Naveen Rangana

Naveen Rangana Music was my genesis and is my forever destination.. I don't sing songs..I try to speak to the heart whenever possible♥️💪🏻🫂

08/07/2026

අපි හැමෝම කවද හරි දවසක තනි වෙනව ඒත් ඒ තනි වෙන දවස වෙනකන් අපිට දැනුන අපි ආදරේ කරන කෙනා එක්ක අපිට ජීවිතේ ගෙවන්න,දුක සතුට බෙදා ගන්න පුලුවන් වෙන්නෙ ඒකෙනුත් ටික දෙනෙක්ට විතරයි. ඉතින් ඒ බැදීම් කියන්නෙම හරි පුදුම දෙයක්..😖

"අන්තිම හුස්ම තෙක්ම... ඉන් එහාටත්..."කරන්නට මට බැරිම දේනම් නුබව අමතක කිරීම..."♥️🫂🌏

ඔයා නැති කාලෙක මම ඉන්නෙ කොහොමද කියල මට කියල දීල යන්න නැත්නම් ඔයාට කලින් මට යන්න ඉඩක් දෙන්න..🙏🏻💔

13/06/2026

මේ සිංදුව ඇහෙද්දි ඔයාට මතක් වෙන කෙනා කව්ද?? පපුවට තුරුල් වෙලා ඒ ඇස් දිහා බලන් ඉන්න හිතුන නම් කොච්චර හොදයිද කියල හිතුනෙ කාගෙ ලගද?? 🫂💪🏻

ෆුල් සෝන්ග් එක නැති නිසා.. ඇහුන ටික කියන්න ආස හිතුනාම මම🐣♥️🫂💋

Original Asantha peiris 🗣️♥️🍀

Guitar short cover by 🙋🏻‍♂️

fans

06/06/2026

ගුම් නාදේ..🌸🐝🐝

Cover by Naveen Rangana & Ravini jayawardene

Original Artist | Santhush ft. Umariya
Music | Bathiya and santhush
Mastering | Bathiya and santhush

New Music Arrangement | Buddhi Sameera @ AB STUDIO
Cinematography | Kasun Ranjana Expression.

24/05/2026

දෛවය දුන්නට නුබව වෙන කෙනෙක්ට
ඇයි මට මුන ගැස්සුවෙ මගේම අයිතියක් නැති කෙනෙක්ව..
අත්සනක් දාපු පලියට..
මිනිස්සු අයිති වෙනවද බං මිනිස්සුන්ට එහෙම..
හදවත මං ලග තිබුනට..
ගත මං ලග නෑ නේද හැමදාටම..
එන්න හිතුනට හිතුනු වෙලාවට හයියෙන් බදාගන්න..
කොහොම එන්නද බං මං..
මට කියල ලෝකෙට කියාගන්න බැරි අයිතියක් නැතිකොට..
දැනෙනකොට විදගන්න බැරි උබෙ උනුසුම..
මට හරි පාලුයි බං එතකොට..
ඒ ඇස් කතා කරන හැටි බලාගෙන..
ඉන්න ඕනෙ හිනාවත් එක්කම..
ඒ ඔක්කොම හිතේ තියාගෙන රකිනව උබව පන වගේම.
ගන්න ගන්න හුස්මක් ගානෙම නුභට ඇබ්බැහි උනාට..
මට බෑ බං... දැන් උබ නැතුව ජීවත් වෙන්න..
අයිතියක් නති උනත් අත්සන් කොලේකට, මගේ වගේ ආදරෙයි හැමදාටම..
උබෙ ආත්මය මං ලග තියාගෙන,
කෑ ගහල කියන්න බැරි තරම් මට උබට..
මම ආදරේ කරන්නෙ ලෝකෙටම හොරාට..
දැනෙන පපුවක අයිතිය නැති උනාට..
මං ආදරෙයි බං උබට මැරෙන තුරාවට..🧎🏻‍♂️‍➡️📨🔗🔐💯🔄

දෝතින් තබා තුරුලු කරගන්න බැරි උනත් උබ වෙනුවෙන් හදපතුලේ නිදන් කල ප්‍රේමය සදාකාලිකය...💔🥺🫂

#𝐛𝐫𝐨𝐤𝐞𝐧𝐡𝐞𝐚𝐫𝐭

අලුත් එකක් දෙනතුරු.. 🫣🏃🏻‍♂️‍➡️😇 🥂  😇🤤🥰🥰 Senanga Aiyaa♥️🙏🏻💪🏻 fans
21/05/2026

අලුත් එකක් දෙනතුරු.. 🫣🏃🏻‍♂️‍➡️😇 🥂

😇🤤🥰🥰 Senanga Aiyaa♥️🙏🏻💪🏻
fans

08/04/2026

ඒ කාලෙ පැල් බැදගෙන Playlist වල අහල අහල උඩින්ම තිබ්බ සිංදු තමා ඉතින් මේ..☝🏻♥️💫

Original Prasanga Thissera fanas club

07/03/2026

සමහර හමුවීම් තියෙනව ඒ ලස්සන ඇස් දෙක දිහා බලන් අතින් අල්ලන් කතා කරන්න හීන දකින, යන්න ලැහැස්ති වෙද්දි ආදරේ විතරක් හිතේ පිරුනු ඒ පපුවට තුරුල් කරන් "පරිස්සමින් ගිහින් එන්න මැනික ආයෙ හම්බෙමු" කියල කියන්න හිතෙන ඒත් එහෙම අවස්ථාවක් නොලැබෙන හමුවීම්.. දෛවය අපිට මවල තියෙන විදිහ ඒ අතින් "කවදාවත් අපිට ගැලපෙනම කෙනා හම්බෙන්නෙ නෑ..ඒකයි ඇත්ත" කොහෙන්දෝ මංද අහම්බෙන් හමුවෙලා ලබාගන්න බැරිබව දැන දැනත් හිත් එක්ක ආදරෙන් බැදෙන ලස්සන සුන්දර හමුවීම්..💔😫

