08/05/2026
මුලු රටටම හුස්ම බෙදන පෙනහළු බඳු "සිංහරාජ වන රක්ෂිතය" 😱😍💚🇱🇰
ශ්‍රී ලංකාවෙහි මධ්‍යම කදුකරයේ නිරිත දිගින් පිහිටි රක්වාන කදුවැටියේ උස මීටර 300-1170 සීමාවේ, හේක්ටයාර 11250 ක පැතිර පවතින ජාතික වන වනෝද්‍යානයකි. එය අන්තර්ජාතික අවධානයට ලක් වී ඇති අතර යුනෙස්කෝව විසින් ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුම අඩවියක් ලෙසට නම් කොට ඇත.
ශ්‍රී ලංකාවෙහි පහතරට වැසි වනාන්තර පරිසර කලාපයේ කොටසක් වන මෙම නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය, පිවිසුම් අපහසුතාව හේතුවෙන් වාණිජකරණයට ලක් වීමෙන් ආරක්ෂා විය. මෙය 1978 වසරේ දී ජෛවගෝල රක්ෂිතයක් ලෙස ද, 1988 වසරේ දී ලෝක උරුමයක් ලෙස ද නම් කොට තිබීම ඒ සඳහා තවත් හේතුවක් විය. රක්ෂිතයේ “සිංහරාජය” යන නාමය “සිංහරජදහන” අරුත් දේ.
සිංහරාජ වන රක්ෂිතය කළු ගඟ ද්‍රෝණියේ වැඩි කොටසක් සහ උතුරු ගිං ගඟේ කුඩා කොටසක් ආවරණය කරයි. වනාන්තරයෙන් වැඩි ප්‍රමාණයක් (60%) රත්නපුර දිස්ත්‍රික්කයේ මායිම් තුළ පවතී. අනෙකුත් කොටස්වලට 20%ක් ගාල්ල දිස්ත්‍රික්කය සහ මාතර දිස්ත්‍රික්කය 20%ක් ඇතුළත් වේ.
සිංහරාජ වනාන්තරයේ උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 1171 ක උසකින් යුතු හිනිපිටිගල කඳු මුදුනයි .
සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයට (IUCN) අනුව, සිංහරාජය ප්‍රාථමික නිවර්තන වැසි වනාන්තරවල රටේ අවසාන ශක්‍ය ප්‍රදේශයයි. ගස් වලින් 60% කට වඩා ආවේණික වන අතර ඒවායින් බොහොමයක් දුර්ලභ ලෙස සැලකේ. ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව විශේෂවලින් 50%ක් (විශේෂයෙන් සමනලයන්, උභයජීවීන්, කුරුල්ලන්, සර්පයන් සහ මත්ස්‍ය විශේෂ). එය 95% ආවේණික පක්ෂීන්ගේ නිවහනයි.
සිංහරාජයේ ප්‍රධාන ස්ථර 5 ක ට විහිදුණ ශාක ප්‍රජා කිහිපයක් දැකිය හැකිය
* උඩු වියන් ස්ථරය ( බටු,නා,වැලිපියන්න,කීන,බෙරලිය )
* උප වියන් ස්ථරය ( හැඩවක,මලබොඩ,දිය නා )
* යටි ස්ථරය ( මඩොල්,අතුකැටිය )
* පඳුරු ස්ථරය ( වල් බෝඹු,පිනිබරු,පෙරතඹල )
* ආරෝහ ශාක හා කඳක් නොමැති ශාක ( වල් ගම්මිරිස්,මීවන වර්ග...)
ලෙස පැහැදිලිව වෙන්කළ හැකි ස්ථරයක් සහිත ශාක රැසක් සිංහරාජයේ දී දැකගත හැකි අතර බොහෝමයක් ශාක රාශියක් දැකගත හැකිය.ශ්‍රී ලංකාවට ආවේණික ශාක විශේෂ 25 න් 13 ක් සිංහරාජයෙන් වාර්තා වී ඇත..
🌳 ආවේණික ශාක:
හොර,දොරණ,කීන,බදුල්ල,ගොඩපර,වනරාජ,ඉරු රාජ,බටු නා,කිරිහැඹිලිය,තිනියදුන්,ගොඩබෙරලිය,බෙරලිය,තීනියා,මඩොල්,අතුකැටිය
🌳 සිංහරාජයට ආවේණික වූ සත්වයින්:
අතීතයේ සිංහරාජයේ විශාල අලි ගහණයක් වාර්තා වී ඇති නමුත් වර්තමානයේ ඉතා සුළු පිරිසක් දැකගත හැකි අතර ඔවුන් රක්වාන ආසන්න වනාන්තර ප්‍රදේශයේ සැරි සරනු ලැබේ.දිවියා,කොළ දිවියා,ගෝනා,ඕලු මුවා ඇතුළු සත්ත්ව ප්‍රජාවකට වාසභූමි වී සිංහරාජයේ ලංකාවට ආවේණික ක්ෂීරපායි විශේෂ 12 න් 8 ක් වාර්තා වී ඇත.
පක්ෂි විශේෂ 160 ක් පමණ වාසය කරන සිංහරාජයේ කැහිබෙල්ලා,සුදු ශාරිකාවා,හිස අළු දෙමළිච්චා,බට ඇටිකුකුළා ඇතුළු ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 18 ක් දැකිය හැකිය.
උරග විශේෂ 45 ක් පමණ වාර්තා වී ඇති අතර ඉන් 21 ක් ශ්‍රී ලංකාවට ආවේණික ය.දුර්ලභ උභයජීවී විශේෂ 50 ක් පමණ ද , මිරිදිය මත්ස්‍ය විශේෂ 20 ක් හා සමනල විශේෂ 65 ක් පමණ ද සිංහරාජයෙන් වනාන්තර වේ..
සිංහරාජයට මැදින් දකුණු ප්‍රදේශයෙන් ගිං ගඟ ද , උතුරු ප්‍රදේශයෙන් කළු ගඟ ද ගලා බසී.එම ගංඟා දෙකට අමතරව සිංහරාජය තුළ කොස්තුලන ගඟ , මහදොළ , නාපොළ දොළ , කුඩව ගඟ , පිට කැලෙ ගඟ , කබ්කන්දාව ඇළ වැනි අතු ගංඟා පිහිටා ඇත.බ්‍රාහ්මණ ඇල්ල,දූවිලි ඇල්ල, ඌරා වැටුණ ඇල්ල , ගල්දොරුව ඇල්ල සිංහරාජයේ ප්‍රධාන දිය ඇළි වේ..
⭕ පිවිසුම් මාර්ග
ලංකාගම පිවිසුම :-
📌️ කොළඹ හරහා - දක්ශින අධිවේගිමාර්ගය - වැලිපැන්න පිටවීම - පැලවත්ත - නෙලුව - ලංකාගම
📌️ ගාල්ල - උඩුගම - තවලම - නෙලුව - ලංකාගම පිවිසුම.
කුඩව හරහා පිවිසුම:කොළඹ -->කලවාන -->කුඩව
📌️ කොළඹ -- ගාල්ල ---දෙනියාය--පල්ලේගම---මෙදේරිපිටිය---- පිටදෙනිය
📌️ කොළඔ - ගාල්ල - දෙනියාය - විහාරහේන - සමන්ගල පිවිසුම.
📝 Post credit gose to respective owner..