LiFe

LiFe Journey of Success

❤️
18/05/2026

❤️

13/05/2026

Khabib “the Eagle”Nurmagamedov full UFC career

Location -15 මනම්පිටිය දුම්රිය ස්ථානයමනම්පිටිය යනු උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි සුවිශේෂී දුම්රිය ස්ථ...
13/05/2026

Location -15 මනම්පිටිය දුම්රිය ස්ථානය

මනම්පිටිය යනු උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි සුවිශේෂී දුම්රිය ස්ථානයකි. එය කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ (Batticaloa Line) පිහිටා ඇති ප්‍රධාන නැවතුමකි.

1. පිහිටීම සහ ප්‍රවේශය
• දුර: කොළඹ කොටුවේ සිට කිලෝමීටර් 240ක් පමණ දුරින් පිහිටා ඇත.

• ප්‍රධාන නගර: පොළොන්නරුව නගරයේ සිට කිලෝමීටර් 10ක් පමණ නැගෙනහිරට වන්නට මඩකලපුව මාර්ගයේ පිහිටා ඇත.

• සීමාව: මෙය උතුරු මැද පළාතේ අවසානය සහ නැගෙනහිර පළාතේ ආරම්භය සනිටුහන් කරන ප්‍රදේශයක් ලෙසද සැලකිය හැකිය.

2. ඓතිහාසික සහ භූගෝලීය වැදගත්කම

මනම්පිටිය දුම්රිය ස්ථානය වඩාත් ප්‍රසිද්ධ වන්නේ එය මහවැලි ගඟ අසල පිහිටා ඇති බැවිනි.

• මනම්පිටිය පාලම: ලංකාවේ දිගම දුම්රිය පාලමක් මනම්පිටිය දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටා ඇත. 1922 දී බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකළ පැරණි පාලම, දුම්රිය සහ සාමාන්‍ය වාහන යන දෙකම එකම මට්ටමක ගමන් කළ මෙරට තිබූ සුවිශේෂී පාලමකි. (දැන් වාහන සඳහා වෙනම නව පාලමක් ඉදිකර ඇත).

• ජල ගැලීම්: වර්ෂා කාලයට මහවැලි ගඟ පිටාර ගැලීම නිසා මනම්පිටිය දුම්රිය ස්ථානය අවට ප්‍රදේශය නිතරම ජලයෙන් යටවන බැවින්, එම කාලයට දුම්රිය සේවාවන් පවා සීමා වීමට ඉඩ ඇත.

3. වනජීවී ආකර්ෂණය

මනම්පිටිය පිහිටා ඇත්තේ ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය (Flood Plains National Park) මායිමේය.

• දුම්රිය ස්ථානය අවට සහ දුම්රිය මාර්ගය දෙපස නිතරම වනඅලි දැකගත හැකිය.

• මහවැලි ගඟේ වැලි නිස්සාරණය කරන ආකාරය සහ ඒ අවට පරිසර පද්ධතිය නැරඹීමට බොහෝ දෙනෙක් මෙහි පැමිණෙති.

4. ආර්ථික සහ ප්‍රවාහන වැදගත්කම

• මඩකලපුව දුම්රිය: 'උදය දේවි' (Udaya Devi) සහ 'මීනගයා' (Meenagaya) වැනි ප්‍රධාන දුම්රියන් මනම්පිටිය හරහා ගමන් කරන අතර, මඩකලපුව දෙසට යන මගීන්ට මෙය ඉතා වැදගත් නැවතුමකි.

• පොළොන්නරුව සහ නැගෙනහිර යා කිරීම: පොළොන්නරුව අවට ගොවීන්ට සහ වෙළඳුන්ට නැගෙනහිර පළාත සමඟ ගනුදෙනු කිරීමට මෙය ප්‍රධාන මධ්‍යස්ථානයකි.

