Thespian Theater

Thespian Theater Theater of Research performing arts

02/06/2026
තෙස්පියන්ලගේ අවුරුද්ද 2026
28/04/2026

තෙස්පියන්ලගේ අවුරුද්ද 2026

තෙස්පියන් තියටර් නිර්මාණය කරලා වසර තුනක් ඉක්මවු මොහොතක පලවෙනි වතාවට අපේ කණ්ඩායමෙන් බාහිර නාට්‍ය නිර්මාණයකට තෙස්පියන් ‍රං...
27/03/2026

තෙස්පියන් තියටර් නිර්මාණය කරලා වසර තුනක් ඉක්මවු මොහොතක පලවෙනි වතාවට අපේ කණ්ඩායමෙන් බාහිර නාට්‍ය නිර්මාණයකට තෙස්පියන් ‍රංග පරිශ්‍රයේ ඉඩකඩ වෙන් කරන්න අපි හිතුවා. ඒ නාට්‍ය වේදි මහේෂ් කුමාර විසින් පරිවර්තනය ‍කොට අධ්‍යක්ෂණය කළ හාර්ට්ප්ලේ නාට්‍ය නිර්මාණයට. එහි මුල් රචනය අයිති ජර්මානු ජාතික නාට්‍ය වේදි හයිනමුලර්ට. නාට්‍ය නිර්මාණය රංග ගත කිරීමට නියමිතව තිබුණේ හරියටම මාර්තු 22 සවස 7ට. එනිසා නාට්‍ය කණ්ඩායම 21 වෙනිදාම තෙස්පියන් රංග පරිශ්‍රයට ආවේ ‍රංගාලෝකය ඇතුළු පෙර පුහුණුවීම් සදහාවෙන්. ඒ මුණ ගැහිම ඉතාම ලෙංගතු මුණ ගැහීමක්. වැස්ස පුහුණුවීම් වලට බාධාවන් සිදු කළත් මහපාන්දර වනතුරුම පුහුණුවීම් කටයුතු සිද්ධ කළා. 22 උදා උනා අපි හැමෝම නාට්‍ය දර්ශනය සදහාවෙන් සුදානම් උනා. ආයෙමත් වැස්සෙන් බාධා. පැයකටත් වඩා වැඩි කාලයක් අපිටයි ප්‍රේක්ෂකයන්ට බලාගෙන ඉන්න සිද්ද උනේ වැස්සම නිසා. නාට්‍ය යේ රංග කාලය විනාඩි 20 යි. ඒ විනාඩි 20 වෙනුවෙන් ප්‍රේක්ෂකයන් සෑහෙන ලොකු කාලයක් වෙන් කරලා තිබුණා. ඒක හාර්ට් ප්ලේ නාට්‍යයට විතරක් නෙවයෙි ගොඩනැගෙන තෙස්පියන් අපටත් ලොකු ගෞරවයක්. නාට්‍ය රංග ගත කළා. නාට්‍ය පිලිබදව හයිනමුලර් පිළිබදව සාකච්චාවකුත් ඇති වුණා. ඉතිං අපි විශ්වාස කරනවා නාට්‍ය වේදි මහේෂ් කුමාර ව‍ගේම ප්‍රේක්ෂක ඔබත් තෙස්පියන් රංග පරිශ්‍රයේ දි නැවත මුණ ගැසෙන බව. ඉතින් මහේෂ් කුමාර ඇතුළු හාර්ට් ප්ලේ නාට්‍ය කණ්ඩායමටත් එසේම එදා පැමිණි සමස්ත ප්‍රෙක්ෂකයන්ටත් ස්තුතියි. ආ...ඒ වගේම එන්න හිතන් හිටිය මොනයම් හෝ හේතුවක් නිසාවෙන් ඒමට නොහැකි වු ඔබටත් බොහොම ස්තුයියි. මුණ ගැහෙමු ඉතාම ඉක්මනින්.

වැස්ස නිසා පොඩි ප්‍රමාදයක්... එන අයට තව පොඩි වෙලාවක් තියෙනවා..
22/03/2026

වැස්ස නිසා පොඩි ප්‍රමාදයක්... එන අයට තව පොඩි වෙලාවක් තියෙනවා..

