SL VIEW

SL VIEW 💚 The Sri Lankan View 💚
|Entertainment|Travel|Education|News
|Music|Gossip|Sport|Tech Info|Film|
|DM for Promotion 📩
(1)

සඳයි, බ්‍රහස්පතියි, සිකුරුයි දැන් බටහිර අහසෙ හරි ලස්සනට පේනවා ❤️ බලන්න ඔයාලත්...😍හඳට පහළින් තියෙන දීප්තිමත් ග්‍රහ වස්තුව...
19/05/2026

සඳයි, බ්‍රහස්පතියි, සිකුරුයි දැන් බටහිර අහසෙ හරි ලස්සනට පේනවා ❤️ බලන්න ඔයාලත්...😍

හඳට පහළින් තියෙන දීප්තිමත් ග්‍රහ වස්තුව සිකුරු. ඉහලින් තියෙන්නෙ බ්‍රහස්පති.

30 වසරක් පුරා මව්බිම වෙළාගෙන තිබූ යුධ ගිණි දැල් 2009 මැයි 18 වෙනිදා නිවා දැමුවේ බොහෝ පිරිසකගේ කැපවීමෙනි...! ❤️🙏ඒ වෙනුවෙන...
18/05/2026

30 වසරක් පුරා මව්බිම වෙළාගෙන තිබූ යුධ ගිණි දැල් 2009 මැයි 18 වෙනිදා නිවා දැමුවේ බොහෝ පිරිසකගේ කැපවීමෙනි...! ❤️🙏

ඒ වෙනුවෙන් දේශපාලන නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මහතාවත්, විශේෂයෙන් විජයග්‍රහණයට සටන් මෙහෙයවූ එවකට යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතාවත්, නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ප්‍රධාන සමස්ත ත්‍රිවිධ හමුදාවත්, ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු සියළු ආරක්ෂක අංශත් ගෞරවයෙන් සිහිපත් කලයුතුමයි..!
එමෙන්ම මව්බිමේ නිදහස වෙනුවෙන් තම ජීවිත පූජා කල, සදාකාලික ආබාධිත වූ රණවිරුවන්, ඔවුන්ගෙ පවුල්වල සාමාජිකයන් සියල්ලන් සිහිපත් කරන්නේ ඉතාමත් ගෞරවයෙන් සහ අභිමානයෙන්..🙏
රට වෙනුවෙන්,අප වෙනුවෙන් ඔබ කල ඒ කැපකිරීමට අප සදා ණයගැතියි..🥺❤️

ඔවුන් පැතූ ඒ නිදහස්, ජාති ආගම් භේද නැති, සාමකාමී රට ආරක්ෂා කර ගැනීම අප සැමගේ වගකීම සහ යුතුකමයි..!

🔴 මේ කියන්නේ ඇඟ හිරිවැටිලා යන නිව්ස් එකක් ගැන කතාවක්..ඒ වගේම සමහර විට අපි දන්න ඉතිහාසයේ බරපතළම ස්වාභාවික ව්‍යසනය මේක වෙන...
16/05/2026

🔴 මේ කියන්නේ ඇඟ හිරිවැටිලා යන නිව්ස් එකක් ගැන කතාවක්..

ඒ වගේම සමහර විට අපි දන්න ඉතිහාසයේ බරපතළම ස්වාභාවික ව්‍යසනය මේක වෙන්න පුලුවන්.ලෝකේ පුරාම මාධ්‍ය මේක දැඩි ලෙස වාර්තා කරමින් ඉන්නවා.ඒ මේ වසරේ අග සිදුවෙනවා කියලා කියන සුපර් එල්නිනෝ තත්වය.1877 මිලියන 50කට වඩා ජීවිතක්ෂයට පත් උන එල්නිනෝ එකෙන් පස්සේ ලෝකයේ ඇති වන ප්‍රබලම එල්නිනෝ එක මේක වෙන්න පුලුවන් කියලා කාලගුණ වාර්තා ඉදිරිපත් කරමින් ඔවුන් ප්‍රකාශ කරනවා.එසේ වුවහොත් ලෝක ජනගහනයෙන් මිලියන ගාණක් අති විශාල පිරිසක් මේකෙන් ජීවිතක්ෂයට පත් වෙන්න පුලුවන්.මේක වලක්වගන්න කිසිම විදියක් නෑ.