5. සංචාරකයින් සඳහා උපදෙස්

• ඡායාරූපකරණය: මහවැලි පාලම මතින් දුම්රිය ගමන් කරන දර්ශනය ඡායාරූප ශිල්පීන් අතර ඉතා ජනප්‍රියයි.

• ආරක්ෂාව: වනඅලි නිතර ගැවසෙන බැවින් සවස් කාලයේ පාලම මත පයින් ගමන් කිරීමේදී ඉතා සැළකිලිමත් විය යුතුය.

Location -14 ලංකාවේ උසම ගම්මානය නුවරඑළියේ "ශාන්තිපුර ගම්මානය" 🌼🌬️🍀🌾💧⛰️නුවරඑළිය කී සැනින් අපගේ සිතට ගතට දැනෙනුයේ මිහිඳුම්...
12/05/2026

Location -14 ලංකාවේ උසම ගම්මානය නුවරඑළියේ "ශාන්තිපුර ගම්මානය" 🌼🌬️🍀🌾💧⛰️

නුවරඑළිය කී සැනින් අපගේ සිතට ගතට දැනෙනුයේ මිහිඳුම් සළුවෙන් වසාගත් හිරිගඩු මල් පූදින අධික ශීතලකි. ශ්‍රී ලංකාවේ උසම ගම්මානය පිහිටියේ මෙවැනි අතිශය සුන්දරවූ පුංචි එංගලන්තයේ හෙවත් නුවරඑළියේය. ගතේ මෙන්ම සිතේ පතුලටම කිඳා බැසගත් එකී ශීතල පරයමින් මම පසුගියදා ලංකාවේ උසම ගම්මානයේ උසම තැනට ගියෙමි.
ශ්‍රී ලංකාවේ උසම ගම්මානය ශාන්තිපුරයයි. නුවරඑළියේ සිට ශාන්තිපුරයට ඇත්තේ කිලෝමීටර් හතරක් වැනි දුරකි. නුවරඑළිය නගරයේ සිට මහනුවර මාර්ගයේ කෙටි දුරක් පැමිණි පසු වම් අත දෙසට අධික නැග්මක් සමග පිහිටි මාර්ගය වැටී ඇත්තේ ශාන්තිපුරය දක්වාය. මෙකී පිවිසුම් මග හඳුනාගැනීමට අසීරුව ඇති අතර කිසිදු නාම පුවරුවක් ඒ සඳහා සකසා නොමැතිකම දෙස් විදෙස් සංචාරකයන්ට මහත් අඩුවකි.
ශාන්තිපුරය දක්වා වැටී ඇති මාර්ගයද ප‍්‍රතිසංස්කරණය නොකිරීම නිසා දැඩි ලෙස අබලන්ව පවතී. ශාන්තිපුර ගම්මානය පිහිටියේ කිකිළියාමාන කඳු මුදුනතය. එම ගම්මානය ආරම්භ කොට ඇත්තේ 1962 වසරේදීය. එවකට නුවරඑළිය මහ නගර සභාවේ පුරපතිව සිටි විලියම් ප‍්‍රනාන්දු මහතා මෙම ගම්මානය ආරම්භ කිරීමට අපමණ වෙහෙසක් දරා තිබේ. විවිධ පුද්ගලයන් ගේ විවිධ වූ බලපෑම් හමුවේ මෙම ගම්මානය ඉදිකර ගැනීම සඳහා විලියම් ප‍්‍රනාන්දු මහතා මාරාන්තික උපවාසයක් පවා ක‍්‍රියාත්මක කොට තිබේ.
ඔහුගේ ඒකී ඒකායන අධිෂ්ඨානය මල්ඵල දරමින් මෙසේ ශ්‍රී ලංකාවේ උසම ගම්මානය බිහිවී ඇත. පුරපතිවරයාගේ එකී නිර්භීත වැඩපිළිවෙළ නිසා මධ්‍යම කඳුකරයේ ගම්මාන පිහිටුවීම සඳහා පනතක් පවා සම්මත කර ගැනීමට ඔහුට ශක්තිය ලැබී ඇත. ඒ අනුව ගොවිජන ව්‍යාපාරයක් ලෙස 1962 වසරේදී ශාන්තිපුර ගම්මානය ආරම්භ කොට ඇත.
