Blueligtinngtv

Blueligtinngtv Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Blueligtinngtv, Arts and entertainment, Marawila.

ඩොලරයට සාපේක්ෂව රුපියලට අද වුණ දේඅමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද (ජූනි 9) අවප්‍රමාණ වී තිබේ.ඒ අනුව, අද ඩොලරයක විකුණු...
09/06/2023

ඩොලරයට සාපේක්ෂව රුපියලට අද වුණ දේ

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද (ජූනි 9) අවප්‍රමාණ වී තිබේ.

ඒ අනුව, අද ඩොලරයක විකුණුම් මිල රුපියල් 301.12 ක් ලෙස සටහන් වී ඇති අතර, ගැනුම් මිල රුපියල් 288.8 ක් සටහන් වී ඇත.

ඊයේ දිනයේ අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 298.91ක් ලෙස ත්, ගැනුම් මිල රුපියල් 285.69ක් ලෙස ත් සටහන් වී තිබිණි.

ලංකාවේ නිල සංචිත වත්කම් ගැන දැනුම්දීමක්..!   ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් සියයට 26.2කින් ඉහළගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බ...
09/06/2023

ලංකාවේ නිල සංචිත වත්කම් ගැන දැනුම්දීමක්..!

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් සියයට 26.2කින් ඉහළගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

ඒ අනුව මෙරට නිල සංචිත ප්‍රමාණය මැයි මාසයේ දී අමෙරිකානු ඩොලර් බිලියන 3.2ක් බව සඳහන් වෙයි.

පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට නිල සංචිත ප්‍රමාණය දැක්වුණේ අමෙරිකානු ඩොලර් බිලියන 2.7ක් ලෙසටය.

චීනය විසින් සපයා ඇති ඩොලර් බිලියන 1.4ක මූල්‍ය පහසුකමද ඊට ඇතුළත් වෙයි.

24/07/2021
04/06/2021

හලාවත කොළඹ ප්‍රධාන මාර්ගය මහවැව නගරයට ආසන්න ජලයෙන් යට වී ඇත.

තද වැසි හේතුවෙන් හලාවත කොළඹ ප්‍රධාන මාර්ගය සහ පහත් බිම් රැසැක් ජලයෙන් යට වේ.

ඊයෙ දවස පුරා ඇදහැලුණු දාරානිපාත වර්ෂාව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වෙයි. මින් දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට. මේ හේතුවෙන් හලාවත කොළඹ ප්‍රධාන මාර්ගය මහවැව නගරයට ආසන්න ජලයෙන් යට වී ඇත. මහවැව සිට මාදම්පේ දක්වා කිලෝමීටර්යක් පමණ එම මාර්ගය ජලයෙන් යටවී තිබේ එහි ගමනාගමනයට දැඩි බල බලපෑම් එල්ල වී තිබේ. මේ හේතුවෙන් බොහෝ වාහන විකල්ප මාර්ග ඔස්සේ ගමන් කිරීමට කටයුතු කරයි.

ලෝක කුසලාන සුපර් ලීගයේ නැවත වරක් ශ්‍රී ලංකාව පහළට ඇද වැටෙයි2023 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට අදාළ තවත් තරඟය...
03/06/2021

ලෝක කුසලාන සුපර් ලීගයේ නැවත වරක් ශ්‍රී ලංකාව පහළට ඇද වැටෙයි

2023 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට අදාළ තවත් තරඟයක් අද අයර්ලන්තය හා නෙදර්ලන්තය අතර පැවැත්වුණා.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් නෙදර්ලන්තය පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී මුළු ලකුණු 195 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට පන්දුවාර 50 අවසානයේදී කඩුළු 9 ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ මුළු ලකුණු 194 ක් පමණි.

ඒ අනුව එක් ලකුණක තියුණු ජයක් ලැබූ නෙදර්ලන්තයට ප්‍රසාධ ලකුණු 10 ක් හිමි වීමත් සමඟ ප්‍රසාධ ලකුණු සටහනේ 9 ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඔවුන් සමත් විය.

ඒ අනුව ප්‍රසාධ ලකුණු 8 ක් ලබාගනිමින් 12 වෙනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා පිල 13 වෙනි ස්ථානය දක්වා තවත් පහළට වැටුණි.

ප්‍රසාධ ලකුණු සටහන නැරඹීමට පහත Link එක Click කරන්න.

https://www.espncricinfo.com/series/world-cup-super-league-2020-2022-23-1227837/points-table-standings

02/06/2021

X-press Pearl නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම අත්හිටුවයි

COLOMBO (NEWS1ST) : මුහුදු පතුලේ ගැටීම හේතුවෙන් X-press Pearl නෞකාව ඇදීම අත්හිටවූ බව නාවික හමුදාව පවසයි.

නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම අද පෙරවරුවේ ආරම්භ වූ අතර එය ඇදගෙන යාම සඳහා ගලවා ගැනීමේ සමාගමේ නියෝජිතයින්ට පහසුකම් සැලසීමට නාවික හමුදා වි⁣ශේෂ කණ්ඩායමක් ද නෞකාවට ඇතුළු විය.

තව ස්වල්ප වේලාවකින් මුහුදුබත් වෙන නෞකාව දියබ මුහුදට ඇදගෙන යන අයුරු
02/06/2021

තව ස්වල්ප වේලාවකින් මුහුදුබත් වෙන නෞකාව දියබ මුහුදට ඇදගෙන යන අයුරු

වන්දියක් මුදලක්  ගැනිමට  විනාශ කල රටක් .
31/05/2021

වන්දියක් මුදලක් ගැනිමට විනාශ කල රටක් .

29/05/2021

මුහුදට බිලිවෙන හලාවත වැල්ල ගම්මානය

Address

Marawila
61210

Website

Alerts

Be the first to know and let us send you an email when Blueligtinngtv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share