චාරු
♨️මැලේ අච්චාරු
♨️චිලි ෆෙස්ට්

මේ ඕනැම කෑම වර්ගයකින් කැමති ප්‍රමාණයක් ඔබට අපෙන් මිලදි ගැනිමට හැකියාව පවති.
මාතර අවට ඕනැම ස්ථානයකට ඩිලිවරි පහසුකම්ද සහිතයි..

(අප්‍රේල් 10 පෙර ඔබ ඇනවුම් අප වෙත ලබා දෙන්න )

0712041003 ☎️
0712041003 whatsapp මගින් ඔබගේ ඇනවුම් අප වෙත ලබා දෙන්න.. ☎️

ඔබේ ඇනවුමත් ඉක්මනින් ලබා දෙන්න.. 🩷🫂0712041003 ☎️
07/04/2026

ඔබේ ඇනවුමත් ඉක්මනින් ලබා දෙන්න.. 🩷🫂

0712041003 ☎️

සිංහල හින්දු අළුත් අවුරුද්දට සුපිරි රස කැවිලි combo එකක්
ගෙනවා 😍

අලුත් අවුරුද්දට ලෑස්තිද ඉතින් 🥰 කැවිලි ගැන වද වෙන්න එපා. කැවිලි ගැන අපි බලා ගන්නම්.. 😌🩷

ඒ විතරක් නෙමෙයි. ඔයාලාට අවශ්‍ය ප්‍රමාණ වලින් කැමති විදියට වෙන වෙනමත් මේ කැවිලි වර්ග සකස් කරගන්න පුලුවන්.🤗

ඔයාලා මාතර , අකුරැස්ස, පිටබැද්දර , මොරවක , දෙනියාය , ඌරුබොක්ක , පස්ගොඩ අවට නම් අප්‍රේල් 10 වෙනිදා වෙනකල් ඕඩර් බාර ගන්නවා.
මාතර දිස්ත්‍රික්කයේ අවට නොවන ඕඩර්ස් අප්‍රේල් 7 වෙනකල් විතරයි බාර ගන්නේ.

ඔයාගේ ඕඩර් එකත් අදම අපි වෙත භාර දෙන්න 0712041003 නම්බර් එකෙන් whatsapp එක පැත්තට එන්න.. 🚛🎁
Cook with Kaushi messenger එක හරහාත් ඔබගේ ඇනවුම් ලබා දිමට හැකියාව පවති.. 📞
(ඩිලිවරි ගාස්තු අය කරනු ලැබේ)

fans

අදත් රසම රස කෑම පිගානක් අරන් ආවා.. 🩷😍           #      ゚
03/04/2026

අදත් රසම රස කෑම පිගානක් අරන් ආවා.. 🩷😍

# ゚

03/04/2026

අද තියෙන්නේ ඔයලා ආසම මෙනු එකක්.. 👩‍🍳😍

එන්නකෝ අද මාත් එක්ක රස කෑම පිගානක් හදමු.. 🩷🥰

මගේ විඩියෝ බලන, ලස්සන කමෙන්ට් දාන, ශෙයා කරන හැම කෙනෙකුටම ගොඩක් ස්තූතියි , ආදරෙයි.. 🩷🧿🌸

Follow කරපු නැති අය follow කරන් යන්නත් අමතක කරන්න එපා.. 🩷

මං,
කෞශි 🌸🥰

゚viralシ ゚

පින්බර බක් පුන් පොහො දිනයක් වේවා ඔබ සැමට 🌸🙏අද අප්‍රේල් 1 වෙනිදා. අලුත් මාසයක් අලුත් ආරම්භයක් .. හිතේ තියෙන යහපත් අරමුණු ...
01/04/2026

පින්බර බක් පුන් පොහො දිනයක් වේවා ඔබ සැමට 🌸🙏

අද අප්‍රේල් 1 වෙනිදා. අලුත් මාසයක් අලුත් ආරම්භයක් ..
හිතේ තියෙන යහපත් අරමුණු ඉටු වෙන සුභ දවසක් ඔයලා හැමෝටම 🙏

30/03/2026

අද මං ආසම විදියට.. 😍👩‍🍳

මගේ පෙජ් එක follow කරන් යන්නත් අමතක කරන්න එපා 🫂🥰

29/03/2026

මේ menu එක කොහොමද බලන්නකෝ 😍👩‍🍳

27/03/2026

සමහර දවස් තියෙනවා හරිම වෙහෙසකරයි.. මොන දේ කරන්න ගත්තත් කම්මැලිකමක් දැනෙන. ඉතින් අද ඒ වගේ දවසක්.. 🥱🥰👩‍🍳

මං අද උදේ ඉදලා කල්පනා කරේ උයන්නේ නැතුව කන්න ක්‍රමයක් නැද්ද කියලා.. 😌😂😂

මේ රස්නෙත් එක්ක එළියට යන්න, ගමනක් බිමනක් යන්න, අසාවෙන් කරන්න ගන්න දෙවල් පවා කරන්න එපා වෙන්නේ නැද්ද.. ඔලුව නිකන් හෙම්බත් වෙලා වගේ දැනෙන්නේ නැද්ද.. 😵‍💫

ඉතින් එහෙම දවසුත් මිනිස්සුන්ගේ ජීවිත වල තියෙනවා. අද මටත් එහෙම දවසක් ඔලුවේ වැඩ ගොඩ ගැහිලා තිබුනත් එකක් වත් කර ගන්න හිත දෙන්නේ නැ කියන්නකෝ.. 🤭🥴

එන්නකෝ ඒ වගේ දවසක මං හදා ගත්ත පුංචිම පුංචි කෑම වේල බලන්න..

සිංහල හින්දු අළුත් අවුරුද්දට සුපිරි රස කැවිලි combo එකක් ගෙනවා 😍අලුත් අවුරුද්දට ලෑස්තිද ඉතින් 🥰 කැවිලි ගැන වද වෙන්න එපා....
26/03/2026

සිංහල හින්දු අළුත් අවුරුද්දට සුපිරි රස කැවිලි combo එකක්
ගෙනවා 😍

අලුත් අවුරුද්දට ලෑස්තිද ඉතින් 🥰 කැවිලි ගැන වද වෙන්න එපා. කැවිලි ගැන අපි බලා ගන්නම්.. 😌🩷

ඒ විතරක් නෙමෙයි. ඔයාලාට අවශ්‍ය ප්‍රමාණ වලින් කැමති විදියට වෙන වෙනමත් මේ කැවිලි වර්ග සකස් කරගන්න පුලුවන්.🤗

ඔයාලා මාතර , අකුරැස්ස, පිටබැද්දර , මොරවක , දෙනියාය , ඌරුබොක්ක , පස්ගොඩ අවට නම් අප්‍රේල් 10 වෙනිදා වෙනකල් ඕඩර් බාර ගන්නවා.
මාතර දිස්ත්‍රික්කයේ අවට නොවන ඕඩර්ස් අප්‍රේල් 7 වෙනකල් විතරයි බාර ගන්නේ.

ඔයාගේ ඕඩර් එකත් අදම අපි වෙත භාර දෙන්න 0712041003 නම්බර් එකෙන් whatsapp එක පැත්තට එන්න.. 🚛🎁
Cook with Kaushi messenger එක හරහාත් ඔබගේ ඇනවුම් ලබා දිමට හැකියාව පවති.. 📞
(ඩිලිවරි ගාස්තු අය කරනු ලැබේ)

fans

Address

Akuressa

Website

Alerts

Be the first to know and let us send you an email when Cook with Kaushi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share