S e a r c h M e

S e a r c h   M e Beauty of the World

මෙච්චර කල් අපි කලේ ෆේස්බුක් එකේ පෝස්ට් දදා ඉදපු එක විතරයි නේද..අපි තවත් බලන් සිටිය යුතු ජාතියක්ද,අවශ්‍ය වෙලාවේ අවශ්‍ය තී...
30/03/2022

මෙච්චර කල් අපි කලේ ෆේස්බුක් එකේ පෝස්ට් දදා ඉදපු එක විතරයි නේද..

අපි තවත් බලන් සිටිය යුතු ජාතියක්ද,අවශ්‍ය වෙලාවේ අවශ්‍ය තීරණ ගන්න බැරි වුනොත් අවසානය වන්නේ ඔබෙත් මගෙත් ජීවිත තව තවත් කාලකන්නි වීමට බලා සිටීමයි..

මේ ඉරිදා ඔව් අපේල් 03 උදේ 10.00ට ලගම තියෙන ටවුන් එකට කැමති ඇදුමෙන් සැරසිලා එන්න..

එන්න බැරිනම් ලගම තියෙන පාරට ගමේම කට්ටිය එක්ක එකතු වෙන්න,වාහනේ සිටිනවනම්, වාහනේ නතර කරලා පාරට බැහලා සහයෝගය දෙන්න,ඔෆිස් එකක ඉන්නවනම් ඔෆිස් එකෙන් එලියට බැහලා විරෝධය ප්‍රකාශ කරන්න,කැම්පස් සිසුවෙක්නම් යාලුවෝ ඔක්කොම එක්ක පාරට එන්න,සිංහල දමිල මුස්ලිම් බර්ගර් සියලුම දෙනා එකතු වෙන්න..

එකා දෙන්නෙක් විතරක් නෙවෙයි මේකට උතුරේ ඉන්න නඩරාජා නංගිලගේ ඉදන් දකුණේ ඉන්න සුමනසිරී මල්ලිලගේ ඉදන් හැමෝම එකතු විය යුතුයම...

අරගලයට ජය වේවා.. එකතුවෙමු

එකතුවෙන්න අපේ Group එකට

https://www.facebook.com/groups/gohomegota2022/?ref=share


රට ඉවරයි. ඉතුරු ටිකවත්  බේරගන්න පන්ඩිතයිනි මෙහෙම කරන්නමෙම පණිවිඩය ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ උරස් හා පෙනහළු විශේෂඥ වෛද්‍...
16/05/2021

රට ඉවරයි. ඉතුරු ටිකවත් බේරගන්න පන්ඩිතයිනි මෙහෙම කරන්න

මෙම පණිවිඩය ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ උරස් හා පෙනහළු විශේෂඥ වෛද්‍යවරයා විසින් කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යතිරුමාවලවන් මහතාගේ මුහුණුපොත වෙත යොමු කල පණිවිඩය සිංහලෙන් මෙසේය.

උපුටා ගැනීම ආරම්භය

"ගම්පහ රෝහලේ තත්වය නරක තත්වයෙන් ඉතා නරක තත්වයට හැරෙමින් පවතී. සාමාන්‍ය වාට්ටුවේ පවා ඔක්සිජන් අත්‍යවශ්‍ය රෝගීන් 14ක් සිටිනවා තවම යන්ත්‍ර අවශ්‍ය නැහැ ඒ අයට
ඊයේ වෙනතුරු බිත්ති ඔක්සිජන් යන්ත්‍ර නොතිබුනි.ඊයේ එය සකස් කර ගත්තේ යම් අනුග්‍රාහක පිරිසකගේ පිහිටෙනි.මෙවැනි අනුග්‍රහයන් මගින් තව බොහෝ දේ කල යුතුව ඇත.
මාගේ ඒක රෝගියයෙකුට යන්ත්‍රයක් අවශ්‍ය නිසා ICU දැමිය යුතුව ඇත. නමුත් ICU පිරිලා නිසා ඔහු පෝලිමේ සිටියි. රටේම ICU පෝලිමට දමා ඇත. ඔහු එහි 14 වෙනියාය.

