25/08/2026
“රාව ප්‍රතිභා 2025” නිර්මාණ ග්‍රන්ථය එළිදැක්වීම"
කැලණිය විශ්වවිද්‍යාලයීය කලා මණ්ඩලයේ සභහාපති මහාචාර්ය උදා හෙට්ටිගේ මහත්මියගේ අධීක්ෂණය යටතේ සම්පාදනය කරන ලද ”රාව ප්‍රතිභා 2025” ග්‍රන්ථය එළිදැක්වීම අගෝස්තු 14 පෙ.ව. 11.30 ට කැලණිය විශ්වවිද්‍යාලීය සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.
මෙම උත්සවය කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද අතර මේ සඳහා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය චාමින්ද අබේසිංහ මහතා මෙන් ම මානවශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැට්ටි්‍රක් රත්නායන මහතා ද සහභාගි විය. එමෙන් ම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන්ගෙන් සමන්විත සංස්කාරක මණ්ඩලයක් ද මේ සඳහා සම්බන්ධ විය. කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීයවිද්‍යා හා මානවශාස්ත්‍ර පීඨ නියෝජනය කරමින් අංශප්‍රධාන ආචාර්යවරුන් ද මෙයට සහභාගි විය.
විශ්වවිද්‍යාලයීය උපාධි අපේක්ෂකයින්ගේ කලා කුසලතා හඳුනා ගැනීම, ඔවුන් දිරිමත් කිරීම සහ ඔවුන්ගේ නිර්මාණාත්මක කෘති පුළුල් ප්‍රේක්ෂක පිරිසක් අතරට ගෙන යාම සඳහා වේදිකාවක් සැපයීම අරමුණු කරගනිමින් “රාව ප්‍රතිභා 2025” ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
විශ්වවිද්‍යාලයේ සියලු පීඨ නියෝජනය කරමින් ලැබුණු සඳැස්, නිසඳැස් සහ කෙටිකතා අතරින් විද්වත් මණ්ඩලයක් විසින් ඇගයීමට ලක්කර තෝරාගන්නා ලද නිර්මාණ 131 ක් හා පිටු 325 කින් පමණ මෙම ග්‍රන්ථය සම්පාදිත ය.
මෙම අවස්ථාවේදී “නිර්මාණය රසවින්දනය සහ විචාරය” යන තේමාව යටතේ විශ්‍රාමික මහාචාර්ය දර්ශන රත්නායක මහතා විසින් විශේෂ ආරාධිත දේශනයක් පවත්වන ලදි. එසේම විශ්වවිද්‍යාල ගීතයේ ගේය පද රචනය කිරීම වෙනුවෙන් මහාචාර්ය දර්ශන රත්නායකයන් හට උපහාර සමරු තිළිණයක් ප්‍රධානය කිරීම ද මෙම අවස්ථාවේ දී සිදුවිය.
එසේම "රාව ප්‍රතිභා 2025" නිර්මාණ සංග්‍රහය එළිදැක්වීම වෙනුවෙන් සහය දැක්වූ සියලු දෙනාටමත්, මාධ්‍ය අනුග්‍රහය දැක්වූ කැලණිය විශ්වවිද්‍යාලයීය මාධ්‍ය ඒකකයටත් කලා මණ්ඩලයේ හදපිරී ස්තුතිය පුදකර සිටිමු.