Lahiru Lakshan

Lahiru Lakshan මනසින් මත් වෙන්න......�

🥀 මම ලෝයර් මහත්මයාමලෙන් පුද ලද උතුම් පින්බිමේමලක් තැලුවට එහෙම පව් නෑඅපේ බෝසත් වෙලා බවයකදුන්න දන් ගැන උඹල දන්නෑපියා බුදුබ...
17/05/2026

🥀 මම ලෝයර් මහත්මයා

මලෙන් පුද ලද උතුම් පින්බිමේ
මලක් තැලුවට එහෙම පව් නෑ
අපේ බෝසත් වෙලා බවයක
දුන්න දන් ගැන උඹල දන්නෑ
පියා බුදුබව පතාගෙන
ගුටි දුන්නා ජූජක ඒත් කම් නෑ
දරුවෝ දුන්නත් ගෑණි දුන්නත්
වුණේ බුදු නිසා ඒක කම් නෑ

​නඩුකාර හාමුදුරුවනේ......

​අලුත පිපෙන මලක් තියෙනවා
මගේ ගෙදරත් මට කාරි නෑ
මමත් බුදුබව පතාගෙන
සඟ සතු කරනවා
එයයි උතුම් දාන පෙරුමන්
බුදු වෙන්න නිසා
ඒ ගැන කාරියක් නෑ

Lahiru Lakshan......✍️♥️ (හිතුවක්කාර පන්හිඳ)

🌹 තුසිතය......✨️☺️♥️මහා පින්කම් දෙනවා තුසිතයමැරිලා පරලොව ගියහමමට එපා ඒ මහා තුසිතයසුරඹ එක්කලා ගැටෙන්නබඹරා වාගේ මමත් ආසයිම...
29/04/2026

🌹 තුසිතය......✨️☺️♥️

මහා පින්කම් දෙනවා තුසිතය
මැරිලා පරලොව ගියහම
මට එපා ඒ මහා තුසිතය
සුරඹ එක්කලා ගැටෙන්න
බඹරා වාගේ මමත් ආසයි
මලක් එක්කලා වෙසෙන්න
ඉදින් සොඳුරිය මටත් ඕනේ
ඔබේ තුසිතයේ තෙමෙන්න

​රොන් පිරි පියුමක්
හිරිපොද වැස්සක්
අමතයි තුසිතය
බඹර තුඩක්

​සුරඹලා අකැපයි
තුසිතය දිටිමි
උණුසුම් සැනසුම්
දෝරේ ගලයි

Lahiru Lakshan ...✍️♥️ (හිතුවක්කාර පන්හිඳ)

🌹 තවත් බොරුවක්......✨️විටෙක පද ගොතාගන්න බැරි වුණු සුන්දර හවස් වරුවක්ලබන භවයේ හෝ හමුවිය යුතු බවට කළ සොඳුරු පැතුමක්ඉදින් ස...
24/04/2026

🌹 තවත් බොරුවක්......✨️

විටෙක පද ගොතාගන්න බැරි වුණු සුන්දර හවස් වරුවක්
ලබන භවයේ හෝ හමුවිය යුතු බවට කළ සොඳුරු පැතුමක්
ඉදින් සොඳුරිය, මඟ බලා සිටින භවයක ප්‍රේමණීය වරුවක්
රහසිත්වත් love නො කළ සිතක්, නැහැ එය තවත් බොරුවක්

Lahiru Lakshan......✍️♥️ (හිතුවක්කාර පන්හිඳ)

✨️ කුසුම් පිපේවා...🌹♥️හුගක් දුර අපි යන්නැතිමතක පිටු නිම්හිම් නැතිවිසිරිලා ගිය දවසෙ අල්ලන්න දැගලුවා ඔබට අමතක ඇතිකුසුම් පො...
22/04/2026

✨️ කුසුම් පිපේවා...🌹♥️

හුගක් දුර අපි යන්නැති
මතක පිටු නිම්හිම් නැති
විසිරිලා ගිය දවසෙ
අල්ලන්න දැගලුවා ඔබට අමතක ඇති

කුසුම් පොඩි කරලා
පැතුම් සුන් කරදා
අතිත් අත ගත් සොයුර
කියමි හඩ ගා මගේ දිවියම ඔබට බාරයි

කදුලු නුහුලන රෝස දෙකොපුල්
මගෙ සෙවනැලි අතර මීදුම්
ලෙසින් වියැකි නො යයි සොදුරිය
සිතින් හැර දා නො යයි