මම ඊයේ මුලු වාට්ටුව පුරාම රෝගීන් බැලුවෙමි. මෙම ලෙඩුන් බලා ගැනීමට අවශ්‍ය තරම් පිරිස නැති බව දැක කණගාටු වුනෙමි. ඔවුන්ගේ පෝෂණය ලබාදීම්, සනීපාරක්ෂාව,ලබාදීම ඉතා අසීරුය.
ඊයේ වයස්ගත රෝගියෙකු මියගිය අතර ඊට පෙර දින දෙදෙනෙකු මිය ගියා. අපට මේ සියලු 50 කට ආසන්න රෝගීන් සඳහා අධි වේගී ඔක්සිජන් සපයන යන්ත්‍ර දෙකක් ඇති අතර NIV (බට ඇතුලට නොදමා ඔක්සිජන් ලබා දෙන යන්ත්‍ර) එකක් ඇත. මෙම සියලු රෝගීන් ගෙන් 20% පමණ ඔක්සිජන් ගැලවීමට නොහැකිය. ගැලවු විගස ඔවුන් මියයනවා.
ඊයේ එකක් රෝගියෙකු පෙනහලු ගර්ථයක් පුපුරා අසාධ්‍ය විය. මෙම ක්‍රමය තුල විශේෂ ICD (හද ගැස්ම නිරීක්ෂනය කරන ගමන් වෙනසක් ආ විට විද්‍යුත් තරංග යවා එය නිවැරදි කරන)දමා නිරීක්ෂනය කිරීම සිහිනයකි.
අපිට ඇති රිදී රේඛාවක් නම් ඉතා මහන්සියෙන් කැපවීමෙන් නොකඩවා වැඩකරන නිර්භය ජ්‍යෙෂ්ඨ ලේඛාධිකාරි විශේෂඥ වෛද්‍ය වරු දෙදෙනෙකු හදිසි ප්‍රතිකාර සේවයට ලැබී තිබීමයි. ඔවුන් ගෙන් එක් අයෙකුගේ සහෝදරියක් එංගලන්තයේ සිටින අතර මේ තත්වය අසා දැනගත් ඇය ඔක්සිජන් සිලින්ඩරයට ගසා ඔක්සිජන් ලබා දෙන පාලක උපකරණ ( oxygen regulators) දහයක් මිලදී ගැනීමට වහාම ඊයේ රාත්‍රියේම මුදල් එව්වාය. එසේ නොවුවා නම් අපට මහා ව්‍යසනයක් විය හැකිව තිබුනි"

උපුටා ගැනීම අවසන්

කොවිඩ් පැතිරීම වළක්වා ගෙන රට ආරක්ෂා කර ගැනීමට පසුගිය වසර පුරාම මාගේ මුහුණු පොතේ සහ වෙබ් පුවත්පත් වල සිය ගනන් ලිපි පලකලත්, අවශ්‍ය තැන් වලට යොමු කළත් ඒවාට නිසි අවධානයක් නොලැබ නොදුටු, නොඇසූ ආකාරයට සිටි සෞඛ්‍ය බලධාරීන් ඔවුනොවුන්ගේ න්‍යාය පත්‍රවලට වැඩ කලා මිස රට බේරා ගැනීමට ක්‍රියාකලා දුටුවේ නැත. එය දැන් ඇස් ඉදිරිපිට ඔප්පු වී හමාරයි.

දැන් අප ඉදිරියට ක්‍රියාත්මක විය යුතු ආකාරය බලමු

ඉන්දියාව අපට හොඳම ආදර්ශයයි.

කොවිඩ්රෝගයපැතිරීම වැලැක්වීමට අපි අසමත් වූවෝ වෙමු. රට වහලා බැහැ කියපු අය දැන් රටේත් නැත. දැන් අපි මේ සිදුවන මරණ වළක්වමු.

