12/06/2022
ලොව සුපතල ඇතුන් දෙදෙනෙකුගේ
මරණය එකම වසරක..🐘🐘 🥀..📃👇
දෙදෙනාගේ ජීවිත කතා දෙකකි..
එක් අයෙක් හීලෑ ඇතෙකි
අනෙක් ඇතු හීලෑ නොවන වන ඇතෙකි
නමුත් දෙදෙනාම ලෝකයේ ප්‍රසිද්දියට පත්වූ ඇතුන් දෙදෙනෙකි..🐘💕
ඒ ඔවුන්ගේ දළ යුගල දෙක දකුණු ආසියාවේ දිගින් වැඩිම දළ යුගල දෙක ලෙසයි..
නැදුන්ගමුවේ රාජා උපතින්ම හීලෑ ඇතෙක් වූ අතර ඔහු ඉපදුනේ ඉන්දියාවේ
රාජකීය ඇත් ගාලකය
බෝගේෂ්වර උපතින්ම වනයේ නිදහස උපරිමයෙන්ම භුක්තිවිදීමට වාසනාව හිමි වූ
හස්තිරාජයෙකි..
දෙදෙනාගේම මව්භූමිය ඉන්දියාව වුවත් දෙදෙනාට උරුමයන් දෙකකට හිමිකම් කියන ලදි..
නැදුන් ඉන්දියාවේ ඉපිද ලංකාවට ගෙනවිත්
ලංකාවේ ජීවමාන කාලයේදිම ජාතික වස්තුවක් ලෙස නම් කල ඇතෙකි ඔහුගේ දළ සහ උස නිසා පමණක් නොවේ නැදුන් ලාංකීය පෙරහැර සංස්කෘතියටද
මිය යන දවස එන තුරුම රනින් ඔපවත් කල ලාංකිය හස්තිරාජ වංශය හැඩ කල මහ ඇත් රජෙකු විය
නමුත් බෝගේෂ්වර කියන්නේ නැදුන්ට වඩා ගොඩාක් වෙනස් උපතිම වනයේ නිදහස උරුම වූ දකුණු ඉන්දියාවේ නාගර්හෝල් නම් ජාතික වනෝද්‍යානයේ ජීවත් වූ සුවිසල් ඇත් රජෙකි..ඔහු ප්‍රසිද්ද වූයේ ඔහුගේ දළෙහි දිග නිසාමය..ඒවගේම ඔහු ජීවත් වුයේ හුදකලාව තනි ඇතෙකු ලෙස වීමද විශේෂත්වයකි.
නැදුන්ගමුවේ රාජා වයස අවුරුදු 69ක් ජීවත් විය,,
බෝගේෂ්වර වයස ආසන්න වශයෙන් අවුරුදු 60ක් ජීවත් විය
ඔවුන් දෙදෙනාගේම දෛවයේ මරණය සටහන් වී තිබ්බේ එකම වසරේ..වීමද විශේෂත්වයකි
නැදුන්ගමුවේ රාජා 2022.03.07 දින සිය ජීවිත ගමනට සමු දුන් අතර
බෝගේෂ්වර 2022.06.11වන ඊයේ දින හමු වී ඇතත් මීට දවස් කිහිපයකට පෙර ඔහු ජීවිත ගමනට සමු දෙන ඇති කියා සිතමි..
ඉතින්,
බලන්න ඒ දෙදෙනා ලෝකයට කෙතරම් වටිනවද කියා තිරිසන් සත්ව ආත්ම දෙකක ඉපිද සිටියද ඔවුන් දෙදෙනා නිසා ලොවක් මවිත කර අයුරු
දෙදෙනාම ලෝකයට බිහි වූ super Tuskers කාණ්ඩයට අයිති වූ හස්තිරාජයන් දෙදෙනෙකි..🐘🐘❣️
ඉපදීම මරණයේ උපත වේ..🥀
මරණය මිනිසුන් වන අපට වගේම සතුන් වන ඔවුන්ටද උරුම දෙයකි එය නැවැත්වීමට අපට නොහැක..නමුත් සතුන් ලෙස ඉපිද අවසානයේ ලෝකයට මතක් වෙන්න
නමක් තබා යන්නට සමත් වුනා..❣️❣️
ඉතින්,
දෙදෙනාටම සුභ ගමන්
අපේ ආගමේ හැටියට දෙදෙනාම
උතුම් මනුසත් භවයක ඉපිද
නිවන් අවබෝද වේවා කියා පතමි..!! 😇🙏