මේ එල්නිනෝ එක වෙන්නේ මෙහෙමයි.

සාමාන්‍ය කාලවලදී පැසිෆික් සාගරයේ සමකය දිගේ සුළං නැගෙනහිර සිට බටහිර දෙසට (එනම් දකුණු ඇමරිකාවේ සිට ආසියාව දෙසට) තදින් හමා යනවා. මේ සුළඟ මඟින් සාගර මතුපිට ඇති උණුසුම් ජල තට්ටුව ආසියාව සහ ඕස්ට්‍රේලියාව දෙසට තල්ලු කරනවා.එතකොට දකුණු ඇමරිකානු වෙරළ අසල ගැඹුරු මුහුදේ ඇති සීත පදාර්ථ ජලය මතුපිටට පැමිනෙනවා.යම් හේතුවක් නිසා (මෙය වසර කිහිපයකට වරක් සිදුවන ස්වභාවික චක්‍රයකි) මේ හමා යන වාණිජ සුළං දුර්වල වීමට පටන් ගනී. ඇතැම් විට සුළං දිශාව පවා වෙනස් වේ. එවිට ආසියාව දෙසට තල්ලු වී තිබූ උණුසුම් ජල කඳ නැවතත් දකුණු ඇමරිකාව දෙසට (නැගෙනහිරට) ගලා ඒමට පටන් ගන්නවා.මෙම උණුසුම් ජලය දකුණු ඇමරිකානු වෙරළට ළඟා උනාට පස්සේ, සාමාන්‍යයෙන් සිදුවන සීතල ජලය මතුපිටට ඒමේ ක්‍රියාවලිය නතර වෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස පැසිෆික් සාගරයේ මධ්‍යම සහ නැගෙනහිර ප්‍රදේශවල ජලය සාමාන්‍යයට වඩා බෙහෙවින් උණුසුම් වෙනවා. මෙය "එල් නිනෝ" තත්ත්වය ලෙස හඳුන්වනවා.

සාගරය උණුසුම් වෙද්දි එම උණුසුම මඟින් ඊට ඉහළින් ඇති වාතය ද රත් කර ඉහළට ඔසවනවා. මෙය වායුගෝලයේ පීඩන රටාවන් වෙනස් කරනවා.සාමාන්‍යයෙන් ආසියාවට වැසි රැගෙන එන වලාකුළු, දැන් සාගරය මැදට හෝ දකුණු ඇමරිකාව දෙසට ගමන් කරන්න ගන්නවා.ආසියාව ආශ්‍රිත මුහුදේ උෂ්ණත්වය අඩු වීම නිසා පීඩනට අඩු වෙලා වලාකුළු අවම වෙලා දැඩි නියඟයක් හට ගන්නවා.කෙටියෙන් කියනවා නම් මේක හරියට පෘථිවියේ Ac System එක වැරදි පැත්තට ක්‍රියාත්මක කරා වගේ දෙයක්. සීතල වෙන්න ඕනි තැන් රත් වීමත්, වැසි ලැබිය යුතු තැන් වියළී යාමත් මෙහිදී සිදු වෙනවා.

සාමාන්‍යයෙන් සුපර් එල්නිනෝ එකක් ඇති වෙන්න සාගරයේ සාමාන්‍ය උෂ්ණත්වය අංශය 1.5කින් වැඩි වෙන්න ඕනි.නමුත් ජාත්‍යන්තර කාලගුණ විද්‍යා ආයතන දත්ත අනුව ඒක 2.5 මාරන්තික සීමාවත් ඉක්මවා යනවා.ඇමරිකානු ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලනය (NOAA) නිකුත් කළ දත්ත වලට අනුව මේක ඇති වෙන්න 90% කට වඩා ඉඩක් තියෙනවා.

