03/08/2022
🛑 ආදරය දෙන දුන්න හිතකට කවදාවත් මේ වගේ දුකක් දෙන්න එපා🙏 🛑
අපේ අවුරුදු 8යි මාස 4යි දවස් 7ක් ආදර කතාව.......
මෙහෙම දාන්නෙ දරාගන්නම බැරි තැන අනිත් එක මුලු ලෝකයක් අගේ කරපු,පතපු,මිද්දෙණිය ටවුන් එකෙ තිබ්බ පරණ ම ලස්සන ම කිලුටු නැති ප්‍රශ්න නොතිබුනු ආදරෙන් ම ඉදපු දෙන්නා අපි නිසා.එ ආදරේ පටන් ගත්ත හැටි අපි හිටපු හැටි කාපු බීපු ඇවිදපු හැටි රුපියල් 100ක් අතේ නැතුව සමහර දවසට අසරණ උනු අතීතය අද එයාට අමතක වෙලා.එ වගෙම රුපියල රුපියල එකතු කරන් ජීවිතේ ගොඩ ආපු හැටි,ස්කෝලෙ කාලේ ඉදන් ගෙදරින් ගුටි කකා අඩ අඩා ප්‍රශ්න දාහක් මැද ඔයාව අත් නොහැර එක හිතකින් ඔයා එක්ක ම ඉදපු මන් අද තනිකරලා ඔයා වෙන කෙනෙක් විශේෂ උනු නිසා.ඒක තමයි එකම හේතුව නේද රත්තරනෙ.ඔයා නෑ කිව්වාට ඒක ඔයා ඔප්පු කරා.ඔයාගෙ යාලුවො මාව දන්නෙ මගෙ යාලුවොන්ට පස්සෙනෙ.මගේ උන් දන්නො මන් අපෙ ආදරෙ වෙනුවෙන් ස්කෝලේ කාලේ විදපු දුක.ගුරුවරු හැමෝම කිව්වා පුතේ ඔයා දක්ශ දරුවෙක් ඔයා කවදා හරි මේ ස්කොලෙම ටීචර් කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් ඔය සම්බන්දෙ නවත්තන්න කියලා.ඔයා දන්නො 10 වසරෙ දි මුලින් ම ෆෝන් එකක් ගෙදරට අහු උනාම අපේ තාත්තා ඔයාලයි ගෙදර ආවා.එ ඇවිත් ගෙදර තාත්තා මට වැදල කිව්වා පුතේ ඕක නවත්තන්න කියලා.කොසු කැඩෙනකම් ම්න් ගුටි කාලා තියෙනවා ඔයා නිසා,දවස් ගනන් අඩලා තියෙනවා,ලැජ්ජ වෙලා තියෙනවා,සුදු ගවුම බෑග් එකේ දාන් මන් ඔයාව හම්බෙන්න එනෝ.ඒවා අහු උනාම මන් කොච්චර අසරණ වුනා ද කෙල්ලෙක් විදියට.අපි වරදක් නොකරන බව දන්නෙ අපි විතරයි එ කාලේ.දකින අය පිලිගන්නෙ නෑ.ඒක එදත් එහෙමයි අදත් එහෙමයි.ඔය වගෙ ගොඩාක් යුද්ධයක් මැද්දෙ අපි ආදරෙ කරා.ඔයත් කවදවත් මාව අතෑරියේ නෑ.පණ ට පණ වගෙ අපිට අපි හිටියා.ඔයාට මේ අතීතය අද අමතක වෙලා.මතකයි අද වගෙ බස් වල අපි තෑගි යවපු හැටි,වරු ගනන් ස්ටෑන්ඩ් එකේ කතා කරපු හැටි,හොරෙන් යාලුවො එක්ක ට්‍රිප් ගියපු හැටි,රුපියල් 500 අතේ තියන් මාතර ගිහින් ගිනි අව්වෙ ඇවිදලා දෙන්නා එක්ක අතේ ඉතුරු ගාන දාලා බඩගින්නට කාපු බීපු හැටි.මොන ප්‍රශ්න ගෙවල් වලින් තිබ්බත් අපි කොච්චර දුප්පත් උනත් පොහොසත් ඔයාගෙ ආදරෙ ගැන මන් සතුටු උනා.