13/09/2026
ඉතිං අද අපිට වැස්ස..🥳😫
වැස්ස කියන්නේ ඉතිං අපේ පවුලට වෙනස්ම හැඟීමක්.අපේ අප්පච්චි නිකං ඉන්න වෙලාවක් අහුවෙන්නේ මේ වැස්ස වෙලාවට තමයි.ඉතිං අපි හතරදෙනා ( අප්පච්චියි, අම්මයි,අපි දෙන්නයි) එකතු වෙලා උණුම උණු දුම්දාන කහට කෝප්පයකින් සප්පායම් වෙන්න රසම රස බත් අග්ගලයක් හදලා අරගෙනයි තිබ්බේ..😋🥰
ඒ විතරමද, විවිධාකාර රසබර කතා ගොඩකි.විහිලුතහලු ගොඩකි. එකිනෙකාගේ සිනා හඩවල්වලින් පිරිච්ච සලේ අස්සේ මගේ හිත නම් දිව්වේ එක් අතීත කාලයකටයි..🥺
ඒ විවිධාකාර දුක්බර කාලයක් වෙච්චි කොරෝනා කාලයයි.ඉතිං ඒ කාලේ කොයිතරම් දුෂ්කර දුක්කිත කාලයක් වුනත් අපේ ගෙදර හයදෙනාම එක වහලක් යට හිටපු කාලයක්...දැන් රස්සාවක් හින්දා ඒ දෙන්නා ( අක්කයි, අය්යයි ) දුරින් හිටියට හැමදාමත් එයාල අපි ගාවම තමයි ඉන්නේ.. අපි හතරදෙනාගේ කෝලම්වලින් අම්මයි අප්පච්චිගේ හිත් පිරිච්ච කාලයක්, මුලු කාලෙම ගෙවී ගියේ විනෝදබරවය.හවස් වෙද්දී ඕම්බි බැලීමද , කැරම් ගැසීමද පුරැද්දක් වී තිබ්බ කාලයක්. රාත්රිය බෝ වෙනවාත් එක්කම හැමදෙනාගේම තීරණය මත අවසානයට අපි තෝරගත්ත චිත්රපටිය නරඹන කාලයක්.ඉතිං ඒවා හැමදාම මතක විදිහට හදවතේ උඩින්ම තියේවී....🫂🥰🥹
හැගීම්වලින් යට වෙලා හිටිය අස්සේ photos ගහන්න අමතක උනා..ඒක හින්දයී Ai දැම්මේ..🤗
゚viralシ ゚