Anura Kusumsiri

Anura Kusumsiri Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Anura Kusumsiri, Performing Arts, Dandagamuwa, Kuliyapitiya.

වර්ෂ 1956 දෙසැම්බර් මස 16 වෙනි දින බන්නැහැක මුදියන්සේලාගේ අවුසදහාමි හා කරුණාවතී මැණිකේ යන මව්පියන් දෙපලට දාව පවුලේ දෙවැනි දරුවා ලෙස උපතලද අනුර කුසුම්සිරි බන්නැහැක නම්වූ අසහාය ධාන්ධර්වයා වැඩිමහල් සහෝදරියක් හා බාල සොහොයුරන් තිදෙනෙක්ගෙන් පිරිපුන් නිර්ව්‍යාජ ගැමි පවුලකින් ක්‍ෂෙත‍්‍රයට පිවිසියෙකි.
හම්මලව කණිටු විදුහලෙන් සිය මූලික අධ්‍යාපනය හැදෑරූ පුංචි කුසුම්සිරිගේ ළමාකාලය ගෙවෙන්නේ පොල් කෝම්බ මෙරිග

ෝරවුම, චක්ගුඩු පැනීම ආදී ගැමි ක‍්‍රීඩාවලින් අනූන පරිසරයක වුවද එ් සියල්ලටම වඩා ඔහු ප‍්‍රිය කළේ ඉවත ලන ටින්මාලූ බහාලූමක් යොදාගෙන කම්බි සුසරකරමින් තමා විසින්ම නිපැයූ අමුතුම සංගීත භාණ්ඩ සමග හුදකලා වීමටයි. හම්මලව ගමේ සොකරි කණ්ඩායමේ මැහැල්ලගේ ප‍්‍රධාන චරිතයට පණ පෙවූ සිය පියාගේ කලා ආභාෂය නිසාදෝ පුංචි කුසුම්සිරි ගේ එැවැනි හැකියාවන් නිතර සෙසු පිරිසේ අවධානයට ලක්විය. තමන්තුළ කලා හැකියාවන් මෙවැනි අයුරින් පිහිටා ඇත්දැයි යන්නවත් නොදන්නා කුුසුම්සිරි එවකට ගමේ නිරන්තරයෙන් පැවති බලි තොවිල් පොල පවත්නා තැනට මහ ? පවා යන්නට මවගෙ දැඩි අකමැත්ත මත වුවත් රුචිකත්වයක් දැක්වීය. පියා එ් සෑම තොවිල් ගෙදරකටම යාම සිරිතක් කොටගෙන තිබූ නිසා කුසුම්සිරිට එ් අවසරයෙන් එම ස්ථානවලට යාමට අවකාශ ලැබිණ. ඔහුට අනුව එ්වාට මහත් රුචිකත්වයක් දක්වා ඇත්තේ එම තොවිල් සෙත් ශාන්ති වල ඇති ගුප්ත අනුහස් වල පිහිට පතා නොව එහි ඇති දෙවොල් බෙර වාදනයන් ඒවායේ රිදමයන් වලට දක්වා ඇති ආශාව නිසාවෙනි.

Address

Dandagamuwa
Kuliyapitiya
0094

Alerts

Be the first to know and let us send you an email when Anura Kusumsiri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Anura Kusumsiri:

Shortcuts

Share