Thinuja Thejal Athapaththu Arachchi

Thinuja Thejal Athapaththu Arachchi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thinuja Thejal Athapaththu Arachchi, Art, Koslanda.

28/05/2023
02/12/2020

අවන් එකක් නැතුව රසම රස පීසා හදමු
**************************************
අද අපි ඔබට කියා දෙන්නේ අවන් එකක් නැතුව කොහොමද රසම රස පීසා හදන්නේ කියලා. මුලින්ම බලමු පීසා ඩෝ එක (ඇනු පාන් පිටි මෝලිය) හදා ගන්නේ කියලා. අවන් එකක් තිබ්බත් නැතත් මේ ඩෝ එක හදන හැටි වෙනස් වෙන්නේ නෑ. හරි මුලින්ම පහල තියෙන අමුද්‍රව්‍ය ටික සොයා ගන්න වෙනවා.

අවශ්‍ය දේවල් -

පාන් පිටි කප් 2 1/2
මද උණුසුම් වතුර කප් 1
ලුණු තේ හැඳි 1
සීනි තේ හැඳි 1
ඔලිව් තෙල් මේස හැඳි 2
යීස්ට් තේ හැඳි 1 1/2

මුලින්ම මද උණුසුම් වතුරට යීස්ට් සහ සීනි දාලා විනාඩි දහයක් පමණ පැත්තකින් තියලා තියන්න. ( මේ සදහා ඔබේ පිටි අල්ල දැමිය හැකි තරම් ලා රස්නයකින් යුතු වතුර පමණක් ගැනීමට මතක තබාගන්න. පමණට වඩා රස්නය ඇති වතුරෙන් යීස්ට් වල ක්‍රියාකාරිත්වය නැති වී යා හැකියි.) විනාඩි දහයකට පසු පැසෙන්නට තබාගත් යීස්ට් ටික අරගෙන , ලුණු මිශ්‍ර කරගත් පිටි එකටඑකතු කරලා ඔලිව් ඔයිල් එක් කරමින්, හොඳින් අත් ගසා අනාගන්න. අනාගත් පිටි මෝලිය පැය දෙකක් පමණ පොලිතින් එකකින් ආවරණය කර තරමක් උණුසුම් ස්ථානයකින් තියලා තියන්න.

හරි ඔන්න දැන් පීසා ඩෝ එකේ වැඩේ ඉවරයි. දැන් ඔයාලට මේකට කැමති ආකාරයකට ටොපින් එකක් (උඩ පුරවනයක් ) හදාගන්න පුළුවන්.

අවශ්‍ය දේවල් -

කැමති එළවලු වර්ග වලින් 200 g
කැමති වර්ණයකින් බෝල්පෙපර් ගෙඩි 1 හෝ මාලූ මිරිස් කරල් 3ක් පමණ.
ලොකුවට කපාගත් බී ළුණු ගෙඩි 1ක් පමණ
කුඩාවට කපාගත් සුදු ළුණු බික් 3-4
ලුනු ස්වල්පයක්
ගම්මිරිස් ස්වල්පයක්
සිහින්ව ගා ගත් මොසරැල්ල චීස් 200 g පමණ

එළවලු ටික තමන්ට කැමති හැඩයකට කපාගන්න. බෙල්පෙපර් ගෙඩියත් තමන් කැමති හැඩයකට කපාගන්න. මාංශමය ආහාරද කුඩා කැබලි වලට කපාගන්න.දැන් තෙල් ස්වල්පයක් භාජනේකට දාලා ලිප තියාගන්න ඕනේ. මෙයට සුදු ළුණු , ලුණු, බෙල්පෙපර් ටික දාලා තෙල්පරාදු කරගන්න ඕනේ. ඒකටම මාංශමය ආහාරද එකතු කරලා හොඳින් පිස ගන්න ඕනේ. අවශ්‍ය ප්‍රමාණයට ලුණු , ගම්මිරිස් දාලා රසවත් කරගන්න ඕනේ. මිස්ක්ඩ් හ්ර්බ්ස් හොයාගන්න පුළුවන්නම් ඒවායින් තේ හැඳි ¼ පමණ එකතු කර ගන්න. මේවා ප්‍රණීත සුවඳ ගෙන දෙන කුළුබඩු වර්ගයක් වෙනවා.

හරි දැන් තමයි අපිට පීසා එක බේක් කර ගන්න පාර්ට් එක එන්නේ. ඉදිරිපත් කරන මේ රෙසිපි එකේ ප්‍රධානම අරමුණ වුනේ අවන් එකක් නැතුව පීසා හදන හැටි ඔයාලට කියලා දෙන එකනේ. ඉතින් අවන් එක වෙනුවට අපි භාවිතා කරන්නේ නන්ස්ටික් පෑන් එකක්. පිපෙන්න තියාගත්තු ඩෝ එක පිටි ඉස ගත්තු ලෑල්ලක පෑන් එකේ සයිස් එකට රවුමට තුනී කරගෙන පෑන් එකට දාගන්න. ඩෝ එක පුරාම තැනින් තැන ටූත්පික් එකකින් සිදුරු කරගන්න. පෑන් එක ලිපේ තියල අඩුම ගින්දරේ විනාඩි 10ක් රත්වෙන සුලු පියනකින් (තෝසෙ තැටියක් උනත් කමක් නෑ.) වහල තියාගන්න. විනාඩි දහයකට පස්සෙ ලිපෙන් ඉවත් කරන් පීසා එකට තක්කාලි සෝස් ගාගන්න.

ඒකට උඩින් ඔයාල කැමති පීසා ටොපින් එකක් දාගෙන ඊට උඩින් ගාගත් මොසරැල්ලා චීස් දාගන්න. දැන් පෑන් එක ආයෙමත් ලිපෙන් තියල කලින් වගේම පියනකින් වහල විනාඩි 15-20ක් අඩුම ගින්දරේ තියාගන්න. පීසා එක ලෑස්තියි. පිටි කප් දෙකහමාරකින් මේ හදන පීසා එක දෙන්නෙක්ට ඇති.

මේ පොස්ට් එක ශෙයා කරලා අපේ පේජ් එක ලයික් කරගෙන යන්නත් අමතක කරන්න එපා යාලු

04/05/2018
😃😃😃😃😂😂😂😂😂
09/03/2018

😃😃😃😃😂😂😂😂😂

💝💝💝💝💝💝
09/03/2018

💝💝💝💝💝💝

✌✌💝💝💝👈👈👈
13/02/2018

✌✌💝💝💝👈👈👈

💝💝💝💝💝
10/02/2018

💝💝💝💝💝

Thinuja baba kiri amma balanna arawa
25/12/2017

Thinuja baba kiri amma balanna arawa

Address

Koslanda

Website

Alerts

Be the first to know and let us send you an email when Thinuja Thejal Athapaththu Arachchi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category