1. පොසිටිව් රෝගියෙකු ගැන දැන්වීමට පොදු අංක තුනේ දුරකතන අංකයක් වෙන් කරන්න. එතැනින් අවශ්‍ය දිසාවට පණිවිඩය යවන්න සලසන්න.
2. රෝගීන් ප්‍රවාහනය සඳහා සුදුසු වාහන බහුල ලෙස සකස් කරමු. ගිලන් රථ විතරක් නොව වෑන් වුවද සකසා ගමු. ඒවාට මුදල් ගෙවා ලබා ගත හැකි අයට එසේ කරන්න ඉඩ දෙමු. පොසිටිව්වුනත් ස්වසන අභහසුතා නැති අය ගෙදර තියමු. තද නිරෝධායනය නීති ක්‍රියාත්මක කරමු.ස්වසන අපහසුතා ඇති රෝගියෙකු ගැන දැන්වූ විට එම රෝගියා ස්වසන අපහසුතා වලින් පෙලෙයි නම් වාහනයක් එවා කලින් සූදානම් කල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය කට යැවිය යුතුය. වාහන රාශියක් අවශ්‍යයි.රෝහලුත් රාශියක් අවශ්‍යයි.

3. හමුදාපති තුමාගේ ඇඳන් වැඩි කිරීමේ ආකල්පය නිසා නිසා අපට ඉන්දියාවේ මෙන් ඇඳක් ලබා ගැනීමට මග වැතිරී, කාර්වල හෝ ත්‍රිරෝද රථවල දිග ඇදී විලාප දෙමින් ආයාචනා කරමින් සිටිය යුතු නොවේ. හැකි තරම් රෝගි ලක්ෂණ ඇති අපහසුතා ඇති
රෝගීන්ට පමණක් ඇඳක් ලබා දෙමු. තූත්තුකුඩියෙන් හෝ ඇඳක් දෙමු. එනිසා අසීමිත ලෙස දහස් ගනන් වලින් ඇඳන් වැඩි කරමු.දැනට ඒ සඳහා රණවිරුවන් කරන සේවය අගයමු.
4. හැකි තරම් ඔක්සිජන් නිපදවා හෝ ආනයනය කර අසීමිතව ගබඩා කර තබා ගනිමු.
හැකිනම් ඔක්සිජන් ප්ලාන්ට් එම රෝහල් පරිශ්‍රයේ ම සවිකර නිපදවමු. සුළු පරිමාණයේ ඔක්සිජන් නිපදවන්නන් ගෙන් තත්ව පරික්ෂා කල ඔක්සිජන් ලබා ගමු.

5. හැම ඇඳකටම ඔක්සිජන් සිලින්ඩර් එක බැගින්ද ඒවාට සවිකරන ඉහත සදහන් කල පාලක උපකරණයක් බැගින්ද සූදානම් කරමු.
6. දිවයින පුරා ඇති ICU ඇඳන් ගැන , සජීවිකරණ වාර්තා තබා ගමු. හිස්වෙන තැන්, හිස් වෙන අයුරු දිස් කර ගනිමු. Uber එසේ කරනවා නම් අපිට බැරි ඇයි. ඒ සඳහා තාක්ෂණ වේදී සහය ගමු.

7,අධි වේගී හා බිත්ති ඔක්සිජන් ලබා ගැනීමට, ICUඇඳන් හැකිතරම් වැඩිකර ගැනීමට අනුග්‍රහය දක්වන අය සොයා ගැනීමට මාධ්‍යවල පිහිට පතමු. මේ නිර්ලජ්ජිත මාධ්‍ය දැන්වත් මෙයට උදව් කරනවාද කියා බලමු.රෝගය පතුරවන්න විවිධාකාර කෝලම් සූදානම් කල ඔවුන් මෙසේ රෝගීන්ට බේරාගැනීමට උදව් නොකලොත් ඔවුන් මනුෂ්‍යවර්ගයාගේ සතුරන් ලෙස සලකමු. මේ කෝලම් වැඩ සටහන් නවත්වා, දේශපාලකයින්ගේ කෙරුම් හා කයිවාරු නවත්වා මේ දේවල් කරන්න. ඔවුන්ගෙන් කොවිඩ් මර්ධනයට ලැබුනේ ඇල්පෙනෙතිතක තරම් සේවයකි බොරු නම් පසුගිය වසර පුරා ඔවුන්ගේම ප්‍රවෘත්ති ආපසු බලන්න. දේශපාලකයන්ගේ කෙරුම් හා වාද විවාද හා මිනිසුන් සැබෑ ලෝකයෙන් වෙන් කර සිහින ලෝකවල රඳවන වැඩ සටහන් හැර මේ රෝගය ගැන වැඩ සටහන් තිබුනේ කීයද?