මේකන් ආසියාව,අප්‍රිකාව,ඕස්ට්‍රේලියාව වගේ රටවල් අතිශය ප්‍රබල උණුසුම් කාලගුණයටක ලක්වෙනව.සමහර විට 40° වලට වඩා වැඩි අධික උණුසුමක් බලාපොරොත්තු වෙන්න වේවි.ඒක අපි පහුගිය මාස වල මුහුණ දුන්නට වඩා ඉතා බරපතළ තත්වයක්.ඒ වගේම ඇමේසන් වනාන්තරය කලාපයේ ඉතා දරුණු ලැව් ගිනි හට ගන්න පුලුවන්.අනිත් පැත්තෙන් පේරු,ඉක්වදෝරය,අමරිකාවේ කැලිෆෝනියාව වගේ පැති වලට ඉතිහාසයේ දරුණුම වැසි,කුණාටු ඇති වෙන්න පුලුවන්.ඉතා බරපතළ ගණයේ ඒවා.

ඒකෙන් පස්සෙත් මේක අවසන් වෙන්නේ නෑ.මේ සංසිද්ධියෙන් පස්සේ සාගරයේ ගැඹුරේ පවතින අධික තාපය මුදා හැරීම නිසා ලෝකයේ දේශගුණය නැවත හැරවිය නොහැකි ලෙස ඒකෙන් වෙනස් වෙන්න පුලුවන්.සීතල කලාප දැඩි උණුසුම් කලාප වෙන්න පුලුවන්.කලින් උණුසුම් කලාප සීතල කලාප වෙලා දැඩි අසමතුලිතබවක් ඇති වෙන්න ඉඩ තියෙනවා.මේකෙන් ලෝකයේ වගාවන් 30%ක් වගේ අතිවිශාල ලෙස විනාස වේවි කියලා වාර්තා පෙන්නලා දෙනවා.

යුද්ධයක් ඇති උනාම අදාළ පාර්ශව වලට සාකච්ඡා කරලා ඒක විසදගන්න පුලුවන්.නමුත් ස්වාභාවික ව්‍යසන වළක්ව ගන්න විදියක් නෑ.මේවා මිනිස් ක්‍රියාකාරකම් වලින් ගෝලීය උණුසුමට උන බලපෑම එක්ක ආපහු මිනිස්සුන්ටම එන ප්‍රති විපාක.ලෝකයේ මිනිස්සුන්ට ජීවත් වෙන්න තිබ්බ හොඳම කාලය එහෙම නැත්නම් හොලෝසීමය දැන් අවසන් වෙලා තියෙන්නේ.මේ තියෙන්නේ මාරක කාලයක්.දිට්වා වගේ කුණාටු අපිට අනාගතයේ නිතර දකින්න ලැබේවි,ඉස්සරහට ඔයාගේ මගේ ගෙදරක වත්ත මැදින් ටෝනේඩෝ එකක් යනවා දැක්කත් පුදුමවෙන්න එපා.ගෝලීය උෂ්ණත්වය ,දේශගුණ විපර්යාස ඒ තරම් මේ ලෝකය වෙනස් කරලා.

සමහර විට මානව ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදයක ආරම්භය මේක වෙන්න පුලුවන්. සමස්ත ලෝකයම කිසිදු බලාපොරොත්තුවක් නැතුව මේ මහා විනාශය දෙස බලන් ඉද්දි හෙට දවසේ අපිට හුස්ම ගන්නවත් වාතය සහ බොන්න දිය බිඳක් ඉතිරි වේවිද කියන බය හිතෙන ප්‍රශ්නය අපි ඉස්සරහ ඉතුරු වෙලා තියෙනවා.💔😥

සංජය ප්‍රදීප්
Green Project Api

Sources - CNN,BBC,The Washington Post,NOAA Data

කවුරුත් හොයන මේ ප්‍රතිමාව කාගෙද ?එය රත්නාවලී බිසවගෙ,රත්නාවලී බිසව යනු කවුද?ඇය මහා පරාක්‍රමබාහු රජතුමාගේ මෑණියන් වේ. ඇය ප...
15/05/2026

කවුරුත් හොයන මේ ප්‍රතිමාව කාගෙද ?