එවකට පැවැති නුවරඑළිය-මස්කෙළිය බහු ආසනය තුළ තවත් මෙවැනි ගම්මාන 18 ක් ආරම්භ කිරීමට විලියම් ප‍්‍රනාන්දු පුරපතිවරයාට හැකි වී තිබේ. තලවකැලේ ගුණානන්දපුර, හැටන් රුවන්පුර, ආගරපතන, කිත්සිරිමෙවන්පුර, පතන ජයසිරිපුර, බෝපත්තලාව වලගම්බාපුර ඊට තවත් නිදසුන් කීපයකි.ලංකාවේ උසම ගම්මානය මෙසේ ශාන්තිපුර ලෙස විලියම් ප‍්‍රනාන්දු පුරපතිවරයා විසින් නම් කොට ඇත්තේ තවත් එක් විශේෂ කාරණාවක් අරභයාය. ඒ මෙම පුරපතිවරයාගේ දේශපාලන ජීවිතේ නොමැකෙන සෙවණැල්ල සේ ළඟින් සිිටි තම ආදරණීය බිරිඳගේ නම මුල්කර ගෙනය.
ඇයගේ නම ශාන්ති වූ අතර ශ්‍රී ලංකාවේ උසම ගම්මානය එම නිසා ශාන්තිපුර නම් විය. මුහුදු මට්ටමේ සිට අඩි 7,342 ක් තරම් ඉහළින් පිහිටි මෙම ගම්මානය තුළ තවත් වාර්තා රැුසක් පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ පිහිටි උසම බස් මගී ආවරණය, උසම පන්සල, උසම නිවස, උසම ප‍්‍රදේශයේ පිහිටි මහාමාර්ග, උසම ජලාශය ආදී බොහෝ උසම ස්ථාන ඇත්තේ මෙහිය. ශාන්තිපුර ගම්මානය ඉදිකොට ඇත්තේ සුන්දර කිකිළියාමාන කන්ද මතය. කඳු මත ගම්මාන ඉදි කිරීම බොහෝ පාරිසරික ගැටලූවලට ඍජුව තුඩු දෙන සාධකයකි.
මෙම ගම්මානයට පහළින් පිහිටා ඇත්තේ දෙස් විදෙස් සංචාරකයන් වැල නොකැඞී යන එන නුවරඑළිය නගරයයි. ජල පෝෂක ප‍්‍රදේශ එළි පෙහෙළි කර මෙම ගම්මානය ඉදිවීම නිසා දැනට නුවරඑළිය නගර වැසියන් සේම ශාන්තිපුර ගම්මානයේ වැසියෝද උග‍්‍ර ජල හිඟයකට මුහුණ පා සිටිති. විශේෂයෙන්ම ශාන්තිපුර ගම්මානයේ වැසියන්ගෙන් 95% ක් පමණ ජීවන වෘත්තිය වන්නෙ කෘෂි කර්මාන්තයයි.
එම නිසා මෙම ගැටළුව තව දුරටත් ඔඩු දුවමින් පවතී. ශාන්තිපුර ගම්මානය බොහෝ ඈත ඉතිහාසයට නෑකම් කියන ප‍්‍රදේශයක් බව ඉතිහාස කතා කාරණාවලින් කියවේ. ඒ අනුව වීර කැප්පෙටිපොල අධිකාරම් නිලමේවරයා කලක් රහසිගත ලෙස සැඟවී සිටි ගල් ලෙනද පිහිටා ඇත්තේ මෙකී සුන්දර කිකිළියාමාන කන්දේය. ශ්‍රී ලංකාවේ වඩාත් උසින්ම පිහිටි සිද්ධස්ථානය ලෙස සැලැකෙනුයේ සමනල ගිර පිහිටි ශ්‍රී පාදස්ථානයයි. මිහිදුමෙන් තොර දිනවලදී ශාන්තිපුර ගම්මානයේ සිට බලන කල සමනල කන්දේ පිහිටි ශ්‍රී පාදස්ථානය සුන්දරව පෙනෙන බව ගම්මු කියති.
