My Aqua

My Aqua Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from My Aqua, Aquarium, Makola.

03/03/2026

Hi guys.. i'm back 😍😍

🐠🐠 Pacu 🐠🐠 පාකු යනු පිරන්හා හා සම්බන්ධ සර්ව භක්‍ෂක දකුණු ඇමරිකානු මිරිදිය සෙරාසල්මිඩ් මත්ස්‍ය විශේෂ කිහිපයක් හැඳින්වීමට ...
31/10/2020

🐠🐠 Pacu

🐠🐠 පාකු යනු පිරන්හා හා සම්බන්ධ සර්ව භක්‍ෂක දකුණු ඇමරිකානු මිරිදිය සෙරාසල්මිඩ් මත්ස්‍ය විශේෂ කිහිපයක් හැඳින්වීමට භාවිතා කරන පොදු නමකි. පාකු සහ පිරන්හාට සමාන දත් ​​නොමැති අතර මිනිස් දත් පිහිටීමට සමාන පිහිටීමක් ඇති එකම මත්ස්‍ය විශේෂය වේ. මෙම දත් පිහිටීම මොවුන්ට ජලයට වැටෙන ඇට හා ගෙඩි වර්ග අඹරා ආහාරටය ගැනීමට ඉවහල් වනවා. පිරන්හාට වඩා විශාල වන මොවුන් සම්පූර්ණ දිග මීටර් 1.08 (අඩි 3.5) දක්වා සහ බර කිලෝග්‍රෑම් 40 (රාත්තල් 88) දක්වා විශාල විය හැක. black pacu, parrot pacu, red-bellied pacu යන වර්ගයන්ගෙන් මොවුන් දැක ගන්න පුළුවන්.

🐠🐠 පිරන්හාට සමාන පෙනුම නිසා අතිශය භයානක ලෙස මිනිසුන් වර්ග කලද සිය යැපීම සදහා ජලජ ශාක හා ශාකමය කොටස් මොවුන් බහුලව ආහාරයට ගන්නා අතර කුඩා මසුන් දඩයම් කර ගැනීමද ඇතැම් විට සිදු කරයි. සර්වභක්ෂක ගණයට ඇතුලත් වන මොවුන් ඕනෑම දෙයක් ආහාරයට ගැනීම පෙළඹීම සාමාන්‍ය දෙයක් වන අතර ස්කොට්ලන්තයේ නිවසක සුරතලයට ඇතිකල pacu මාලුකු කෑම දැමීමට උත්සහ කල කුඩා දරුවෙකුගේ ඇගිල්ල සපා කෑම නිසා ශල්‍යකර්මයක් සිදු කිරීමට වීම වාර්තාවලට ඇතුලත් වී තිබෙනවා. බොහෝ විසිතුරු මසුන් අලෙවි කරන තැන්හි සකස්කරන ලද මාලු කෑම වර්ග ලබා දීමෙන් පුහුණු කරන ලද pacu අලෙවි කරන අතර ප්‍රමාණයෙන් විශාල වීම නිසා ඇතැමුන් ගංගා, කුඩා ජලාශ වලට මොවුන් මුදා හැරීමෙන් දේශීය මත්ස්‍ය විශේෂ වලට තර්ජනයක් සිදු වනවා.

🐠🐠 2011 වර්ෂයේදී පැපුවා නිව්ගිනියාහි මිනිසුන් දෙදෙනෙකු මත්ස්‍ය ප්‍රහාරයකට ලක්ව සිය වෘෂණ කෝෂයන් අහිමි වීමෙන් මිය යෑමට චෝදනාවට ලක් වූයේ pacu මත්ස්‍යයන්ය. විවිධ අවස්තා වල පහරදීම් වාර්තා වීම නිසා මොවුන් භයානක මත්ස්‍ය විශේස ගනයට මිනිසුන් වර්ගීකරණය කර තිබෙනවා.කෙසේ වුවත් ගෘහස්තව ඇති කිරීමේදී සැලකිල්ලෙන් යුතුව කටයුතු කිරීමත්, කිසිවිටෙක ස්වභාවික පරිසරයට මුදා නොහැරීමත් සිදු කල යුතුම දෙයක්.🐠🐠

කතෘ අයිතිය සුරකින්න. 😊😊😊
@ My Aqua
paradise of fish lovers

🐠 Siamese fighting fish (Scientific name: Betta splendens)ආයු කාලය : 3 – 5 years (ගෘහස්ත ඇති කිරීමේදී)ප්‍රමාණය : 7 cm (ව...
30/10/2020