පක්ෂ විපක්ෂවල ධනවතුන්ටත් දැන් පුලුවන් රට වටා ගොස් මේ උදව් උපකාර වැඩි දියුණු කරන්න. ඔවුන්ගේ හැකියාව පරිත්‍යාග ශීලි බව දැන් පෙන්වන්න

8.කොවිඩ් තව දුරටත් පැතිරීම වැලැක්වීමට මේ අයුරින් තද ලොක්ඩවුන් කරමින් දුප්පත් අයගේ පිහිටට ආධාර ලබාගනු. සියලු වියදම් නවත්වා මාසයක කාලයක් මෙලෙස ලොක්ඩවුන් කලොත් වෛරසය අක්‍රිය වී එය පාලනය කල හැකි මට්ටමකට පැමිනේ.
9. ඒ අතර එන්නත් ලබා දීමේ වත්මන් ක්‍රමය වහා නවතා ආරක්ෂා කාරී ලෙස ඔන් ලයින් ක්‍රමයකට ඒවා ලබා දීමට කටයුතු කරන්න . නැතිනම් රෝගය තවත් පැතිරේවි. මෝඩ ලෙස ක්‍රමයක් නොමැතිව සෙනග රැස් කිරීම භයානක බව අමනයන්ට නොපෙනේද?
තව තවත් එන්නත් මිලදී ගැනීමට උත්සාහ කරන්න. හැකිනම් පුද්ගලික අංශයට හැකි අයුරකින් ඒවා ලබා ගැනීමට ඉඩ දෙන්න.
ඇෆ්ලටොක්සින් පොල්තෙල් මෙන් නොව තත්ව පරික්ෂා කර ඒවා ගෙන්වීමට අවසර දෙන්න.
10. මා නිතර නිතර කියු ලෙස පුටු රත්කරන නිද්‍රාශීලී සෞඛ්‍ය බලධාරින් එලවා, සක්‍රියව බිම් මට්ටමේ සිට වැඩ කල හැකි අය පත්කර ගන්න. එහෙයියෝ නොව සටන් කාමින් රටට හොඳය.
11 ඔක්සිජන් දෙන්න පුහුනු හෙදියන්ම අපට නැහැ. වැඩ කරන හැටි කියල දීල පුහුණු වන හෙදි, හමුදා අයට මේක බාර දෙමු. ඉන්දියාවෙ නම් වටේ ඉන්න අය දෙන්නෙ. ඒ විතරක් නොවේ හෘද මසාජ් දෙන්නෙත් වටේ ඉන්න අය.

මේ රට ඉවර වෙන්න ඇත්තේ තව ටිකයි. විපක්ෂ පක්ෂ සියලු දෙනාටයි මේ පණිවිඩය. අරහෙම කලා නම් හොඳයි, වැරැද්ද මෙයාගෙ, අපි හිටියනං මෙහෙම වෙන්නෙ නැහැ වගේ පුහු වහසිබස් නොදොඩා සියල්ලන් එකමුතුවී රට බේරා ගැනීමට දැන් වැඩ නොකලොත් ඔය ලොකු ලොක්කෝ, පක්ෂ විපක්ෂ හා අපි ඔක්කොම ලඟදීම දුම් රොටු ලෙස අහසට යාවි.

17/03/2021
09/03/2021
💪
04/03/2021

💪

Guess who...?
01/03/2021

Guess who...?

❤️
27/02/2021

❤️

Address

Maharagama

Website

Alerts

Be the first to know and let us send you an email when S e a r c h M e posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share