එය රත්නාවලී බිසවගෙ,
රත්නාවලී බිසව යනු කවුද?

ඇය මහා පරාක්‍රමබාහු රජතුමාගේ මෑණියන් වේ. ඇය පළමුවන විජයබාහු රජුගේ දියණියක් වන අතර මනභරණ කුමරුගේ බිසවයි.

ලංකාව එක්සේසත් කළ ශ්‍රේෂ්ඨ රජෙකු වූ මහා පරාක්‍රමබාහු රජුට උපත ලබා දීමත්, ඔහු රජකමට සුදුසු පරිදි හැඩගැස්වීමට ඇය දැක්වූ දායකත්වයත් නිසා ඉතිහාසයේ ඇයට සුවිශේෂී ස්ථානයක් හිමිව ඇත.

අම්බලන්තොට ප්‍රාදේශීය බල ප්‍රදේශයට අයත් මාමඩල ප්‍රදේශය රත්නාවලී බිසවගේ ඉතිහාසයට සෘජුවම සම්බන්ධයි

මාමඩලට නුදුරින් පිහිටි රම්බා විහාරය එකල රුහුණු රාජධානියේ මධ්‍යස්ථානයක් ලෙස පැවතුණා. රත්නාවලී බිසව සහ ඇයගේ සැමියා වූ මනභරණ කුමරු රුහුණ පාලනය කළ සමයේ වාසය කළේ මෙම ප්‍රදේශය ආශ්‍රිතව බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වේ.

මාමඩල මංසන්දියේ ඉදිකර ඇති රත්නාවලී බිසවගේ පිළිරුව මගින් එම ප්‍රදේශයේ ඓතිහාසික අභිමානය සහ ඇය කෙරෙහි ඇති ගෞරවය විදහා දක්වනවා.

මෙම බිසව ඉතාමත් ධෛර්යවන්ත සහ බුද්ධිමත් කාන්තාවක ලෙස හඳුන්වනු ලබයි. මහා පරාක්‍රමබාහු රජුගේ ළමා කාලය සහ ඔහුට අවශ්‍ය ආරක්ෂාව මෙන්ම මගපෙන්වීම ලබා දීමට ඇය රුහුණේ සිට විශාල මෙහෙවරක් ඉටු කළාය.

රම්බා විහාරය පුරාවිද්‍යා කැනීම් භූමියකි.

ඔන්න කුතුහලය ඉවරයි..

📝 Post credit gose to respective owner

පුංචියට ගෙයක් හදාගන්න හීන මවන ඔයාටයි මේ අදහස් ටික..😍😱🙈❤
13/05/2026

පුංචියට ගෙයක් හදාගන්න හීන මවන ඔයාටයි මේ අදහස් ටික..😍😱🙈❤

13/05/2026

එලියට ඇවිත් ඔයාගෙ Phone එකෙන් වැස්සෙ ලස්සන ෆොටෝ එකක් අරන් දාන්නකෝ බලන්න 😍⛈🌧

12/05/2026

රැග් එක දෙන්න බලන් හිටපු සෙට් එක 🥲💔

මුලු රටටම හුස්ම බෙදන පෙනහළු බඳු "සිංහරාජ වන රක්ෂිතය" 😱😍💚🇱🇰ශ්‍රී ලංකාවෙහි මධ්‍යම කදුකරයේ නිරිත දිගින් පිහිටි රක්වාන කදුවැ...
08/05/2026

මුලු රටටම හුස්ම බෙදන පෙනහළු බඳු "සිංහරාජ වන රක්ෂිතය" 😱😍💚🇱🇰

ශ්‍රී ලංකාවෙහි මධ්‍යම කදුකරයේ නිරිත දිගින් පිහිටි රක්වාන කදුවැටියේ උස මීටර 300-1170 සීමාවේ, හේක්ටයාර 11250 ක පැතිර පවතින ජාතික වන වනෝද්‍යානයකි. එය අන්තර්ජාතික අවධානයට ලක් වී ඇති අතර යුනෙස්කෝව විසින් ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුම අඩවියක් ‍ලෙසට නම් කොට ඇත.