Lahiru Lakshan....✍️♥️ (හිතුවක්කාර පන්හිඳ)

🌹. සොදුරිය...💔😊නග්න වීමට කල් ඉකුත්වීමග්න වීමට හෘදය සුන් වීභෂ්ම එක්කොට, නිදන් කෙරුමටනග්න මා සිත, නැගුවා කවියටඒත්හැරිලා බැ...
21/04/2026

🌹. සොදුරිය...💔😊

නග්න වීමට කල් ඉකුත්වී
මග්න වීමට හෘදය සුන් වී
භෂ්ම එක්කොට, නිදන් කෙරුමට
නග්න මා සිත, නැගුවා කවියට
ඒත්
හැරිලා බැලුවා, ඇසෙයි පියසන්.....සොදුරිය.

Lahiru Lakshan....✍️♥️ (හිතුවක්කාර පන්හිඳ)

උදේ ඉඳලා කොටුව ළඟගහනවා කර මුට්ටඋගුරු ලේ රහ වෙලාපේමන්ට් එකේ වික්කකාශ්ටක පොළොවට වැදීඋදලු තල වෙලා මොට්ට සියුම් දලු කඩලාඇඟිල...
30/03/2026

උදේ ඉඳලා කොටුව ළඟ
ගහනවා කර මුට්ට
උගුරු ලේ රහ වෙලා
පේමන්ට් එකේ වික්ක

කාශ්ටක පොළොවට වැදී
උදලු තල වෙලා මොට්ට
සියුම් දලු කඩලා
ඇඟිලි බාගෙට තිබ්බ

කටු ඇනිලා
මැහුම් පාරත් එක්ක
ආවොත් වාරකන්
මුහුදු බත් වෙච්ච

රෙද්දේ පල්ලේ නරි වාදන්
උබලා දන්න හු #$&.

Lahiru Lakshan ...✍️♥️ (හිතුවක්කාර පන්හිඳ)

⭕. පිටකොටු වැනුම.....✍️☺️උදේට දකින, රෑට නොදකින තොට ළඟකෙලින් පාරට ගෑස්පහ වෙතආවඩාමරදානට පිටුපා ඇඳෙන්නේකොටුව වෙතඅඩි සීය පාර...
12/03/2026

⭕. පිටකොටු වැනුම.....✍️☺️

උදේට දකින, රෑට නොදකින තොට ළඟ
කෙලින් පාරට ගෑස්පහ වෙත
ආවඩා
මරදානට පිටුපා ඇඳෙන්නේ
කොටුව වෙත

අඩි සීය පාර ළඟ
අහස උසට මුට්ට පිට පිට
කට්ට කාගෙන, කොක්ක එක්කම
හක්ක පන්නන වචන එක දෙක
බීර සුවඳට මුසු වෙලා
ගලා යයි කොටුව බෝධියට

පට්ට හැඩ ඇති කට්ට ගෑණුත්
වට්ටිවල නැති ඇඹුල් අඹ ගැන
මුට්ටි හිස් වූ පටාචාරත්
බුදුන් දුන්නැති රෙද්ද ඇඳගෙන
හොයනවා ටයි, කෝට්, බද පටි
එල්ලෙන්න ලණු මදි වෙලා ඇති

Office touchers, ටයි කෝට් පටි
සුවඳ ගහගෙන මැරුණු නහයක්
එක්ක යනවා බැස්ටියන් ළඟ
පාවි පාවි බර්ගර් කන්නට
කුණු කුණු ගගා, කුණු එක්ක

ගැටෙන උරහිස් සොරිය පවසා
තුසිතයක් හොයනවා
තුසිතයක් නැති තැනක
හොරිය කහ කහ හඩුත් එක්කම
මාරු කාසිය ඔරවලා
කොලේ දැක්කම හිනහිලා
මහෝෂධවත් ඉන්න ඕනේ
හොඳ කරන්නට තුවාලේ

හෝන් ගහ ගහ, නානු බැහැ බැහැ
අවසන් ටර්න් එක
දුවනවා ගෙදරට

ලේ රහත් ඇති උගුරු එක්කම
ලෝකේ නැති බඩු මුදල් කරලා
පල්ල නැති කළ පුරවන්නට
නහිනවා දෙහිනවා අකාලයේ