අද හවස 7 ට... එන්න අප සූදානම්
22/03/2026

අද හවස 7 ට... එන්න අප සූදානම්

ජර්මානු ජාතික නාට්‍යවේදී හයිනර් මූලර් විසින් රචිත මහේෂ් කුමාර විසින් පරිවර්තනය කොට අධ්‍යක්ෂණය කරන පැය භාගයක් පුරා දිවෙන ...
22/03/2026

ජර්මානු ජාතික නාට්‍යවේදී හයිනර් මූලර් විසින් රචිත මහේෂ් කුමාර විසින් පරිවර්තනය කොට අධ්‍යක්ෂණය කරන පැය භාගයක් පුරා දිවෙන Heart Play නාට්‍ය අද සවස 7.00 ට තෙස්පියන් රංග පරිශ්‍රයේ දී රග දැක්වීමට සියල්ල සූදානම්.

ඇතුළුවීම නොමිලේ. අපි හවස මුණ ගැහෙමු නාට්‍ය බලන්න.

හෙට හවස 7.00 ට.. එන්න තෙස්පියන් රංග පරිශ්‍රයට... නාට්‍යක් රස විදින්න.. ඇතුළුවීම නොමිලේ. (රංගගත කාලය් විනාඩි 30යි)
21/03/2026

හෙට හවස 7.00 ට.. එන්න තෙස්පියන් රංග පරිශ්‍රයට... නාට්‍යක් රස විදින්න.. ඇතුළුවීම නොමිලේ. (රංගගත කාලය් විනාඩි 30යි)

ජර්මානු ජාතික නාට්‍යවේදී හයිනර් මූලර් විසින් රචිත මහේෂ් කුමාර විසින් පරිවර්තනය කොට අධ්‍යක්ෂණය කරන පැය භාගයක් පුරා දිවෙන ...
17/03/2026

ජර්මානු ජාතික නාට්‍යවේදී හයිනර් මූලර් විසින් රචිත මහේෂ් කුමාර විසින් පරිවර්තනය කොට අධ්‍යක්ෂණය කරන පැය භාගයක් පුරා දිවෙන Heart Play නාට්‍ය මාර්තු මස 22 සවස 7.00 ට තෙස්පියන් රංග පරිශ්‍රයේ දී රග දැක්වීමට සියල්ල සූදානම්.

ඇතුළුවීම නොමිලේ. අපි එදාට මුණ ගැහෙමු නාට්‍ය බලන්න.

හෙට දිනයේදී Alakamanda Art Academy එකෙහි පැවැත්වීමට නියමිතව තිබූ අපගේ සියලු වැඩසටහන් අවමංගල්‍යයක් හේතුවෙන් දින නියමයක් න...
13/03/2026

හෙට දිනයේදී Alakamanda Art Academy එකෙහි පැවැත්වීමට නියමිතව තිබූ අපගේ සියලු වැඩසටහන් අවමංගල්‍යයක් හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් ගිය බව කණගාටුවෙන් යුතුව දන්වා සිටිමු.

ඔව්. Thespian Theater අපි හෙට (මාර්තු 14) හරියටම උදේ 9 ට Alakamanda Art Academy ට පිටපත් රචනා ක්‍රියාවලියක්, කැමරාකරණය ප...
13/03/2026

ඔව්. Thespian Theater අපි හෙට (මාර්තු 14) හරියටම උදේ 9 ට Alakamanda Art Academy ට පිටපත් රචනා ක්‍රියාවලියක්, කැමරාකරණය පිළිබද වැඩමුළුවක් ආදී වැඩසටහන් කරන්න බලාපොරොත්තුවෙන් අපි එනවා..

එදා හැන්දෑවෙ හරියටම සවස 6.30 ට උඩවලව මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ප්‍රදීප් කොටුවේවත්ත MATHS with Pradeep kotuwewaththa මහතා සමගින් තෙස්පියන් මතක හැන්දෑවත් සූදානම්..

ඉතින් ඇඹිලිපිටිය කොළඹගේආර දෙවන පටුමග ආලකමන්දා පරිශ්‍රයට ඔබත් එන්න.

Address

Kuruwita

Website

Alerts

Be the first to know and let us send you an email when Thespian Theater posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share