ශ්‍රී ලංකාවෙහි පහතරට වැසි වනාන්තර පරිසර කලාප‌‍යේ ‌‍කොටසක් වන ‌‍මෙම ‍නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය, පිවිසු‌ම් අපහසුතාව හේතුවෙන් වාණිජකරණයට ලක් වී‍මෙන් ආරක්ෂා විය. මෙය 1978 වස‌‍රේ දී ‍ජෛවගෝල රක්ෂිතයක් ‌‍ලෙස ද, 1988 වස‌‍රේ දී ‍ලෝක උරුමයක් ‍ලෙස ද නම්‍‍‍ කොට තිබීම ඒ සඳහා තවත් හේතුවක් විය. ‌රක්ෂිත‌‍යේ “සිංහරාජය” යන නාමය “සිංහරජදහන” අරුත් ‍දේ.

සිංහරාජ වන රක්ෂිතය කළු ගඟ ද්‍රෝණියේ වැඩි කොටසක් සහ උතුරු ගිං ගඟේ කුඩා කොටසක් ආවරණය කරයි. වනාන්තරයෙන් වැඩි ප්‍රමාණයක් (60%) රත්නපුර දිස්ත්‍රික්කයේ මායිම් තුළ පවතී. අනෙකුත් කොටස්වලට 20%ක් ගාල්ල දිස්ත්‍රික්කය සහ මාතර දිස්ත්‍රික්කය 20%ක් ඇතුළත් වේ.

සිංහරාජ වනාන්තරයේ උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 1171 ක උසකින් යුතු හිනිපිටිගල කඳු මුදුනයි .

සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයට (IUCN) අනුව, සිංහරාජය ප්‍රාථමික නිවර්තන වැසි වනාන්තරවල රටේ අවසාන ශක්‍ය ප්‍රදේශයයි. ගස් වලින් 60% කට වඩා ආවේණික වන අතර ඒවායින් බොහොමයක් දුර්ලභ ලෙස සැලකේ. ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව විශේෂවලින් 50%ක් (විශේෂයෙන් සමනලයන්, උභයජීවීන්, කුරුල්ලන්, සර්පයන් සහ මත්ස්‍ය විශේෂ). එය 95% ආවේණික පක්ෂීන්ගේ නිවහනයි.

සිංහරාජයේ ප්‍රධාන ස්ථර 5 ක ට විහිදුණ ශාක ප්‍රජා කිහිපයක් දැකිය හැකිය

* උඩු වියන් ස්ථරය ( බටු,නා,වැලිපියන්න,කීන,බෙරලිය )
* උප වියන් ස්ථරය ( හැඩවක,මලබොඩ,දිය නා )
* යටි ස්ථරය ( මඩොල්,අතුකැටිය )
* පඳුරු ස්ථරය ( වල් බෝඹු,පිනිබරු,පෙරතඹල )
* ආරෝහ ශාක හා කඳක් නොමැති ශාක ( වල් ගම්මිරිස්,මීවන වර්ග...)
ලෙස පැහැදිලිව වෙන්කළ හැකි ස්ථරයක් සහිත ශාක රැසක් සිංහරාජයේ දී දැකගත හැකි අතර බොහෝමයක් ශාක රාශියක් දැකගත හැකිය.ශ්‍රී ලංකාවට ආවේණික ශාක විශේෂ 25 න් 13 ක් සිංහරාජයෙන් වාර්තා වී ඇත..