අපි සතුටින් හිටියා.අද ඔහොම හිටියට මුලු මිද්දෙණියක්,මෙ අපි හුස්ම ගන්න ගහක් කොලක් ගානෙ අපෙ මතක අපේ සුවද තියෙනවා.ඔයාව ගොඩ ගන්න මන් පුලුවන් හැමදේම කරා.ඔයත් ඒකට මට ගොඩක් උදව් උනා.අපි ජීවිතේ දින්නා ගොඩක් දේවල්.ආදරෙත් දින්නා.හැමදේම ලස්සනට ම තිබ්බා දැන් අවුරුදු 4ක වගෙ ඉදන්.ගෙවල් වලින් කැමති කරන් හැමදේම හොදට උනා.මන් ඔයා වෙනුවෙන් නොකරපු දෙයක් නෑ ඒක ඔයා දන්නවා රත්තරනෙ.ඉතින් ඔයා අන්තිමට මගෙ තැන වෙන කෙනෙකුට දුන්නා.ඒකත් මන් හදාගන්න ඔයාට උපරිම අවස්ථාව දුන්නා.ඒත් ඔයාට බැරි උනා.අවුරුදු 9ක් ඔයා එක්ක ඉදන් ඔයාගෙ වෙන්න මන් කොච්චර නම් හීන දැක්කා ද.කෙල්ලෙක් ගෙ ජීවිතේ ලස්සන ම දවසෙ මලගෙයක් කරලා,මගේ ජීවිතෙ අපායක් කරලා ඔයා ගියා.අවුරුදු 22ක් මන් ගොඩ නගා ගත්ත චරිතේ, මිනිස්සු, රස්සාව, මගෙ අම්මගෙ තාත්තාගෙ නම්බුව,නම්බුවටත් වඩා ඒ මිනිස්සු දෙන්නාගෙ දාඩිය කදුලු එක්ක ඔයා ලොකු සෙල්ලමක් කරලා.මට බත් එක නොබෙ දා ඔයාට බෙදලා තියෙන්නෙ.ඔයාට උනු හැම ප්‍රශ්නෙකදි ම අපි ඔයා එක්ක ඉදපු හැටි ඔයා දන්නවා.එ දේවල් කියල ඔයා අසරණ කරන්න මට කවදාවත් ඕනි නෑ.ඔයා ඔය තත්ත්වෙට වැටිලා මට මෙච්චර දෙයක් කරලත් ජුනි 26 උදේ ඉදන් මේ වෙනකම් අද වෙනකම් මන් පිස්සු බැල්ලියෙක් වගේ පාරක් පාරක් ගානේ ඔයාව හෙව්වා ඔයාට කරදරයක් ද මොකද්ද උනේ කිය කිය.මෙච්චර අසරණ කරලත් මන් අපේ ආදරේ විශ්වාස කරා.ඔයා මට මෙහෙම කරන්නෙ නෑ කියලා.......
හ්ම්ම්ම් මට වැරදිලා.මාසයයි දවස් 8ක් මන් වින්ද දුක මන් එක්ක ඉදපු උන් දන්නො.උබලා ඔක්කොම නිසයි මන් මෙහෙම අද ජීවත් වෙන්නෙ.හයියට ඉදපු මාව තනි නොකරපු ඔක්කොටම පින්.සමීර අයියා හොදින් සතුටින් ඉන්නවා.
" මට ඔයාව එපා.මන් ගැන හොයන්න බලන්න එන්න එපා.මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න. නිදහසෙ ඉන්න දෙන්න.මට ඔයාව එපා නිසා මන් ගියේ." (BOB@BABy)
ඕක තමයි මට ලැබුනු උත්තරේ අවුරුදු 9ක ආදරේට.ඒකට හේතුව හොයන හැමෝට ම උත්තරේ ............. ❤️.එයා එක්ක සතුටින් ඉන්න මැනික.
හැමදාම මට ඕනි උනේ ඔයාව රජෙක් කරන්න.පුලුවන් උපරිමෙ මන් කරා ඉතිරි දුර ඔයා යන්න.වරදින්න එපා මට ඔයා කරා වගේ කවදාවත් ඔයාට.හැමදේකට ම බොහෝ ම ස්තූතියි .
බුදු සරණයි!