එහෙත් මෙරට උසින්ම පිහිටි පන්සල පිහිටියේ මෙහිය. එය මුල් කාලයේදී ශාන්තිපුර විහාරය ලෙස නම් කොට තිබුණද එය පසුව ”චේතියගිරි විහාරය” ලෙස නම් කොට ඇත. විහාර භූමියේ වූ විශාල ගල්තලාවක් මත චෛත්‍යයක් ඉදිකොට ඇති අතර ඉන් පසුව මෙම විහාරස්ථානය චේතියගිරි විහාරය ලෙස නම් කරන ලදැයි එම විහාරස්ථානයේ විහාරවාසී හිමිනමක් කීහ. ශාන්තිපුර ගම්මානයේ මදක් ඉහළට වන්නට රජය විසින් එහි උස් බිමක නැරඹුම් මධ්‍යස්ථානයක් ඉදිකොට තිබේ. එම නැරඹුම් මධ්‍යස්ථානය දැනට පාලනය කරනු ලබනුයේ නුවරඑළිය ප‍්‍රාදේශීය සභාව මගිනි.
මෙම නැරඹුම් මධ්‍යස්ථානය තුළ පවතින වැසිකිළි පද්ධතිය සඳහාද ජලය නොමැතිකම හේතුවෙන් වසා දමා තිබේ. නැරඹුම් මධ්‍යස්ථානයක් එහි තනා ඇතත් ඇතැම් දිනවලට නැරඹුම් මධ්‍යස්ථානයේ සිට සිරි නැරඹීමට එකඳු පුද්ගලයකු හෝ නොපැමිණෙන බව එහි වර්තමාන පාලිකාව වන කේ.වයි.එම්.
බියටි‍්‍රස් මහත්මිය සඳහන් කරයි. මෙම නැරඹුම් මධ්‍යස්ථානයේ ඉහළට ගොඩ වූ විට අවට පරිසරය සිත් සේ නැරඹිය හැක. එක් පසකින් ශ්‍රී පාදස්ථානය පිහිටි සමනල ගිරත්, තවත් පැත්තකින් පිදුරුතලාගල කඳු වැටියත්, තවත් දෙසකින් නුවරඑළිය නගරයත් එහි පිහිටි ග්‍රෙගරි වැවත් අතේ දුරින් සේ තිබෙනු දැකිය හැකිය. නුවරඑළියට යන එන ඔබ ශ්‍රී ලංකාවේ උසම ගම්මානයට ගොඩවී ඇද්දැයි මම නොදනිමි. මෙම සටහන නෙත ගැටී ඉන්පසු දිනක ඔබ නුවරඑළියට එන්නේ නම් මෙතැනට ඇවිත් යන ලෙස මම ආරාධනා කරමි. එවිට ඔබට ඉහළ අහසේ ඈතින් පෙනෙන මීදුම් සළුවෙන් හැඩ වැඩ වී අවට චමත්කාරය නෙතේ රඳවා ගමට, රටට යා හැකිය.
සටහන ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ

12/05/2026

කොහොමද දිවිල්ල 😂😀

゚viralシ

12/05/2026

කොහොමද දිවිල්ල😀😂

゚viralシ ゚

12/05/2026

Khamzat Chimaev is beast🥶

11/05/2026

Dobranoc🥰

11/05/2026

😂

゚viralシ ゚

🙏🙏🙏
03/01/2026

🙏🙏🙏

Address

Kuruwita
70500

Website

Alerts

Be the first to know and let us send you an email when LiFe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share