18/03/2024
මං දැකල තියෙනවා සමහර කෙල්ලන්ට කොල්ලෝ අමු තිත්ත කුණුහරපෙන් බනිනවා.. 🖤
ඒ විතරක් නෙවෙයි සමහර පිරිමි කෙල්ලව නොන්ඩි කරනවා ඒකී මගෙ පස්සෙන් එනවා කියලා.. 🖤🖤
බදින්නත් කලින් කොල්ලන්ගෙන් ගුටි කකා ඉන්න අපහාස අහ අහා ඉන්න කෙල්ලෝ
කියන කතාවක් තමයි,
" අයියා එහෙම කරන්නේ මාව හදාගන්න" 🙂🖤
බුද්ධිමත් පිරිමි හදවතක් තියෙන පිරිම ගෑනුන්ට අපහාස කරන්නේ නෑ.. 😇❤️
ඔයා ඕක ආදරේ කියලා හිතනවා නම්
ඔයා දැකල නෑ ආදර කතා..
බදින්න කලින් කතා කරන්න දන්නේ නැති එකා බැන්දට පස්සේ හැදෙන්නේ නෑ....
බදින්න කලින් ඔයාට අත උස්සපු එකා බැන්දම ඒවා නවත්තන්නේ නෑ....
කසාදේ කියන්නේ මැජික් එකක් නෙවෙයි මිනිස්සු
වෙනස් කරන.. ❤🥀
අනික ඔය ඉන්නේ ලෝකේ අන්තිම කොල්ලත් නෙවෙයි..
කසාද බැන්දේ නෑ කියලා මිනිහෙක් මැරෙන්නේ නෑ හැබැයි ,
වැරදි කෙනා බැන්දොත් විඳව විදව ජිවත් වෙන්න වෙනවා....
සල්ලිවත් , ලස්සන නෙවෙයි ජිවිතේ කියන්නේ ඔයාව අගය කරන ඔයාට රෙස්පෙක්ට් කරන පිරිමියෙක් ගාව නවතින්න ජිවිතේම සුන්දර වෙයි.... ❤🥀