🐠 Siamese fighting fish (Scientific name: Betta splendens)
ආයු කාලය : 3 – 5 years (ගෘහස්ත ඇති කිරීමේදී)
ප්‍රමාණය : 7 cm (වැඩිහිටි)

🐠🐠 සියම් සටන් මාළුවා (බෙටා ස්ප්ලෙන්ඩන්ස්), හෙවත් බෙටා ලෙසද හැඳින්වෙන මෙම මාළුවා සුරතල් මත්ස්‍ය වෙළදාමේ ප්‍රසිද්ධ මත්ස්‍යයෙක්. බෙටා, ගුරාමි පවුලේ සාමාජිකයෙක් වන අතර තායිලන්තය මොවුන්ගේ නිජබිම ලෙස සැලකේ. කාම්බෝජය, ලාඕසය සහ වියට්නාමයේ මෙකොං ද්‍රෝණියට ද ආවේණික වන මොවුන් වැඩි වශයෙන් කේන්ද්‍රගත වී ඇත්තේ තායිලන්තයේ චාවෝ ෆ්‍රයා ගඟේ ය.
මෙම රටවල ඇළ මාර්ග, ජලාශ්‍රිත ගොවිබිම් සහ වගුරරු බිම්වල මෙම මසුන් දක්නට ලැබේ.
🐠🐠අයි.යූ.සී.එන් (International Union for Conservation of Nature හෙවත් ලෝක සංරක්ෂණ සංගමය යනු රතු දත්ත පොත නඩත්තු කරන ආයතනයයි.) විසින් මෙම මත්ස්‍ය විශේෂය අවදානමට ලක්විය හැකි ලෙස ලැයිස්තුගත කර ඇත. 2019 පෙබරවාරි 5 වන දින තායිලන්තයේ අමාත්‍ය මණ්ඩලය "සියම්ස් සටන් කරන මාළු" තායිලන්තයේ ජාතික ජලජ සත්වයා ලෙස සනාථ කරන ලදී.
🐠🐠විශේෂයෙන් පිරිමි සතුන් ඉහළ ආක්‍රමණශීලි ස්වභාවයක් දක්වන අතර පිරිමි සතුන් එකට තැබීමේදී එකිනෙකා සටන් කර ගැනීමෙන් තුවාල ලැබීම හෝ මියයාම සිදු වීම අනිවාර්යෙන් සිදු වේ. අභිජනනය සදහාම
යෙදවන විට හැර ගැහැණු මත්සයාට පවා කොටා තුවාල සිදු කිරීමට පිරිමි මසුන් පෙළඹේ. Fighter යන නම පටබැදීමට පවා හේතුව මොවුන් මෙලෙස ඉතා දැඩි සටන්කාමී බවක් දැක්වීමයි. වෙනත් මසුන් සමග ඇතිකල නොහැකි නිසා බොහෝ දෙනෙකු මොවුන් මිලදී ගැනීමෙන් වැලකී සිටිනවා.
🐠🐠මසුන් අතර ඉතා සුවිශේෂි හැකියාවක් මොවුන්ට තිබෙනවා. ඒ ජලයේ ඇති ඔක්සිජන් අවශෝෂනය කර ගැනීමේ හැකියාව මෙන්ම ජලයෙන් ඉහලට පැමිණ වාතයේ ඇති ඔක්සිජන් අවශෝෂනය කර ගැනීමේ හැකියාවයි. එම නිසා ඉතා අඩු ඉඩක මොවුන් ඇති කිරීමේ හැකියාව තිබෙනවා. බොහෝ අය කුඩා වීදුරු භාජන (ජෑම් බෝතල් වැනි) මොවුන් ඇති කිරීමට යොදා ගන්නවා. එහෙත් ඇති කිරීම සදහා ගන්නා මත්ස්‍යාට අලංකාර කරන ලද ඉඩකඩ ඇති ටැංකියක් ලබා දීමෙන් මත්ස්‍යාට මෙන්ම ඔබටත් මානසික සහනයක් ලැබේ යැයි අප විශ්වසා කරනවා.
🐠🐠අභිජනනයට සූදානම් වන පිරිමි මත්ස්‍යා ජලයේ පාවෙන ආධාරකයක් මත පෙණ කැදැල්ලක් සාදනවා. මොවුන් ලිංගිකව එක් වීමක් සිදු නොකරන අතර පිරිමි මත්ස්‍යාගේ නිකුත් කරන ශ්‍රාව අප පෙණ කැදැල්ල ලෙස හදුන්වනවා. ගැහැණු මත්ස්‍යා තුල බිත්තර ස්වභාවයෙන්ම සෑදෙන අතර පිරිමි මත්ස්‍යා සිය අනග රැගුම් පෑමෙන් සිය සහකාරිය වසගයට ගත් පසු ඇයගේ බඩ පෙදෙස සිය ශරීරයෙන් වෙලා තෙරපීමට ලක් කරනවා. මෙය අභිජනනකයන් ‘‘විවාහා වැලද ගැනීම“ ලෙස හදුන්වනවා. මෙම තෙරපීමේදී බිත්තර මුදා හැරෙන අතර (වරකට 10-40) පිරිමි මත්ස්‍යා විසින් මෙම බිත්තර සිය මුඛය ආධාරයෙන් පෙණ කැදැල්ලේ රදවනු ලබනවා. පෙණ කැදැලේලේ රදවන බිත්තර ඉන්පසු සංසේචනය වී කුඩා මත්ස්‍ය පැටවෙකුට ආරම්භය ලබා දෙනවා. බිත්තර දැමිමෙන් පසු ගැහැණු මත්ස්‍යා ඉවත් කල යුතු අතර එසේ නොවන විට ඇය සිය බිත්තර ආහාරයට ගැනීමට පෙළඹෙනවා. පිරිමි මත්සයා මව් පදවිය භාර ගනිමින් එතැන් සිට බිත්තර ආරඣෂා කරනු ලබනවා. කෙසේ වුවත් ගැහැණු මත්ස්‍යා ඉවත් නොකලහොත් පිරිමි මත්ස්‍යා පහර දීමෙන් ඇයට මරා දැමීමට පවා අවස්ථාව තිබෙනවා.
🐠🐠පිරිමි මාලුවා බිත්තර, බුබුලු කූඩුව තුළ තබාගෙන, කිසිවක් පහළට වැටෙන්නේ නැති බවට වග බලා ගනිමින්, අවශ්‍ය පරිදි බුබුලු කූඩුව අලුත්වැඩියා කරනවා. පැය 24-36 ඇවෑමෙන් බිහිවන කුඩා පැටවුන් සිය බිත්තර මදය ආධාරයෙන් දින දෙකතුනක් කුසගිනි නිවාගනී. නිදහස් ආරයෙන් පිහිනීමට හැකිවන තෙක් එලෙස සිටින පැටවුන් පසුව ඔබමොබ පිහිනමින් සිය ජීවන ගමන ආරම්භ කරනු ලබනවා. වායුගෝලීය ඔක්සිජන් ආශ්වාස කිරීමට විශේෂයට ඉඩ සලසන ඉන්ද්‍රිය සාමාන්‍යයෙන් සති තුනත් හයත් අතර වයසේදී වර්ධනය වන අතර එය සාමාන්‍ය වර්ධන වේගය මත පදනම් වනවා. බෙටා මසුන්මා ස 4-5 තරම් වයසේදී ලිංගික පරිණතභාවයට පත්විය හැකියි.