හැමදේමත් එක්ක තනිකරම අහම්බෙකින් ඒ හිත් පැටලුනු දුක්බර ආදර කතාව මූනට මූන හම්බුන වෙලාවක කරකියාගන්න දෙයක් නැතුව ඒ ඇස්වල තියෙන අසරණකම, අපිව එයාගෙ ඇස් වලින් දකින සංසාරික මගේම කියල දැනෙන හැගීම කියල විස්තර කරන්න බෑ..

ඉතින් හංගන් ඉන්න ආදරේ එක්කම හැමදාම ඈතින් ඉදන් රිද්ද රිද්ද මගේම නොවන මගේම ආදරේ වෙන්න..♥️🫶🏻🫂🫶🏻💔

28/02/2026

මේ වගේ ආදරෙන් ඔයාවත් බලාගන්න ඔයාගෙ ආදරේ මෙන්ශන් කරල ආදරෙයි කියමු බලන්න...👸🏻🫅🏻♥️🫂

ලස්සනම ආදරය කියන්නේ මුළු ලෝකෙටම පේන්න කරන එක නෙවෙයි, තනියම ඉන්න වෙලාවටත් තමන්ගේ හිතට අවංකවම දැනෙන එකටයි. හදවතින්ම ආදරය කරන කෙනෙක් ජීවිතයට ලැබෙන්නෙත් පෙර පිනකට. ඒ ලැබුණු ආදරය රැකගන්න එක ලොකු වාසනාවක්.

16/02/2026

තුන්මන්සල කියන්නේ නිකම්ම පාරවල් තුනක් හමුවෙන තැනක් නෙවෙයි, කෙනෙකුගේ ලෝකයම මුණගැහෙන තැනකට කිව්වොත් වැරදිත් නෑ..අට හෝරාවක සේවය නිම කරලා එන ඇයගේ ඒ වෙහෙසකර මුහුණේ තියෙන හිනාව දකින්න පැය ගණන් වුණත් මඟ බලා ඉන්න වෙලාවක. සීතල වරුසාව වැටුණත්, ඒ ආදරණීය රුව මැවී පේන්නේ හිම මල් අතරින් එන දේවතාවියක් වගේ. ආදරය කියන්නේ ළඟ ඉන්න එකටම නෙවෙයි, ඉතින් ඒ ආදර කතාවේ මේ වගේ පුංචි පුංචි බලා සිටීම් තමයි හෙට දවසේ මතකයන් වෙන්නේ. මේ ආදරේ කරන ආදරවන්තයෙක්ගේ හිතට දැනුණු ඒ සොඳුරු මොහොත... 👫, 👣, 🕰️, 🥀

කොච්චර මහන්සි වෙලා ආවත් ඒ වෙහෙසකර මුහුනේ ලස්සන ආදරනීය හිනාව බලන්න ඔයාලත් මේ වගේ කෙනෙක් වෙනුවෙන් මඟ බලාගෙන ඉඳලා තියෙනවාද? 👇

04/02/2026

සංවේගයෙන් දන්වා සිටින් වෙන් වීම මා ඇගෙන්....👋🏻🫰🏻

රංඩුකරල පස්සෙන් ගිහින් බලෙන් හැමදාටම ඔයා මගේ කියල ලගට කරල තියා ගන්න එකම නෙමෙයි ආදරේ කියන්නෙ.. ගොඩක් අය ආදරේ කියන දේ ඇතුලෙ මානසිකව පීඩනයක් එක්ක කලකිරීමකින් අවසානයක් දකින්න හේතුව ඒ නිසයි. ඔයා එයාට එයා ඔයාට ඇත්තටම ආදරේ කරනව නම් කරා නම් ලන් කරගන්න එකට වඩා අත්හැරීම ඇතුලෙත් ආදරේ මහ මෙරක් දෙන්න පුලුවන් අවස්තා නැතුවම නෙමෙයි😩

අත ඇරල දාල මං එක්ක උබ හිටිය වගේම එයා එක්ක සතුටින් සැපෙන් සනීපෙන් හිටිය නම් ඒ මට ඇති කියල එයා ගැන ඔයාට හිතන්න ඔයාගෙ හිතට ඒ හැගීම එනව නම් අන්න එතන ඔයා එයාට කරල තියෙන්නෙ අවංක ඇත්තම ආදරයක්..💔🥺🫂🧎🏻‍♂️


Address

Kuliyapitiya
60200

Telephone

+94779073557

Website

Alerts

Be the first to know and let us send you an email when Naveen Rangana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Naveen Rangana:

Shortcuts

Share

Category