කොටුව බෝධිය පාමුලට වී
ලොවක් සැනසූ නිවුන බුදුරුව
හැම එකාගෙම රහස් සඟවා
හිතට සැනසුම ලබා දෙන බව
එකදු පර මලක් නැති නියාවෙන්
දැන ගතිමි මම

Lahiru Lakshan....✍️♥️ (හිතුවක්කාර පන්හිඳ)

ගෑණු දන්නෙ නෑ....🤷💔ගෑණු දන්නේ නෑගෑණු හින්දාගෑණු ගෑණු ම විකුණුණාමිල ගණන් ගැන කේවල් කරලාගෑණු දවසත් උඩ තියාTV චැනලුත්, බැංක...
09/03/2026

ගෑණු දන්නෙ නෑ....🤷💔

ගෑණු දන්නේ නෑ
ගෑණු හින්දා
ගෑණු ගෑණු ම විකුණුණා
මිල ගණන් ගැන කේවල් කරලා
ගෑණු දවසත් උඩ තියා

TV චැනලුත්, බැංකු එහෙමත්
ගෑණු අයිතිය ගැන කියා
උන්ගේ පහනෙන් එළිය බලලා
ගෑණු ගෑණු ම බව කියා

“අපිට පුළුවන්, අපිට පුළුවන්”
නෝක්කාඩු පිරිමින්ට කියා
පිරිමි එක්කම ලොකුම ගෑණුත්
විකුණ විකුණා ගෙට ගියා

ගෑණු බඩුවක් වෙලා ඉවරයි
උනුත් දන්නේ නෑ උන් නිසා
රජ පුටුව පැතු ඕන අයෙකුට
ගෑණු සංගම් මඟ කියා
උන්ගේ අයිතිය උන්ම නොදැනම
වැලලීලා යයි පෙර නියා.

“උඹලා උඹල ම විකිණෙනවා බං”
පිරිමි මට දුක වැඩි නිසා
ගෑණු ගැන මගේ හෑල්ලක් අද
ලිව්වා ගෑණුන්ට මඟ කියා

“අපේ ශක්තිය, අපේ ශක්තිය”
කියා උඹලට බොරු කියා
මාන්නෙන් උපකාර ගත් උන්
සල්ලි කොළ උඩ සැතපීලා

ගෑණු ගැන ඇති ගෑණු මත ගැන
ගෑණු සලකනු වැඩි නිසා
පිරිමි කට වැහිලා ඉන්න වී
මිල ගණන් ගැන බලා බලා

Lahiru Lakshan..✍️☺️ (හිතුවක්කාර පන්හිඳ)

සිප් සයුර....♥️බාලිකා උයන් තලේපේවිලා සුපෙම් නැවේපාවි පාවි යා වෙලාමේක දූතයේ වළාවේසිප් ගඟේ රැළෙන් ගැටීසුපෙම් ගීත මාරුතේඕඝය...
04/03/2026

සිප් සයුර....♥️

බාලිකා උයන් තලේ
පේවිලා සුපෙම් නැවේ
පාවි පාවි යා වෙලා
මේක දූතයේ වළාවේ

සිප් ගඟේ රැළෙන් ගැටී
සුපෙම් ගීත මාරුතේ
ඕඝයකට අහුවෙලා
පෙම් චණ්ඩ මාරුතේ නිසා

සිප් ගඟෙන් එතර වී
සඳළු තලයකට වෙලා
රපුන්සල්ව බලා හිඳිමි
ඔබ එන්න මේඝ දූතයේ

Lahiru Lakshan.....✍️♥️ (හිතුවක්කාර පන්හිඳ)

කෑ පත පැහැරූ පත....🤷💔කැන්ටිමේ චේකා බී බත් ඉදුල් තේසමර සමරා පතයිරතු පලස මතින් ලේසමග ගොසරින්දුලබා බෝ වින්දූදනා කිසරින්දූආව...
27/11/2025

කෑ පත පැහැරූ පත....🤷💔

කැන්ටිමේ චේ
කා බී බත් ඉදුල් තේ
සමර සමරා පතයි
රතු පලස මතින් ලේ

සමග ගොසරින්දු
ලබා බෝ වින්දූ
දනා කිසරින්දූ
ආවඩා ළිං පතුල රිද්දූ..

Lahiru Lakshan..... ✍️♥️ (හිතුවක්කාර පන්හිඳ)

Address

Matale

Telephone

+94766470557

Website

Alerts

Be the first to know and let us send you an email when Lahiru Lakshan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category