කතෘ අයිතිය සුරකින්න. 😊😊😊
@ My Aqua
paradise of fish lovers

30/10/2020

මේක එක්තරා විදියට බැලුවොත් කලාවක්, තවත් විදිහකට කෙනෙක් කියයි පිස්සුවක්, පුනරුත්ථාපනය කලත් අත්හරින්න බැරි ඇබ්බැහි වීමක්. හැබැයි හැමෝම ලග මේක නෑ.. මේ කියපු දේවල් ලග තියෙන අයට දැනුම තොරතුරු විනෝදය ලබා දෙන්න. විනෝදාංශය හරි හරියටම කරන්න හැකියාව ලබා දෙන්න, ඒ විතරක් නෙමෙයි ආදායමක් මාර්ගයක් බවට උනත් පත්කරගන්න හැකියාව ලබා දෙන්න කරන උත්සහයක් මේ. එකතු වෙන්න අපිත් එක්ක..සංවේදී සුන්දර හිත් ඇති අයගේ තෝතැන්නට.. 😊😊😊

30/10/2020

Most expensive betta ? 😍😍😍

amazing aquarium design 😍😍😍
28/10/2020

amazing aquarium design 😍😍😍

Address

Makola

Website

Alerts

Be the first to know and let us send you an email when My Aqua posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category