🌳 ආවේණික ශාක:
හොර,දොරණ,කීන,බදුල්ල,ගොඩපර,වනරාජ,ඉරු රාජ,බටු නා,කිරිහැඹිලිය,තිනියදුන්,ගොඩබෙරලිය,බෙරලිය,තීනියා,මඩොල්,අතුකැටිය

🌳 සිංහරාජයට ආවේණික වූ සත්වයින්:
අතීතයේ සිංහරාජයේ විශාල අලි ගහණයක් වාර්තා වී ඇති නමුත් වර්තමානයේ ඉතා සුළු පිරිසක් දැකගත හැකි අතර ඔවුන් රක්වාන ආසන්න වනාන්තර ප්‍රදේශයේ සැරි සරනු ලැබේ.දිවියා,කොළ දිවියා,ගෝනා,ඕලු මුවා ඇතුළු සත්ත්ව ප්‍රජාවකට වාසභූමි වී සිංහරාජයේ ලංකාවට ආවේණික ක්ෂීරපායි විශේෂ 12 න් 8 ක් වාර්තා වී ඇත.

පක්ෂි විශේෂ 160 ක් පමණ වාසය කරන සිංහරාජයේ කැහිබෙල්ලා,සුදු ශාරිකාවා,හිස අළු දෙමළිච්චා,බට ඇටිකුකුළා ඇතුළු ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 18 ක් දැකිය හැකිය.
උරග විශේෂ 45 ක් පමණ වාර්තා වී ඇති අතර ඉන් 21 ක් ශ්‍රී ලංකාවට ආවේණික ය.දුර්ලභ උභයජීවී විශේෂ 50 ක් පමණ ද , මිරිදිය මත්ස්‍ය විශේෂ 20 ක් හා සමනල විශේෂ 65 ක් පමණ ද සිංහරාජයෙන් වනාන්තර වේ..

සිංහරාජයට මැදින් දකුණු ප්‍රදේශයෙන් ගිං ගඟ ද , උතුරු ප්‍රදේශයෙන් කළු ගඟ ද ගලා බසී.එම ගංඟා දෙකට අමතරව සිංහරාජය තුළ කොස්තුලන ගඟ , මහදොළ , නාපොළ දොළ , කුඩව ගඟ , පිට කැලෙ ගඟ , කබ්කන්දාව ඇළ වැනි අතු ගංඟා පිහිටා ඇත.බ්‍රාහ්මණ ඇල්ල,දූවිලි ඇල්ල, ඌරා වැටුණ ඇල්ල , ගල්දොරුව ඇල්ල සිංහරාජයේ ප්‍රධාන දිය ඇළි වේ..

⭕ පිවිසුම් මාර්ග

ලංකාගම පිවිසුම :-
📌️ කොළඹ හරහා - දක්ශින අධිවේගිමාර්ගය - වැලිපැන්න පිටවීම - පැලවත්ත - නෙලුව - ලංකාගම
📌️ ගාල්ල - උඩුගම - තවලම - නෙලුව - ලංකාගම පිවිසුම.
කුඩව හරහා පිවිසුම:කොළඹ -->කලවාන -->කුඩව
📌️ කොළඹ -- ගාල්ල ---දෙනියාය--පල්ලේගම---මෙදේරිපිටිය---- පිටදෙනිය
📌️ කොළඔ - ගාල්ල - දෙනියාය - විහාරහේන - සමන්ගල පිවිසුම.

📝 Post credit gose to respective owner..

සුභ මංගලම් Shanudrie Priyasad & Dinesh 😍💐
06/05/2026

සුභ මංගලම්
Shanudrie Priyasad & Dinesh 😍💐

06/05/2026

ඔබේ මංගල දිනයට එක් අයෙකුට ආරාධනා කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඔහු වෙලාවට නොපැමිණියොත් ඔබට රු.මිලියනයක් ලැබෙනවා. ඔබේ තෝරාගැනීම කවුද ?

05/05/2026

ජයග්‍රහණය යනු හුදෙක් ප්‍රථමයා වීමම නොවන වග 😍🌻

Address

Lathpandura

Alerts

Be the first to know and let us send you an email when SL VIEW posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share